News Category
From Date
To Date
Maximum Number of Result

ජර්මානු පොලිස් සංගමයේ (DPolG) ඹවරිඅන් අංශය නිල ඇඳුම් හිඟයක් සම්බන්ධයෙන් කලකිරීම ප්‍රකාශ කිරීමට කලිසම් නොමැතිව නිලධාරීන් පෙනී සිටින වීඩියෝවක් නිකුත් කර තිබේ. පසුගිය 01 දා සමාජ මාධ්‍යවල සංසරණය වූ වීඩියෝ දර්ශන පෙලක් මගින්, ජර්මානු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඔවුන්ගේ මුර සංචාර මෝටර් රථයෙන් බැස කෙටි සංවාදයක් පවත්වනු ලබති. "ඉතින්, ඔබ කොපමණ කාලයක් බලා සිටියාද?" එවිට එක් අයෙකු මාස හතරක් ලෙස්ත් අනෙක් නිලධාරියා මාස හයක් ලෙසත් පවසයි. ඉන් පසුව ඔවුන් දෙදෙනා සිය බී.එම්.ඩබ්ලිව් මුර සංචරණ රථයෙන් බිමට බහින්නේ කලිසම් නැති බව පෙන්වමිනි.

අද (03) උදෑසන තායිවානයේ නැගෙනහිර පළාතේ Hualien Country වෙරළට ඔබ්බෙන් සිදු වූ රිච්ටර් මාපක 7.2 ක භූමිකම්පාවකින් ගොඩනැගිලිවලට හානි සිදු වූ අතර සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් විය. එරට වේලාවෙන් පෙරවරු 7.58 ට Hualien Country වෙරළට ඔබ්බෙන් සිදු වූ භූමිකම්පාව එහි අගනුවර වන තායිපේ ඇතුළු දිවයින පුරාවටම සංවේදනය වූ බව බලධාරීහු පවසති.

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට පනවා තිබූ වසර 14ක සිර දඬුවම අත්හිටුවීමට එරට ඉස්ලාමාබාද් මහාධිකරණය නියෝග කර ඇති බව වාර්තා වේ.

ක්‍රිප්ටො රජු ලෙස සැළකෙන සෑම් බෑන්ක්මන් ෆ්‍රයිඩ් හට වසර 25ක සිරදඬුවමක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ක්‍රොකස් සිටි හෝල් ප්‍රහාරය සිදු කළේ කවුරුන්ද යන්න රුසියාව දන්නා නමුත් නියෝගය ලබා දුන්නේ කවුරුන්ද යන්න පිළිබඳව දැන් විමර්ශනය කරමින් සිටින බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ (25) ප්‍රකාශ කළේ යුක්රේනය වැරදිකරුවෙකු විය හැකි බව පෙන්වා දෙමිනි.

පසුගිය 22 වනදා මොස්කව් හි ක්‍රොකස් සිටි ප්‍රසංග ශාලාවට එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය සමච්චලයට ලක් කරමින් කියෙව්හි පිහිටි ‘ආර්ට්-බාර්’ ඔෆෙන්සිවා ආපනශාලව එහි මතභේදාත්මක මෙනුවට නව අයිතමයක් හඳුන්වා දී තිබේ.

පුද්ගලයන් 130කට අධික පිරිසකගේ ජීවිත බිලිගත් පසුගිය 22 වනදා "ක්‍රොකස් සිටි හෝල්" ප්‍රහාරයෙන් පසුව රුසියානු ආරක්ෂක අංශ වල අත්අඩංගුවට පත් වූ පසුවූ පුදගලයන් පිරිසක් මොස්කව් අධිකරණයට ඊයේ(24) සවස ඉදිර්පත් කරනු ලැබීය.

ක්‍රොකස් සිටි හෝල්හි සංගීත ප්‍රසංගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන් වෙත එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් පසුව පළමු වරට ජාතිය ඇමතූ පුටින් පවසා සිටියේ ම්ලේච්ඡ ප්‍රහාරයට වග කිව යුතු සියළු දෙනාට දැඩි දඬුවම් පමුණුවන බවයි. ප්‍රහාරයෙන් පසුව තුවාලකරුවන් බේරා ගැනීම මැදිහත් වූ සහන සේවකයන් ඇතුළු ප්‍රතිචාර දැක්වූ සියලු නිළධාරින්ට, නීතිය ක්‍රියාත්මක කරන අංශවල නිළධාරින්ට සහ ප්‍රහාරයට ගොදුරු වූවන්ට උපකාර කළ සාමාන්‍ය පුරවැසියන්ට පුටින් සිය කෘතඥතාව පළ කළේය. එලෙසම මෙවැනි ප්‍රහාර ඉදිරියේදී එල්ල වීම වැලැක්වීම කෙරෙහි අවධානය යොමු කරන බවත් ත්‍රස්ථවාදීන් මෙවැනිම ප්‍රයත්නයන් ඉදිරියේදීද ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමට උත්සහා ගනු ඇති බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ඊයේ(22) රාත්‍රියේ රුසියාව සිය නූතන ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ත්‍රස්තවාදී ප්‍රහාරයට ගොදුරු විය. මොස්කව් නගරයට මදක් ඔබ්බෙන් පිහිටි ක්‍රොකස් සිටි හෝල් (Crocus City Hall) නම් මොස්කව් නගරයෙන් පිටත පිහිටි ප්‍රධානතම විනෝදාස්වාද සංකීර්ණය මෙම ත්‍රස්ත ප්‍රහාරයට ගොදුරු විය. ශාලාවේ පැවැත්වෙමින් තිබූ සංගීත සංදර්ශනයකට කඩා වැදුණු තුවක්කුකරුවන් පිරිසක් විසින් අවම වශයෙන් පුද්ගලයන් 40 දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ අතර තවත් විශාල පිරිසකට තුවාල සිදු කළහ .


ප්‍රධාන පුවත්

සටන අත්හරින්නේ නෑ.. - පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනාහිමි..

කොට්ටේ ක්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ සමස්ත බෞද්ධ භික්ෂූන් වහන්සේ වෙනුවෙන් ගත් වගකීම අත් නොහරින බව එහි අනුනායක කොටපිටියේ රාහුල නාහිමියෝ පැවැසූහ.

හදිසි විදුලි බිඳවැටීමෙන් ආර්ථිකයට රුපියල් කෝටි 400ක අලාභයක්.. - චම්පික රණවක හෙළිකරයි..

පසුගිය 17 වැනිදා දිවයින පුරා ඇති වූ හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් මෙරට ආර්ථිකයට රුපියල් කෝටි 400 ඉක්මවන දැවැන්ත අලාභයක් සිදුව ඇති බව හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා අනාවරණය කරයි.

ඇමෙරිකාව කියුබාවට පනවා ඇති ආර්ථික සම්බාධක වහාම ඉවත් කළ යුතුයි.. – රුසියානු ෆෙඩරේෂනයෙන් දැඩි ප්‍රකාශයක්..

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කියුබානු ජනරජයට එරෙහිව පනවා ඇති ආර්ථික, වෙළඳ සහ මුල්‍ය සම්බාධක වහාම අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් රුසියානු ෆෙඩරල් මහ සභාවේ ෆෙඩරේෂන් මණ්ඩලය විසින් විශේෂ නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ඔබ නිසා ඔබේ ජාතික අනන්‍යතාව අහිමි වෙමින් පවතීද?..

අපට අභිමානවත් අතීතයක් තිබුණි. ආක්‍රමණ, යටත් කරගැනීම් සහ විදේශීය පාලනයන් හමුවේ වුවද ඒ අභිමානවත් අතීතය නොනැසී පැවතුණි. විස්මයජනක පුරාවිද්‍යාත්මක ස්මාරක, ලොව පුරා ප්‍රසිද්ධ වාරිමාර්ග නිර්මාණ, අත්කම් කර්මාන්ත, භාෂාවක් සහ සංස්කෘතියක් වසර 2600කට අධික කාලයක් පුරා අපේ භූමිය තුළ විකාශනය විය.

ආණ්ඩුව කළේ ඥානසාර හිමියන්ගෙන් පෞද්ගලික පළිගැනීමක්.. – මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා ඇති දඬුවම සහ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය මුල් කරගනිමින් සමස්ත සංඝයා වහන්සේට සහ බෞද්ධ ජනතාවට දැඩි අසාධාරණයක් සිදුවී ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් පවසති.

ඥාණසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම දේශහිතෛෂී සටනකට අත්‍යවශ්‍ය උත්තේජකයක්.. – නීතිඥ නුවන් බැල්ලන්තුඩාව

ජාතිවාදය සහ ජාතිකත්වය යනු කුමක්ද යන්න පිළිබඳව සමාජය තුළ මේ වන විට මතුව ඇති කතිකාව අතරතුර, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම දේශහිතෛෂී ජාතික සටනකට අත්‍යවශ්‍ය උත්තේජකයක් බව දේශප්‍රේමී ජාතික පෙරමුණේ නායක, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා ප්‍රකාශ කරයි.

SJB ඇතුලේ සැර වාද විවාද.. නායකත්වයේ තීන්දු ගැනත් මතභේද..

රටේ පවතින අර්බුද හමුවේ විපක්ෂයේ සියලු කණ්ඩායම් එක් කර ගනිමින් පුළුල් පොදු වැඩපිළිවෙළක් නිර්මාණය කිරීමට සමගි ජන බලවේගයේ නායකත්වය අපොහොසත් වීම සහ පළාත් සභාවලට පොලිස් හා ඉඩම් බලතල ලබා දීම සම්බන්ධයෙන් ගත් ඒකපාර්ශ්වික තීරණය මුල් කරගනිමින් පක්ෂය තුළ මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.

මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ සත්‍යග්‍රහය අද තුන්වැනි දිනටත්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහය තවදුරටත් පැවැත්වේ.

භික්‍ෂු සත්‍යග්‍රහයට පහර දීමක්..?

බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහා නිදහස් කරන ලෙස බලකරමින් කොළඹ විහාරමහාදේවී උද්‍යාන පරිශ්‍රයේ පැවැත්වෙන සත්‍යග්‍රහයේ නිරතව සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, පොලිස් ප්‍රහාරයකට ලක්වූ බවට චෝදනා කරමින් හදිසියේ රෝහල්ගත කර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.