‘රැඩිකල් ඉස්ලාම්වාදීන්’ මොස්කව් ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළා - පුටින්.

ක්‍රොකස් සිටි හෝල් ප්‍රහාරය සිදු කළේ කවුරුන්ද යන්න රුසියාව දන්නා නමුත් නියෝගය ලබා දුන්නේ කවුරුන්ද යන්න පිළිබඳව දැන් විමර්ශනය කරමින් සිටින බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ (25) ප්‍රකාශ කළේ යුක්රේනය වැරදිකරුවෙකු විය හැකි බව පෙන්වා දෙමිනි.
“මෙම ප්‍රහාරය සිදු කළේ රැඩිකල් ඉස්ලාම්වාදීන් විසින්,” පුටින් රුසියාවේ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සමඟ වීඩියෝ සාකච්ඡාවක ආරම්භක අවස්ථාවේදී පැවසීය.

එක්සත් ජනපදය සහ එහි සහචරයින් යුක්‍රේන භුමියේ සිට ක්‍රියාත්මක ඔවුන්ගේ නියෝජිත සහචරයන් ආරක්ෂා කිරීමට උත්සාහ කරමින් සිටින බවත්, ත්‍රස්ත ප්‍රහාරයට යුක්රේනයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, වගකිව යුතු පාර්ශවය ඉස්ලාමීය රාජ්‍යය (ඓS, කලින් ඓSඓS) බවත් අවධාරනය කරමින් සිටින බව රුසියානු ජනාධිපතිවරයා සඳහන් කළේය.
“ඒත් අපි දන්නවා ප්‍රහාරය කළේ කවුද කියා. එයට අවසාන නියෝගය ලබා දුන්නේ කවුදැයි අපට දැන ගැනීමට අවශ්‍යයි. ”
රුසියාවේ නීතිය බලාත්මක කරන ආයතන මේ වන විට අපරාධකරුවන් පිළිබඳව සොයා බලමින් සිටින අතර, සැකකරුවන් අත්අඩංගුවට ගෙන විනිසුරුවරයෙකු වෙත ඉදිරිපත් කිරීමටද කටයුතු කර ඇත.සිද්ධිය සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශන “වෘත්තීය, දේශපාලන පක්ෂග්‍රාහීවකින් තොරව” විය යුතු බව පුටින් පැවසීය.
සිකුරාදා සවස මොස්කව්හි වයඹ දෙසින් පිහිටි ප්‍රසංග භූමියේදී 130 කට වැඩි පිරිසක් මිය ගිය අතර, සන්නද්ධ පුද්ගලයින් කිහිප දෙනෙකු රැස්ව සිටි ජනයා වෙත වෙඩි තබා ශාලාවට ගිනි තැබීමටද කටයුතු කළේය. ඉස්ලාමීය රාජ්‍ය කොරාසන් (ISIS-K) නමින් හඳුන්වන ත්‍රස්තවාදී කණ්ඩායමක් එහි වගකීම මේ වන විට වගකීම භාරගෙන තිබේ.
රුසියානු ආරක්ෂක අංශ යුක්රේනය දෙසට පලායමින් සිටියේ යැයි පවසන අපරාධකරුවන් හත් දෙනෙකු සහ ඔවුන්ගේ සැක කටයුතු සහකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයන් ටජික් ජාතිකයන් ලෙස රුසියානු ආරක්ෂක අංශ මේ වන විට හඳුනාගෙන ඇත.
ත්‍රස්තවාදීන් යුක්රේනය දෙසට ගමන් කිරීම සම්බන්ධයෙන් පිළිතුරු අවශ්‍ය ප්‍රශ්න මතු වූ බව පුටින් සඳහන් කළේය.
“කවුද ඔවුන් එනතුරු එහි බලා සිටියේ? කියෙව් පාලනයට සහාය දෙන අයට ත්‍රස්තවාදයේ හවුල්කරුවන් සහ අනුග්‍රාහකයන් වීමට අවශ්‍ය නොවන බව පැහැදිලිය. නමුත් ප්‍රශ්න ගොඩක් ඉතිරිව තිබෙනවා.” ඔහු පැවසීය.
ප්‍රහාරයට යුක්රේනයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ඇෆ්ගනිස්ථානයේ සහ මධ්‍යම ආසියාවේ ක්‍රියාත්මක වන IS ත්‍රස්තයන්ගේ ඡායා කණ්ඩායමක් එකම වැරදිකරු බවත් එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය සිද්ධිය වූ සැනින් අවධාරණය කළහ.
‘Radical Islamists’ carried out Moscow terror attack – Putin
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්