News Category
From Date
To Date
Maximum Number of Result

සෞදි අරාබියේ මරණ දඬුවම් සහ මානව හිමිකම් ගැටුම: ලාංකිකයෙකුගේ ගැළවීම හා බංග්ලාදේශ යුවළකගේ ඛේදවාචකය..

Oct 18, 2026 at 04:17 PM
|

ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය. 

මේ එවැනි සිදුවීම් දෙකක් ගැන කතාවකි!

පළමු සිදුවීම වාර්තා වන්නේ අපේ ලාංකික විදේශගත ශ්‍රමිකයෙකු වටා ය. සවුදි අරාබියේ සේවය කරමින් සිටි මේ ශ්‍රී ලාංකිකයාට එල්ල වූයේ ඉස්ලාම් දහමේ ශාස්තෘවරයාණන් වන නබිනායකතුමන්ට අපහාස කළේ යැයි කියන චෝදනාවයි. 

සවුදි නීති පද්ධතියට අනුව එම චෝදනාවට වරදකරු වූ අපේ ලාංකිකයාට අවසානයේ නියම වූයේ මරණ දඬුවමයි.

නමුත් මෙහිදී සිදු වූයේ නොසිතූ දෙයකි! 

ලංකාවෙන් එල්ල වූ දැඩි රාජ්‍ය තාන්ත්‍රික බලපෑම් සහ ජනතාවගේ දැඩි විරෝධතාවල ප්‍රතිඵලයක් ලෙස, සවුදි බලධාරීන් විසින් ඔහුට ක්ෂමාපූරක සහනයක් ලබා දීමට තීරණය කළේය. 

නමුත් දෙවන සිදුවීම ඊට හාත්පසින්ම වෙනස්, ඉතා අඳුරු සහ කම්පන සහගත එකකි. 

සවුදි අරාබියේ පිහිටි ඉස්ලාම් භක්තිකයන්ගේ පූජනීය ස්ථානයක සිදුවූවා යැයි කියන සිද්ධියක් මුල් කරගනිමින්, බංග්ලාදේශ යුවලක් අත්අඩංගුවට ගැනුණි!

ඔවුන්ට එල්ල වූ චෝදනාව වූයේ, එම පූජනීය  ස්ථානය තුළ නොමනා හැසිරීම්වල නිරත වූ බවය. මෙම පුවතත් සමඟම බංග්ලාදේශය තුළ මහත් ආන්දෝලනාත්මක පුවත් සහ තොරතුරු පැතිර යන්නට පටන් ගත්තා..

එම සංවාද වලට අනුව, එය අනාචාරයක්ද? නැතහොත් ආදරයක්ද? 

බංග්ලාදේශ සමාජ මාධ්‍යවල සඳහන් වන ආකාරයට, අත්අඩංගුවට පත් බංග්ලාදේශ යුවළ ගණිකා වෘත්තියේ නිරත වූවන් හෝ අසභ්‍ය ලෙස හැසුරුණු අය නොවේ. 

ඔවුන් එකිනෙකා වැළඳ ගනිමින් සිටි බවත්, ඊට එහා ගිය කිසිදු බරපතල නොමනා හැසිරීමක් සිදු නොකළ බවත් සඳහන් වේ.

බංග්ලාදේශ ජනතාව පෙන්වා දෙන්නේ පසුගිය වසර දහයක කාලය තුළ පමණක් සවුදි අරාබියේ සිට බංග්ලාදේශ ජාතිකයන් 5,000 කගේ පමණ මෘත ශරීර නැවත බංග්ලාදේශයට එවනු ලැබ ඇති බවය. 

අනතුරු වලින් මියගිය අය, විවිධ වැරදි වලට වරදකරුවන් වී දඬුවම් ලැබූ අය ඇතුළු විශාල පිරිසක් මීට අයත් වේ. 

නමුත් මේ සියල්ලටම වඩා ලෝකයම කම්පනයට පත් කළ පුවත වාර්තා වූයේ පසුගිය 14 වෙනිදා ය. එදින එම බංග්ලාදේශ යුවළට හිමි වූ මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබුණි.

එහිදි ඔවුන්ව එල්ලා මරා දැමුවේ නැත.

විදුලි පුටුවට තබා ඝාතනය කළේද නැත.

ඒ වෙනුවට භාවිතා කළේ, වසර දහස් ගණනක් පැරණි අතිශය දරුණු ක්‍රමවේදයකි. 

මහ පාරේ ඔවුන් පණපිටින් සිටියදීම, තියුණු කඩුවකින් පහරදී ඔවුන්ගේ හිස් දෙක සිරුරෙන් වෙන් කර දමනු ලැබීය. 

අද වන විට හිස සහ කඳ වෙන් කරන ලද එම දෙදෙනාගේ මෘත ශරීර නැවතත් බංග්ලාදේශයට ගෙනැවිත් තිබේ. 

මෙවැනි සිදුවීම් වලට අදාළ වීඩියෝ දර්ශන දකින ඕනෑම සාමාන්‍ය මනුෂ්‍යයෙකුගේ හිස කරකැවී යන තරම්ය. සිරුරෙන් හිස වෙන්වී යන අයුරු දැකීම පවා මහත් කම්පනයක්, බියක් සහ පිළිකුලක් ඇති කරවන්නකි. 

මෙම සිදුවීම් දෙක අප හමුවේ තබන්නේ විශාල ප්‍රශ්නාර්ථයකි!

අප ජීවත් වන සියවසේදී මානව හිමිකම්, තනි පුද්ගල නිදහස සහ සානුකම්පිත නීති පද්ධතීන් ගැන මුළු ලෝකයම කතා කරද්දී, වසර 1,400 කට පෙර පැවති දඬුවම් ක්‍රම තවමත් මෙලෙස ක්‍රියාත්මක වීම සාධාරණද?

ඔව්, නීතියට සහ ආගමික පූජනීයත්වයට ගරු කළ යුතු බව ඇත්තකි. නමුත් මනුෂ්‍ය ජීවිතයක වටිනාකම ඊට වඩා වැඩි නැද්ද?  

"දෙවියන් විනෝදයට හදපු දේ මිනිස්සු ඕනවට වඩා සීරියස් අරන් දුක් විඳිනවා.."යැයි ඇලන් වොට්ස් කී දේ, මේ අරාබීන් තේරුම් ගන්නේ කවදාද?

(Sagara Diyagama ගේ මුහුණු පොතින්)

සම්බන්ධිත පුවත් | Related News

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රහාරය සිදුවූයේ දළදා වහන්සේ පැහැර ගැනීමට නොව පොලිස් මුරපොලවල් 5කට ප්‍රහාරයක් එල්ලකර ආයුධ පැහැර ගැනීමටය. මේ පිළිබඳ සොයා බැලීමට මම මෙයට වසර 20කට පමණ පෙර දළදා මාලිගා ප්‍රහාරයට සම්බන්ධවීමේදී එම ස්ථානයේදී අත්අඩංගුවට ගෙන ප‍්‍රහාරය සම්බන්ධයෙන් නඩු පැවරූ තිදෙනාම නුවරට ගොස් හමුවිය. එමෙන්ම නඩුව විභාගකළ නුවර මහාධිකරණ විනිසුරු විනිසුරු නිශ්ශංක උදලාගම (එවකට විශ්‍රාමික) සහ ආරක්ෂක අංශයේ පාර්ශ්වයන්ද ප්‍රහාරයට එක්වී එයට හසුනොවූ කැරලිකරුවන් කීපදෙනෙක් සමගද සාකච්ඡා කළෙමි. මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ පොලිස් මුරපොලවල් 5කට ප්‍රහාරයක් එල්ලවූයේ 1989 පෙබරවාරි 8දාය.
අද ඥානසාර හාමුදුරුවන්ගේ පා ගමනට සිවුරක් අන්දලා ජෙප්පෙක් එවලා වැඩේ කඩාකප්පල් කරන්න.
දළදා මහ කරඬුවේ රන් ආලේප කිරිම ලැකර් ගෑමක් යැයි සමාජගත කිරිමට යන නිසා රන් ආලේප කිරිමේ පින්කම පිළිබඳව නිවැරදි විස්තරයක් සටහන් කිරිමට සිතුවෙමි.
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.

ප්‍රධාන පුවත්

ඇමෙරිකාව කියුබාවට පනවා ඇති ආර්ථික සම්බාධක වහාම ඉවත් කළ යුතුයි.. – රුසියානු ෆෙඩරේෂනයෙන් දැඩි ප්‍රකාශයක්..

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කියුබානු ජනරජයට එරෙහිව පනවා ඇති ආර්ථික, වෙළඳ සහ මුල්‍ය සම්බාධක වහාම අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් රුසියානු ෆෙඩරල් මහ සභාවේ ෆෙඩරේෂන් මණ්ඩලය විසින් විශේෂ නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ඔබ නිසා ඔබේ ජාතික අනන්‍යතාව අහිමි වෙමින් පවතීද?..

අපට අභිමානවත් අතීතයක් තිබුණි. ආක්‍රමණ, යටත් කරගැනීම් සහ විදේශීය පාලනයන් හමුවේ වුවද ඒ අභිමානවත් අතීතය නොනැසී පැවතුණි. විස්මයජනක පුරාවිද්‍යාත්මක ස්මාරක, ලොව පුරා ප්‍රසිද්ධ වාරිමාර්ග නිර්මාණ, අත්කම් කර්මාන්ත, භාෂාවක් සහ සංස්කෘතියක් වසර 2600කට අධික කාලයක් පුරා අපේ භූමිය තුළ විකාශනය විය.

ආණ්ඩුව කළේ ඥානසාර හිමියන්ගෙන් පෞද්ගලික පළිගැනීමක්.. – මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා ඇති දඬුවම සහ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය මුල් කරගනිමින් සමස්ත සංඝයා වහන්සේට සහ බෞද්ධ ජනතාවට දැඩි අසාධාරණයක් සිදුවී ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් පවසති.

ඥාණසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම දේශහිතෛෂී සටනකට අත්‍යවශ්‍ය උත්තේජකයක්.. – නීතිඥ නුවන් බැල්ලන්තුඩාව

ජාතිවාදය සහ ජාතිකත්වය යනු කුමක්ද යන්න පිළිබඳව සමාජය තුළ මේ වන විට මතුව ඇති කතිකාව අතරතුර, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම දේශහිතෛෂී ජාතික සටනකට අත්‍යවශ්‍ය උත්තේජකයක් බව දේශප්‍රේමී ජාතික පෙරමුණේ නායක, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා ප්‍රකාශ කරයි.

SJB ඇතුලේ සැර වාද විවාද.. නායකත්වයේ තීන්දු ගැනත් මතභේද..

රටේ පවතින අර්බුද හමුවේ විපක්ෂයේ සියලු කණ්ඩායම් එක් කර ගනිමින් පුළුල් පොදු වැඩපිළිවෙළක් නිර්මාණය කිරීමට සමගි ජන බලවේගයේ නායකත්වය අපොහොසත් වීම සහ පළාත් සභාවලට පොලිස් හා ඉඩම් බලතල ලබා දීම සම්බන්ධයෙන් ගත් ඒකපාර්ශ්වික තීරණය මුල් කරගනිමින් පක්ෂය තුළ මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.

මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ සත්‍යග්‍රහය අද තුන්වැනි දිනටත්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහය තවදුරටත් පැවැත්වේ.

භික්‍ෂු සත්‍යග්‍රහයට පහර දීමක්..?

බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහා නිදහස් කරන ලෙස බලකරමින් කොළඹ විහාරමහාදේවී උද්‍යාන පරිශ්‍රයේ පැවැත්වෙන සත්‍යග්‍රහයේ නිරතව සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, පොලිස් ප්‍රහාරයකට ලක්වූ බවට චෝදනා කරමින් හදිසියේ රෝහල්ගත කර තිබේ.

ඩොන්බාස් කලාපයේ යුක්රේන හමුදාවේ ප්‍රධාන බලකොටුවක් රුසියානු හමුදා පාලනයට යටත් වෙයි – රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය

ඩොන්බාස් කලාපයේ පිහිටි යුක්රේන හමුදාවේ ප්‍රධාන බලකොටුවක් වන ඩොබ්‍රොපිලියේ (Dobropolye ) බලය රුසියානු හමුදා අත්පත් කරගෙන ඇති බව රුසියානු සන්නද්ධ හමුදාවල ප්‍රධාන මාණ්ඩලික ප්‍රධානී වැලරි ගෙරසිමොව් (Valery Gerasimov) ජනාධිපති ව්ලැදිමීර් පුටින් වෙත වාර්තා කර තිබේ.

නොරොච්චෝල සම්පූර්ණයෙන්ම නවතී..

දිවයින පුරා හදිසියේ සිදුවූ විදුලි සැපයුම බිඳවැටීමත් සමඟ නොරොච්චෝල ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ක්‍රියාත්මක වූ විදුලි ජනන ඒකක තුනම මුළුමනින්ම අක්‍රිය වී ඇති බව බලාගාර කළමනාකාරීත්වය තහවුරු කරයි.

ප්‍රගීත් එක්නැලිගොඩ ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට සැලසුම් කළේද?

2026 ඔක්තෝබර් මාසයේදී පුනරුත්ථාපනය කරන ලද හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු විසින් ලබා දෙන ලද සාක්ෂියක් මඟින්, එක්නැලිගොඩගේ දේශපාලන සබඳතා, හබරණදී පවත්වන ලද රැස්වීමක් සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රැගත් ගුවන් යානයකට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමේ යෝජනාවක් පිළිබඳව බරපතළ ප්‍රශ්න මතු කර තිබේ.

ඥානසාර හිමි නිදහස්කරන තෙක් මහ සඟරුවන විහාරමහාදේවී උද්‍යානයේ අඛණ්ඩ සත්‍යග්‍රහයක..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේ පිරිසක් කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිති.

මහින්ද ගමන් ගන්නා ගුවන් යානයට ප්‍රහාරයක් එල්ල කළ යුතු බව එක්නැලිගොඩ කියලා.. එක්නැලිගොඩ සහෝදරයෙකු ලෙස ඇසුරු කළ බව හිටපු LTTE සාමාජික මුරලි ගෙන් ප්‍රකාශයක්..

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා සමයේ, ජනාධිපතිවරයා ගමන්කරන ගුවන් යානයට මිසයිල ප්‍රහාරයක් එල්ලකළ හොත් රටේ පාලනය වෙනස් කොට රටේ ප්‍රශ්න අවසන් කළ හැකි බව ප්‍රගීත් එක්නැලිගොඩ තමන් සමඟ පැවසූ බව හිටපු LTTE සංවිධාන සාමාජිකයෙකු වූ මුරලි නමැත්තා අධිකරණයේදී අද (16) හෙළි කළේය.

ආසියාව තුළ සිය අභිමතය බලහත්කාරයෙන් පැටවීමට නේටෝ සංවිධානය උත්සාහ කරනවා – ලැව්රොව්

ආසියාව තුළ වගකීම් සීමාවෙන් ඔබ්බට ගොස් බලපෑම් කිරීමට නේටෝව දරන උත්සාහයට සාධනීය ප්‍රතිචාරයක් අවශ්‍ය බව රුසියානු විදේශ අමාත්‍යවරයා පැවසුවේය.

දූෂිත අමාත්‍යවරුන්ට සහ දූෂිත නිලධාරීන්ට පූජා භූමි සංවර්ධනය යනු අයුතු ප්‍රතිලාභ ලැබෙන ඉල්ලමක් බවට පත්වෙලා.. - ජාතික සංවිධාන කියයි

අනුරාධපුර පූජාභූමි සංවර්ධන ක්‍රියාවලිය තුළ දක්නට ලැබෙන යටි අරමුණු හෙළිදරව් කරමින් ජාතික සංවිධාන විසින් සිදුකරනු ලබන හෙළිදරව් කිරීම් හෙළා දකිමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව ලංකා ලීඩර් විසින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් අදහස් විමසන ලදී.

යුක්‍රේනයට සැපයූ මිසයිල “විවෘත වෙළෙඳපොළේ” විකුණා දමලා – ට්‍රම්ප්ගෙන් චෝදනාවක්!

බයිඩන් පාලනය යටතේ යුක්‍රේනයට ලබාදුන් ඇමරිකානු මිසයිලවලට සිදුවූයේ කුමක්දැයි ට්‍රම්ප් ප්‍රශ්න කර ඇතැයි වාර්තාවේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.