රන්ජන්ගේ සුගතදාසෙ රැස්වීමෙන් පසු උණුසුම් තත්ත්වයක්... පොරොන්දු වූ ප්‍රවාහන පහසුකම් සහ මුදල් නොදුන් නිසා සුගතදාස ක්‍රීඩාංගනය අසල ගැටුමක්...
රන්ජන් රාමණායක මහතාගේ මූලිකත්වයෙන් අලුතෙන් නිර්මාණය කළ පක්ෂයේ සමුළුවකට සහභාගී වුනු විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් බොහෝ ප්‍රමාණයක් රැලියෙන් පසු ඔවුන්ට පොරොන්දු වූ ප්‍රවාහන පහසුකම් සහ මුදල් ලබා නොදුන්නා යැයි කියමින් සුගතදාස ක්‍රීඩාංගනය අසල ඇතිකරගත් ගැටුමක් පිළිබඳව පුවතක් වාර්තා වී තිබේ.
මේ සම්බන්ධයෙන් අන්තර්ජාලයේ පළවූ එක්තර සටහනක සඳහන් වන්නේ පසුගිය කාලයේ මැතිවරණ රැළි සඳහා මෑන්පවර් සමාගම්වලින් මුදලට සෙනග සපයන බව වාර්තා වූ බවත්, එදිනෙදා වියදම් සපයා ගැනීමට විශ්ව විද්‍යාලවල සිසුන් මේ සඳහා යොමු වීම පිළිබඳව සිතා බැලිය යුතු බවත්ය.
අදාළ සටහන පහළින්...
මැතිවරණ රැලි සඳහා මෑන් පවර් සමාගම් වලින් මුදලට සෙනග සපයනව කියල පසුගිය කාලේ කතා වුනා..
ඒ සඳහා විශේෂයෙන් නගරාශ්‍රිත වතු සහ නිවාස යෝජනා ක්‍රම වල ජීවත් වෙන අඩු ආදායම් ජනතාව වැඩි වශයෙන් යොදාගන්නව කියල තමයි කියවුනේ..
නමුත් මේ ඊයේ සිදුවීමෙන් පෙනෙන්නේ ඒකෙම වෙනස් මානයක්..

ජනප්‍රිය සිනමා නලුවෙක්ගේ මූලිකත්වයෙන් අලුතෙන් නිර්මාණය කළා යැයි කියන පක්ෂයක සමුළුවකට සහභාගී වුනු විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් බොහෝ ප්‍රමාණයක් රැලියෙන් පසු ඔවුන්ට පොරොන්දු වූ ප්‍රවාහන පහසුකම් සහ මුදල් ලබා නොදුන්නා යැයි කියමින් සුගතදාස ක්‍රීඩාංගනය අසල ඇතිකරගත් ගැටුමක්...
මේ අලුතින් බිහිවූ පක්ෂයට එහෙම විශාල විශ්ව විද්යාල සිසුන් ප්‍රමාණයක් සහභාගී වෙන්න තරම් විශේෂත්වයක් තියෙනව ද?
සාමාන්යෙන් විශ්ව විද්‍යාල තුල දේශපාලනය කරන පෙරටුගාමීන්ට හෝ ජනතා විමුක්ති පෙරමුණට ඒ හැකියාව සහ විභවය තිබුනත් මේ රටෙන්ම අපේක්ෂක ලැයිස්තුව පවා හදාගන්න සාමාජිකයන් නැති, තමන් නියෝජනය කරන ප්‍රතිපත්තිය වත් තවම පැහැදිලිව ප්‍රකාශ කරගන්න බැරි වෙච්ච පක්ෂයකට එතරම් ප්‍රමාණයක් විශ්ව විද්යාල සිසුන් ඉන්නව කියන එක අභව්‍යයි.
ඊයේ ගැටුම් කාරී තත්වය තුල ඔවුන්ගේ ප්‍රතිචාරවලින් පෙනෙන්නේ ඔවුන් ඒ පක්ෂයේ සාමාජිකයන් නොවනවා පමණක් නෙවෙයි,අඩුම තරමේ සුබ පතන්නන්වත් නොව, හුදෙක් පෙනී සිටීම සඳහා පමණක් පැමිණි පිරිසක් බව...
විශ්ව විද්‍යාල තුල සිටින දරුවන් තමන්ගේ එදිනෙදා වියදම් සොයාගැනීම සඳහා වෙන වෙන කුඩා රැකියා/ප්‍රවර්ධන වැඩසටන් ආදියට සම්බන්ධ වෙන එක සාමාන්‍ය දෙයක්.
නමුත් මෙලෙස මෑන් පවර් සමාගම් වල කාර්‍යභාරය වෙනුවෙන් විශ්ව විද්යාල සිසුන් පාවිච්චි වීම නැවත සිතා බැලිය යුතු කාරණයක්...
එය ඔවුන්ගේ පුද්ගලිකව මුදලක් උපයා ගැනීම වෙනුවෙන් ද? එසේත් නැත්නම් ඔවුන් මෙහෙයවන පක්ෂයක් විසින් මුදලට ඔවුන් සහභාගි කෙරෙව්වා ද?
මෑන් පවර් සමාගම් හරහා නිර්මාණය කරන මේ කෘතිම රැලි වල අවසන් අරමුණ මොකක්ද?
-යටියන ප්‍රදීප් කුමාර

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..