මිලියන 210 ට වඩා නැරඹූ 2017 වසරේ ලොව සංවේදී ම වෙළඳ දැන්වීම
අමිත්, ඔහු වෘත්තියෙන් රූපවාහිනි සකසන්නෙක්. ඔහුට දිනක් සුන්දර කාන්තා කටහඬකින් ඇමතුමක් ලැබෙනවා.
“අමිත් කරුණාකරලා හතට කලින් එන්න පුලුවන් ද?”
ඔහු ඒ ඉල්ලීම ඉතා කාරුණිකව පිළි ගන්නවා.
මාර්ගය ඉතා දුෂ්කර එකක්. දුර්ග සහිත මාවතේ පාලම් මතින් සීතල දරාගනිමින් අමිත් සහ ඔහුගේ ආයතනයේ රියදුරා ඒ රූපවාහිනි අලුත්වැඩියාව වෙනුවෙන් ගමනේ යෙදෙනවා.
ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටී ඇති බැවින් ඔවුන්ට වඩා අපහසු මාර්ගයක් තෝරා ගන්න සිදු වෙනවා. එහෙත් ඔවුන් ආපසු හැරී යන්නේ නැහැ. අසීරු මාර්ගය ඔස්සේ ඉදිරියට ඇදෙන අමිත්ට නැවත බාධකයක් මුණ ගැසෙනවා.
ඒ සමඟම අර තරුණිය ඔහුට යළි ඇමතුමක් ලබා දෙනවා.
“අමිත්, ඔබ ප්‍රමාද ද?”
ඒ සමඟම බාධාව කුමක්දැයි ඇයට ඇසෙනවා.
” චන්දු මාමාගේ බැටළු රංචුව නේද?”
අමිත් කෝප ගන්නේ නැහැ. බැටළුවන්ගෙන් මඟ හෙළිපෙහෙළි කරගෙන ඔහු යලි ගමනේ යෙදෙනවා. සන්ධ්‍යා කළුවර කෙමෙන් පරිසරය වෙළා ගනිද්දී පවා ඔවුන් ආපසු හැරී යන්නේ නැහැ.ගමනාන්තයට ළගා වෙන ඔහු යන්නේ කුඩා කන්දක් මත පිහිටි පැරණි නිවසක් වෙත.
නිවසේ සීනුවට ප්‍රතිචාර දක්වමින් සුන්දර කටහඬ හිමි තරුණිය ඔහු වෙත පැමිණෙනවා.
අමිත් ඉතා පුදුමයට පත් වන්නේ ඇය අන්ධ තරුණියක වූ බැවින්. අන්ධ තරුණියකට රූපවාහිනියක් කුමටද? නමුත් ඉතා ඕනෑකමින් අමිත්ව රූපවාහිනිය ඇති තැනට කැඳවා යන තරුණිය නියමිත වෙලාවට එය ප්‍රතිසංස්කරණය කළ හැකි දැයි ඔහුගෙන් විමසනවා.

අමිත් එය සකසන තුරු ඇය නොසන්සුන්. ඔහු රූපවාහිනිය සකසා ක්‍රියාත්මක කරද්දී ඉන්දියාවේ ජනප්‍රියම රූපවාහිනි රියැලිටි වැඩසටහනේ ආරම්භක හඬ ඇසෙනවා.
තරුණිය අසුනෙන් නැගිට යන්නේ සතුටින්. ඇය පසෙක වූ සීනුව නාද කරන්නේ ද සතුටින්.
“ඉක්මනින් එන්න.. වැඩසටහන පටන් ගත්තා”
අමිත් දිගින් දිගටම පුදුමයට පත් වෙනවා. පඩිපෙළ බැස පැමිණෙන හැම දරුවෙකුම අන්ධ දරුවන්. එකිනෙකාට වාරු වී පැමිණෙන ඔවුන් ඉතා පිළිවෙලකට සාලයේ අසුන් ගන්නවා.
තරුණිය අමිත්ගෙන් දුරස්ථ පාලකය ඉල්ලාගෙන රූපවාහිනිය ක්‍රියා කරවනවා. රියැලිටියේ ප්‍රථම තරඟකාරියගේ නම ඇසෙන්නේ දරුවන්ගේ ඔල්වරසන් හඬ මැද. ඈ ගී ගයද්දී හැම දරුවෙකුම ඉතා සතුටින් එය විඳ ගන්නවා.
“ඇය අපේ නේවාසිකාගාරයේ. ඒ විතරක් නෙවෙයි. ඒ මගේ හොඳම යෙහෙළිය”.
තරුණිය ඉතා ප්‍රීතිමත් ව අමිත්ට පවසනවා. සියල්ල අදහා ගත නොහැකිව ඔබමොබ බලන ඔහු දරුවන් ඒ ගීතය රස විඳින සතුට ප්‍රීතියෙන් සහ සංවේදීව අත් විඳිනවා.
සබඳතා ගොඩ නැගෙන්නේ අප සිතනවාට වඩා බොහෝ වෙනස් ලෙස. ඒ සංවේදී කතාව ඉතා සුන්දර සහ බොහෝ සංවේදී රූපරාමු පෙළක් ලෙස ලෝකයේ ජනප්‍රියම සමාගමක් වූ සැම්සුන් සමාගමේ වෙළඳ දැන්වීමක් ව නිකුත් වන්නේ 2016 දෙසැම්බර් තිස් වැනිදා.
එය 2017 වසරේ ලෝකයේ වැඩිම පිරිසක් නැරඹූ වෙළඳ දැන්වීමයි. ඒ මිනිත්තු හතර ඔබට කියන්නේ අනෙකා වෙනුවෙන් කැපවීම, රැකියාවට අවංක වීම,මානුෂිකත්වය ගැන පමණක් නෙවෙයි.
අපේ සමීපතමයන් විඳ ගන්නට කුමන බාධාවක් යටතේ වුවත් අපට හැකි විය යුතුයි. ඔවුන් වෙනුවෙන් අත්පොළොසන් නගන්නට අවශ්‍ය වෙන්නේ අපට ඔවුන්ව හදවතට දැනීම පමණයි.
- Nibandhika Wanninayake
(අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී.)

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..