News Category
From Date
To Date
Maximum Number of Result

තල් වවලා පොල් කඩන්න බැහැ

Oct 25, 2024 at 10:25 AM
|

මිස් ,මගෙ වයිෆ් මන් එපා කියද්දිම එයාගෙ තාත්තව වැඩිහිටි නිවාසෙක නැවැත්තුවා ,

මන් බඳිනකොටම එයාගෙ අම්ම නැති වෙලා ,එයා කොළඹ බෝඩ් වෙලා හිටියෙ ඔෆිස් යන නිසා , බැඳපු දවසෙ ඉඳල ගමේ ගිහින් එමු කියල කොච්චර කිව්වත් මගෙ  වයිෆ් අමාලි කැමති වුනේම නැහැ ,

එක දවසක් බලෙන්ම වගේ තමා මම මෙයාව ගමේ එක්කන් ගියෙ ,ඒ ගියාම එයාගෙ තාත්ත එයාලගෙ නෑයෝ වෙන ගෙදරක  දුක් විඳ ඉන්නව බලන්න බැරි කමට මන් මැදිහත් වෙලා තමා ඒ තාත්තව අපේ ගෙදර ගෙනාවෙ ,

එදා ඉඳල අමාලිගෙ හැසිරීම ටිකක් අමුතුයි ,හුඟක් තරහ යනවා අපේ පුතාව වත් තාත්ත ලඟට යවන්නෙ නැහැ ,එයාගෙම තාත්තා වුනත් කිසිම ආදරයකින් සලකනවා මන් දැකල නැහැ ,

ගිය සතියෙ මම ගෙදර එනකොට හැමෝටම හොරෙන් එයා තාත්තව වැඩිහිටි නිවාසෙකට ගිහින් දාලා , ඒ ගැන ඇහුවම අමාලි මුකුත් කියන්නෙ නැහැ ,

අමාලි මගෙ දෙමව්පියන්ට හුඟක්  හොඳට සලකනවා ,එහෙම එකේ එයාගෙ මේ හැසිරීම මට දරාගන්න අමාරුයි ,මෙයාට මොකක් හරි මානසික ලෙඩක්වත්ද ?

මේ ඊයෙ සෙෂන් එකකදී කෙනෙක් ගෙනාපු ගැටළුවක් ,

ඉතින් ,මේකේ අනිත් පැත්ත ගැන බලන්න අමාලිට කථා කළා,

ආර්ථික හයිය තියෙද්දිත් ,මහත්තයා මෙච්චර කියද්දීත් ඔයා ඔයාගෙ තාත්තව වැඩිහිටි නිවාසෙක නවත්තන්න හිතුවෙ ඇයි ?

පැය බාගයක් විතර තිස්සෙ මේ ප්‍රශ්නෙ එක එක විදිහට අහල අහල අන්තිමට අමාලි මට  උත්තරේ දුන්නා ,

 ඇත්තම කිව්වොත් ඔය මනුස්සයව සල්ලි ගෙවල නිවාසෙකට දැම්මෙත් හස්බන්ඩ් බනියි කියල බයට ,හරිනම් එයාට එහෙමවත් කරන්න වටින්නෙ නැහැ මිස් ,

මගෙ කරුමෙටද කොහෙද  මට අවුරුදු තුන හතරෙදි වෙච්ච දේවලුත් තාම මතකයි ,

නමට තාත්ත උනාට ඔය මනුස්සය අම්මටයි අයියටයි මටයි දස වද දුන්නා ,

මන් ඉස්සරහම අම්මට ලාම්පුතෙල් හලලා ගිණි තියන්න හදල තියනවා ,පොඩි කාලේ හැමදාම රෑට මන් ඉන්නෙ පේර ගහ උඩ ගුටිකන්න බයට ,දවසක් ගහේම නින්ද ගිහින් නින්දෙන් ගහෙන් වැටිලා දවස් ගානක් ඉස්පිරිතාලෙත් හිටියා ,

එයා බීලා ඇවිත් කුණු හරප නොකියපු දවසක් නෑ ,එක වේලක් අපිට කන්න දීල නැහැ ,අම්මා ගෙවල් වල වැඩ කරල අපිට කන්න දුන්නෙ 

ඒ ඔක්කොමත් හරි ඉස්සර ඔය තාත්ත කියන මිනිහා මායි අයියයි ඉස්සරහම අම්මව බලෙන් ඇදගෙන අම්ම එක්ක අහවල් වැඩේ කරනවා 

අම්මා වැඳ වැඳ කියනවා අනේ මගෙ දරුවෝ දකියි කියල ,ඒත් ඒ මිනිහට ගානක් වත් නෑ ,

අය්ය මේව දරාගන්න බැරිම තැන පොඩි වයසෙන්  හමුදාවට බැඳිලා අවුරුදු 24 න් මැරිලා ගියා ,

මට අවුරුදු 19 දී අම්මා මරුනා ,දුක් විඳලා විඳලා පපුවෙ අමාරුව හැදිලා ,ඔය තාත්ත කියන මිනිහා මිනිය උස්සන වෙලාවෙත් බීලා රණ්ඩු කළා ,මිනියටත් ගල් වලින් ගැහුවා ,මාව එදා රෑම ගෙදරින් එලෙව්වා ,

සංසාරෙ පිනකට ලොකු අම්මා ඒක දැකල උඹ යමන් මන් එක්ක කියල මාව කොළඹ ගෙනත් පුළු පුළුවන් විදිහට ඉගැන්නුවා ,මායි ලොකුඅම්මයි බෝඩිමේ ඉඳන් බත් පැකට් විකුණුවේ ,අපිදස දුක් වින්දා ,

තාත්ත කරපු දේවල් අමතක කරගන්න බැරුව මට කාලයක් සිහිය විකල් වෙලා වගෙත්  හිටියා ,අවුරුදු ගානක් බෙහෙත් බීල ගොඩ ආවේ ,

විඳපු දුක් වැඩි නිසාම වෙන්න ඇති මන් කොහොම හරි ඉගන ගත්තා ,

පස්සේ තමා රසිකව මට හම්බුනේ ,රසික නිසා මන් ආයෙ ඉපදුනා ,හැබැයි තාත්තා කරපු දේවල් මතක් වෙද්දී අදටත් මට බයයි ,

මේවා මට රසිකට වත් කියන්න බෑ ,

එයාගෙ බලකිරීමට සමාව දෙන්න කියල හිත හදාගෙන තාත්තව ගෙදර ගෙනාවට මගෙ දරුවව් වත් එයා ලඟට දෙන්න මට හිතෙන්නෙ නැහැ ,මන් කොච්චර උත්සහ කලත් ඒ මනුස්සය් අම්මට මට අයියට දීපු වද කන්දරාව මට අමතක කරන්න බැහැ ,අම්ම මරුන විදිහ අමතක කරන්න බැහැ ,

ඇත්තම කිව්වොත් තාත්ත උනාට ඒ වැඩිහිටි නිවාසෙකටවත් ගිහින් දාන්න හොඳ මිනිහෙක් නෙමෙයි ,

ඊයෙ එතන ඉන්න මිස්ගෙන් ඇහුවමත් කිව්වෙ මෙතැන හොඳ දෙමව්පියෝත් ඉන්නවා ,හැබැයි මෙතනට එන දරුවෝ කියන විදිහට මේ  ඉන්න හුඟක් මිනිස්සු දැන් හොඳයි වගේ පෙනුනට පුළුවන් කාලෙ එච්චර හොඳ මිනිස්සු වෙන්න බෑ කියල ..

පිට ඉඳන් බලනකොට මන් වැරදි ඇති ,හැබැයි මන් දන්නවා මන් වැරදි නැහැ ,අමාලි කිව්වෙ එහෙම ,

                        .......................

මගෙ උපදේශන ජීවිතේ මට මෙහෙම කථා ගොඩක් හම්බෙනවා ,අම්මා තාත්ත කියන නම ඇහුන ගමන් අපෝ මොන දේ උනත් දෙමව්පියන්ට සලකන්න ඕනෙ කියන සමාජයක්‌ ඇතුලෙ වැඩිපුර කථා නොකලට දෙමව්පියෝ නිසා විනාශ වුන දරුවන්ගෙ ජීවිත ඕන තරම් තියනවා ,

දෙමව්පියො නිසා අසරණ වුනු මානසිකව ලෙඩ වුනු ජීවිතත් ඕන තරම් ඉන්නවා ,

ඒ නිසා කවුරු හරි කෙනෙක්  මගෙ අම්මා තාත්ත මට මෙහෙම කරදර කළා කියද්දී අනේ කවදාවත් එහෙම කියන්න එපා අම්මල තාත්තල කවදාවත් දරුවන්ට එහෙම කරන්නෙ නැහැ කියන අන්තයට යන්න එපා ,

ඔබේ අම්මා තාත්ත හොඳ වුනු පමණින්ම මේ ලෝකෙ ඉන්න හැම අම්මා තාත්තම හොඳයි කියල තීරණය කරන්න බැහැ .

අම්ම තාත්ත කියන නම හම්බුන පමණින් ඒ මිනිස්සු දෙමව්පියෝ වෙන්නෙ නැහැ වගේම ,

දරුවො දෙමව්පියන්ට නොසලකු පමණින් ඒ දරුවො අපරාධකාරයො වෙන්නෙත්  නැහැ ..

දෙමාපියෝ විදිහට පුළුවන් කාලෙ දරුවන්ට දස වද දීලා වයසට ගියාම අනේ අපේ දරුවො සළකන්නේ නෑ කියනවනම් ,කියන්න තියෙන්නෙ මෙච්චරයි ,

තල් වවලා පොල් කඩන්න බැහැ ,එච්චරයි ..

වැව්වේ තල් නම් කඩන්න වෙන්නෙත් තල් ම තමයි ...!!

අනිශා ජයකොඩි ✍️

Anisha Jayakody

(Psychological counsellor )

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.