
සුද්දන්ගේ කාලේ අපි කඩ්ඩ වනපු හැටි
👉 රූපයේ දැක්වෙනුයේ බි්‍රතාන්‍ය පාලනය පැවති 1883 වර්ෂයේ මෙරට ප්‍රසිද්ධ ඉගැන්වීමේ දෙපාර්තමේන්තු ප්‍රධානියා වූ එච්. ඩබ්. ග්‍රීන් විසින් සිය පරිපාලන වාර්තාවල තැබූ සටහනකි.
👉 එකල බි්‍රතාන්‍ය පාලනය යටතේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලබාදුන් අධ්‍යාපනයේ අසාර්ථක බව පිළිබඳ මෙය කදිම විවරණයක් වන අතර, එකල අධ්‍යාපනය භාරව සිටි සුදු නිලධාරීන්ගේ වාර්තාවල මෙවැනි ප්‍රකාශ බොහොමයක් දක්නට ලැබේ.
👉 එතැනින් නොනැවතී මව් භාෂාවෙන් අධ්‍යාපනය ලබාදීමේ වැදගත්කම අවධාරණය කරමින් ඊට අදාළ යෝජනාද එකල මුලින්ම ඉදිරිපත් කර ඇත්තේ ග්‍රීන් මහතා ඇතුළු යටත්විජිත නිලධාරීන් විසිනි.
👉 කන්නංගර මහතා විසින් පසුකාලීනව මව් භාෂා අධ්‍යාපනය රජයේ ප්‍රතිපත්තියක් බවට පත් කරනුයේ සියවසකට වැඩි කාලයක් තිස්සේ දෙස් විදෙස් විවිධ පාර්ශ්වවලින් මතු වූ යෝජනා, ඉල්ලීම් සැලකිල්ලට ගනිමිනි.
👉 බොහෝ දෙනා සිතා සිටින පරිදි මව් භාෂාවෙන් ඉගැන්වීම සහ බණ්ඩාරනායක අතර කිසිදු සම්බන්ධයක් නොමැති අතර, බණ්ඩාරනායක බලයට පත්වීමට දශකයකට පමණ පෙර එය ක්‍රියාවට නංවන ලද්දේ කන්නංගර මහතා විසිනි.
👉 එමෙන්ම ඊටත් පෙර සිට ක්‍රියාත්මක වූ සිංහල මාධ්‍යයෙන් උගන්වන පාසල් විශාල ප්‍රමාණයක් ලංකාව තුළ ක්‍රියාත්මකව තිබිණි.
👉 වැදගත්ම කාරණය වූයේ බි්‍රතාන්‍යයන් විසින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලබාදුන් අධ්‍යාපනය අසාර්ථක එකක් වීමය. සංගණන වාර්තා අනුව කෝල්බෲක් ප්‍රතිසංස්කරණවලින් වසර සීයකට ආසන්න කාලයකට පසුවත් ලංකාවේ ඉංග්‍රීසි දන්නා ජනගහනය සීයට හතක් තරම් සුළු අගයක පැවතිණි.
👉 එහෙත් මේ ඉතිහාස කාරණා කිසිවක් නොදන්නා ලංකාවේ උගත් නූගත් බොහෝ දෙනා තවමත් ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය ගැන පාරම් බාති. සුද්දන්ගේ කාලයේ ලංකාව එංගලන්තයක් වන්නට ඇතැයි සිතා සිටිති. ඒ සිහින දේශය අපට අහිමි කළේ බණ්ඩාරනායකගේ තනි පුද්ගල තීරණයක් නිසා යැයි සිතමින් තවමත් බණ්ඩාරනායකට බැණ වදිති.
👉 අප කළ යුත්තේ හැඟීම් හා හිතලු මත නොව කරුණු මත ඉතිහාසය පිළිබඳ නිගමනවලට එළැඹීමය.
- ඉසුරු ප්‍රසංග
මූලාශ්‍ර - ලංකාවේ අධ්‍යාපනය සියවස ප්‍රකාශනය 1 කාණ්ඩය (1969)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..
ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.
විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..
දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්
දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..
ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..
60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව
