බුදුදහමට රාජ්‍ය ආරක්ෂාව අත්‍යවශ්‍යයි - වතුරකුඹුරේ ඥාන විමල හිමි
ලොව බෞද්ධ රටවල් ඇත්තේ අතේ ඇගිලි ගණනටත් වඩා අඩුවෙනි.
මියන්මාරය, තායිලන්තය, ශ්‍රී ලංකාව ඒ රටවල් තුනයි.
ලාඕසයේ බෞද්ධයන් සිටියද එය කොමියුනිස්ට් බලය යටතේ පවතී.
මහායාන ථෙරවාද කදවුරු දෙකම සැලකුවත් බෞද්ධයන් සිටිනුයේ ලෝක ජනගහණයෙන් 7% කි.
එයින් 65% ක් මහායානිකයෝ වෙති.
බෞද්ධයන්ගෙන් 50% ක් පමණ
අධ්‍යාපනය, කළකිරීම, බාහිර බලපෑම් ආදී හේතු මත නිරාගමික තත්වයට පත්ව සිටිති.
ඒ අනුව ඉතිරිව සිටින බෞද්ධයන්ගේ ප්‍රතිශතය 1% වැනි ඉතා අඩු අගයකි.
ලොව වැඩිම කාලයක් බුදුදහම රැකුනේ ශ්‍රී ලංකාවේ බවට සැකයක් නැත. එලෙස බුදු දහම ආරක්ෂා වීමට එකම හේතුව රාජ්‍ය අනුග්‍රහයයි.
බෞද්ධයන් ස්වභාවයෙන්ම යුද විරෝධී පිරිසකි.
“හරස් කියතකින් දාකට කපන විට පවා සතුරාට මෛත්‍රී කිරීම” බෞද්ධයන්ගේ පරම යුතුකමයි.
ලොව අන් ඇදහිලි සමග බද්ධ වූ අති බහුතරයට එවන් සීමා පණවා නැත.
බෞද්ධයන් වන අපේ ආගමික හැදියාව අනුව ජීවිතාරක්ෂාව පතා හෝ අනෙකෙකුට අතක් එසවීමේ අයිතිය අපට ලබා දී නැත.
අන්‍යාගමිකයන් තලා පෙලා ආගම ප්‍රචාරය කිරීමට අපට අවසර නැත.
එනමුත් ලෝක ඉතිහාසය අනුව බලන කල වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ ආගම් පැතිරවීමේ යුද්ධ හේතුවෙනි.
කුරුස යුද්ධ හේතුකොටගෙන 1095 සිට 1291 දක්වා මිය ගිය සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ ලක්ෂයකි. ආගමික යුද්ධ නිසා මියගිය සමස්ථ ජනගහනය කෝටි පනහකි.
බුදුදහම පැතිරවීම වෙනුවෙන් ලෝක ඉතිහාසය තුල කිසිදු යුද්ධයක් කර නැත. බුදුදහම පැතිරවීමට අඩුම තරමේ මැස්සෙකු මදුරුවෙකුගේ දිවිතොර කර නැත.
බෞද්ධයන් අතින් පාලන බලය ගිලිහී ගිය සෑම අවස්ථාවකම සිදුවූයේ මහා ජන සංහාරයකි.
පුශ්‍යමිත්‍රශුංග නම් අබෞද්ධයා ක්‍රිපූ 185 දී රාජ්‍ය බලය පැහැර ගැනීමත් සමග ඉන්දියාව තුල මහා බෞද්ධ සංහාරයක් ඇරඹුනි. වෙහෙර විහාර අසූහාරදහසක් බිමට සමතලා කරනු ලැබීය. බෞද්ධ භික්ෂුවකගේ හිසකට කහවණු සියයක් බැගින් මිල කරනු ලැබීය.
1153 දී මාලදිවයින් පාලකයා බුදුදහම අත්හල අතර සියලු බෞද්ධ භික්ෂූන් සමූලඝාතනය කරනු ලැබීය. දැඩි රාජ්‍ය මර්දනය හමුවේ සියලුම බෞද්ධයන්ට සිය ආගම අත්හැරීමට සිදුවිය.
1971 දී නැගෙනහිර පකිස්ථානය බංග්ලාදේශය බවට පත් කිරීමේ ක්‍රියාවලියේදී බෞද්ධයන් සහ හින්දූන් අවම වශයෙන් පන් ලක්ෂයක් ඝාතනය කරනු ලැබීය.
1949 චීනය කොමියුනිස්ට් පාලනයට නතුවූ අතර චීන රජය 1959 දී ටිබෙටයේ දළයි ලාමා බලයෙන් පහ කරනු ලැබීය. එවකට ටිබෙටයේ බෞද්ධ ප්‍රතිශතය 100% කට ආසන්න විය. චීන කොමියුනිස්ට් පාලනයේ මර්දනය නිසා ටිබෙටයේ පමණක් අහිමිවූ ජීවිත ගණන විසි ලක්ෂයක් බවට ගණන් බලා ඇත.
අදටත් චීනයේ ආගම් ප්‍රචාරය තහනම්ය. චීන බලධාරීන්ට අනුව ආගම් ඇදහීම කොමියුනිස්ට් ඉලක්ක සපුරා ගැනීමට බාධාවකි.
1990 සිට මේ දක්වා විනාශ කර ඇති වෙහෙර විහාර සංඛ්‍යාව 900 කට අධිකය. ලෝක ප්‍රසිද්ධ ගුවාන් යින් බෝසත් පිලිමයද ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ ස්ථානයද ඒ අතර වෙයි.
1955 වියට්නාම් යුද්ධය ආරම්භයේදී එරට 91% ක්ම බෞද්ධයන්ය. උතුරු වියට්නාමය කොමියුනිස්ට් පාලනයකට යටත් විය.
1975-04-30 දින යුද්ධය අවසන් වන විට බෞද්ධ භික්ෂූන් වහන්සේලා 72,000 ක් ජීවිතක්ෂයට පත්කර තිබූ අතර ඉතිරිව සිටියේ දෙනමකි.
1948 දී කොරියාව උතුරු දකුණු වශයෙන් කොටස් දෙකකට වෙන් විය.
උතුරු කොරියාවේ ආගම් ආගම් ඇදහීම තහනම් කරනු ලැබීය. අදටත් උතුරු කොරියාවේ ආගම් ඇදහීම අපරාධමය වරදකි. දැනට එහි ඉතිරි වී ඇති බෞද්ධයන් ප්‍රතිශතය 0.5% කි. දකුණු කොරියාව ශීඝ්‍රයෙන් අන්‍යාගමීකරණයට ලක්වූ අතර බෞද්ධ ඉතිහාසයක් හිමි එරට අද බෞද්ධයන් ප්‍රතිශතය 16% දක්වා පහල ගොස් ඇත.
1815 උඩරට ගිවිසුම අත්සන් කිරීමට එක් හේතුවක් වූයේ සිංහල රජවරුන් අතින් පාලන බලය ගිලිහී යාමයි.
බෞද්ධයන් අපහසුතාවයට පත් නොවනු පිණිස එහි 5 වගන්තියෙන් බුදුසසුන රැක ගැනීම රජයේ වගකීමක් බවට පත් කරනු ලැබීය.
රොබට් බ්‍රවුන්රිග් ඊට අත්සන් කිරීමට මැලිවිය. කෙසේ නමුත් උඩරට ප්‍රධානීන් එම වගන්තිය ඉවත් කිරීමට තරයේ විරුද්ධ වීම නිසා රොබට් බ්‍රවුන්රිග් ඊට අත්සන් තැබීය.
බුදුසසුන රැක ගැනීමට ඔහු දුන් පොරොන්දුව එංගලන්ත රජයේ උදහසට හේතු විය.
එලෙස 1815 දී බුදුදහමට ලිඛිතව ලැබුණ රාජ්‍ය ආරක්ෂාව 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද ඇතුලත් කරනු ලැබීය. 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය අනුව බුදුදහම රැක ගැනීම රජයේ යුතුකමකි.
මෙලෙස ලැබෙන රාජ්‍ය අනුග්‍රහය අවසන් වීම යනු ලක්දිව බුදු සසුනේ අවසානයයි.
ඒ බව පෙර කී උදාහරණ මගින් සනාථ වනු ඇත.
බුදුදහමට ලැබුණු රාජ්‍ය අනුග්‍රහය අවසන් වී අනාගමික රාජ්‍යයක් වෙත මාරු වන ලකුණු මේ වන විටත් පහල වී ඇත.
මේ අතිශය තීරණාත්මක අවස්ථාවේදී ඇස් කන් පියා නොසිට තනි බෞද්ධ බලවේගයක් බවට පත්වී බුදුසසුන රැක ගැනීමට ඔබ අප සියලු දෙන එක්සත් විය යුතුය.
සම්බුද්ධ ශාසනයට එන අභියෝග සංසදයේ
වතුරකුඹුරේ ඥාන විමල හිමි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..