News Category
From Date
To Date
Maximum Number of Result

ජනාධිපතිවරණයේ දී ප්‍රධාන අපේක්ෂකයන් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශ පානය කළ නොහැකි 'සුප්' එකක් වගේ... රටට අත්‍යවශ්‍යම විදේශ ප්‍රතිපත්තිය සඟවලා - වෛද්‍ය වසන්ත බණ්ඩාර

Oct 7, 2024 at 10:56 AM
|

පසුගිය ජනාධිපතිවරණයේ  දී ප්‍රධාන අපේක්ෂකයන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශ සියල්ලම සියලු පෝෂක අඩංගු එහෙත් නමක් දැමිය නොහැකි පානය කළ නොහැකි 'සුප්' එකක් බව දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ජාතික පුවත්පතකට ලිපියක් සපයමින් ඒ මහතා පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා රාජ්‍ය සහ සමාජය මේ මොහොතේ මුහුණ දෙන අභියෝග ජය ගැනීම සඳහා නිශ්චිත උපාය මාර්ගික ප්‍රවේශයක් ඒවා තුළ හඳුනාගත නොහැකි බවය.

රට මුහුණ දෙන සැබෑ අභියෝගය මෙම ප්‍රතිපත්ති ප්‍රකාශ මගින් නොසලකා හැර හෝ සැඟවීමක් කර ඇති බවත්, යම් පාර්ශව සතුටු කිරීම සඳහා විශේෂයෙන්ම බෙදුම්වාදී, ජාතිවාදී සහ ආගම්වාදී බලවේගවල ඉල්ලීම් වලට සහ ශ‍්‍රී ලංකාවට හතුරු ජාත්‍යන්තර බලවේගවල බලපෑම් වලට සංවේදී වන බව පෙන්වීම සඳහා යම් නිශ්චිත ප‍්‍රතිපත්තිමය යෝජනා ප‍්‍රමාණයක් ඒවා තුළ අඩංගු වන බවත් ඒ මහතා එම ලිපියෙන පෙන්වා දී තිබේ.

අදාළ ලිපිය පහළින්... 

මැතිවරණ වේදිකාවේ ප‍්‍රතිපත්තිමය බෙදීම කුමක් විය යුතුද?

පසුගිය ජනාධිපතිවරණයේදී ප‍්‍රධාන අපේක්ෂකයින් විසින් ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ සියල්ලම ඉතා සරලව විග‍්‍රහ කළ හැක්කේ සියලූ පෝෂක අඩංගු එහෙත් නමක් දැමිය නොහැකි සහ පානය කළ නොහැකි ‘සුප් එකක්’ ලෙසය. ඒවා  ඕනෑම රටකට වලංගු බොහෝ සංකල්පීය යෝජනා සහ අදහස් මෙන්ම ආකර්ෂණීය අරමුණු වලින් සමන්විත විය. නමුත් ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය සහ සමාජය මේ නිශ්චිත කාලවකවානුවේදී මුහුණ දෙන අභියෝග ජය ගැනීම සඳහා නිශ්චිත සහ සංයුක්ත උපාය මාර්ගික ප‍්‍රවේශයක් ඒවා තුළ හඳුනාගත නොහැක. ඒ වෙනුවට ආංශික ප‍්‍රතිපත්ති හෙවත් අධ්‍යාපන සෞඛ්‍ය ආදී වශයෙන් විවිධ ක්ෂේත‍්‍රවලට අදාළව සුන්දර අරමුණු රාශියක් ඉදිරිපත් කර තිබුණි. එහෙත් එම අරමුණු සාක්ෂාත් කරගත හැකි නිශ්චිත උපාය මාර්ගික ප‍්‍රවේශයක් එම අරමුණුවලට අදාළව ඉදිරිපත් කර තිබුණේ ඉතාම අල්ප වශයෙනි. 

කෙසේ වෙතත් යම් පාර්ශව සතුටු කිරීම සඳහා විශේෂයෙන්ම බෙදුම්වාදී, ජාතිවාදී සහ ආගම්වාදී බලවේගවල ඉල්ලීම් වලට සහ ශ‍්‍රී ලංකාවට හතුරු ජාත්‍යන්තර බලවේගවල බලපෑම් වලට සංවේදී වන බව පෙන්වීම සඳහා යම් නිශ්චිත ප‍්‍රතිපත්තිමය යෝජනා ප‍්‍රමාණයක් ඒවා තුළ අඩංගු විය. එසේ සඟවා ඉදිරිපත් කරන ප‍්‍රතිපත්තිමය ප‍්‍රවේශයන් අතර 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම ආරක්ෂක හමුදා පිරිස් බලය අඩු කිරීම සහ ආරක්ෂක හමුදාවලට යුද අපරාධ චෝදනා එල්ල කිරීම සඳහා පිහිටුවනු ලබන සත්‍ය සෙවීමේ කොමිසම තවදුරටත් බලවත් කිරීම, මෙන්ම මහජන විරෝධය නිසා අකුළාගත් 2015 යහපාලන ආණ්ඩුවේ ඊනියා ‘‘ඔරුමිත්තනාඩු’’ ව්‍යවස්ථා ව්‍යාපෘතියට නැවත පණ දීම ආදී බරපතල විවාදාත්මක කරුණු දක්නට ලැබුණි.

මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ යනු හුදු සුරංගනා කථා පමණක් බවට පොදු මහජන මතයක් පැවතිය ද එසේ ඉදිරිපත් කරන දීර්ඝ ලේඛන බහුතර ජනයා විසින් පරිශීලනය කරන්නේ නැත. බොහෝ විට මැතිවරණයකදී බෙදීම් ඇතිවන්නේ එම ප‍්‍රතිපත්තිවල අඩංගු විවාදාත්මක ප‍්‍රවේශයන් හුවා දැක්වීම මගිනි. නමුත් මෙවර ජනාධිපතිවරණයේදී ප‍්‍රධාන අපේක්ෂකයින් පස්දෙනා විසින් තමා ගොඩනගන පාලනයට අදාළව එක පාර්ශවීය යම් පින්තූරයක් මවා පෙන්වීමට උත්සාහ කළ ද බරපතළ ප‍්‍රතිපත්තිමය බෙදීම් ඇතිවන ලෙස අභියෝගාත්මකව තම ස්ථාවරයන් ඉදිරිපත් නොකළ බව ඉතා පැහැදිලිය. එසේම හොරු ඇල්ලීම හෝ දුෂණ වංචාවලට තිත තැබීම වැනි තමාගේ ප‍්‍රධාන ප‍්‍රතිපත්තිමය සටන් පාඨ ඉදිරිපත් කිරීමේදී පවා හොරකම හෙවත් දූෂණ වංචා ප‍්‍රචලිත කෙරෙන 1977 සිට නඩත්තු කරන ආර්ථික මොඩලය තුළ සිදුකෙරෙන ගැඹුරු වෙනස්කම් පිළිබඳව සංවාදයක් දිරිගැන්වීමට මැලිවන බවක් දක්නට ලැබුණි. 

නමුත් ජනාධිපතිවරණයේදී කුමන අපේක්ෂකයෙකු ජය ගත්ත ද පවතින ආර්ථික සහ සමාජ දේශපාලන අර්බුදය ජය ගැනීම මෙන්ම ගොඩනැගී ඇති මහජන අපේක්ෂා ඉටුකිරීම සඳහා බරපතල ප‍්‍රතිපත්තිමය හැරවුමක් අවශ්‍ය වේ. ඊට අමතරව වත්මන් ගෝලීය භූ දේශපාලන අභියෝගයන්ට මුහුණ දීම පහසු වන්නේ නැත. විශේෂයෙන්ම යුක්‍රේනය මුල් කරගත් රුසියාවට එරෙහිව දියත් වන යුද්ධය සහ නැගෙනහිර සහ දකුණු චීන මුහුද ආශ‍්‍රිතව චීනයට එරෙහිව සැලසුම් කරන යුද්ධය මෙන්ම BRICS රටවල ආර්ථික නැගීසිටීම තුළ ඇමරිකානු ඩොලරය මුහුණ දෙන අභියෝගය ආදී හේතු මත ශ‍්‍රී ලංකාව වටා ගමන් කරන ලෝකයේ ප‍්‍රධාන නාවික මාර්ගය ආශ‍්‍රත සාගර කළාපයට විශේෂිත යුධමය වටිනාකමක් හිමිවේ. ඒ තුළ ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය සහ භූමිය තමාට උවමනා ආකාරයට පාලනය කිරීමේ බරපතළ භූ දේශපාලන උවමනාවකින් ක‍්‍රියා කරන බව ඉන්දියාව සහ ඇමරිකාව මේ වන විටත් ප‍්‍රදර්ශනය කරමින් ඇත. 

ඉන්දියාව භූ දේශපාලන අභිසාරිකාවක් ලෙස ක‍්‍රියා කරන බැවින් ඉන්දියාව සහ ඇමරිකාව අතර තරගකාරී වුවමනාවන් තිබෙන බව පෙනුනද අවසන් අරමුණට සාපේක්ෂව එම රටවල් විසින් ශ‍්‍රී ලංකාවට අදාළව ක‍්‍රියා කරන ආකාරය වෙනස් වන්නේ නැත. ඉන්දියාව එක් පැත්තකින් ආර්ථික වුවමනාවන් මුල් කරගෙන රුසියාව සහ චීනය සමඟ වෙළඳ ගනුදෙනු සිදුකරන අතර අනෙක් පැත්තෙන් ඇමරිකාව සමඟ අත්සන් කර ඇති යුද ගිවිසුම් හතරක් මගින් ඇතිකරගත් එකඟතාවයක් බිඳ දැමීමකින් තොරව ආරක්ෂා කරන බව රහසක් නොවේ. එසේම ආසියාවේ නේටෝ සංවිධානය ලෙස හැඳින්වෙන QUAD සංවිධානයේ රටවල් හතරට ඉන්දියාව ද අයත් වේ. එම යුද සන්ධානයට අයත් සෙසු රටවල් වන්නේ ඇමෙරිකාව, ජපානය සහ  ඕස්ට්‍රේලියාවය. 

ඉන්දියානු රෝ සංවිධානයේ භූ දේශපාලන උපාය මාර්ගික සැලසුම අනුව සිකීමය නමැති ස්වාධීන රාජ්‍යය ගිවිසුම් මගින් ඉන්දියාවේ 22 වැනි ප‍්‍රාන්තය බවට පත් කරගනු ලැබීය. එම භූ දේශපාලන උපාය මාර්ගික සැළසුමට අනුව අර්ධ යටත් විජිතයක් ලෙස ගිවිසුම් මගින් ශ‍්‍රී ලංකාව ඇඳා ගැනීමේදී ඉන්දියාවේ ප‍්‍රාන්තයක් ලෙස හිමිවන අංකය 29 බව ඉතා පැහැදිලිය. ඉන් පසුව ඉන්දියාවේ මැදිහත්වීම මත ඊළාම් රාජ්‍ය නිර්මාණය කිරීමෙන් පසුව එම කොටසට හිමිවන අංකය 30 බව රෝහණ විජේවීරයන් සඳහන් කරන්නේ 80 දශකයේ අග භාගයේදීය. නමුත් ඇමරිකාවට අවශ්‍ය වන්නේ මහා හමුදා කඳවුරක් පිහිටුවීම සඳහා ඉඩම් කැබැල්ලක් හෙවත් දූපතක් පමණි. දැනට ඉදිරිපත් කර ඇති SOFA ගිවිසුමේ ‘ඇමුණුව බී’ නැමැති ලේඛනයට එකඟතාවය පළකිරීම සිදුවුවහොත් ඊට පහසුකම් සැලසේ. 

පසුගිය ජනාධිපතිවරණයේදී ඉන්දියාව සහ ඇමෙරිකාව එකම අරමුණ සඳහා වෙනස් ප‍්‍රවේශයන් දෙකක් ගනු ලබන්නේ එනම් ප‍්‍රතිවිරුද්ධ අපේක්ෂකයින් ප‍්‍රචලිත කිරීමට තීරණය කරනු ලබන්නේ ඉහත සඳහන් කළ අතරමැදි අභිලාෂයන්ගේ වෙනස්කම් නිසා බව අනාගතයේදී තේරුම් ගත හැකි වනු ඇත. නමුත් පෙර සඳහන් කළ ආකාරයට ජනාධිපති අපේක්ෂකයින් අතර ප‍්‍රතිපත්තිමය බෙදීම් සිදුවන්නේ මෙම මහා අභියෝගයට සාපේක්ෂව නොවේ. බොහෝවිට මහජනයා අතර එම බෙදීම සිදුවන්නේ අපේක්ෂකයින්ගේ පුද්ගල පෞරුෂය සමඟ බැඳී ඇති සාධක සහ ඔවුන් නියෝජනය කරන දේශපාලන පක්ෂය පිළිබඳව වන විශ්වාසය හෝ බැඳීම හෝ කැමැත්ත මතය. ඒ මගින් එක් පැත්තකින් රට මුහුණ දෙන සැබෑ අභියෝගය නොසලකා හරිමින් හෝ සැඟවීමක් සිදුවේ. එම තත්වවය ඉහත සඳහන් කළ ජාත්‍යන්තර අභියෝග හමුවේ ඉතා බරපතල රැවටීමක් බව ඉතා කෙටි කලකින් තරගවදින පාර්ශවලට මෙන්ම පොදු මහජනතාවටද අවබෝධ වනු ඇත. 

එම නිසා පාර්ලිමේන්තු මැතිවරණයේදී තම ඡුන්දය භාවිතා කිරීමට පෙර ප‍්‍රතිවාදී අපේක්ෂකයින් අතර ප‍්‍රතිපත්තිමය බෙදීම කුමක්දැයි ගැඹුරින් විමසා බැලීමට ඡුන්දායකයන් පෙළඹවීම දේශපාලන බලවේගවල මූලික වගකීමක් බවට පත්වේ. ඊට හේතුව එම බෙදීම නොසළකා සිදුකරන වෙනස්කම් මගින් ශ‍්‍රී ලංකාවේ ඉතිහාසය අවසන් කිරීම දක්වා වන ගමන ආරම්භවීමේ විභවය පැවතීමය. ඒ නිසා එම ප‍්‍රතිපත්තිමය බෙදීම ඇති කිරීම සඳහා මගපෙන්වීම ඉතා වැදගත් වේ. එම බෙදීමට අදාළව මූලික ප‍්‍රවේශයක් ලෙස නිර්ණායක 10ක් හඳුනාගත හැක. 

ඒ අතරින් පළමුවැන්න බෙදුම්වාදී මාර්ග සිතියමේ අවසන් සැතපුම් කණුවට පෙර සැතපුම් කණුව වන 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම හෝ මීට පෙර ජනාධිපතිවරයන් 8 දෙනකුගේ ආදර්ශය අනුව එසේ නොකර සිටීමය.  13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් බළාත්මක කිරීම යනුවෙන් අදහස් වන්නේ එම සංශෝධනයේ මූලික අරමුණ වූ පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් බිහිවීම වැළැක්වීම සඳහා පනවා ඇති ව්‍යවස්ථාමය බාධක ඉවත් කිරිමය. ඒ සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය බවට සංවාදයක් ඇතත් තීරණාත්මක බාධා පරිපාලන වශයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලතල ඇත. ජනාධිපති බලතල මගින් පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් බිහිවීම වැළකී ඇති බවට අධිකරණය විසින් ලබා දී ඇති තීන්දුව වලංගු වන්නේ ජනාධිපතිවරයා බෙදුම්වාදී බලවේගවලට පක්ෂපාතීව ක‍්‍රියා නොකරන තත්ත්වයක් යටතේ පමණි. මීට පෙර ජනාධිපතිවරුන් 8 දෙනෙකුගේ පක්ෂපාතීත්වය කුමක් වුවත් මහජන විරෝධය නිසා ඔවුන්ට එම පාවාදීම සඳහා දේශපාලන ධෛර්යයක් තිබුණේ නැත. 

දෙවැනි බෙදීම පළමුවැන්නේම දිගුවකි. එය බෙදුම්වාදී න්‍යාය පත‍්‍රය සමඟ බැඳී ඇති අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසියකි. ඒ අනුව සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීමට අදාළ නීතිය සම්මත කිරීම මගින් ආරක්ෂක හමුදා දුර්වල කිරීම කිරීම සහ දුර්මුඛ කිරීම මෙන්ම රටතුළ සිටිමින් මැදිහත්වීමට ජාත්‍යන්තර පාර්ශව වලට ඉඩ සැලසීම පිළිබඳව ස්ථාවරය කුමක්ද යන බෙදීම රටේ ඉරණමට අදාල තීරණාත්මක සාධකයකි. 

තුන්වන බෙදීම ජාත්‍යන්තර භූ දේශපාලන න්‍යාය පත‍්‍රයට මුහුණ දෙන්නේ කෙසේද යන උපාය මාර්ගික ප‍්‍රතිපත්තිමය කරුණට අදාළ වේ. ඒ අනුව ඉන්දියාවේ විදේශ අමාත්‍යාංශය විසින් 2023 ජුලි 21 දින නිකුත් කළ නිවේදනය මගින් දැක්වෙන ආකාරයට හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් එක`ගවී ඇති පස්වැදැරුම් ආර්ථික ඒකාබද්ධකරණ උපාංග ක‍්‍රියාත්මක කිරීම සහ එම එකඟතාවටම අනුව එට්කා ගිවිසුමට අදාළ සාකච්ඡුා නැවත ආරම්භ කිරීමට නව ජනාධිපතිවරයාට බල කෙරෙනු ඇත. එම ක‍්‍රියාවලියේ අවසන් ප‍්‍රතිඵලය සිකීමයට අත්වූ ඉරණම ශ‍්‍රී ලංකාවට අත්වීම බව ඉතා පැහැදිළිය. ඒ අනුව එම ක‍්‍රියාවලියට පහසුකම් සළකනවාද නැත්ද යන්න සහ ඊට මුහුණදීම සඳහා යොදාගන්නා උපායමාර්ගය කුමක්දැයි පැහැදිලිව ප‍්‍රකාශ කිරීම ඉතා තීරණාත්මක බෙදීමක් බවට පත්වේ. 

හතරවන බෙදීම ද භූ දේශපාලන ප‍්‍රති උපායමාර්ගික ප‍්‍රවේශයට අදාළ වේ. එනම් ඉන්දියාවේ අරමුණ ඇමරිකාව විසින් වෙනත් ආකාරයට ඉටු කර ගැනීම සඳහා ගනු ලබන උත්සාහයට මුහුණ දෙන්නේ කෙසේද යන්නයි. ඒ අනුව දැනට ක‍්‍රියාත්මක වන ACSA ගිවිසුමට සමගාමීව SOFA ගිවිසුමට අදාල කොන්දේසි 15ක් සහිත ඇමුණුම බී නැමැති ලේඛනයට එකඟ වනවාද නැද්ද යන්න පිළිබඳ මතය ප‍්‍රකාශ කිරීම බරපතල බෙදීමේ රේඛාවක් බවට පත්වේ. ඇමරිකානු තානාපතිනියගේ මුහුණ බලමින් සහ ඇමරිකාවේ NED සංවිධානයේ අරමුදල් මත ක‍්‍රියාත්මක වන චරිතවල බලපෑමට යටත්ව ක‍්‍රියාත්මක වන දේශපාලන බලවේග එම බෙදීම නොසලකා කටයුතු කිරීමට උත්සාහ කරනු ඇත. ඒ නිසාම එම අභියෝගය දේශපාලන වේදිකාවේ මතු කිරීම ඉතා වැදගත්වේ. 

එම ‘‘ඇමණුම බී’’ ලේඛනයට එකඟතාවය පළකරන ලිපිය ශ‍්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශය විසින් නිකුත් කළ දිනට පසු දින සිට ඇමරිකානු හමුදාවට පූර්ව දැනුම් දීමකින් තොරව ශ‍්‍රී ලංකාවේ  ඕනෑම තොටුපළකින් රටට ඇතුල්වීමේ හැකියාව ලැබේ. එම හමුදා නිලධාරීන්ට සහ හමුදාවලට සේවා සපයන සමාගම් වල නිලධාරීන්ට නිල ඇඳුම් සහිතව හෝ එසේ නැතිව මෙන්ම ආයුධ සන්නද්ධව හෝ එසේ නැතිව රට තුළට ඇතුල්විය හැක ඔවුන්ට ගුවනින් මුහුදීන් හෝ ගොඩබිම හරහා රට තුළ  ඕනෑම තැනක සැරිසැරීමට සහ කඳවුරු බැඳීමට හැක ඊට අමතරව ඔවුන්ගේ ගමන්මලූ හෝ වාහන පරීක්ෂා කළ නොහැකි අතර ඔවුන් රටේ නීතිය උල්ලංඝනය කළහොත් ශ‍්‍රී ලංකාවේ නීතිය අනුව කටයුතු කළ නොහැකි අතර ඒ පිළිබඳව ඇමරිකානු තානාපතිට දැන්විය යුතුය.

NATO සංවිධානයේ රටවල් ඇතුළුව රටවල් 100ක් පමණ සෝපා ගිවිසුම් අත්සන් කර ඇති අතර රටවල් 80 ඇමරිකානු හමුදා කඳවුරු 750ක් පමණ පිහිටුවා ඇත. එහෙත් ඒ සෑම ගිවිසුමකටම අනුව ඇමරිකානු හමුදා නිශ්චිත කඳවුරකට සීමාකර ඇත. ඒ අනුව  ඕනෑම තැනක කදවුරු බැදීමට ඉඩ ලබාදෙන ඉඩම් කැබැල්ල හෙවත් ¥පත ¥පත ශ‍්‍රී ලංකා බවට පත්වේ. ඉහත සඳහන් කළ තුන්වන සහ හතරවන ප‍්‍රතිපත්තිමය බෙදීම් වලට අදාළ බලපෑම්වලට මුහුණ දිය හැකි එකම ආකාරය 1971 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කළ 2832 යෝජනාවට අදාළ ශ‍්‍රී ලංකාවේ රාජ්‍යයේ වගකීම නීතිගත කිරීමය. එසේම ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කිරීමේදී මහජන වගකීම සහතික කිරීම සහ අදාළ ක‍්‍රියාවලිය නියාමනය කිරීම සඳහා නීතිමය සහ ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන පැනවීම් මගින් පමණි. 

පස්වන බෙදීම 2015 - 2019 යහපාලන ආණ්ඩුව සහ 2022 - 2024 ඊනියා පශ්චාත් අරගල ආණ්ඩුව විසින් සිදු කළ බරපතළ ආර්ථික ඝාතක හැරවුම් නිවැරදි කිරීමය. එහිදී 2017 විදේශ විනමය පනත එසේම තිබියදී විදේශ විනිමය අර්බුදයට  දීර්ඝ කාලීනව මුහුණ දීමේ හැකියාවක් නැත. විනිමය ආදායම් විදේශවල රඳවා ගැනීම සහ කළු වෙළඳපළ ප‍්‍රචලිත කෙරෙන එම පනත අහෝසි කර ඊට පෙර පැවැති පනත් අවශ්‍ය නම් සංශෝධන සහිතව නැවත බලාත්මක කළ යුතුය. එසේම රටේ ආර්ථික සහ මූල්‍ය කළමනාකරණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුකම්පාවට යටත් කෙරෙන ඊනියා ස්වාධීනත්වය නාමයෙන් සම්මත කළ 2023 මහා බැංකු පනත ද එසේමය. එම වැරදි නිවැරදි නොකර අර්බුදය ජයගත හැක්කේ ඉන්දු ජාලිකයකුට පමණි. ගරු ජනාධිපතිතුමා තමා එවැන්නෙකු නොවන බව පවසා ඇති බැවින් තවත් බොහෝ වැරදි ඇතත් ඔහුට මෙම බරපතල වැරදි නිවැරදි නොකර ඉදිරියට යාමට නොහැකි බව කෙටි කලකින් වැටහෙනු ඇත. 

හයවන බෙදීමද ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා වන මූලික් පූර්ව කොනේදේසියකි. එනම් 1977 දී හඳුන්වා දුන් වෙළඳාම දිරිගැන්වීම නාමයෙන් ආනයන මත යැපෙන සහ දේශීය නිෂ්පාදන පද්ධතිය බිඳ වට්ටන අතර විදේශීය ණය මත යැපෙන පවතින පරාජීත ආර්ථික මොඩලය තීරණාත්මකව කණපිට හැරවීමකින් තොරව ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බව පිළිගැනීමය. ඇත්ත වශයෙන්ම හොරකම ¥ෂණය ප‍්‍රචලිත කෙරෙන්නේද එම මොඩලය තුළය. එම නිසා එම  මෝඩලයේ ගැඹුරු වෙනස්කම් සිදු නොකර හොරකම නැති කිරීම ගැන කතා කිරීම තරම් විහිළුවක්  තිබිය හැකිද?. එම මොඩලය වෙනස් කිරීමේ මූලික කොන්දේසිය වන්නේ ආනයන අධර්මත් කෙරෙන සහ දේශීය නිෂ්පාදන පද්ධතිය ශක්තිමත් කෙරෙන අතර කර්මාන්තකරුවාගේ සහ ගොවියාගේ කේවල් කිරීමේ බලය ආරක්ෂා වන ආකාරයට නීතිමය සහ ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන පැනවීමය.

හත්වන බෙදීම උපාය මාර්ගික වශයෙන් වැදගත් රාජ්‍ය ආයතන විකුණා දැමීම මගින් රටේ ආර්ථිකය සහ රාජ්‍යය පරාධීනත්වයට නතු කිරීම වැළැක්වීමය. එය සිදු කළ හැක්කේ සිංගප්පූරු ආදර්ශය අනුව රාජ්‍ය වානිජ ආයතන කළමනාකරණය කිරීම සඳහා ඒකාබද්ධ සමාගමක් පිහිටුවීම සහ ප‍්‍රාග්ධන අවශ්‍යතා ඉටු කිරීම සඳහා ස්වෛරී අරමුදලක් පිහිටුවීම මගිනි. එම ප‍්‍රතිපත්තිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යාය පත‍්‍රයට යටත් වෙනවාද නැද්ද යන බෙදීමට අදාල වේ. 

අට වන බෙදීම ලෙස සැලකිය හැක්කේ මේ වන විට අභියෝගයට ලක්වී ඇති ඓතිහාසික සුභසාධන රාජ්‍යයේ මූලධර්ම ආරක්ෂා කිරීමට අදාල ස්තීරසාර ප‍්‍රතිඥාවය. ඊට අදාළව ප‍්‍රධාන කරුණු තුනක් පිළිබඳව පැහැදිලි සහ නිශ්චිත ප‍්‍රතිඥාවක් ලබාදීම ඉතා වැදගත් වේ. ඒ අතරින් පළමුවෙන් නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවය ප‍්‍රමාණුකූලව බිඳ වට්ටමෙන් වෙළඳපළ පුළුල් කිරීමේ ක‍්‍රියාවලිය වැළැක්වීමය. දෙවැන්න සුභසාධන දීමනා සහ ආර්ථික ඉඩ ප‍්‍රස්තා වර්ධනය කිරීමේ ක‍්‍රියාවලිය විධිමත්ව ඒකාබද්ධ කිරීමය. තුන්වැන්න සමාජයේ පහළ ස්ථර වලට ආර්ථික ඉඩ ප‍්‍රස්ථා අත්පත් කර ගැනීම සඳහා සාධාරණ පොලියට ප‍්‍රාග්ධනය ලබා ගැනීමට පහසුකම් සැලසීමය. ඒ සඳහා දැනට පවතින ක්‍ෂුද්‍ර මූල්‍ය වෙළඳපොළ තුළ සුළු නිෂ්පාදකයා මූල්‍ය වහලෙකු බවට පත් කිරීමේ ක‍්‍රියාවලිය පාලනය කිරීම සඳහා දැඩි නීතිමය ප‍්‍රතිපාදන පැනවිය යුතු අතර එම වගකීම ඉටු කිරීම සඳහා රාජ්‍ය ආයතන සහ ස්වෙච්ඡුා සංවිධාන මගින් පහසුකම්  සැලසිය යුතුය. එම කරුණු පිළිබඳ ප‍්‍රබල ස්ථාවරයක් ප‍්‍රකාශයට පත් කිරීම ප‍්‍රබල දේශපාලන බෙදීමකි.

නවවන බෙදීම වන්නේ සමාජය දුෂ්ඨිමය වශයෙන් සහ සංස්කෘතික වශයෙන් බිඳවැටීමමෙන්ව සංඝ සමාජය සහ පවුල යන ඓතිහාසික සමාජ සංස්ථාවන් බිඳවැට්ටුවීම සහ ඊට සමගාමීව සමාජය ප‍්‍රචණ්ඩකරණය කිරීම මගින් සමස්ත සමාජය බිඳවැට්ටවීම පිළිබඳ ස්ථාවරය ප‍්‍රකාශයට පත්කිරීම සහ එම තත්ත්වය තීරණාත්මකව වෙනස් කිරීම සඳහා ගනු ලබන පියවර නිශ්චිතව ඉදිරිපත් කිරීමය. ඒ අනුව ඊට අදාළව පනවනු ලබන නීතිමය ප‍්‍රතිපාදන ඇතුළු සමස්ත උපාය මාර්ගික මැදිහත්වීම කුමක්දැයි රටට පැහැදිලි කිරීම හෝ එසේ නොකිරීම ප‍්‍රබල දේශපාලන බෙදීමක් බවට පත්වේ. 

දසවන බෙදීම වන්නේ දේශපාලන නායකයින් සහ ඉහළ රාජ්‍ය නිලධාරීන් මහජනයාට වගවීම සහතික කිරීම මෙන්ම ජන වර්ගය භාෂාව ආගම හෝ කුලය මත වෙනස්කම් සිදු නොවන බව සහතික කිරීම සහ මැතිවරණ කොට්ඨාශයක් තුළ ඡුන්ද දායකයාට වග කියන මන්ත‍්‍රීවරුන් පත් කිරීම සහ විධායකය විසින් අත්තනෝමතික ලෙස බලය අවභාවිතා කිරීම වැළැක්වීම ආදී මූලික දේශපාලන ප‍්‍රතිසංස්කරණ සඳහා හඳුන්වා දෙන නීතිමය සහ ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදන මෙන්ම ආයතනමය ප‍්‍රතිසංස්කරණ පිළිබඳ නිශ්චිත සහ පැහැදිලි ක‍්‍රියාමාර්ග ප‍්‍රකාශයට පත් කිරීම හෝ එසේ නොකිරීමය. 

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර 
මහ ලේකම්
දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය


සම්බන්ධිත පුවත් | Related News

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද පෙරමුණේ රුසියානු හමුදා අත්කර ගනිමින් සිටින වේගවත් ජයග්‍රහණ පිළිබඳ පැහැදිලි කරනු ලැබීය.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.