මිනිසා ශිෂ්ටාචාරගත වීම ආරම්භ වූ බවට හමුවන මුල්ම සාධකය
වසර ගාණනාවකට කලින්, මානව විද්‍යාඥවරියක වන Margaret Mead ගේ එක් ශිෂ්‍යයෙක් ඇගෙන් ප්‍රශ්නයක් අහනව. ඔහු අහනව මිනිසා සත්ත්ව භාවය ඉක්මවල ශිෂ්ටාචාරගත වෙන්න පටන්ගත්ත බවට හමුවෙන මුල්ම සාධකය මොකක්ද කියල. ශිෂ්‍යයා බලාපොරොත්තු වුණා ඇය මාලු අල්ලන්න භාවිතා කළ බිලී කොක්කක්, මැටියෙන් හැදූ වළඳක්, ඇඹරුම් ගලක් වගේ දෙයක් ගැන කතා කරාවි කියල.
නමුත් නැහැ. ඇය දුන්නෙ කිසි කෙනෙක් බලාපොරොත්තු නොවුණ විදිහෙ අපූරු උත්තරයක්. ඇය කිව්ව මිනිසා ශිෂ්ටසම්පන්න වෙන්න පටන් ගෙන ඇති බවට ලැබෙන මුල්ම සාක්ෂිය කැඩිල ගිහින් නැවතත් සුවපත් වුණු කකුලක අස්ථි කොටසක් කියල. සත්ත්ව ලෝකයේදි නම් කකුලක් කැඩෙනව කියන්නෙ ජීවිතේ අවසානය බව ඇය පැහැදිලි කලා. කකුලක් කැඩුණු සතෙකුට අනතුරකින් පැනල දුවන්න බැහැ. ආහාරවත් ජලය වත් සොයාගෙන යන්න පුලුවන් කමක් නැහැ. එතැනම ඉඳල විලෝපිකයෙකුට, ඒ කියන්නෙ වෙනත් සතුන්ගෙ මාංශයෙන් යැපෙන සතෙකුට ආහරයක් වීම හරි නැත්නම් ආහාර නැතුව මැරිලා ගිහින් පොළවට පස් වීම හරි ඇරෙන්න කකුලක් කැඩුණු සතෙකුට වෙන විකල්පයක් නැහැ.
කැඩුණු කකුලක් නැවත සුවපත් වෙනව කියන්නෙ කවුරුන් හරි කාලය වැය කරල, කකුල කැඩුණු පුද්ගලයව ආරක්ෂිත තැනකට ඔසවාගෙන ගිහින් තියනව. කැඩුණු තැන තදින් වෙලලා නැවත සුවපත් වෙනතුරු ළඟ ඉඳලා ඔහුව රැකබලාගෙන තියනව. ශිෂ්ටාචාරගතවීම පටන් ගන්නෙ මෙන්න මෙතන ඉඳල. අමාරුවෙ වැටුණු කෙනෙකුව එයින් ගලවාගන්න ඕන කියල හිතන තැන ඉඳල. ශිෂ්ටසම්පන්න වීම කියන්නෙ තවත් කෙනෙකුව විපතකින් මුදවාගන්න එකට. Margaret Mead මේ විදිහට තමන්ගෙ පිලිතුර සම්පූර්ණ කල බව සඳහන්.
- Translated from the page "Humanity and Peace"
(උපුටා ගැනීමකි)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්