කටඋත්තරය
(නිමිත්ත - සටනේදී වෙඩි වැදුණු මිතුරා බේරා ගැනීමට ජ්‍යෙෂ්ඨ අණ නොතකා ගිය ලුතිනන්වරයකු පසුව සිය අණදෙන නිලධාරියාට දුන් කටඋත්තරය)
එක ගමේ ඉස්කෝලෙ
එකට එක පන්තියේ
නොගියාට අපි හිටියෙ
එකට එක බැච් එකේ
තරුවකට හීන දුටු
විසි එකේ කල්ලියේ
ඇකඩමියෙ හිටියෙ අපි
ඉන්ටේක් තිස් දෙකේ...
පදවි මායිම යාය දහ අට
උගේ ගම බව කිව්වා
අක්කලා දෙන්නෙකුත් එක්කල
පවුලෙ බාලම කොල්ලා
මං වගේමයි ඌත් රට ගැන
ඌට වැඩියෙන් හිතුවා
තරුවකට අයිතිය කියන්නම
දුර ගෙවාගෙන ආවා...
ටී පනස් හයකට පැක් එකට උර දෙද්දි
දෙපා අපෙ වාරු නැති හුඟ දවස් ගෙව්වා
නරි කන්ද බහිනකල් අපේ බර බෙදාගෙන
සර් උගෙ එක කරක් මට වාරු දුන්නා...
බංකරේ යුද බිමේ වෙඩි නිවුණු දවස්ල
කියන්නට රස කතා ගොඩ ගහන් උන්නා...
මෝටාර් මල්ටි වෙඩි කලුවරේ පුපුරද්දි
අපේ අත් අත් නොහැරි පෙරමුණේ තිබ්බා...
සර් දන්නවද... ,
" ලෙෆ්ටිනන් සසංඛට වෙඩි වැදිලා කිව්වම
මෝටර් දුම මැදින් මම දුවන් ආවා
" උඹේ පන බේරගෙන නැවතිලා හිටපං "
සර් දුන් ඒ අණත් කඩාගෙන දිව්වා...
" කොහෙ ගියත් අපි එකට මරාගෙන මැරෙමු බං "
කතා වුණු ඌ මගේ ලගම උන් බැචියා
මම ගිහින් බලද්දිත් ලේ විලක් මැද වුණත්
සත්තමයි සර් ඌ පන පිටින් හිටියා...
" දැනන් හිටියා එන වගක් උඹ "
මගේ අත් දෙක අල්ල ගත්තා
කොයි මොහොතෙ හරි එනකල්ම මම
සර් ඌ මග බලල තිබුණා
"මේක අම්මට ගිහින් දීපං "
කරෙන් පංචායුධය ගලවා
මගේ අතමිට මොලවලා ඌ
අන්තිමේ මේ ටිකත් කිව්වා...
" අම්ම ඇඬුවොත් උඹ ඉතිරි වග
අනේ අම්මට මතක් කරපං
පුතා දුන්නේ රටක් වෙනුවෙන්
මගේ අම්මට ඒක කියපං
මගේ හයියත් පපුවෙ පුරවං
දිනන තුරු උඹ සටන් කරපං
ඉදිරිපෙළ මගෙ හිස් වෙච්ච තැන
බැචී උඹ පුරවන්න පලයං...
උඹල දින්නම හිනා වෙනකොට
බැචී මගෙ නම මතක් කරපං
මං නැතත් උඹ මටත් එක්කම
රසට කිරිබත් කටක් කාපං...
දිනන දවසක සිංහ කොඩියෙක්
උඹේ අතිනුන් ඉතින් දාපං...
කවද හරි යලි මුණ ගැහෙමු අපි
බැචී එහෙනං ගිහිං එන්නං... "
තුවක්කුවකට බංකරේකට
යෞවනේ මල් හීන පවරා
තල් කැලේ ගිනි ගහන පොළොවට
සින්න වී අපි ගිහින් තිබුණා
එහෙව් පොළොවෙම හීන එක්කම
අවසානවර හුස්ම ඇදලා
ගිනි දවාලේ මගෙ උකුල උඩ
සර් මගෙ යාලුවා මැරුණා...
( උගෙන් හිස් වුණු සටන් පෙරමුණ
අඩුව මම සර් හදනවා
උගෙ නමට දිනනකල් දවසක
මරාගෙන හරි මැරෙනවා... )
- සින්ධු
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්