News Category
From Date
To Date
Maximum Number of Result

88 - 89 මතකද?

Sep 12, 2024 at 08:21 AM
|

👉 අද 88-89 මතකදැයි අසන්නෝ බොහෝය. ඒ ගැන මතකය අවදි කරගැනීමට කැමති අය පක්ෂ පාට පසෙක තබා මෙහි එන සැබෑ ඉතිහාස සිදුවීම් ගැන අවබෝධයෙන් සිටීම ඉතා වැදගත්ය.

👉 88-89 යනු එක් තනි සිදුවීමක් නොව වසර කීපයක් තිස්සේ පෙළ ගැසුණු සිදුවීම් මාලාවක නිර්මාණයකි. එහි වැදගත් අවස්ථා මෙහි ඉතා කෙටියෙන් සාරාංශ කර තිබේ.  

👉 1977 ජුලි 22 පැවති මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජය ගැනීමත් සමග විරුද්ධවාදීන්ට එරෙහිව මහා පරිමාණයෙන් ප්‍රචණ්ඩත්වය මුදා හැරිණි. මෙහිදී  මිනිස් ඝාතන 6ක්, නිවාස ගිනි තැබීම් 37ක්, පහරදීම් හා මංකොල්ලකෑම් 1400ක්, දේශපාලන පලිගැනීම් ලෙස සේවයෙන් පහකිරීම් 18462ක්, ස්ථාන මාරු කිරීම් 7288ක් වාර්තා විය.   

👉 1977 අගෝස්තු 17 වැනිදා ඇතිවූ ජාතිවාදී කෝලාහලවලින් විශාල පිරිසක් පීඩාවට පත් වූ අතර, එහිදී ඝාතන 100ක්, ස්ත්‍රී දූෂණ 284ක්, නිවාස ගිනි තැබීම් 8088ක්, දේපල මංකොල්ලකෑම් 20776ක්, පහරදීම් 40000ක් වාර්තා විය. 

👉 1978 පෙබරවාරි 4 වැනිදා ජේ. ආර්. ජයවර්ධන ප්‍රථම විධායක ජනපති ලෙස දිවුරුම් දුන් අතර නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සිදුවිය. 

👉 1978. 11. 20 ගෙන ආ පළමු ව්‍යවස්ථා සංශෝධනය මගින් සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කොට තම ප්‍රධාන දේශපාලන ප්‍රතිවාදියා අක්‍රිය කෙරිණි.

👉 සරසවි සිසුන් මර්දනය සඳහා 1978 වසරේදී නව විශ්වවිද්‍යාල පනත සම්මත කර ගැනීම සිදුවිය. මේ කාලයේදී ශිෂ්‍ය මර්දන ක්‍රියා, පාතාල මැර පිරිස් යොදවා කළ පහරදීම්ද සුලබව වාර්තා වූ අතර රනිල් වික්‍රමසිංහ ඊට සක්‍රියව දායක වී ඇත.

👉 1978 මාර්තු 16 වැනිදා කැලණි සරසවියේ සිසුන්ට පහරදීමට පැමිණි ක්‍රිස්ටෝපර් ජයතිලක නමැති මැරයා ගැටුමකින් මරණයට පත්වූ අතර ජනාධිපතිවරයා ඔහුගේ අවමගුලට පවා සහභාගී විය.

👉 ස්ත්‍රී දූෂණයක් නිසා සිරගතව සිටි ගෝනවල සුනිල්ට ජනාධිපති සමාවක් ලබා දී සාම විනිසුරු පදවියක් පිරිනැමීමද මෙකල සිදුවූ අතර, ගෝනවල සුනිල් රනිල් වික්‍රමසිංහගේද සමීප මිතුරෙක් බව බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ සඳහන්ව තිබේ. 

👉 පඩි වැඩිවීමක් ඉල්ලා 1980 ජුනි 5 වෙනිදා සිදුකල පිකටින් ව්‍යාපාරයට මැර ප්‍රහාර එල්ල කෙරුණු අතර, එහිදී ඩී. සෝමපාල මහතා ඝාතනයට ලක් විය.

👉 1980 ජූලි 17 වැනිදා රුපියල් 300ක පඩි වැඩි වීමක් ඉල්ලා පැවති ජූලි වර්ජනයෙන් 40356 කට හිටි හැටියේ රැකියා අහිමි කිරීම සිදුවූ අතර, මෙහිදී පහරදීම්, සිරගත කිරීම් නිසා සිත් තැවුලට පත් වර්ජකයෝ 39 දෙනෙක් සිය දිවි හානි කොට ගත්හ.

👉 1981 ජනවාරි 21 වැනිදා අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහිව පැවති උද්ඝෝෂණයට බරපතළ ප්‍රහාරයක් එල්ල වූ අතර,  මෙහිදී අශ්වයන් ලවා පෑගීමෙන් සිසුහු කීප දෙනෙක් සදාකාලික අබ්බගාත තත්ත්වයට පත්වූහ.

👉 1981 දිස්ත්‍රික් සංවර්ධන සභා ඡන්දයේදී ඇතිවූ ගැටුම් අතරතුර ආණ්ඩුවේ මැර පිරිස් දකුණු ආසියාවේ විශාලතම පුස්තකාලය වූ යාපනය පුස්තකාලයට ගිනිතැබූහ. වටිනා පොත් 90000ක් එහිදී විනාශයට පත්විය. 

👉 ඡන්ද පෙට්ටි අතුරුදන්වීම්, හොර ඡන්ද දැමීම්, බිය ගැන්වීම් රැසක් යටතේ 1981 සංවර්ධන සභා ඡන්දය පැවැත්වුණ අතර, මෙය මහා පරිමාණයෙන් අයථා ක්‍රියා සිදුවූ ලංකාවේ පළමු මැතිවරණය ලෙස ඉතිහාසයට එක් වෙයි.

👉 විරුද්ධ පක්ෂ නායිකාවගේ ප්‍රජා අයිතිය අහෝසි කොට, නියමිත කාලයට පෙර 1982 ඔක්තෝබර් 21 වැනිදා ලංකාවේ පළමු ජනාධිපතිවරණය පැවැත්වීමට ජේ. ආර්. ජයවර්ධන කටයුතු යෙදීය. මෙහිදී විරුද්ධ අපේක්ෂකයා වූ කොබ්බෑකඩුවගේ ජන්දය පවා වංචනික ලෙස භාවිතා කර තිබිණි.

👉 1982 ජූලි 22 වැනිදා බෞද්ධ සම්මේලන ශ්‍රවණාගාරයේ පැවති දේශනයකදී මහාචාර්ය සරත්චන්ද්‍ර ඇතුළු පිරිසකට මැර ප්‍රහාරයක් එල්ල විය.

👉 ලසසපයේ මන්ත්‍රීවරියක වූ විවියන් ගුණවර්ධනට කොල්ලුපිටිය පොලීසියේදී බිම දමා පහර දීමේ සිදුවීමක්ද මෙකල වාර්තා වූ අතර, උසාවියෙන් වරදකරු වූ පොලිස් පරීක්ෂකවරයාට ආණ්ඩුව උසස්වීමක් පිරිනැමීය.

👉 හතරවැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පාර්ලිමේන්තු නිල කාලය මැතිවරණයකින් තොරව දීර්ඝ කර ගැනීමට ජේ. ආර්. ජයවර්ධන කටයුතු කළේය. 

👉 නක්සලයිට් කුමන්ත්‍රණ කතාවක් නිර්මාණය කොට ඒ යටතේ විජය කුමාරතුංග, හෙක්ටර් කොබ්බෑකඩුව, රත්නසිරි වික්‍රමනායක ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනුනු අතර, මැතිවරණ කල් දැමීමට හේතුව ලෙස එජාපය භාවිතා කළේද මේ නක්සලයිට් කතාවය. 

👉 මහ මැතිවරණයක් අවශ්‍යද නැද්ද යන්න විමසීමට 1982 දෙසැම්බර් 22 වැනිදා ජනමත විචාරණයක් පවත්වා ඡන්ද කල් දැමීම සිදුවිය. 

👉 රට පුරා හදිසි නීතිය පැනවීම, ශ්‍රිලනිප සංවිධායකවරුන් ඇතුළු විසිදෙනෙක් අත්අඩංගුවට ගැනීම, ඇත්ත පුවත්පතට සහ යාපනයේ පළවූ සුදන්ධිරන් පුවත්පතට සීල් තැබීම, ශ්‍රිලනිප පක්ෂ මූලස්ථානයට සීල් තැබීම, මැර බලය යෙදවීම, ඡන්ද මංකොල්ලකෑම්, බිය ගැන්වීම් ආදී ක්‍රියා මෙහිදී විශාල ලෙස වාර්තා විය. ඡන්ද කොමසාරිස්වරයා පසු කලෙක නිකුත් කළ වාර්තාවක ඒ කරුණු දැක්වේ.

👉 1983 ජූලි 24 වැනිදා එජාපයේ අනුග්‍රහයෙන් දෙමළ ජනයාට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා රාශියක් දියත් විය. කළු ජූලිය ලෙස හැඳින්වෙන මේ ඛේදජනක අවස්ථාවේ නිවාස ගිනි තැබීම්, කොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ, පහරදීම්, මිනීමැරුම් රාශියක් වාර්තා විය.

👉 කළු ජූලියේ වගකීම වමේ පක්ෂ මත පැටවූ එජාප රජය ජවිපෙ, කොමියුනිට්ස් පක්ෂය, නව සමසමාජ පක්ෂය සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය තහනම් කළේය. (1983 ජූලි 30)  

👉 පක්ෂ තහනම ඉවත් කරගැනීමට ජවිපෙ දැරූ උත්සාහය දිගින් දිගටම ව්‍යර්ථ වූ අතර, තහනමට ලක් කොට දියත් කරන ලද මර්දනය ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පිවිස සිටි දේශපාලන ව්‍යාපාරයක් නැවත සන්නද්ද දේශපාලනයට ඇද දමනු ලැබීය. 

👉 1983 දෙසැම්බර් 27 වැනිදා පේරාදෙණිය සරසවිය තුළ පොලීසියක් ඉදිකළ අතර, ඊට එරෙහිව පැවති උද්ඝෝෂණවලදී  පද්මසිරි අබේසේකර (ජුනි 19) සහ රෝහණ රත්නායක (ජුනි 21) යන සිසුහු දෙදෙනා ඝාතනයට ලක්වූහ.

👉 1987 දී ඉන්දු ලංකා ගිවිසුමට අත්සන් තබමින් ලංකාව පෙඩරල් රාජ්‍යයක් කිරීමට පසුබිම සැකසිණි. මේ දේශද්‍රෝහී ගිවිසුම අත්සන් තැබීමට පෙර සරසවි සිසුන් 88ක් ඇතුළු ඊට විරෝධය පළ කළ පිරිස් විශාල වශයෙන් අත්අඩංගුවට ගනු ලැබිණි.

👉 1987 ජූලි 28 වැනිදා ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව කොටුවේ පැවති උද්ඝෝෂණයට වෙඩි තැබීමෙන් 121 දෙනෙක් මහ පාරේ මරාදැමීම සිදුවිය. අනතුරුව රට පුරා ඇතිවූ කලබලවලින් 132ක් ඝාතනයට ලක්ව 712ක් අත්අඩංගුවට පත්විය. 

👉 රනිල් වික්‍රමසිංහගේ මැදිහත්වීමෙන් මේ භීෂණ සමයේදී බටලන්දේ වධකාගාරයක් පවත්වාගෙන ගිය අතර, ඒ තුළ පුද්ගලයන් 100කට අධික ප්‍රමාණයක් ඝාතනයට ලක්ව ඇත.

👉 1988 පළාත් සභා මැතිවරණය, 1988 ජනාධිපතිවරණය, 1989 පාර්ලිමේන්තු මැතිවරණය යන මැතිවරණ තුනම පවත්වන ලද්දේ භීෂණ සමයේ දැඩි ප්‍රජාතන්ත්‍ර විරෝධී පසුබිමක් යටතේය. ගිනි අවි රැගත් මැරයන් ඡන්ද පත්‍රිකා සියල්ල රැගෙන පෙට්ටි පිරවීමේ සිදුවීම් ගණනාවක් වාර්තා විය.

👉 1977 සිට පෙළ ගැසුණු මේ සිදුවීම් දකුණේ දැවැන්ත සන්නද්ධ අරගලයකට පවා පසුබිම සකසමින් රට මහා ඛේදවාචකයට ගොදුරු කළේ එසේය.

👉 88 - 89 මතකදැයි අසන්නෝ මේ අතීත කාරණා ගැන දැනුවත් වීම ඉතා වැදගත්ය.  

- ඉසුරු ප්‍රසංග

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.