මාලිමාව දිනුවොත් බුද්ධාගමට මොකක් වෙයිද?
මේ අංක 1 රූපයේ තියෙන්නේ මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් උපුටා ගත් කොටසක්..
එහිදී ඔවුන් කියනවා "2015-2019 කාලය තුල නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට අනුගමනය කල ක්‍රියාදාමය කඩිනමින් අවසන් කොට..." යනුවෙන්..ඒ වැකිය සම්පූර්ණයෙන් කියවා බලන්න..
2015-2019 රනිල් අගමැති ධූරය දරපු කාලය තුල සම්පාදනය කල නව ව්‍යවස්ථාව කුමක්ද? ඔව් ඒ තමයි ජයම්පතී වික්‍රමරත්නයි ලාල් විජේනායකයි,සුමන්තිරනුයි හදපු ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාව..ලාල් විජේනායක නම් නම් දැන් මාලිමාවේ ප්‍රබල උපදේශකයක් විදියට කටයුතු කරනවා..මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශය තුල කියන්නේ අන්න ඒ ව්‍යවස්ථාව සම්පාදනය කිරීම කඩිනමින් අවසන් කරනවා කියලා..
අපි දැන් දෙවෙනි රූපය දිහා බලමු..
ඒ තමයි අර කිව්ව ජයම්පතීලා,
විජේනායකලා,සුමන්තිරන්ලා හදපු නව ව්‍යවස්ථාවෙ "ආගම" ගැන සඳහන් වෙලා තියන කොටස..
ඒකෙ මොනවද තියෙන්නෙ..
"වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවෙනි පරිච්ඡේදයේ ශීර්ෂය "බුද්ධාගම" නොව ආගම් යනුවෙන් වෙනස් විය යුතු අතර..." යනුවෙන්..
ඒකෙ පහලින් පැහැදිලිවම ලියලා තියනවා ලංකාව අනාගමික රාජ්‍යයක් විය යුතු බව..එයත් සම්පූර්ණයෙන්ම කියවා බලන්න..
දැන් මොකක්ද මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවෙනි පරිච්ඡේදයයේ ශීර්ෂය..
"ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය..එහෙයින් 10 වෙනි ව්‍යවස්ථාවෙන්
සහ 14 වෙනි ව්‍යවස්ථාවේ (1) වෙනි අනු ව්‍යවස්ථාවේ (ඉ) ඡේදයෙන් සියලුම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කරදෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම වන්නේය.."
දැන් මේ මාලිමා ආණ්ඩුවකින් කඩිනමින් සම්පාදනය කර අවසන් කරනවා කියන 2015-2019 ජයම්පතීලා සකස්කල ව්‍යවස්ථාවෙන් ඉවත් කරන්නේ ඔය ඉහලින් දෙවෙනි ශීර්ෂය..
ඊළඟට මේ පෝස්ටුවේ අමුනලා තියන
සුනිල් හඳුන්නෙත්තිගේ වීඩියෝව බලන්න..
ඒ හොඳටම ඇති...😊
මේ ගේන්න හදන එදා ජයම්පතීලා,සුමන්තිරන්ලා හදපු ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාවෙන් රටේ ඒකීයභාවය කුල්ල කුජීත කරන විදිය අපි මීට කලින් බොහෝ කතාකරල තියනවා..ඒවා ගැන දැන් කතා කරල වැඩක් නෑ..
මේ ඔරුමිත්තනාඩු ව්‍යවස්ථා ක්‍රියාදාමය මෙහෙයවූයේ රනිල් වික්‍රමසිංහ විසින් .බබයියො රනිල්ව කිරෙන් නෑවුවට රනිල් රනිල්ම තමයි..ඒක අමතක කරන්නත් එපා..
කොහොම නමුත් කාටහරි මේ අය මේ කරන්න හදන දේ හොඳයි කියලා හිතනවනම් මාලිමාව ඉහළින්ම දිනෙව්වාට කමක් නෑ..
(මාලින්ද ඩයස්ගේ මුහුණු පොතෙන් උපුටාගන්නා ලදී)


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..
පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..
ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ
කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..
ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..
"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!
ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..
සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..
ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..
ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!
හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)
ශ්රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්
ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..