කඳුකර කොටියාගේ විලාපය
ජීවිතය ඉල්ලලා කෑගහන කඳුකර කොටියගේ දෝංකාරය තාමත් හිතේ රැව් දෙනවා.
ජනාධිපතිවරණය හින්දා රටේ ජාතික සම්පතක් වන සතාගේ මරණය රටට සන්නිවේදනය වුණේ නෑ කියලයි මගේ අදහස.
කඳුකර කොටියගෙ මරණයට වගකිවයුතු විශාල පිරිසක් ඉන්නවා.
පලවෙනි කණ්ඩායම තමයි කඳුකරයට එන අමුත්තන්ගේ දිව පිනවන්න මුදල් ගැනීමේ උවමනාවෙන් ත්‍රිවිල් වල ක්ලච් කේබල් දාලා වල් ඌරන් අල්ලන්න උගුල් අටවන ප්‍රදේශයේ පදිංචි ජනයා.
දෙවෙනි කණ්ඩායම තමයි නගරෙ ඉඳලා ගමට ගිහිල්ලා බයිට් එකට වල් ඌරු මස් නැද්ද ගෝනා නැද්ද කියන අහන පෙරහරේ අලියා ගැන සත්ව හින්සනය වෙනුවෙන් කතා කරන තක්කඩි රැල.
තුන්වෙනි කණ්ඩායම තමයි මෙය අපරාධයක් හැටියට සලකලා මේ ගැන හොයලා අදාල අයට වැරදි කරවන් නීතිය හමුවට ගේන්න කටයුතු නොකරන ආ ඒ සතෙක්නේ කියලා සිතන ඇල්මැරුණු නීති බලධාරීන්.
හතරවෙනි කණ්ඩායම තමයි මේ වගේ සිදුවීමක් වෙලා තියෙනව කියල කියද්දි ඒ සතා නිර්වින්දනය කරලා බේරගන්න දිගු වෙලාවක් ගන්න වන ජීවී එකේ ඉන්න කණ්ඩායම.
ඊළඟ කණ්ඩායම තමයි මේ වගේ සතෙක් අහුවෙලා ඉන්නවා කියලා ෆොටෝ ගහන වීඩියෝ කරන ඒ සතා කලබල කරන කලබලය නිසා මන්දට අහුවෙලා බෙල්ල හිරවෙලා ජීවිතේ නැතිවෙන සතා ගැන අනුකම්පාවෙන් තොරව හැම රෙද්දම වීඩියෝ කරලා රීච් ගන්න දඟලන තක්කඩි පිරිස.
එහෙම නොවුනානම් මේ සතා ළඟට නොගිහිල්ල කලබල නොකර හිටියනං මේ සතාගේ ජීවිතය බේරගන්න තිබ්බ වනජීවී වෛද්‍යවරු එනකන්.
ගමම ගිහිල්ලා එතනට වෙලා රැස්වෙලා ඌ මැරෙනකම් වීඩියෝ කර කර කෑගහ හිටියහම ඒ සතෙක් අයිමත් අපිට ජීවිතේට හම්බවෙන්න නැහැ අනිවාර්යයෙන්ම මැරෙනවා.
ඉතින් ඒක වළක්වන්න පොලිසියේ හමුදාවේ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් කටයුතු කරන්න ඕනි.
හැන්දෑවට බයිට් එකට තර්ජනය කරලා දඩ මස් ගෙන්න ගන්න ඇතැම් අයවලනුත් මේවට වග කියන්න ඕන.
මම කුඩා කාලේ මගේ සීයලා ආච්චිලා මට කියලා තියෙනවා ගාල්ලේ පෝද්දල කොඩි ගල කියන කන්දේ කොටින් ජීවත්ව හිටියා කියලා.
අද ඒ ප්‍රදේශවල ඒ සත්තු නෑ.
අනාගතයේදී රටේම තත්ත්වය ඕක තමයි.
බේකර් කියන සුද්දා මහ එළි තැන්හි ජීවත් වෙච්ච කුරු අලි දහස් ගණනක් මරලා දැම්මා.
දැන් අපි කුරු අලි හොයනවා කියන්නේ කලුනික හොයනවා වගේ වැඩක්.
ඒ වගේ තමයි මධ්‍යම කඳුකරේ දේශපාලන චන්දවලට කෑදරකමින් ප්‍රධාන පක්ෂ වල නායකයෝ කියනවා උඩරට වතුකරයේ තේ වතු අයිතිකරුවන් හදනවා කියලා.
ඒ කියන්නෙ ඉඩම් බෙදා දීලා නැවතත් ජනාවාස කරනවා කියන එක.
එතකොට දැන් වතු අධිකාරවරු යටතේ යන්තම් හෝ පාලනයකට යටත් වෙලා තියෙන මේ වතු ටිකත් කුඩා කෑලි වලට කැඩෙනවා.
එතකොට ඉතුරු වෙලා ඉන්න සත්තුන්ගේ ජීවිතත් අවදානමකට ලක් වෙනවා.
මොලේ තියෙන අය ඔය පරිසර සංවිධාන වල නායකයෝ තමන්ගේ නායකයන්ට කියන්න ඕනේ පරිසරය රැකෙන්න නම් සත්තුත් ජීවත් වෙන්න ඕන කියලා.
පක්ෂය විතරක් රජවෙලා හරියන්නෙ නෑ රටක් තියෙන්න ඕන පරිසරයක් තියෙන්න ඕන ඒක ජීවත් වන සතා සිවුපාවන් පවා ආරක්ෂා වෙන්න ඕන කියන එක.
ලෝකයක් ගැන හිතන්න කාරුණික වෙන්න ඕන මිනිස්සු තිරිසන් සත්තු වගේ උනහම ලෝකයේ පැවැත්මට තර්ජනයක්.
පොඩ්ඩක් හිතන්න ඔබ ඒ කොටිය වෙලා හිටියනම් ඒ අසරණකම තමන්ගේ හතුරු හමුදාව වට කරගෙන ඉන්නකොට ඒකෙන් බේරිලා යන්නත් දඟලද්දි බෙල්ල හිරවෙනකොට දැනෙන වේදනාව.
ඒ විතරක්ද මේ වගේ වඳ වෙලා යන අපේ රටේ ජාතික සම්පතක් නැති උනාම අනාගතයේ අපේ දරුවන්ට අපි පෙන්නන්නෙ මොකක්ද.
මහරජ ඔබ මේ රටේ භාරකාරකයා ආරක්ෂකයා මිස අයිතිකාරයා නොවේ.
ඔබට සුභ ගමන් නිවන් සුව කොටි රජුනි!!!
- මහජන යුතුකම් කේන්ද්‍රය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්