කඳුකර කොටියාගේ විලාපය
ජීවිතය ඉල්ලලා කෑගහන කඳුකර කොටියගේ දෝංකාරය තාමත් හිතේ රැව් දෙනවා.
ජනාධිපතිවරණය හින්දා රටේ ජාතික සම්පතක් වන සතාගේ මරණය රටට සන්නිවේදනය වුණේ නෑ කියලයි මගේ අදහස.
කඳුකර කොටියගෙ මරණයට වගකිවයුතු විශාල පිරිසක් ඉන්නවා.
පලවෙනි කණ්ඩායම තමයි කඳුකරයට එන අමුත්තන්ගේ දිව පිනවන්න මුදල් ගැනීමේ උවමනාවෙන් ත්‍රිවිල් වල ක්ලච් කේබල් දාලා වල් ඌරන් අල්ලන්න උගුල් අටවන ප්‍රදේශයේ පදිංචි ජනයා.
දෙවෙනි කණ්ඩායම තමයි නගරෙ ඉඳලා ගමට ගිහිල්ලා බයිට් එකට වල් ඌරු මස් නැද්ද ගෝනා නැද්ද කියන අහන පෙරහරේ අලියා ගැන සත්ව හින්සනය වෙනුවෙන් කතා කරන තක්කඩි රැල.
තුන්වෙනි කණ්ඩායම තමයි මෙය අපරාධයක් හැටියට සලකලා මේ ගැන හොයලා අදාල අයට වැරදි කරවන් නීතිය හමුවට ගේන්න කටයුතු නොකරන ආ ඒ සතෙක්නේ කියලා සිතන ඇල්මැරුණු නීති බලධාරීන්.
හතරවෙනි කණ්ඩායම තමයි මේ වගේ සිදුවීමක් වෙලා තියෙනව කියල කියද්දි ඒ සතා නිර්වින්දනය කරලා බේරගන්න දිගු වෙලාවක් ගන්න වන ජීවී එකේ ඉන්න කණ්ඩායම.
ඊළඟ කණ්ඩායම තමයි මේ වගේ සතෙක් අහුවෙලා ඉන්නවා කියලා ෆොටෝ ගහන වීඩියෝ කරන ඒ සතා කලබල කරන කලබලය නිසා මන්දට අහුවෙලා බෙල්ල හිරවෙලා ජීවිතේ නැතිවෙන සතා ගැන අනුකම්පාවෙන් තොරව හැම රෙද්දම වීඩියෝ කරලා රීච් ගන්න දඟලන තක්කඩි පිරිස.
එහෙම නොවුනානම් මේ සතා ළඟට නොගිහිල්ල කලබල නොකර හිටියනං මේ සතාගේ ජීවිතය බේරගන්න තිබ්බ වනජීවී වෛද්‍යවරු එනකන්.
ගමම ගිහිල්ලා එතනට වෙලා රැස්වෙලා ඌ මැරෙනකම් වීඩියෝ කර කර කෑගහ හිටියහම ඒ සතෙක් අයිමත් අපිට ජීවිතේට හම්බවෙන්න නැහැ අනිවාර්යයෙන්ම මැරෙනවා.
ඉතින් ඒක වළක්වන්න පොලිසියේ හමුදාවේ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් කටයුතු කරන්න ඕනි.
හැන්දෑවට බයිට් එකට තර්ජනය කරලා දඩ මස් ගෙන්න ගන්න ඇතැම් අයවලනුත් මේවට වග කියන්න ඕන.
මම කුඩා කාලේ මගේ සීයලා ආච්චිලා මට කියලා තියෙනවා ගාල්ලේ පෝද්දල කොඩි ගල කියන කන්දේ කොටින් ජීවත්ව හිටියා කියලා.
අද ඒ ප්‍රදේශවල ඒ සත්තු නෑ.
අනාගතයේදී රටේම තත්ත්වය ඕක තමයි.
බේකර් කියන සුද්දා මහ එළි තැන්හි ජීවත් වෙච්ච කුරු අලි දහස් ගණනක් මරලා දැම්මා.
දැන් අපි කුරු අලි හොයනවා කියන්නේ කලුනික හොයනවා වගේ වැඩක්.
ඒ වගේ තමයි මධ්‍යම කඳුකරේ දේශපාලන චන්දවලට කෑදරකමින් ප්‍රධාන පක්ෂ වල නායකයෝ කියනවා උඩරට වතුකරයේ තේ වතු අයිතිකරුවන් හදනවා කියලා.
ඒ කියන්නෙ ඉඩම් බෙදා දීලා නැවතත් ජනාවාස කරනවා කියන එක.
එතකොට දැන් වතු අධිකාරවරු යටතේ යන්තම් හෝ පාලනයකට යටත් වෙලා තියෙන මේ වතු ටිකත් කුඩා කෑලි වලට කැඩෙනවා.
එතකොට ඉතුරු වෙලා ඉන්න සත්තුන්ගේ ජීවිතත් අවදානමකට ලක් වෙනවා.
මොලේ තියෙන අය ඔය පරිසර සංවිධාන වල නායකයෝ තමන්ගේ නායකයන්ට කියන්න ඕනේ පරිසරය රැකෙන්න නම් සත්තුත් ජීවත් වෙන්න ඕන කියලා.
පක්ෂය විතරක් රජවෙලා හරියන්නෙ නෑ රටක් තියෙන්න ඕන පරිසරයක් තියෙන්න ඕන ඒක ජීවත් වන සතා සිවුපාවන් පවා ආරක්ෂා වෙන්න ඕන කියන එක.
ලෝකයක් ගැන හිතන්න කාරුණික වෙන්න ඕන මිනිස්සු තිරිසන් සත්තු වගේ උනහම ලෝකයේ පැවැත්මට තර්ජනයක්.
පොඩ්ඩක් හිතන්න ඔබ ඒ කොටිය වෙලා හිටියනම් ඒ අසරණකම තමන්ගේ හතුරු හමුදාව වට කරගෙන ඉන්නකොට ඒකෙන් බේරිලා යන්නත් දඟලද්දි බෙල්ල හිරවෙනකොට දැනෙන වේදනාව.
ඒ විතරක්ද මේ වගේ වඳ වෙලා යන අපේ රටේ ජාතික සම්පතක් නැති උනාම අනාගතයේ අපේ දරුවන්ට අපි පෙන්නන්නෙ මොකක්ද.
මහරජ ඔබ මේ රටේ භාරකාරකයා ආරක්ෂකයා මිස අයිතිකාරයා නොවේ.
ඔබට සුභ ගමන් නිවන් සුව කොටි රජුනි!!!
- මහජන යුතුකම් කේන්ද්‍රය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්රකාශයක්..