News Category
From Date
To Date
Maximum Number of Result

නව ව්‍යවස්ථාවකට විරුද්ධ වන්නේ රනිල් හෝ සජිත් ආවොත් සිදුවන දේ සැඟවීමටයි - ජාතික සංවිධාන කියයි

Aug 9, 2024 at 09:30 AM
|

පවතින ව්‍යවස්ථාවේ අපලය කුමක්දැයි ලංකා ලීඩර් සමග සාකච්ඡාවකට සහභාගි වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ නව ව්‍යවස්ථාවකට විරුද්ධව කතාකරන පිරිස් පවතින ව්‍යවස්ථාව සමග 13 ආරක්ෂා කිරීමට කැපවන කණ්ඩායමක් බවයි.

ඒ මගින් ඔවුන් රනිල් හෝ සජිත් යන අපේක්ෂකයන්ගෙන් කවුරු බලයට පත්වුවත් විධායක බලය අයුතු ලෙස යොදාගනිමින් 13 බලාත්මක කිරීමේ අනතුර සැඟවීමට ක්‍රියාකරන බවද ඔහු චෝදනා කරයි.

විධායක ජනාධිපති ක්‍රමය සහ 13 ආරක්ෂා කිරීම මගින් එම පිරිස් එම බලතල නිසා රටට සිදුවන විපත පිළිබඳ සංවාදය ජනගත කිරීම වළක්වන බව ද ඔහු සඳහන් කරයි.

සංවාදය පහළින්...

ව්‍යවස්ථාවේ අපලය කුමක්ද?

1. ශ්‍රී ලංකාව මුහුණ දෙන අර්බුද රාශියකට වගකිවයුතු මූල හේතුව 1978 ව්‍යවස්ථාව බවට ප්‍රබල මතයක් ඔබලා ඉදිරිපත් කරනවා නේද? මොනවද ඔය කියන ව්‍යවස්ථාවේ අඩංගු භයානක ප්‍රතිපාදන.

1978 ව්‍යවස්ථාව සමස්තයක් ලෙස ගත්විට විවෘත ආර්ථික ප්‍රතිපත්තිය බලහත්කාරයෙන් සමාජය මත පැටවීම සඳහා අත්තනෝමතික ඒකාධිපති බලයක් ජනාධිපතිවරයාගේ අතට ගැනීම මුල් කරගෙන සකස් කළ එකක්. ඒ මගින් නිර්මාණය කළ ආර්ථික මොඩලය තමයි අද අර්බුදයට ලක්වෙලා තිබෙන්නේ. ඒ දූෂිත මොඩලය, ඒ කියන්නේ වර්තමාන ව්‍යවස්ථාව එසේම තිබියදී දූෂණ වංචා වැළැක්වීම ගැන හෝ හොරු ඇල්ලීම ගැන කතා කිරීම විහිළුවක් වන්නේ ඒ නිසයි. නමුත් රටේ ජාතික ආරක්ෂාව සහ භෞමික අඛණ්ඩතාවය මෙන්ම ජාතික සමගිය පැත්තෙන් ගත්විට භයානකම ප්‍රතිපාදන ව්‍යවස්ථාවට ඇතුළු කරන්නේ 13වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින්. ඊට පසුව 16 වැනි සංශෝධනය මගින් ඒ ප්‍රතිපාදන තවදුරටත් ශක්තිමත් කරනු ලැබුවා.

2. එහෙමනම් විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ විරෝධය කුමක්ද?

ඊට අදාළ විරෝධය පළමුවෙන්ම ආරම්භ වන්නේ 1978 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන්. නමුත් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ “ධර්මිෂ්ට සමාජය” ලේබලය යටතේ පවත්වාගෙන ගිය මර්දනකාරී රාජ්‍ය තන්ත්‍රය තුළ එම සටන් පාඨයට ඉඩක් ලැබුණේ නැහැ. ඇමෙරිකාව වගේ ෆෙඩරල් රාජ්‍යයක ජනාධිපතිගේ බලය බරපතල ලෙස ප්‍රාන්තවල බලය සහ කොංග්‍රසයේ බලය මගින් යම් පාලනයකට යටත් කෙරෙනවා. ඒ වගේම ඉන්දියාව වගේ මහා ෆෙඩරල් රාජ්‍යයක් ශ්‍රී ලංකාවේ වගේ මහා බලගතු ජනාධිපතිවරයකු නැතුව  ආරක්ෂාකාරීව ශක්තිමත්ව පවතිනවා. නමුත් අප රටේ රාජාණ්ඩු පිළිබඳව පවතින යම් ධනාත්මක මතවාද පටු අර්ථයෙන් විග්‍රහ කරන යම් පිරිස් විධායක ජනාධිපති ක්‍රමය වෙනුවෙන් පෙනී සිටිනවා. එහිදී ඔවුන් අමතක කරනවා අප රටේ රාජාණ්ඩු ක්‍රමය තුළ රජු, ජනතාව සහ මහා සංඝරත්නය යන බල ත්‍රිකෝණය තුළ මහා සංඝරත්නය සතු බලය මගින් රජු පාලනයට යටත් කළ බව, අප රටේ රජුට ව්‍යවස්ථාව පැනවූයේ මහා සංඝරත්නය.

3. වර්තමාන ව්‍යවස්ථාව එහෙම නැතිනම් විධායක ජනාධිපති ක්‍රමය ආරක්ෂා කරන්න ඉදිරිපත් වන්නේ ඒ රාජාණ්ඩු මනෝභාවයේ සිටින පිරිස පමණද?

නැහැ. පසුකාලීනව විධායක ජනාධිපති බලයට වටිනාකමක් ලැබුණා 1987 දි  13වැනි සංශෝධනය සම්මත කිරීමේදී ඊට අදාළව ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව නිසා. සරලව ගත්විට එම සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන්නේ හේතු දෙකක් මත. පළමුවැන්න ෆෙඩරල් රාජ්‍යයක් බිහිවීම වැළැක්වීම සඳහා ජයවර්ධන ජනාධිපතිවරයා විසින් එම සංශෝධනයට යම් ව්‍යවස්ථාමය බාධක ප්‍රමාණයක් පැනවීමයි. දෙවැන්න ජනාධිපතිවරයාගේ බලතල අනුව වෙනම රාජ්‍යයක ප්‍රකාශයට පත් කිරීම වැළැක්වීම සඳහා යම් ප්‍රතිපාදන ප්‍රමාණයක් තිබීමයි. ඒ නිසා13 වැනි සංශෝධනය ව්‍යවස්ථාවෙන් ඉවත් කරන තුරු විධායක ජනාධිපති ක්‍රමය වෙනස් නොකළ යුතුයි කියන මතය සාධාරණ තර්කානුකූල මතයක්. 

4. ඒ මගින් අදහස් වන්නේ විධායක ජනාධිපති ක්‍රමය තිබෙන තුරු 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කළ නොහැකි බවද?

නැහැ. කොහෙත්ම නැහැ. 13වෙනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සඳහා ක්‍රම දෙකක් තිබෙනවා. පළමුවැන්න, ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ඉහත සඳහන් කළ ව්‍යවස්ථාමය බාධක ඉවත් කිරීමයි. එවැනි බාධක ප්‍රධාන වශයෙන් 5ක් තිබෙනවා. නමුත් ඒ අතරින් සමගාමී ලැයිස්තුව ඉවත් කරලා ආණ්ඩුකාරවරයාගේ බලය දුර්වල කිරීම පමණක් වුවත් බොහෝ විට සෑහෙනවා. සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ 22 වැනි සංශෝධනය මගින් ආණ්ඩුකාරයාගේ බලය දුර්වල කරනවා. ඒ අතර රොමේෂ සිල්වා මහතාගේ කමිටුවෙන් ඉදිරිපත් කළ නව ව්‍යවස්ථා කෙටුම්පතේ සමගාමී ලැයිස්තු ඉවත් කරනවා.  ඒ ආකාරයට ව්‍යවස්ථාමය බාධක ව්‍යවස්ථා සංශෝධනයකින් ඉවත් කළොත් ජනාධිපතිවරයා කවුරු වුණත්, ඔහු 13ට විරුද්ධ වුණත්, එය බලාත්මක කිරීමේ හැකියාව ලැබෙනවා. දෙවැනි ක්‍රමය පරිපාලන වශයෙන් බලාත්මක කිරීමයි. බෙදුම්වාදී පක්ෂවලට පක්ෂපාතී ජනාධිපතිවරයකු බලයේ සිටින විට ව්‍යවස්ථා සංශෝධනයක් නොමැතිව 13 බලාත්මක කිරීමට හැකියාව ලැබෙනවා. 

5. කොහොමද ඒක කරන්නේ? 

මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයකු පත් කරල ඊට පසුව ප්‍රඥප්ති එකින් එක සම්මත කරන විට ඒවා ව්‍යවස්ථාවට අනුකූලද යන්න විභාග කිරීම සඳහා ඒවා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් නොකර සිටීම පමණක් හොඳටම සෑහෙනවා. එවිට පොලිස් ප්‍රඥප්ති, ඉඩම් ප්‍රඥප්ති ආදිය මධ්‍යම ආණ්ඩුවේ නීති වලට පටහැනිව සහ ව්‍යවස්ථාවට පටහැනිව සම්මත කරන්න හැකියාව ලැබෙනවා. සම්මත කළාට පසුව ක්‍රියාත්මක නොකර සිටීමට බලපෑම් කලොත් ගැටුමක් නිර්මාණය වෙනවා. ඊට පස්සේ ඒ ගැටුම් යොදාගෙන ජාත්‍යන්තර මැදිහත්වීමකට පාර කැපෙනවා. ඒ අවස්ථාව ඊළාම් මාර්ග සිතීමේ අවසන් සැතපුම බව ඉතා පැහැදිලියි. 

6. ඒ අනුව ඔබ කියන්නේ විධායක ජනාධිපතිවරයා සතු බලතල වලින් 13 වැනි සංශෝධනය  බලාත්මක කිරීම වළක්වන්න බැහැ කියලද?

මා කියන්නේ ජනාධිපතිවරයාගේ පුද්ගලික ප්‍රතිපත්තිය මත එය තීරණය වන බවයි. ඒ බව 13ට අදාළ නඩු තීන්දුවේ විනිසුරුවරයෙකු වූ හිටපු අග විනිසුරු රාජා වනසුන්දර මහතා විශ්‍රාම ගැනීමෙන් පසුව සඳහන් කළා. ඔහු සඳහන් කළේ ජනාධිපතිවරයා බෙදුම්වාදයට පක්ෂපාතී නම් තත්ත්වය ඉතා බරපතල වන බවයි. ඒ නිසා විධායක ජනාධිපති බලතල දෙස බලා නොසිට 13 වැනි සංශෝධනය ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතු බව තමයි ඔහුගේ අදහස. 

7. කොහොමද ඒක කරන්නේ? - ඒ කියන්නේ පවතින ව්‍යවස්ථාවෙන් 13 වෙනි සංශෝධන ඉවත් කරන්නේ? 

රාජා වනසුන්දර හිටපු අගවිනිසුරුතුමාට අනුව 13වැනි සංශෝධනය කියන්නේ ව්‍යවස්ථාමය බාධක නැමති සිහින් නූල් පටවලින් ගැටගසා ශ්‍රී ලංකාවේ හිසට උඩින් එල්ලා ඇති කඩු තුඩක්. ඒක සදාකාලික මාරාන්තික අනතුරක්. ඔහුට අනුව ව්‍යවස්ථා සංශෝධනයක් කරලා ඒ නූල්පොට කපා දැමීමෙන් ශ්‍රී ලංකාව දෙපළු වෙනවා. ඒ වගේම ව්‍යවස්ථා සංශෝධනයකින් 13 ඉවත් කරන්න හැදුවොත් එහෙම නැත්නම් කඩුව හොලවල ගලවන්න හැදුවොත් ඒක බරපතල අර්බුදයක් වෙනවා. ඉන්දියාව ප්‍රමුඛ බෙදුම්වාදී බලවේග මහා අවුලක් නිර්මාණය කරනවා. එතකොට 13 තවදුරටත් තහවුරු වෙනවා.

8. බාධක ඉවත් කරන්නත් එපා නම්, සම්පූර්ණයෙන් ඉවත් කරන්නත් එපා නම් මොකක්ද කරන්නේ?

නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම තමයි 13න් ගැලවෙන්න තිබෙන එකම මාවත. නව ව්‍යවස්ථාවක 13ත් නැහැ. ඒ වගේම 16ත් නැහැ. රටක නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම ජනතාවගේ පරමාධිපත්‍ය බලයට අයත් දෙයක් කාටවත් ඒකට විරුද්ධ වෙන්න බැහැ. 

9. කොහොමද නව ව්‍යවස්ථාවක් සාධාරණීකරණය කරන්නේ?

13ක් නැති නව ව්‍යවස්ථාවක ප්‍රාදේශීය මට්ටමට විධායක බලය විමධ්‍යගත කෙරෙන සහ බෙදුම්වාදයට ගොදුරු නොවන ලෙස සංවර්ධන කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා පළාත් හෝ දිස්ත්‍රික් මට්ටමින් යාන්ත්‍රණයක් හඳුන්වා දිය යුතුයි. ඒ මගින් බෙදුම්වාදීන්ගේ විරෝධය යටපත් කර පොදු මහජනතාවගේ සහය දිනාගත යුතුයි. එහෙම නැතුව ජනමත විචාරණයකින් නව ව්‍යවස්ථාව සම්මත කරන්න මහජන සහය ලබාගන්න බැහැ. එම ව්‍යුහය බෙදුම්වාදයට ගොදුරු නොවීම සඳහා මූලික කොන්දේසි දෙකක් තිබෙනවා. පළමුවැන්න පළාත් සභා මැතිවරණය අහෝසි කර සම්බන්ධීකරණ ව්‍යුහයට අදාළ නියෝජිතයින් පළාත් පාලන ආයතනවලින් තෝරා ගැනීමයි. දෙවැන්න පරමාධිපත්‍ය බලය බෙදීයෑම යන සංකල්පයට යටත් නොවන ලෙස එනම් පාර්ලිමේන්තුවෙන් පනවන නීතියෙන් ලබා දෙන ප්‍රමාණයට පමණක් ව්‍යවස්ථාදායක බලය ලබාදීමය. 

10. නව ව්‍යවස්ථාවක අඩංගු විය යුතු වෙනත් මූලික ප්‍රතිපාදන මොනවාද?

13නෙන් ගැලවීමට අමතරව ජාත්‍යන්තර බලපෑම් වලට මුහුණ දීම සඳහා ප්‍රතිපාදන ඇතුල් කළ යුතුයි. ඒක අනිවාරයෙන්ම කළ යුතු දෙයක්. එහෙම නැතුව කවුරු ජනාධිපති වුණත් ඉන්දු ඇමරිකානු න්‍යාය පත්‍රයට යටත් වීමට සිදුවෙනවා. ඊට එරෙහිව ව්‍යවස්ථාමය ප්‍රතිපාදන තිබෙන තත්ත්වයක් යටතේ බලපෑම් එල්ල වන අවස්ථාවල ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට සහ යටත් නොවී සිටීමට ශක්තිය ලැබෙනවා. 

11. මොනවද ඒ ප්‍රතිපාදන

පළමුවැන්න, එක්සත් ජාතීන්ගේ 1971 /2832 යෝජනාව අනුව ඉන්දියානු සාගරය සාම කලාපයක් බවට පත් කිරීමේ වගකීම ශ්‍රී ලංකාවේ රාජ්‍ය විසින් ඉටු කළ යුතු බවට ව්‍යවස්ථාමය ප්‍රතිපාදන පැනවීමයි. ඒ අනුව ඉන්දියානු සාගර කලාපයේ රටවලට යුදමය හෝ ආරක්ෂක ගිවිසුම් අත්සන් කිරීම කළ නොහැකි ආකාරයට ලෝකයේ මහා බලවතුන්ට ප්‍රබල බලපෑමක් එල්ල වෙනවා. දෙවැන්න ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කිරීමේ ක්‍රියාවලිය පාලනය කිරීම සඳහා නීතියක් පැනවිය යුතු බවට ව්‍යවස්ථාමය ප්‍රතිපාදන පැනවීමයි. එම නීතිය මඟින් අමාත්‍යවරයාට හෝ ජනාධිපතිවරයාට අත්තනෝමතික තීන්දු ගත නොහැකි ආකාරයට ප්‍රතිපාදන පැනවිය යුතුයි.

12. අවසාන වශයෙන් මූලික මාතෘකාව වන විධායක ජනාධිපති ක්‍රමයට මොකද කරන්නේ? 

නව ව්‍යවස්ථාවක් මගින් ප්‍රධාන වශයෙන්ම ජනාධිපතිවරණය අහෝසි කළ යුතුයි. ඒ මගින් තමයි බෙදුම්වාදීන්ට, ජාතිවාදීන්ට සහ විවිධ ආගමික අන්තවාදී කල්ලිවලට ඡන්ද ලක්ෂයක් අතේ තිබ්බත් ජනාධිපතිවරයා නටවන්න හැකි වෙන්නේ. ඔහු එම බලවේගවලට විවිධ පොරොන්දු දීලා යටත් වෙලා බලයට පැමිණි විට ව්‍යවස්ථාවෙන් ලැබෙන අසීමිත බලය භාවිතා කරන්නේ ඒ පොරොන්දු ඉටු කරන්න. පසුගිය කාලයේදී රටට අහිතකර ව්‍යවස්ථා සංශෝධන සියල්ල සම්මත කෙරෙන්නේ මහා බල ගතු ජනාධිපති සුළුතරයට යටත් වීම නිසා තමයි. පාර්ලිමේන්තුවට මහජන ඡන්දයෙන් පනවන මන්ත්‍රීවරුන් අතුරින් ව්‍යවස්ථාව මගින් පත්වන සුදුසුකම් වලට යටත්ව බහුතර ඡන්දයෙන් තෝරාගන්නා ජනාධිපතිවරයාට ව්‍යවස්ථාව මගින් ලබාදෙන විධායක බලය තවදුරටත් ශක්තිමත් කරන්න බාධාවක් නැහැ. ඉන්දියාව වගේ ෆෙඩරල් රාජ්‍යයක් ආරක්ෂා වෙලා තියෙන්නේ ඒ වගේ ක්‍රමයක් මගින් තමයි. ඉන්දියාවේ ඕනෑම ප්‍රාන්ත නීතියක් අත්හිටුවීමට ඒ ජනාධිපතිවරයාට බලය තිබෙනවා. එහෙත් අපේ රටේ මහජන ඡන්දයෙන් පත්වන බලගතු ජනාධිපතිට එවැනි බලයක් නැහැ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කියන්නේ 1994 සිට ජනප්‍රිය සටන් පාඨයක්. රාජාණ්ඩු සිහිනයේ සිටින ඉතා සුළු පිරිසක් හැර සෙසු දේශපාලන බලවේග වලට ඊට විරුද්ධ වීමට සාදාචාරාමය හැකියාවක් නැහැ. ඒ නිසා ජනමත විචාරණය ජයග්‍රහණය කිරීම සඳහා එම සාධකයත් වැදගත්. 

13. මේ නිශ්චිත මොහොතේදී, ඒ කියන්නේ ජනාධිපතිවරණයක් අභියස නව ව්‍යවස්ථාවක් පිළිබඳව සහ විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීම පිළිබඳව කතා කරන්නේ ඇයි? 

පළමු හේතුව පවතින ව්‍යවස්ථාව සංශෝධනය කිරීමෙන් තොරව ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට හෝ බෙදුම්වාදය පරාජය කිරීමට නොහැකි බව අවධාරණය කිරීමේ උවමනාවයි. දෙවැන්න, විධායක ජනාධිපති බලය යොදාගනිමින් අනාගත ජනාධිපතිවරයාට රටට සිදුකළ හැකි විපත පෙන්වාදීමයි. ඒ අනුව 13 වැනි සංශෝධනය කැමැත්තෙන් බලාත්මක කිරීමට ඉදිරිපත් වන අපේක්ෂකයෙකු බලයට පත්වුවහොත් රටට සිදුවන විපත මහජනයාට අවධාරණය කිරීම සඳහා මෙම සංවාදය ඉතා වැදගත් වෙනවා. 

14. ඒ කියන්නේ ඊට විරුද්ධ වෙන අය අනාගත ජනාධිපතිවරුන් විසින් රට විපතට හෙලීම අනුමත කරන අයද? 

එහෙම කියන එක සාධාරණයි කියලා තර්ක කරන්න පුළුවන්. ඒ අය රටට සිදුවන විපත අනුමත කරන අය වෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් එම ක්‍රියාවලියට අදාල සංවාදය ජනගත කිරීම වැළැක්වීම සඳහා උවමනාවක් තිබෙන අය වෙන්නත් පුළුවන්. 

සම්බන්ධිත පුවත් | Related News

උක් ගොවීන්ට සහ සීනි කර්මාන්තකරුවන්ට සීනි තිත්ත වෙමින් පවතින බව පෙනේ.
1990 ජුනි 11 වන දින, දෙමළ ඊලාම් විමුක්ති කොටි (LTTE) ත්‍රස්තයන් ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ පොලිස් ස්ථානවලට විනාශකාරී ප්‍රහාරයක් එල්ල කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පොලිස් නිලධාරීන් 600 කට අධික සංඛ්‍යාවක් සමූලඝාතනය විය.
පොසොන් පෝය විසින් එක්තරා ආකාරයක දඩයම් නැවැත්වීමකුත් සංකේතවත් කරනවා. ඒ උතුම් කාර්යය සිද්දවුණේ දඩ කෙළි නැවැත්වීමක් විදිහට. අදටත් එංගලන්තය ඇතුළු හුඟක් රටවල්වල දඩ කෙළි පැවැත්වෙනවා. නෝර්වේ සහ ජපානයේ මිනිස්සු තල්මස්සු පවා දඩයම් කරනවා. ඒ මුහුදු මංකොල්ලකාර රටවල් දෙකේ මිනිස්සු තල්මස්සු දඩයම් කරන්නේ මුහුදට යන්න තියෙන බය නැති කරගන්න කියලයි මම හිතන්නේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය බවත්, වසර 30ක් ත්‍රස්තවාදයෙන් බැටකෑ රටක් ඊට අදාළය කිසිඳු නීතියක් අවශ්‍ය නැති බව ප්‍රකාශ කිරීමද පුදුමාකර තත්ත්වයක් බව හා මෙය කුමන්ත්‍රණයක් බව පැවසුවත් වරදක් නැති බවත් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො මහතා පවසයි.
සමාජවාදී ක්‍රමයක් යටතේ පුද්ගලික ව්‍යාපාර නැත්තට ම නැතිවෙනවා කියලා හිතාගෙන ඉන්න අය ඉන්නවා. ඒ අය මේ කතාව කියන්නේ සමාජවාදී ක්‍රමය සහ කොමියුනිස්ට් ක්‍රමය අතර තියෙන වෙනස ගැන කිසිම අවබෝධයක් නැතුව. කොමියුනිස්ට් සමාජයක් ඇතිවුණාට පස්සේ තමයි පුද්ගලික දේපළ ක්‍රමය වියැකිලා යන්නේ.
‘ප්‍රොටෙස්ට්’ යන ඉංග්‍රීසි වචනයෙහි සරලම සිංහල තේරුම අකමැත්ත හෝ විරුද්ධත්වය ප්‍රකාශ කිරීමයි. 16 වෙනි සියවස මුල් කාලයේ නැගෙනහිර යුරෝපය පාලනය කරමින් සිටි පාප්වරයාට සහ එතුමාගේ කතෝලික අධිරාජ්‍යයට අකමැත්ත පළ කෙරෙන අදහස් මහජනයා අතරේ පැතිරෙමින් තිබුණි. කලාපයේ පැතිරෙන අතිශයින් භයානක වසංගතවලට හේතුව පාප් සහ කතෝලික සභාවේ අපචාර ක්‍රියා යැයි බොහෝ දෙනාට සිතුණි. මාටින් ලූතර්ගේ සුප්‍රකට ලියවිල්ල මහජනයා ඇවිස්සූ ප්‍රධාන සිද්ධියයි. ඊට මාටින් ලූතර් ප්‍රධාන කතෝලික දේවගැතිවරුන් ගණනාවක් එක් විය.
1977 ආරම්භ වූ විවෘත ආර්ථිකය සහ නව සමානුපාතික මැතිවරණ නීති නිසා මජර දේශපාලන සිස්ටම් එකක් බිහි වූ බව රහසක් නොවේ. එය දේශපාලන ක්ෂ්‍රේත්‍රය පමණක් නොව රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණයද අන්ත දූෂිත තත්වයට පත් කළේය.
රණවිරු සැමරුම තවත් සියවස් ගණනාවක් යනතෙක් සැමරිය යුතු බවත්, ත්‍රස්තවාදය අවියක් කරගනිමින් මෙරට ඒකීය භාවයට හා ස්වෛරීත්වයට හානිවන අයුරින් දේශපාලණිකව අටවා ඇති උගුල් ලෙහා දැමීමත්, එම රණවිරුවන් මව්බිම වෙනුවෙන් සිදුකළ ජීවිත කැපකිරීම උදෙසා කළ යුතු යුතුකමක් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.
මාලිනි ෆොන්සේකා⁣ගේ මළගෙදර දී සෞම්‍ය ලියනගේ කරපු කඨෝර කතාව ගැන ලොකු සද්දයක් ඇතිවුණා. සෞම්‍ය එහෙම කතාවක් කළේ ඔහු අපේ මිනිස්සුන්ගේ භාෂාව දන්නේ නැති හින්දා කියලා මම නම් හිතන්නේ නෑ.

ප්‍රධාන පුවත්

රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..

රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රුසියානු තානාපති කාර්යාලය පසුගිය ජූනි 11 වන දින සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබිණි..

ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.

ඉරානය තම භූමියට එල්ල කරන ලද ඊශ්‍රායල ප්‍රහාරවලට පළිගන්නා බව ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි අද(13) ප්‍රකාශ කළේ ප්‍රහාරයෙන් ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරීන් මිය ගිය බව තහවුරු කරමිනි.

විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..

ශ්‍රී ලංකාවට අදාළව විස්තීරණ ණය පහසුකමේ සිව් වන ඇගයීම සම්පූර්ණ කිරීම ජාත්‍යතර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩල තීරණය මත පදනම් වන බවත්, ශ්‍රී ලංකා රජය ප්‍රකාශයට පත්කළ විදුලි ගාස්තු සංශෝධනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමීප සම්බන්ධීකරණයක් පවත්වාගෙන ගිය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..

පසුගිය 11 වැනිදා මානව හිමිකම් කොමිසමට විරෝධතා පෙත්සමක් ඉදිරිපත් කරමින් එම කොමිසම විසින් දණ්ඩනීති සංග්‍රහයේ 365 සහ 365 (අ) වගන්ති සංශෝධනය කිරීම සඳහා ගනු ලබන උත්සාහයට විරෝධය පළ කිරීම සඳහා කාන්තා පරපුර සංවිධානය කටයුතු කරනු ලැබීය.

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්

ඉරානයට එරෙහිව ඊශ්‍රායල රාජ්‍යය විසින් සිදු කරන ලද පූර්ව අනතුරු අඟවන ප්‍රහාරයෙන් පසුව, ඊශ්‍රායල රාජ්‍යයට සහ එහි සිවිල් ජනතාවට එරෙහිව මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ දී අපේක්ෂා කෙරන බව ඊශ්‍රායල ආරකෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පැවසීය.

දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..

දණ්ඩනීති සංග්‍රහයේ 356 සහ 365 (අ) වගන්ති සංශෝධනය කරීම මගින් මෙරට දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළීමට මානව හිමිකම් කොමිසම විසින් අධිකරණ ඇමැතිවරයාට නිර්දේශ කිරීම ඉතා සූක්ෂම අයුරින් සිදු කළ ක්‍රියාවක් බවත්, මෙම වගන්ති සංශෝධනය කිරීම හරහා මෙරට දරුන්ගේ අයිතිවාසිකම් සහ ආරක්ෂාව පිළිබඳව දැඩි තර්ජනයක් මතුවන බවත් ලක්මව දියණියෝ සංවිධානය පවසයි.

ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ළඟ සිටි උපදේශකයෝ කිහිපදෙනෙක් මෙම ආණ්ඩුව තුළ ද සිටින බවත්, 2015 දී යහපාලන ආණ්ඩුව විසින් කැපූ සියදිවි හානිකර ගැනීමේ පාරදිගේ මේ ආණ්ඩුව ද රට ගෙන යමින් ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..

මව්බිමේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සැමරුමෙන් පසු අපගේ කාර්යභාරය සහ උතුරුකරයේ පදිංචි සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි මස 01 දා සවස 2 ට කොළඹ පුස්ථකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී පැවැත් වේ.

60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..

දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීම සඳහා අධිකරණ ඇමැතිවරයාට බල කිරීම මගින් දරුවන් ලක්ෂ 60ක් ලිංගික අපචාර සහ සමලිංගික ක්‍රියාවලට ගොදුරු කිරීමට ගන්නා උත්සාහයට විරෝධය පළ කරමින් කාන්තා පරපුර සංවිධානය විසින් මානව හිමිකම් කොමිසමට තම විරෝධය පළකර තිබේ.

දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව

ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවිය විසින් පලකරනු ලැබූ ඉහත කරුණ සම්බන්ධයෙන් අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව "Mothers' Movement" හි කැඳවුම්කරු ක්‍රිෂාන්ත රත්නවීර මහතා අප වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ජාතික සංවිධාන එකමුතුව විසින් කැඳවනු ලැබූ එම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වූ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සකුන්තලා මෙන්ඩිස් මහත්මිය "Mothers' Movement "හි සාමාජිකාවක් නොවන බවයි.

දින කිහිපයක් තිස්සේ ගැටුම් හේතුවෙන් ලොස් ඇන්ජලීස් නගරයට ඇඳිරි නීතිය පනවයි

නීතිවිරෝධී ආගමන නැවැත්වීම අරමුණු කරගනිමින් කළ වැටලීම් වලට එරෙහිව ඇති වූ කැරලි ගැසීම් සහ කොල්ලකෑම් හේතුවෙන් ලොස් ඇන්ජලීස් නගරයේ ඇඳිරි නීතිය පනවා ඇතැයි වාර්තා වේ.

විදුලි ගාස්තුව සියයට 15කින් ඉහළට..

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තුව සමස්තයක් ලෙස 15%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ.

ජනාධිපති සමාව යටතේ වැරදි පුද්ගලයන් නිදහස් කර ඇත්නම් ඒ සඳහා ජනාධිපති ලේකම්, අධිකරණ ලේකම් සැකකරුවන් ලෙස නම් කළ යුතුයි..

ජනාධිපති සමාව යටතේ වැරදි පුද්ගලයන් නිදහස් කර ඇත්තේ නම් ඒ සඳහා අධිකරණ අමාත්‍යංශය ලේකම්වරයා මෙන්ම ජනාධිපති ලේකම්වරයාද සැකකරුවන් ලෙස නම් කළ යුතු බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් උපුල් උපුල් තෝරදෙණිය වෙනුවෙන් අධිකරණයේ පිණිස සිටිමින් නීතිඥ දර්ශන කුරූප්පු මහතා ඊයේ පැවසුවේය.

තවත් සිරකරුවන් 68ක් නීති විරෝධී ලෙස නිදහස් කරලා.. - අධිකරණයේ දී හෙළිවෙයි..

අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැවසුවේ, ජනාධිපති සමාව මුවාවෙන් සිරකරුවන් නීති විරෝධී ලෙස නිදහස් කර ඇති බවට වැඩිදුර පරීක්ෂණවලින් හෙළි වී ඇති බවයි.

මුහුදු කොටි විනාශයට මහා භූමිකාවක් ඉටු කළ වයිස් අද්මිරාල් ඩී.පී.කේ. දසනායක මහතාට එරෙහිව එල්ල කෙරෙන අභූත චෝදනාවලට අභියෝගාත්මක පිළිතුරු

කීර්ති රත්නායක නමැති දූෂණ වංචා චෝදනා මත ගුවන් හමුදාවෙන් නෙරපා හරින ලද පුද්ගලයෙකු සහ විවිධ පුවත්පත් මාධ්‍යවේදීන් යොදා ගනිමින් යුද්ධයේදී නාවික හමුදා ක්‍රියාන්විතයේ මහා භූමිකාවක් ඉටු කළ වයිස් අද්මිරාල් ඩී.පී.කේ. දසනායක මහතාට එරෙහිව එල්ල කෙරෙන අභූත චෝදනාවලට එරෙහිව ඒ මහතා විසින් අභියෝගාත්මක සෘජු පිළිතුරු ලබා දී ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.