
දේශපාලන වේදිකාවල නැවතත් ඇසෙන කොවිඩ් මළසිරුරු භූමදානය කිරීමේ ඇත්ත කතාව
මේ දිනවල ඇතැම් පක්ෂ පුද්ගලයන් කොවිඩ් මළසිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් ඡන්ද ලබා ගැනීමේ අපේක්ෂාවෙන් මැරුණු මළමිනී නැවතත් ගොඩදාමින් සිටින බව පෙනේ.
එහෙත් අප සත්‍යය දැනගත යුතුව ඇත
කොවිඩ් වැළදී මියයන පුද්ගලයන්ගේ දේහයන් පිළිබඳ 2020.04.11 දින හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජයසිංහ මහත්මා විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයේ කොවිඩ් වැළඳී මියයන පුද්ගලයෙකුගේ දේහය ආදාහනය පමණක් කළ යුතු බවටත්, එම ආදාහන කටයුතු කළයුතු නිසි ක්‍රමවේදයක් දක්වා තිබේ. එම නියෝගය 2021.02. 25 දින දක්වා වලංගු වන අතර, 2021. 02.25 දින වර්තමාන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් කොවිඩ් වැළඳී මියයන පුද්ගලයන්ගේ දේහයන් නියමිත සෞඛ්‍ය පිළිවෙත් වලට අනුව ආදාහනය හෝ භූමිදානයට ඉඩ ලබාදෙන බවට සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී.
එම තීන්දුව සෞඛ්‍ය අංශවල උපදෙස් මත පදනම්ව ගත් තීන්දුවක් නොව දේශපාලනික අවශ්‍යතාවයන් මත හා ජාත්‍යන්තර බලපෑම් මත සෞඛ්‍ය අංශයන්වලට සිදු කළ බලපෑම් මත ගනුලැබූ තීරණයක් බවට එකලද චෝදනා එල්ල විය.
අනතුරුව 2021.03. 16 දින මඩකලපුව, කෝරලේපත්තු, ඔට්ටමාවඩි ප්‍රදේශයේ සම්බන්ධීකරණ කමිටුවක දී අදහස් දක්වමින් මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් විසින් කොවිඩ් මරණ භූමිදානය පිළිබඳ කළ ප්‍රකාශය 2021.04.16 දින සිරස TVරාත්‍රී 7:00 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශනය තුළ විකාශනය වේ. එය මෙසේය,
"මිනී පෙට්ටි භූමදානය කෙරුණා එච්චරයි. මට කියන්න පුළුවන් පෙට්ටි 182ක් භූමදානය කළා. මම එතනින් නවතිනවා. මේ ගැන නිල තොරතුරු තියනවා. සැඟවුණු තොරතුරුත් තියෙනවා. මේ සෑම දෙයකටම එහා ආණ්ඩුව මේ පිළිබඳව අපට උදව් කළා. ඔවුන්ගේ ගැටලු අපි තේරුම් අරගෙන තියෙනවා. අපේ ගැටළු ඔවුන් තේරුම් අරගෙන තියෙනවා. කොහොමද හදිසියේම මෘතදේහය 39 ගෙනාවේ කියලා ඕගොල්ලෝ හිතන්න හොඳ නෑ. මේකට තමයි අපි වැඩ කළේ"
එහෙත් ඊට පෙර කොවිඩ් මෘත දේහ ආදාහනය පමණක් යන තීරණයෙන් මුස්ලිම් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට කරුණු දක්වා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ SCFR 103/2020 නැමැති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරමින් සෞඛ්‍ය අංශවල තීරණ දිගටම ක්‍රියාත්මක කළ යුතු බවට නියෝග කර තිබුනි.
ඒ අනුව සෞඛ්‍යංශ වල තීරණය ගරු අධිකරණය විසින් පවා තහවුරු කර ඇත.
එසේම මෙරට වෙසෙන කතෝලික ප්‍රජාවද ඔවුන්ගේ ආගමේ අදහස් අනුව මළ සිරුරු ආදාහනය නොකරන අතර භූමදානය පමණක් සිදු කරනු ලබයි.
එසේම මෙරට වෙසෙන සිංහල සහ හින්දු ජනතාවද ඔවුන්ගේ වැඩිමහල් අය ජීවත්ව සිටියදී බාල අය මියගියහොත් ඔවුන් ද ආදාහනය නොකරන අතර භූමදානය පමණක් සිදු කරනු ලබයි.
එපමණක් නොව කොවිඩ් මළසිරුරු භූමදානය කළ ඔඩ්ඩ මාවඩි සුසාන භූමියේ මුස්ලිම් නොවන වෙනත් ජාතිකයන්ගේ මළ සිරුරු භූමදානය කිරීමෙන් ඒ බව වඩාත් තහවුරු වේ.
මෙයින් අප අදහස් කළේ කොවිඩ් සමයේ මළසිරුරු ආදාහනය කිරීම එක ජාතියකට එරෙහිව සිදුකරන ලද්දක් නොව රටේ සමස්ත සෞඛ්‍ය පද්ධතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් ගනු ලැබූ තීරණයක් බවයි.
එය ගරු අධිකරණය විසින් ද තහවුරු කර ඇත.
ඒත් අපේ රටේ ඇතැම් අම්බරුවන් ඡන්ද ලබා ගැනීමේ අරමුණින් නැවත නැවතත් පැරණි මළකඳන් අවුස්සමින් අන්ත ජාතිවාදීන්ට ඇවැසි පහසුකම් ලබා දෙන බව පෙනී යයි.
ජාතිවාදී නොවන මොළේ ඇත්තන්ගේ දැනගැනීම සඳහාම පමණි.
(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..
ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.
විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..
දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්
දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..
ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..
60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව
දින කිහිපයක් තිස්සේ ගැටුම් හේතුවෙන් ලොස් ඇන්ජලීස් නගරයට ඇඳිරි නීතිය පනවයි
විදුලි ගාස්තුව සියයට 15කින් ඉහළට..
ජනාධිපති සමාව යටතේ වැරදි පුද්ගලයන් නිදහස් කර ඇත්නම් ඒ සඳහා ජනාධිපති ලේකම්, අධිකරණ ලේකම් සැකකරුවන් ලෙස නම් කළ යුතුයි..
තවත් සිරකරුවන් 68ක් නීති විරෝධී ලෙස නිදහස් කරලා.. - අධිකරණයේ දී හෙළිවෙයි..
මුහුදු කොටි විනාශයට මහා භූමිකාවක් ඉටු කළ වයිස් අද්මිරාල් ඩී.පී.කේ. දසනායක මහතාට එරෙහිව එල්ල කෙරෙන අභූත චෝදනාවලට අභියෝගාත්මක පිළිතුරු
පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි..
