ආර්ථික වර්ධනයෙන් ආසියාවේ ප්‍රබලයකු බවට පත්වූ බංග්ලාදේශයට සිදුවූයේ කුමක් ද?
හසීනා පාලනය පටන් ගන්නෙ 2009 ඉවර වෙන්නෙ 2024
2009 දි ඒක පුද්ගල ආදායම ඩොලර් 700යි.
2024 දි ඒක පුද්ගල ආදායම ඩොලර් 2700යි. 2009 දි ඩොලර් සංචිත බිලියන 10යි.
2024 දි ඩොලර් සංචිත බිලියන 27යි.
2009 දි දළ දේශීය නිශ්පාදනය USD Bn 100යි.
2024 දි දළ දේශීය නිශ්පාදනය USD Bn 460යි. 2009 රාජ්‍ය ණය GDP% - 36%.
2024 රාජ්‍ය ණය GDP% - 29%..........අපි කුඩා වියේ ඉගෙන ගත්තේ ඉන්දියාවට වැස්සාම ගං වතුරින් පීඩා විඳින දුප්පතුන් පිරි දුප්පත් බංගලිදේශයක් ගැන. මෑත දශක කිහිපයේ ඒ ඉතිහාසය උඩු යටිකුරු කරමින් බංගලිදේශය ස්වශක්තියෙන් නැගී සිටියා. ඔවුන්ගේ ආර්ථිකය වේගයෙන් ප්‍රසාරණය වුණා.බංගලියන් ප්‍රබල රටක් වුනා..
ඔවුන් දකුණු ආසියාවේ දෙවන විශාලතම ආර්ථිකයට වගේම ලෝකයේ 35 වන විශාලතම ආර්ථිකය හිමිකම් කියන රට බවට පත් වුණා. බංගලි විශ්වවිද්‍යාලවලට අපේ ළමයි ගියා. බංගලි ගාමන්ට් ෆැක්ට්‍රීවල ඉහළ තනතුරුවල ලංකාවේ උපාධිධාරීන් වැඩ කරන තැනට රට දියුණු වුණා. ලෝකයේ දෙවන විශාලතම ඇඟළුම් අපනයනකරු වූයේ බංගලිදේශයයි...
ලෝකය වෙළාගත් කොවිඩ් වසංගතයට පසු 2021-22 වන විට එරට ආර්ථිකය 7.2%ක වර්ධනයක් අත්පත් කර ගනිමින් ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයක් බවට පත් වුණා. ඔවුන්ගේ ඒක පුද්ගල ආදායම ඉන්දියාවට සහ පාකිස්තානයට සමාන වුණා.
2022 වන විට දකුණු ආසියාවේ දෙවන විශාලතම විදේශ සංචිත හිමිකරු බංගලිදේශය. පසුගිය ආර්ථික අර්බුදය වෙලාවේ බංගලිදේශය අපේ රටට ඩොලර් මිලියන 250ක ණය දෙන තැනට දියුණු වෙලා තිබුණේ. අපි ඒක සම්පූර්ණයෙන්ම ආපසු ගෙව්වා.
බංග්ලාදේශයේ දියුණුව සඳහා චීනය බංගලිදේශයට විශාල වශයෙන් උදව් කරනවා. චීනය බංගලිදේශයේ ඩොලර් බිලියන 7 කට වඩා ආයෝජනය කර ඇති බව ඇතැම් වාර්තා කියනවා. චීනය දියත් කළ එක මඟක් වැඩසටහනේ බංගලිදේශය ප්‍රමුඛ කොටස්කරුවෙක්.
අඩු මුදලට රටේ විදුලි බලය නිෂ්පාදනයට න්‍යෂ්ටික බලාගාර දේකක ඉදිකිරිම සදහා රුසියාව සමග ඇමරිකන් ඩොලර් බිිලියන 12 ක් වටිනා ගිව්සුමි දෙකක් අත්සන් කර වැඩ පටන් ගන්නවා.
ඒ සමග මේ රටේ ආර්ථිකය බිම දාන්න සැලසුම ක්‍රියාත්මක වෙනවා. 2015 ... ලනුව දුන්න රෝ සීඅයිඒ කණ්ඩායම් ඒ රටේ රැකියා කෝටා ප්‍රශ්නයක් දඩමීමා කරගෙන බංගලිදේශය බිමට සමතලා කරන වැඩේ පටන් ගන්නවා. එය නිමවූ පසු ආර්ථික වර්ධන වේගය ඉන්දියාවටත් වඩා වැඩිවීමක් සිදුවෙතැයි විශ්වාස කරනවා..
දැන් ඒ රටේ අමන තරුණ පිරිස, දුර නොබලන, ඒ සටන තමන්ගේ අතට අරන්. ඔවුන් සිය මාතෘභූමිය සතුරාගේ උවමනාවට විනාශ කරමින් ඉන්නවා. තමන්ගේ විතරක් නෙමෙයි, තම අනාගත පරපුරෙත් ගෙළ මිරිකමින් ඉන්නවා. මේ විනාශයේ කෙළවර ආයේ දශක කිහිපයක් පසුපසට විසි වුණ දුප්පත් පීඩිත බංගලිදේශයක්.
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට හමුදා පාලනයක් එයි. නැවත කාලයකට ගොඩ යාමක් නැති වෙයි. සතුරු කුමන්ත්‍රණ මැද රටකට ගොඩයෑම ලේසි නෑ. ජනතාව සබුද්ධික නැත්නම් කවදාවත් ගොඩ යෑමක් නෑ. ලිබියාව,පකිස්තානය , ලංකාව, බංගලිදේශය ලෝකයට කියාදෙන පාඩම ඒක..
මෙය වැටෙහෙන විට සියල්ල සිදුවිි හාමරය.
(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..
පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..
ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ
කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..
ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..
"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!
ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..
සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..
ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..
ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!
හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)
ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්
ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..