News Category
From Date
To Date
Maximum Number of Result

විදුලි බිල වහා අඩු කරනු!... වැඩි කිරීමට කිසිදු සාධාරණ හේතුවක් නැහැ! - ජයන්ත සමරවීර


ජල විදුලිය සැපයීමට ඇති තරම් ජලාශවල ජලය තිබියදී, ගල් අඟුරු මිල පහළ ගොස් තිබියදී, එමෙන්ම මෙරට දෛනික විදුලි පරිභෝජනය ගිගාවොට් පැය  41.05 සිට ගිගාවොට් පැය 35 දක්වා අඩු වී තිබියදී විදුලි බිල්පත වැඩි කිරීමට ආණ්ඩුවට කිසිදු සාධාරණ හේතුවක් නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අවධාරණය කරයි.

එසේම රටේ ජනයා නොමරා මරන, රටේ කර්මාන්ත වසා දමන, ආයෝජකයන් රටින් පිටව යන මේ "විදුලි බිල වැඩි කිරීම" දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් මෙවැනි අවස්ථාවක මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලය ඉදිරියේ කොන්ද නොනමා, මහජනයා ආරක්ෂා කිරීමට පියවර ගත යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

අද(24) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ජයන්ත සමරවීර මහතා මෙසේ අවධාරණය කළේය.

විදුලි බිල්පත පිටපිටම තෙවතාවක් ඉහළ දමා ඇති බවත් මෙවර විදුලි බිල්පත ඉහළ දැමීමත් සමග මෙරට විශාලතම විදුලි පාරිභෝගිකයා වන ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජල බිල්පත දෙවන වරට වැඩි කිරීමට සූදානම්ව සිටින බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. මෙම තත්වය හමුවේ සියලු දේශපාලන පක්ෂ ඇතුළු සමාජ ක්‍රියාකාරී කණ්ඩායම් පක්ෂ, පාට, වාදභේද පසෙකලා "විදුලි බිල වහා අඩු කරනු!" යන සටන් පාඨය යටතේ ගොඩනඟනු ලබන ජනතා ව්‍යාපාරයක් ලෙස ආණ්ඩුවට දැඩි බලපෑමක් එල්ල කළ යුතු බව ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

කිසිදු "හිතක් - පපුවක්" නොමැතිව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාව පරිදි සොරකම්, වංචා දූෂණ, කළමනාකරණ දෝෂ, අකාර්යක්ෂමතාව වැනි හේතු නිසා විදුලිබල මණ්ඩලයේ සිදුව තිබෙන පාඩුව පියවා ගැනීමට ආණ්ඩුව ජනතාව මත මහා විදුලි බිලක් පටවා ඇති බවට චෝදනා කළ ජනිපෙ ජාතික සංවිධායකවරයා, විදුලිබල මණ්ඩලය ද තම පාඩුව "හිඟන්නාගේ තුවාලයක්" බවට පත් කරගෙන පාඩුවට එකම පිළියම ලෙස විදුලි බිල ඉහළ දැමීම සිදු කරන බව ද පැවසීය.

විදුලිබල මණ්ඩලය පවසන ආකාරයට මෙරට විදුලි බල අවශ්‍යතාවෙන් සියයට 75ක් ජල විදුලිය මඟින් ද සුළං හා සූර්ය බල ශක්තියෙන් තවත් සියයට 13ක් ද සපුරා ගන්නා බැවින් ඉතිරි සියයට 17ක ප්‍රමාණය ද සමකය ආසන්නයේ පිහිටි, පැය 12ක් හොඳින් හිරු එළිය වැටෙන මේ රටේ සූර්ය බලශක්තියෙන් නිපදවාගත හැකි බව ද ඒ මහතා කීය. එසේම නියඟය පවතින සමයක සූර්ය බල ශක්තියෙන් විදුලිය උත්පාදනයට වැඩි බරක් තබමින් ද වැසි සහිත කාලවලදී ජල විදුලියට වැඩි බරක් තබමින් ද විදුලිය නිපදවීම නිසි පරිදි කළමනාකරණය කළහොත් එම ප්‍රභව දෙකෙන් පමණක් මෙරට විදුලි බල අවශ්‍යතාව සපුරා ගත නොහැකි මන්දැයි මෙහිදී සමරවීර මහතා බලධාරීන්ගෙන් දැඩි ලෙස ප්‍රශ්න කර සිටියේය.

නමුත් අද "සූර්ය බල විදුලි ව්‍යාපෘති" ආරම්භ කිරීමට විදුලිබල මණ්ඩලය බාධා කරන බවට අධිකරණය හමුවේ පවා තහවුරු වී තිබෙන බවත් සූර්ය බල විදුලි ව්‍යාපෘති ගණනාවක ටෙන්ඩර අනුමත වී තිබුණ ද ඒවාට අවස්ථාව නොදීම හේතුවෙන් ආයෝජකයන් අධෛර්යට පත්ව ඇති බවත් ඒ මහතා අනාවරණය කළේය.

විදුලිබල මණ්ඩලයේ නිලධාරී මාෆියාව, සූර්ය බල විදුලි ඒකකයකට මිලදී ගැනීමේ මිලක් පවා නියම නොකොට කල් මරන බවත් සූර්ය බල විදුලි ව්‍යාපෘති ආරම්භ වූ පසු පෞද්ගලික අංශයේ විදුලි බලාගාරවලින් වැඩි මිලට විදුලිය මිලදී ගනිමින් ඔවුන්ට "කොමිස් ගිලීමට" නොහැකි වීම ඊට හේතුව බවත් සමරවීර මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.

මෙවැනි විකල්ප පිළිතුරු තුළින් විදුලි ඒකකයක් අඩු මිලට නිපදවමින් විදුලි බිල අඩු කිරීම මෙවැනි ආණ්ඩු තුළින් බලාපොරොත්තු විය නොහැකි බව ද ඒ මහතා සඳහන් කළේය.

- අනුරුද්ධ බණ්ඩාර රණවාරණ -

සම්බන්ධිත පුවත් | Related News

ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ලෙස පත් කර තිබේ.
වත්මන් ආණ්ඩුව විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබාදී ඇති ආරක්ෂාව ඉවත්කරන්නේ, ඔහුට කෙනහිළිකම් කිරීම සඳහා බව සර්වජන බලය නායක දිලිත් ජයවීර මහතා පවසයි.
ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය ආණ්ඩුවට එකතුවී එම්.ඒ සුමන්තිරන් හිටපු මන්ත්‍රීවරයාට ආණ්ඩුවේ විදේශ ඇමැති ධුරය ලබාදීමට එකඟතාවයක් ඇතිවී තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
කුමන ආණ්ඩුව බලයට පැමිණියද මෙරට සහල් ඒකාධිකාරය පවතින්නේ මහා පරිමාණ මෝල් හිමියන් පස්දෙනෙකුගේ අත බවත්, රට තුළ සහල් අර්බුදයක් නිර්මාණය කරන්නේ ද ඔවුන් විසින් බවත් ජාතික ගොවිජන එක මුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.
දේශපාලන විසඳුම් සහ සහයෝගීතාවයේ අවශ්‍යතාව අවධාරණය කරමින්, අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ආණ්ඩුව සමඟ කටයුතු කිරීමට සිය පක්ෂයට කිසිදු ගැටළුවක් නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් ප්‍රකාශ කළේය.
වත්මන් ආණ්ඩුව මුදල් මුද්‍රණය නොකළ බව ප්‍රකාශ කළද බැංකුවල ද්‍රවශීලතාවය රැක ගැනීමට රුපියල් බිලියන 100 ක් මුද්‍රණය කළ බවත්, බිලියන 600 ක් ණය ලබාගත් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පැවසීය.
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන දේශපාලනය සම්බන්ධයෙන් විහිළුවක් කරමින් කියාසිටියේ තමාට සහ තම මිතුරන්ට ඉදිරියේදී ‘බෝල් ගාඩ්'(ක්‍රිකට් ක්‍රීඩාවේදී පිතිකරුවකු සිය මෞත්‍ර-ලිංගික අවයව ආරක්ෂා කරගැනීම සඳහා පළඳින ආරක්ෂක වැස්ම) ලකුණින් තරග කිරීමට සිදුවිය හැකි බවයි.
ඥාති හිතවත්කම් සහ දේශපාලන සබඳතා මත පසුගිය ආණ්ඩු සමයේදී විවිධ රටවලට තානාපති සේවාවන් සඳහා පත්කර යැවූ නිලධාරීන් 16 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි යළි කැඳවීමට තීරණය කර තිබේ.
පසුගිය 30 වනදා රාත්‍රියේ නැඟෙනහිර ස්පාඤ්ඤයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දකුණු ස්පාඤ්ඤයේ මලගා නගරයේ සිට නැගෙනහිර ස්පාඤ්ඤයේ වැලෙන්සියා දක්වා වන ප්‍රදේශයේ විශාල ගංවතුර තත්වයක් ඇති විය.

ප්‍රධාන පුවත්

සුමන්තිරන්ට විදේශ ඇමැතිකම දී ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ රට බෙදන කොන්දේසිවලට ආණ්ඩුව එකඟ වෙලා - ගම්මන්පිලගෙන් ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක් (වීඩියෝ)

ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය ආණ්ඩුවට එකතුවී එම්.ඒ සුමන්තිරන් හිටපු මන්ත්‍රීවරයාට ආණ්ඩුවේ විදේශ ඇමැති ධුරය ලබාදීමට එකඟතාවයක් ඇතිවී තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

සහල් ඒකාධිකාරයක් පවත්වාගෙන යන්නේ මේ රටේ මහා පරිමාණ මොල්හිමියො පස් දෙනෙක්... ගොවියා සූරා කාලා, පාරිභෝගිකයා විනාශ කරලා, ආණ්ඩු මට්ටු කරන ඔවුන්ගේ සෙල්ලමට තිත තියන්න ඕනේ - අනුරාධ තෙන්නකෝන්

කුමන ආණ්ඩුව බලයට පැමිණියද මෙරට සහල් ඒකාධිකාරය පවතින්නේ මහා පරිමාණ මෝල් හිමියන් පස්දෙනෙකුගේ අත බවත්, රට තුළ සහල් අර්බුදයක් නිර්මාණය කරන්නේ ද ඔවුන් විසින් බවත් ජාතික ගොවිජන එක මුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.

ආණ්ඩුව එක්ක එකට වැඩකරන්න සුමන්තිරන්ලා සූදානමින්

දේශපාලන විසඳුම් සහ සහයෝගීතාවයේ අවශ්‍යතාව අවධාරණය කරමින්, අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ආණ්ඩුව සමඟ කටයුතු කිරීමට සිය පක්ෂයට කිසිදු ගැටළුවක් නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් ප්‍රකාශ කළේය.

දශක ගණනාවකට පසු ස්පාඤ්ඤයේ දරුණුතම ගංවතුරෙන් දුසිම් ගනනක් මිය යයි (වීඩියෝ)

පසුගිය 30 වනදා රාත්‍රියේ නැඟෙනහිර ස්පාඤ්ඤයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දකුණු ස්පාඤ්ඤයේ මලගා නගරයේ සිට නැගෙනහිර ස්පාඤ්ඤයේ වැලෙන්සියා දක්වා වන ප්‍රදේශයේ විශාල ගංවතුර තත්වයක් ඇති විය.

ශ්‍රී ලංකාවේ සංවර්ධන අවශ්‍යතා පිළිබඳ සම්පූර්ණ ඇගයීමක් කිරීමට චීනය කටයුතු කරනවා - ශ්‍රී ලංකාවේ චීන තානාපති

නව වසරේදී ශ්‍රී ලංකාවේ නව රජයේ සංවර්ධන අවශ්‍යතා පිළිබඳ සම්පූර්ණ ඇගයීමක් කිරීමට චීන රජය කටයුතු කරන බවත්, එහිදී ශ්‍රී ලාංකිකයින් වැඩි පිරිසකට චීනයේ දී පුහුණු ලබාදීමටත් එම පුහුණු වැඩසටහන් නිශ්චිත විෂයන්ට අදාළව වඩාත් ඵලදායී ආකාරයට සිදුකිරීමට අපේක්ෂා කරන බවත් මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පවසයි.

බොරු කියපු නිසා හරිනි අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි - හිටපු ජනපති රනිල් කියයි

උදය ආර් සෙනෙවිරත්න වාර්තාව සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ධුරයෙන් හරිනි අමරසූරිය මහත්මිය ඉල්ලා අස්විය යුතු බවත් අසත්‍ය පැවසූ පසු ඉල්ලා අස්වීම සම්ප්‍රදායක් බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"The Island" පුවත් පතේ ලින් ඔකර්ස් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන්නන් විසින් මෙහෙයවනු ලබන්නෙක්දැයි සැකයි - ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය

අද (31) "The Island" පුවත් පතේ පලවූ "Economic stress set to heighten globally as conflicts rage (ගැටුම් උග්‍ර වන විට ගෝලීය වශයෙන් ආර්ථික පීඩනය ඉහළ යයි)" ලිපියේ සඳහන් සාවද්‍ය කරුණු සම්බන්ධයෙන් රුසියානු තානාපති කාර්යාලය සිය නොසතුටට පළ කර සිටියි.

කියුබාවට අත නොතබනු!එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ලෝක ජනයා ඇමරිකාවට තදින් කියයි

දශක හයකට වැඩි කාලයක් කියුබාවට එරෙහිව වොෂින්ටනය පනවා ඇති සම්බාධකවලට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව නැවත වරක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී ඊයේ(30) ඔවුන්ගේ ඡන්දය ප්‍රකාශ කළේය.

පාස්කු ප්‍රහාර විමර්ශන කමිටු වාර්තාවලින් චෝදනා ලැබූ රවි, ශානි රජයේ ඉහළ තනතුරුවල රඳවා ගැනීම සදාචාරාත්මක ද? - ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ජනපති අනුරගෙන් අසයි

පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනකි අල්විස් කොමිසමේ නිර්දේශ නිරාවරණය වූ පසුව ශානි අබේසේකර හා රවි සෙනවිරත්න යන අයවළුන් තවදුරටත් පාස්කු ප්‍රහාරය සෙවීමේ කාර්යයට සහ පොලිසියේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහල තනතුරුවල රඳවා ගැනීම සදාචාරාත්මක නොවන බව පෙන්වා දෙමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ජනාධිපතිවරයා වෙත නිවේදනයක් යොමුකර තිබේ.

මග පෙන්වන විපක්ෂයක භූමිකාව ඉෂ්ඨ කිරීම වෙනුවෙන් මැතිවරණයට ඉදිරිපත් වෙනවා... තරුණ්‍යයේ හීන මියගිය බිමක එම හීන යථාර්ථයක් කිරීම වෙනුවෙන් කැප වෙනවා - උවිඳු මහනුවරදී කියයි

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දෙවන පරපුර පක්ෂයෙන් මහනුවර දිස්ත්‍රික්කයට තරග වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමේ ජනහමු මාලාව දෙවන පරපුරේ නායක, උවිඳු විජේවීර මහතාගේ සහභාගීත්වයෙන් පෙරේදා (29) දින දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි පැවැත්විණි.

රන්ජන්ගේ පක්ෂය පුපුරයි! ඇතුළේ ගේම් රැසක් හෙළිවෙයි (වීඩියෝ)

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂය කාගෙදැයි ප්‍රශ්නයක් මතුවී ඇති බවත්, ව්‍යවස්ථාව කුමන පක්ෂයකදැයි ප්‍රශ්නයක් පැන නැගී ඇති බවත් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ අපේක්ෂකයන් ප්‍රශ්න කරයි.

රවි සහ ශානි පාස්කු ප්‍රහාරයේ විමර්ශන සිදු කළ යුතුම යැයි ආණ්ඩුව කියන්නේ ඊබ්‍රහීම්ව බේරගන්න... තමන්ගේ සගයන් බේරාගන්න ආණ්ඩුව රටේ නීතියේ ආධිපත්‍ය කුඩුපට්ටම් කරන්න සැරසෙනවා - ගම්මන්පිලගෙන් ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක් (වීඩියෝ)

ආණ්ඩුව පාස්කු ප්‍රහාරය පිළිබඳව විර්ශනය කළ කමිටු වාර්තා දෙකම ප්‍රතික්ෂේපකර ඇති බවත්, අල්විස් කමිටු වාර්තාව ප්‍රතික්ෂේප කරන අවස්ථාවේ විජිත හේරත් ඇමැතිවරයා හේතුව ලෙස පැවසුවේ සභාපති විනිසුරුවරියට විෂමාචාර චෝදනා ඇති නිසා එම කමිටු වාර්තාව ප්‍රතික්ෂේප කරන බව යැයි ද, එහෙත් එම විනිසුරුවරිය විෂමාචාර චෝදනාවට වැරැදිකරු බවට ඔප්පුකරන ලෙස තමන් පැවසූ විට ඇමැතිවරයා නිහඩව සිටි බවත්, එබැවින් ඔහු පැවසූ බොරුව දැන් හෙළිවී ඇති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය නගාසිටුවීමට රුසියාවේ සහාය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති පොරොන්දු වෙයි

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් සංවිධානය කරන ලද “Gem Sri Lanka 2025 ප්‍රදර්ශනය” හඳුන්වාදීමේ වැඩසටහනට ඊයේ(29) දින රුසියානු තානාපති ලෙවන් ධගාරියන් මහතා සහභාගී විය.

අනාගත චීන-එක්සත් ජනපද සබඳතා මහා බල ගැටුමේ ඛේදවාචකය සම්බන්ධයෙන් මම ඉදිරිපත් කරන න්‍යාය වැරදි බව ඔප්පු ඇතැයි මම බලාපොරොත්තු වනවා- චිකාගෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජෝන් මර්ෂයිමර්

2024 වර්ෂයේ ඔක්තෝබර් මස මැද භාගයේදී, චිකාගෝ විශ්ව විද්‍යාලයේ, 77 හැවිරිදි මහාචාර්ය John Mearsheimer (ජෝන් මර්ෂයිමර්) චීනයේ චාරිකාවක නිරත විය. ඔහු චීන විශ්ව විද්‍යාල කිහිපයක දේශන පැවැත්වූ අතර සින්හුවා විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ‍Yan Xuetong සමඟ ගෝලීය අනුපිළිවෙල සහ එක්සත් ජනපද-චීන ​​සබඳතා පිළිබඳ විවාදයක නිරත විය. ඡායාරූප ගැනිමට සහ සුහද සාකච්ඡාවට වෙන් කර තිබූ කාලය අතරතුර, චීන පාඨකයින් විසින් ඔහුව උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

රනිල්ට උත්තර දෙන්න හරිනි බබාට බැරිනම් විජිත හේරත්ට හෝ අනුර දිසානායකට කොන්ද පණ තියෙන්න ඕනෙ! - ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාර

"සියල්ල හරියට කරලා රට බාරදුන්නා... දැන් තියෙන්නෙ කරගෙන යන්න පමණයි... හරිනි ව්‍යවස්ථාව දන්නේ නැතිනම් කියල දෙන්න පුලුවන්" යැයි හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකළ ප්‍රකාශය පිළිබඳව අගමැති හරිනි අමරසූරිය විසින් පිළිතුරු නොබැඳීම පිළිබඳව ලංකා ලීඩර් පාඨකයන් විසින් අදහස් යොමුකරති. එම අදහස්වල සම්පිණ්ඩනය මෙසේ දැක්විය හැකිය.

විජිත හේරත් ඇමැතිවරයා සතුරන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු බැඳීම වෙනුවට තමන් කරන්නේ කුමක්දැයි කියනවා නම් වඩා හොඳයි - ජාතික සංවිධානවලින් අවවාදයක්

නව රජය විසින් මුදල් අච්චු ගැසීම පිළිබඳව එල්ලවන චෝදනා සහ ඊට අමාත්‍ය විජිත හේරත් ලබාදෙන පිළිතුරු පිළිබඳ ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.