
සංකේත ඔක්කොම දේශපාලනයට අරන් ඉවරයි... ඉතුරුවෙලා තිබුනෙ 'බෝල් ගාඩ්' එක විතරයි... - මහේලට 'බෝල් ගාඩ්' එකෙන් ඡන්දෙට එන්න හිතපු කතාව කියයි
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන දේශපාලනය සම්බන්ධයෙන් විහිළුවක් කරමින් කියාසිටියේ තමාට සහ තම මිතුරන්ට ඉදිරියේදී ‘බෝල් ගාඩ්'(ක්‍රිකට් ක්‍රීඩාවේදී පිතිකරුවකු සිය මෞත්‍ර-ලිංගික අවයව ආරක්ෂා කරගැනීම සඳහා පළඳින ආරක්ෂක වැස්ම) ලකුණින් තරග කිරීමට සිදුවිය හැකි බවයි.
තරුණ ව්‍යවසායකයන්ගේ නායකත්ව සංසදය 2024 අමතමින් මහේල ජයවර්ධන පැවසුවේ, “ඔබ සැම ලබන 14 වැනිදා මට ඡන්දය දෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා” යනුවෙනි.
“හැමෝම කල්පනා කරන්නේ පක්ෂය මොකක්ද කියලා. මගේ මිතුරන් කිහිප දෙනෙක්, අපි හිතුවා අපි මේක උත්සාහ කරන්න. අපි පක්ෂයක් නිර්මාණය කර යම් උද්දීපනයක් ඇති කරන්න හිතුවා, නමුත් අවාසනාවකට, සියලුම නම් අරගෙන තියෙන්නේ.
ඊට පස්සේ අපි හිතුවා, හරි, අපි සංකේතයකින් පටන් ගනිමු කියලා. ඉතා පැහැදිලිව පෙනෙන දෙයක් තමයි, ක්‍රිකට් පිත්ත. ඒත් ඒක අවුරුදු කීපයකට කළින් අරගෙන. ක්‍රිකට් බෝලයත් ගත්තා. අපි ගූගල් කරලා බැලුවා එයාලට [ඒ පක්ෂවලට] ක්‍රිකට් වලට කිසිම සම්බන්ධයක් නෑ. මගේ මිත්‍රයෙක් කිව්වා සංකේතයක් විදිහට ගන්න පුළුවන් එකම දේ බෝල් ගාඩ් එක බව. ඒකයි අපේ දේශපාලන හීන නැතිවුණේ” යැයි මහේල ජයවර්ධන විහිළු කළේය.
මැතිවරණයකට ඉදිරිපත් වීමට තමාට කිසිදු අපේක්ෂාවක් නොමැති බවද ඔහු පැහැදිලි කළේය.
“ඔබලා හැමෝම ආරක්ෂිතයි. අඩුම තරමින් තව අවුරුදු පහකටවත්. දේශපාලනඥයෙක් වෙන්න මගේ කිසිම බලාපොරොත්තුවක්නැහැ,” මහේල වැඩිදුරටත් සඳහන් කළේය.
මූලාශ - ceylonwire
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
