සංකේත ඔක්කොම දේශපාලනයට අරන් ඉවරයි... ඉතුරුවෙලා තිබුනෙ 'බෝල් ගාඩ්' එක විතරයි... - මහේලට 'බෝල් ගාඩ්' එකෙන් ඡන්දෙට එන්න හිතපු කතාව කියයි
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන දේශපාලනය සම්බන්ධයෙන් විහිළුවක් කරමින් කියාසිටියේ තමාට සහ තම මිතුරන්ට ඉදිරියේදී ‘බෝල් ගාඩ්'(ක්‍රිකට් ක්‍රීඩාවේදී පිතිකරුවකු සිය මෞත්‍ර-ලිංගික අවයව ආරක්ෂා කරගැනීම සඳහා පළඳින ආරක්ෂක වැස්ම) ලකුණින් තරග කිරීමට සිදුවිය හැකි බවයි.
තරුණ ව්‍යවසායකයන්ගේ නායකත්ව සංසදය 2024 අමතමින් මහේල ජයවර්ධන පැවසුවේ, “ඔබ සැම ලබන 14 වැනිදා මට ඡන්දය දෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා” යනුවෙනි.
“හැමෝම කල්පනා කරන්නේ පක්ෂය මොකක්ද කියලා. මගේ මිතුරන් කිහිප දෙනෙක්, අපි හිතුවා අපි මේක උත්සාහ කරන්න. අපි පක්ෂයක් නිර්මාණය කර යම් උද්දීපනයක් ඇති කරන්න හිතුවා, නමුත් අවාසනාවකට, සියලුම නම් අරගෙන තියෙන්නේ.
ඊට පස්සේ අපි හිතුවා, හරි, අපි සංකේතයකින් පටන් ගනිමු කියලා. ඉතා පැහැදිලිව පෙනෙන දෙයක් තමයි, ක්‍රිකට් පිත්ත. ඒත් ඒක අවුරුදු කීපයකට කළින් අරගෙන. ක්‍රිකට් බෝලයත් ගත්තා. අපි ගූගල් කරලා බැලුවා එයාලට [ඒ පක්ෂවලට] ක්‍රිකට් වලට කිසිම සම්බන්ධයක් නෑ. මගේ මිත්‍රයෙක් කිව්වා සංකේතයක් විදිහට ගන්න පුළුවන් එකම දේ බෝල් ගාඩ් එක බව. ඒකයි අපේ දේශපාලන හීන නැතිවුණේ” යැයි මහේල ජයවර්ධන විහිළු කළේය.
මැතිවරණයකට ඉදිරිපත් වීමට තමාට කිසිදු අපේක්ෂාවක් නොමැති බවද ඔහු පැහැදිලි කළේය.
“ඔබලා හැමෝම ආරක්ෂිතයි. අඩුම තරමින් තව අවුරුදු පහකටවත්. දේශපාලනඥයෙක් වෙන්න මගේ කිසිම බලාපොරොත්තුවක්නැහැ,” මහේල වැඩිදුරටත් සඳහන් කළේය.
මූලාශ - ceylonwire
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්‍ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති