
පාස්කු ප්‍රහාර විමර්ශන කමිටු වාර්තාවලින් චෝදනා ලැබූ රවි, ශානි රජයේ ඉහළ තනතුරුවල රඳවා ගැනීම සදාචාරාත්මක ද? - ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ජනපති අනුරගෙන් අසයි
පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනකි අල්විස් කොමිසමේ නිර්දේශ නිරාවරණය වූ පසුව ශානි අබේසේකර හා රවි සෙනවිරත්න යන අයවළුන් තවදුරටත් පාස්කු ප්‍රහාරය සෙවීමේ කාර්යයට සහ පොලිසියේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහල තනතුරුවල රඳවා ගැනීම සදාචාරාත්මක නොවන බව පෙන්වා දෙමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ජනාධිපතිවරයා වෙත නිවේදනයක් යොමුකර තිබේ.
එම සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස මහතා මෙම ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ මොහොමඩ් ඊබ්‍රාහිම් හට ජාතික ලයිස්තු අපේක්ෂකත්වයක් ලබාදීම යම් ආකාරයකින් සාධරණීයකරණය කල හැකි වුවද, ශානී අබේසේකර සහ රවි සෙනවිරත්න හට එල්ලවී ඇති චෝදනා මත ඔවුන් වෙනුවෙන් ජනාධිපතිවරයාට එවන් සාධාරණීය කිරීමක් කළ හැකි නොවනු ඇති බවයි.
අදාළ නිවේදනය පහළින්...
ජනාධිපතිතුමනි,
පාස්කු ප්‍රහාරකයන්ගේ පියාවූ මොහොමඩ් ඊබ්‍රාහිම් 2015 මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ ජාතික ලයිස්තුවට ඇතුලත් කිරීමේදී ඔහුගේ පසුබිම එවැනි අපරාධයකට සම්බන්ධ වේ යැයි අනුමාන කිරීමක් කළ නොහැකි යැයි පැවසීම ඉතා තර්කානුකූල කරුණකි.
එසේම, ශානි අබේසේකර සහ රවි සෙනවිරත්න යන දෙදෙනාද පසුගිය ජනාධිපති මැතිවරණ සමයේ ඔබට සහයෝගය දීම සහ ඔබලාගේ පක්ෂයේ රණවිරු සංසදයේ කටයුතු කිරීමද ඒ වනවිට ඔවුන්ට පාස්කු ප්‍රහාරයට සම්බන්ධව සිටීම පිළිබඳව චෝදනා නොතිබූ බැවින් පාස්කු ප්‍රහාරය සම්බන්ධව යලි පරීක්ෂණ කිරීම සඳහා පත්කිරීමට සැළසුම්කර තිබීමද අනුචිත නොවේ.
එසේම, ඔබගේ පදවිප්‍රාප්තියෙන් පසුව ශානි අබේසේකරට හා රවි සෙනවිරත්නයන් (ඔහුට ඇති අනෙක් චෝදනාව නොමැති යැයි උපකල්පනයෙන්) හට පොලිසියේ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තනතුරු ලබාදෙමින් ඔවුන්ව පාස්කු ප්‍රහාරය පිළිබඳව යළි විමර්ෂණය සඳහා යෙදවීමද අනුචිත නොවේ.
එහෙත්, පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනකි අල්විස් කොමිසමේ නිර්දේශ නිරාවරණය උන පසුව ශානි අබේසේකර හා රවි සෙනවිරත්නයන් තවදුරටත් පාස්කු ප්‍රහාරය සෙවීමේ කාර්යයට සහ පොලිසියේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහල තනතුරුවල රඳවා ගැනීම සදාචාරාත්මක නොවේ.
මොහොමඩ් ඊබ්‍රාහිම් හට ජාතික ලයිස්තු අපේක්ෂකත්වයක් ලබාදීම සාධරණීයකරණය කල හැකි වුවද, ශානී සහ රවි හට එල්ලවී ඇති චෝදනා මත ඔවුන් වෙනුවෙන් ඔබ හට එවන් සාධාරණීය කිරීමක් කළ හැකි නොවනු ඇත.
ගෝඨාභය රජය සිදුකළ සමහර පත්වීම් ඔහුටම ආපසු විනාශය සඳහා හේතුවූ සේම මෙම පත්වීම් ද්විත්වයද ඔබ හට එරෙහිව කෙදිනක හෝ බලපානු ඇත.
එබැවින්, දශක හයකට වැඩි කාළයක් උත්සාහයකින් සේම වසර පහක උත්තේජනයකින් ලබාගත් ඔබලාගේ ජයග්‍රහණය අත්තනෝමතිකව ගිලිහී යන්නට ඉඩ නොතබනු ඇතැයි විශ්වාස කරමි.
යසස් ධර්මදාස
විධායක ලේකම්, ගෝලීය ශ්‍රී ලාංකික සංසදය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..
රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට..
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
