පාස්කු ප්‍රහාර විමර්ශන කමිටු වාර්තාවලින් චෝදනා ලැබූ රවි, ශානි රජයේ ඉහළ තනතුරුවල රඳවා ගැනීම සදාචාරාත්මක ද? - ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ජනපති අනුරගෙන් අසයි
පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනකි අල්විස් කොමිසමේ නිර්දේශ නිරාවරණය වූ පසුව ශානි අබේසේකර හා රවි සෙනවිරත්න යන අයවළුන් තවදුරටත් පාස්කු ප්‍රහාරය සෙවීමේ කාර්යයට සහ පොලිසියේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහල තනතුරුවල රඳවා ගැනීම සදාචාරාත්මක නොවන බව පෙන්වා දෙමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ජනාධිපතිවරයා වෙත නිවේදනයක් යොමුකර තිබේ.
එම සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස මහතා මෙම ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ මොහොමඩ් ඊබ්‍රාහිම් හට ජාතික ලයිස්තු අපේක්ෂකත්වයක් ලබාදීම යම් ආකාරයකින් සාධරණීයකරණය කල හැකි වුවද, ශානී අබේසේකර සහ රවි සෙනවිරත්න හට එල්ලවී ඇති චෝදනා මත ඔවුන් වෙනුවෙන් ජනාධිපතිවරයාට එවන් සාධාරණීය කිරීමක් කළ හැකි නොවනු ඇති බවයි.
අදාළ නිවේදනය පහළින්...
ජනාධිපතිතුමනි,
පාස්කු ප්‍රහාරකයන්ගේ පියාවූ මොහොමඩ් ඊබ්‍රාහිම් 2015 මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ ජාතික ලයිස්තුවට ඇතුලත් කිරීමේදී ඔහුගේ පසුබිම එවැනි අපරාධයකට සම්බන්ධ වේ යැයි අනුමාන කිරීමක් කළ නොහැකි යැයි පැවසීම ඉතා තර්කානුකූල කරුණකි.
එසේම, ශානි අබේසේකර සහ රවි සෙනවිරත්න යන දෙදෙනාද පසුගිය ජනාධිපති මැතිවරණ සමයේ ඔබට සහයෝගය දීම සහ ඔබලාගේ පක්ෂයේ රණවිරු සංසදයේ කටයුතු කිරීමද ඒ වනවිට ඔවුන්ට පාස්කු ප්‍රහාරයට සම්බන්ධව සිටීම පිළිබඳව චෝදනා නොතිබූ බැවින් පාස්කු ප්‍රහාරය සම්බන්ධව යලි පරීක්ෂණ කිරීම සඳහා පත්කිරීමට සැළසුම්කර තිබීමද අනුචිත නොවේ.
එසේම, ඔබගේ පදවිප්‍රාප්තියෙන් පසුව ශානි අබේසේකරට හා රවි සෙනවිරත්නයන් (ඔහුට ඇති අනෙක් චෝදනාව නොමැති යැයි උපකල්පනයෙන්) හට පොලිසියේ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තනතුරු ලබාදෙමින් ඔවුන්ව පාස්කු ප්‍රහාරය පිළිබඳව යළි විමර්ෂණය සඳහා යෙදවීමද අනුචිත නොවේ.
එහෙත්, පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනකි අල්විස් කොමිසමේ නිර්දේශ නිරාවරණය උන පසුව ශානි අබේසේකර හා රවි සෙනවිරත්නයන් තවදුරටත් පාස්කු ප්‍රහාරය සෙවීමේ කාර්යයට සහ පොලිසියේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහල තනතුරුවල රඳවා ගැනීම සදාචාරාත්මක නොවේ.
මොහොමඩ් ඊබ්‍රාහිම් හට ජාතික ලයිස්තු අපේක්ෂකත්වයක් ලබාදීම සාධරණීයකරණය කල හැකි වුවද, ශානී සහ රවි හට එල්ලවී ඇති චෝදනා මත ඔවුන් වෙනුවෙන් ඔබ හට එවන් සාධාරණීය කිරීමක් කළ හැකි නොවනු ඇත.
ගෝඨාභය රජය සිදුකළ සමහර පත්වීම් ඔහුටම ආපසු විනාශය සඳහා හේතුවූ සේම මෙම පත්වීම් ද්විත්වයද ඔබ හට එරෙහිව කෙදිනක හෝ බලපානු ඇත.
එබැවින්, දශක හයකට වැඩි කාළයක් උත්සාහයකින් සේම වසර පහක උත්තේජනයකින් ලබාගත් ඔබලාගේ ජයග්‍රහණය අත්තනෝමතිකව ගිලිහී යන්නට ඉඩ නොතබනු ඇතැයි විශ්වාස කරමි.
යසස් ධර්මදාස
විධායක ලේකම්, ගෝලීය ශ්‍රී ලාංකික සංසදය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා