අනාගත චීන-එක්සත් ජනපද සබඳතා මහා බල ගැටුමේ ඛේදවාචකය සම්බන්ධයෙන් මම ඉදිරිපත් කරන න්‍යාය වැරදි බව ඔප්පු ඇතැයි මම බලාපොරොත්තු වනවා- චිකාගෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජෝන් මර්ෂයිමර්
(John Mearsheimer Photo: Zhao Juecheng/GT)2024 වර්ෂයේ ඔක්තෝබර් මස මැද භාගයේදී, චිකාගෝ විශ්ව විද්‍යාලයේ, 77 හැවිරිදි මහාචාර්ය John Mearsheimer (ජෝන් මර්ෂයිමර්) චීනයේ චාරිකාවක නිරත විය. ඔහු චීන විශ්ව විද්‍යාල කිහිපයක දේශන පැවැත්වූ අතර සින්හුවා විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ Yan Xuetong සමඟ ගෝලීය අනුපිළිවෙල සහ එක්සත් ජනපද-චීන සබඳතා පිළිබඳ විවාදයක නිරත විය. ඡායාරූප ගැනිමට සහ සුහද සාකච්ඡාවට වෙන් කර තිබූ කාලය අතරතුර, චීන පාඨකයින් විසින් ඔහුව උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
Mearsheimer යනු ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ප්‍රමුඛ යථාර්ථවාදී විශාරදයෙකි. මහා බලවතුන් අතර ගැටුමක් නොවැළැක්විය හැකි බවට අදහස් දක්වන ඔහුගේ 2001 වර්ෂයේ එළිදක්වූ "The Tragedy of Great Power Politics" නම් ග්‍රන්ථය ඔහු කෙරෙහි දැවැන්ත පිළිගැනීමක් ඇතිවීමට හේතුවිය. ඔහු ඉදිරිපත් කළ පර්යාලෝක්ය මහා බල සබඳතා පිළිබඳ සැලකිය යුතු විවාදයක් ඇති කර තිබේ.
වසර 20කට වැඩි කාලයකට පසුව, ජාත්‍යන්තර භූ දේශපාලන දර්ශනය නාටකාකාර ලෙස වෙනස් වී ඇත, නමුත් Mearsheimer ගේ අදහස් නොවෙනස්ව පවතී. Beijing හි Global Times වාර්තාකරුවන් වන Liu Xin, Zhao Juecheng සහ Yang Sheng සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී, Mearsheimer එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය විවේචනය කරමින්, චීන-එක්සත් ජනපද සබඳතා සහ යුක්රේන අර්බුදය වැනි වර්තමාන ගැටළු පිළිබඳව ඔහුගේ කනස්සල්ල ජනගත කළේය. ඇමෙරිකාව සහ චීනය අතර ආරක්ෂක තරගය තවත් තීව්‍ර වනු ඇතැයි ද එම සාකච්ඡාවේදී ඔහු අනාවැකි පළ කළේය.
දේශපාලකයෙකුට වඩා විද්වතෙක් ලෙස සැලකෙන Mearsheimer ඔහු ඉදිරිපත් කරන න්‍යාය සම්බන්ධයෙබ් විශ්වාසය තබන නමුත් ඔහුගේ න්‍යාය සම්බන්ධයෙන් විවාදයට විවෘත බව අවධාරණය කළේ, ඔහුගේ න්‍යාය වැරදි බව ඔප්පු කරන අනාගත චීන-එක්සත් ජනපද සබඳතාවන් අපේක්ෂා කරන බව පවසමිනි. පහත දැක්වෙන්නේ Mearsheimer සමඟ කළ සම්මුඛ සාකච්ඡාවේ කොටසකි.
පරිවර්තනය: ජීවන්ත ජයතිස්ස
එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය අවුල් ජාලයක් ඇති කරනවා
GT: මෑත වසරවලදී චීනය ගෝලීය තත්වය විස්තර කර ඇත්තේ "සියවසකින් නොදුටු දැවැන්ත වෙනසක්" ලෙසයි. මේ සම්බන්ධයෙන් වන ඔබගේ කියවීම කෙලෙසද?
Mearsheimer: මම හිතන්නේ එය තමයි සත්‍ය. පද්ධතියේ ව්‍යුහය මූලික වශයෙන් වෙනස් වී තිබෙනවා.
මම තරුණ වියේදී ලෝකය ද්වි ධ්‍රැවීය වූ ලෝකයක්. එක්සත් ජනපද-සෝවියට් රුසියා තරඟය ජාත්‍යන්තර දේශපාලනය නිර්වචනය කිරීමට විශාල වශයෙන් දායක වූවා. නමුත් 1991 දෙසැම්බරයේදී සෝවියට් සංගමය අතුරුදහන් වූ අතර, අපි ද්විධ්‍රැව ලෝකයකින් ඒක ධ්‍රැව ලෝකයකට අවතීර්ණ වූවා. 2017 දී පමණ එම ඒක ධ්‍රැව ලෝකය අවසන් වූ අතර අපි බහු ධ්‍රැවීය ලෝකයකට අළුතින් පිය තැබුවා.ඒ අනුව පෘථිවියේ එකම මහා බලවතා එක්සත් ජනපදය වූ ලෝකයක සිට අපි එක්සත් ජනපදය, චීනය සහ රුසියාව මහා බලවතුන් වූ ලෝකයකට පිය තැබුවා.
දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු ඔබ ඒක ධ්‍රැවීය ලෝකයක සිට බහු ධ්‍රැවීය ලෝකයකට ලෝක ජනයා අවතීර්ණවන වීමේදී, අපි බහු ධ්‍රැවීය ලෝකයකට මුහුණ දුන් පළමු අවස්ථාව මෙයයි.
චීන-එක්සත් ජනපද සබඳතාවල තිබෙන වෙනස ද විශාල වී තිබෙනවා. ඒක ධ්‍රැව යුගයේදී, චීන-එක්සත් ජනපද සබඳතා සාමාන්‍යයෙන් ඉතා යහපත් මට්ටමක තිබුණි. ඉන්පසුව ලෝකය ඒක ධ්‍රැවීයතාවයේ සිට බහු ධ්‍රැවීයත්වයට ගමන් කරන විට, චීනය මහා බලවතෙකු වී එක්සත් ජනපදයේ සම තරඟකරුවෙකු බවට පත්වූවා. එම සන්දර්භය තුළ එක්සත් ජනපදය හා චීනය අතර සබඳතා මූලික වශයෙන් වෙනස් වී වඩාත් ගැටුම්කාරී බවට පත්වී තිබෙනවා.
GT: මේ අවස්ථාවේ සංකීර්ණ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් ඔබේ මූලික අවධානය කුමක්ද?
Mearsheimer: මම ප්‍රධාන ප්‍රශ්න තුනක් සම්බන්ධව සැලකිලිමත් වෙනවා. ඉන් පළමු වැන්න චීන-ඇමරිකා සබඳතාවය වනවා. සම්බන්ධතාවය දැඩි ලෙස තරඟකාරී වනු ඇතැයි මම බොහෝ කලක සිට මතු කරමින් සිටියා. මේ තරඟය යුද්ධයක් බවට පත් වීමට ඉඩ තිබීම මගේ කනස්සල්ලට හේතු වෙනවා. එය සිදු වනවා දැකීමට මට අවශ්‍ය නැහැ.
යුක්රේනයේ යුද්ධය සහ එක්සත් ජනපදය සහ නේටෝව ගැටුමට අවතීර්ණ වීමට තිබෙන ඉඩ කඩ තීව්‍ර වීමේ හැකියාව සම්බන්ධයෙන් ද මම දැඩි කනස්සල්ලට පත්ව සිටිනවා. එක් පැත්තකින් රුසියාව සහ අනෙක් පැත්තෙන් යුක්රේනය සහ බටහිරයන් අතර ගැටුම දශක ගණනාවක් පුරා පැවතීමට විශාල ඉඩකඩක් තිබෙනවා. එක්සත් ජනපදය යුක්රේනයේ තත්වය හැසිරවීම සඳහා භයානක කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. යුක්රේන-රුසියා යුද්ධය ඇති කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය ප්‍රධාන වශයෙන් වගකිව යුතුය.
ඒවගේම මම මැදපෙරදිග ගැනත්, එහි සිදුවන යුද්ධ ගැනත් සැලකිලිමත් වෙනවා. සිදු විය නොහැකි වුවද යුක්රේනයේ සිදු වනවා මෙන්, එක්සත් ජනපදය හා රුසියාව මැද පෙරදිග යුද්ධයකට ඇද දැමිය හැකි තත්වයක් මා දකිනවා.
GT: එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය ගෝලීය ස්ථාවරත්වයට හෝ ව්‍යාකූලත්වය වර්ධනය කිරීමට දායක වන බව ඔබ සිතනවාද?
Mearsheimer: ඔබට ඇසූ කරුණු දෙකෙන් එකක් තෝරා ගැනීමට සිදුවුවහොත් ව්‍යාකූලත්වය වර්ධනය කළේ යැයි තෝරා ගැනීමට සිදුවෙනවා. එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය යුක්රේනයේ සහ මැද පෙරදිග අවුල් ජාලාවක් ඇති කර තිබෙනවා. එක්සත් ජනපදය මූලික වශයෙන් වෙනස් ආකාරයකින් ක්‍රියා කළ යුතුව තිබුණා.
යුක්රේනයේ යුද්ධයට ප්‍රධාන හේතුව වූයේ යුක්රේනය නේටෝව වෙත ගොනු කිරීමට බටහිරයන් ගත් උත්සාහයයි. එම තීරණය පිටුපස සිටි ගාමක බලවේගය වූයේ එක්සත් ජනපදයයි. රුසියානුවන් මුල සිටම එය පිළිගත නොහැකි බව පැහැදිලි කළා. කෙසේ වෙතත්, අපි(අමෙරිකා එක්සත් ජනපදය ) යුක්රේනය නේටෝව වෙත ගොනු කිරීම සඳහා දිගටම තල්ලු කරමින් සිටිනවා.
යුද්ධය නවතා දැමීමට උත්සාහ කරනවා වෙනුවට, එක්සත් ජනපදය උත්සාහ කර ඇත්තේ, යුක්රේනයට රුසියානුවන් පරාජය කළ හැකියාව ඇතැයි තහවුරු කිරීමේ අරමුණින් යුද්ධය ඉදිරියට තල්ලු කිරීමටයි. එක්සත් ජනපදය යුක්රේනය නේටෝවට ගොනු කිරීමට උත්සාහ නොකළ යුතුව තිබුණා. යුද්ධය ආරම්භ වූ පසු, යුද්ධය වැළැක්වීමට එක්සත් ජනපදයට බොහෝ දේ කළ හැකිව තිබුණා.
මැදපෙරදිග සම්බන්ධයෙන් ගත් කල, මැදපෙරදිග ප්‍රශ්නයට මූලික හේතුව වන පලස්තීන රාජ්‍යය පිළිගැනීම සඳහා ඊශ්‍රායලය තල්ලු කිරීමට එක්සත් ජනපදයට බොහෝ දේ කළ හැකිව තිබුණා. එක්සත් ජනපදය දැන් උත්සාහ කළ යුත්තේ ගාසා තීරයේ යුද්ධය වැලැක්වීමට, හිස්බුල්ලා ඉලක්ක කර කරණු ලබන යුද්ධය අවසන් කිරීමට සහ එක් පැත්තකින් ඉරානය සහ අනෙක් පැත්තෙන් එක්සත් ජනපදය හා ඊශ්‍රායලය සම්බන්ධ කර ගනිමින් දිග හැරෙන යුද්ධය වහාම අවසන් කිරීමට වග බලා ගැනීමයි. නමුත් ඇමරිකාව එහෙම කරන්නේ නැහැ. මැදපෙරදිග කළාපයේ වැඩි වැඩියෙන් අවුල් ඇති කිරීමට එක්සත් ජනපදය ඊශ්‍රායෙල්වරුන්ට උදව් කරනවා.
ඔබ ලෝක වේදිකාවේ අපගේ කාර්ය සාධනය දෙස නිරීකෂණය කළහොත්, අපි(අමෙරිකා එක්සත් ජනපදය ) ජාත්‍යන්තර ස්ථාවරත්වය ඇති කිරීමට දායක නොවී අවුල් ජාලයක් ඇති කිරීමට දායක වී තිබෙනවා.
GT: තාක්ෂණයේ දියුණුව මානව ඉතිහාසයේ ගමන් මග නැවත නැවතත් වෙනස් කර තිබෙනවා. තවත් කීර්තිමත් යථාර්ථවාදියෙකු වන හෙන්රි කිසිංගර් ද ජාත්‍යන්තර සබඳතා කෙරෙහි කෘතිම බුද්ධියේ බලපෑම කෙරෙහි අවධානය යොමු කිරීමට ඔහුගේ පසු කාලීන අධ්‍යනයන් මගින් පටන් ගත්තා. කෘත්‍රීම බුද්ධිය හෝ වෙනත් නැගී එන තාක්ෂණයන් "මහා බල දේශපාලනයේ ඛේදවාචකය" වෙනස් කළ හැකි යැයි ඔබ සිතනවාද?
Mearsheimer: මම හිතන්නේ නැහැ කෘත්‍රීම බුද්ධිය මහා බල දේශපාලනයේ ඛේදවාචකය පරිවර්තනය කරාවි යැයි කියා. අපට මේ ඛේදවාචකයට මුහුණ දීමට සිදු වන්නේ ඇයි? ඒ යම් කිසි රාජ්‍යයක් අමාරුවේ වැටුණොත් එය ගලවා ගැනීමට ජාත්‍යන්තර ක්‍රමය තුළ ඉහළ අධිකාරියක් නොමැති නිසායි. ඒ අතරම, ජාත්‍යන්තර ක්‍රමය තුළ, සමහර විට ඔබ කෙරෙහි නරක චේතනා දරා සිටින බලවත් රාජ්‍යයන් වලට මුහුණ දීමට ඔබට සිදුවනු ඇත.
කෘත්‍රීම බුද්ධිය ඉහත කී ගැටලුව විසඳන්නේ නැහැ. අපට අවශ්‍ය වන්නේ ඉහළ අධිකාරියක්. ඔබව ආරක්ෂා කළ හැකි රාත්‍රී මුරකරුවෙකු අපට අවශ්‍යයි. ඔබට ඉහළ අධිකාරියක් නොමැති තාක් කල්, කෘත්‍රීම බුද්ධිය වැදගත් වන්නේ නැහැ.
කෘත්‍රීම බුද්ධිය මගින් ආරක්‍ෂක තරගයක් ඇති කරන ආකාරය කෙරෙහි සැලකිය යුතු ලෙස බලපෑමක් කළ හැකියි. න්‍යෂ්ටික අවි එය හරියටම කරනු ලැබුවා. න්‍යෂ්ටික අවි, එක්තරා ආකාරයකට විප්ලවවාදී අවි වනවා. ඒවා මහා විනාශකාරී ආයුධ. න්‍යෂ්ටික අවි වල පරිමාණයෙන් විනාශයක් ඇති කරන දෙයක් අවියක් අපි කවදාවත් දැක නැහැ. තවද න්‍යෂ්ටික අවි රාජ්‍යයන් එකිනෙකා සමඟ අන්තර් ක්‍රියා කරන ආකාරය මත සියලු ආකාරයේ ප්‍රතිවිපාක ඇති කරනවා.
කෙසේ වෙතත්, න්‍යෂ්ටික අවි ජාත්‍යන්තර දේශපාලනයේ මූලික ස්වභාවය වෙනස් කරන්නේ නැහැ. අපි අද ජීවත් වෙන්නේ න්‍යෂ්ටික ලෝකයක. න්‍යෂ්ටික අවි නොතිබූ 1930 ගණන්වල සහ 1940 ගණන්වල මුල් භාගයේදී ලෝකයට එක්සත් ජනපද-ජපාන තරඟයක් තිබුණා සේම අද ලෝකයට චීන-එක්සත් ජනපද තරඟයක් තිබෙනවා.
තරඟය 'නරක මිනිසුන්ගේ' ක්‍රීඩාවක් නොවේ
GT: 2001 දී ඔබ ථෙ ඨ්‍රගෙඩ්ය් ඔෆ් ඝ්‍රේට් ඵොවෙර් ඵොලිටිcස් ග්‍රන්ථය එළි දැක්වූවා. ශාස්ත්‍රීය කවයන් තුළ "ප්‍රහාරාත්මක යථාර්ථවාදය" ලෙස හඳුන්වන ඔබේ න්‍යායට අනුව, චීනයේ නැගීමේදී චීනය සහ එක්සත් ජනපදය අතර තරඟය සහ ගැටුම් නොවැළැක්විය හැකි අතර, එක්සත් ජනපදය චීනය පාලනය කිරීමට උත්සාහ කරනු ඇත යන නිගමනයට ඔබ එළඹුණා. මෙම නිගමනයට ඔබව යොමු කළේ කුමක්ද?
Mearsheimer: මම දිගු කලක් තිස්සේ තර්ක කළේ චීනය නැඟිටීම හේතුවෙන් බලවත් වූ පසු, චීනය ඕනෑවට වඩා බලවත් වීම වැලැක්වීමට එක්සත් ජනපදය පියවර ගන්නා බවයි. මහා බල දේශපාලනයේ ඛේදවාචකය මෙයයි.
එක්සත් ජනපදය සහ චීනය ඒක ධ්‍රැවීය යුගයේ විශිෂ්ට සබඳතා පැවැත්වූවා. එක්සත් ජනපදය සම්බන්ධ වීමේ ප්‍රතිපත්තිය අනුගමනය කළා. චීනය සැබවින්ම සමෘද්ධිමත් වූ පසු, එම ආර්ථික ශක්තිය චීනය කළ යුතුව තිබූ මිලිටරි ශක්තිය බවට පරිවර්තනය කරනු ඇතැයි මම ඒ අවස්ථාවේ තර්ක කළා. මම චීනය විවේචනය කරන්නේ නැහැ. එක්සත් ජනපදය චීනයට බිය වූ අතර චීනයට ආරක්ෂක තරඟයක් නිර්මාණය කිරීමට සිදු වූවා. මෙවැන්නක් සිදුවන්නේ මහා බලවතුන් අතර පමණයි. එය චීනයට හෝ එක්සත් ජනපදයට පමණ ආවේනික වූවක් නොවේ.
බොහෝ චීන ජාතිකයන් සිතන්නේ ගැටලුවේ මුල ඇමරිකානු හැසිරීම බවත් ඇමරිකානුවන් නරක මිනිසුන් ලෙසයි. බොහෝ ඇමරිකානුවන් සිතන්නේ ගැටලුවේ මුල චීන ජාතිකයන් බවත් චීනුන් නරක මිනිසුන් බවයි. මෙය මගේ මතය නොවෙයි.
ජාත්‍යන්තර දේශපාලනය ක්‍රියාත්මක වන ආකාරය මෙයයි. ඉතා බලවත් රාජ්‍යයන් දෙකක් නිර්මාණය වූ විට, ඔවුන් එකිනෙකාට බිය වීමටත්, ඔවුන් එකිනෙකා සමඟ තරඟ කිරීමටත් අවසනයේ පෙළඹෙනු වනු ඇත. ඒ හැරෙන්නට එහි වෙනත් යමක් නැත.
GT: නැන්සි පෙලෝසිගේ තායිවාන දූපතේ සංචාරය සහ චීන-එක්සත් ජනපද සබඳතා කෙරෙහි එහි ඍණාත්මක බලපෑම සම්බණ්දව ඔබ චීන මාධ්‍ය සමඟ සාකච්ඡා කළා. නුදුරු අනාගතයේ දී තායිවාන සමුද්‍ර සන්ධියේ ගැටුමක් ඇති විය නොහැකි නමුත්, දිවයින කේන්ද්‍ර කරගෙන වැඩෙන තරඟය දිගටම පවතිනු ඇති බව ඔබ සඳහන් කළා. මෙම නිගමනයට ඔබව යොමු කළේ කුමණ කරුණුද?
Mearsheimer: නැන්සි පෙලෝසිට තායිවානයට පැමිණ ප්‍රකෝපකාරී ප්‍රකාශ කිරීම බුද්ධිමත් ක්‍රියාවක් වූවේ. තායිවානය සම්බන්ධයෙන් අදහස් දක්වන විට ශබ්ද නොනගා අදහස් දැක්වීම ඇමරිකාවේ අවශ්‍යතාවයයි, මන්ද තායිවානය චීනයට එතරම් උණුසුම් ප්‍රශ්නයක් වන බැවිනි. පෙලෝසි කළ දේ සහ අනෙක් අය කළ සහ කරන දේ බුද්ධිමත් ක්‍රියා නොවෙයි.
මම හිතන්නේ තායිවාන ප්‍රශ්නය ඉතා භයානක තත්ත්වයක්. මොකද චීනයට තායිවානය කියන්නේ පූජනීය භූමියක්. ඒ අතරම, එක්සත් ජනපදයට අවශ්‍ය වන්නේ තායිවානය තම ලෙජරයේ පැත්තකින් තබා ගැනීමටයි, මන්ද යත් තායිවානය එක්සත් ජනපදයට උපායමාර්ගිකව වැදගත් වනවා. එක්සත් ජනපදය තායිවානය ආරක්ෂා කිරීම අත්හැර දැමුවහොත්, එය ඍණාත්මක මූලෝපායික ප්‍රතිවිපාකවලට තුඩු දෙනවා ඇත. අපට දකින්නට ඇත්තේ තායිවානය චීනයට අතිශයින් වැදගත් වන අතර එය එක්සත් ජනපදයට අතිශයින් වැදගත් වන තත්වයකි.
මගේ අදහස නම් මෙම භයානක තත්ත්වය තිබියදීත්, තායිවානය සම්බන්ධයෙන් අපට(අමෙරිකා එක්සත් ජනපදයට ) ඉක්මනින් යුද්ධයක් ඇති වීමට ඉඩක් නොමැති බවයි. එය කළ නොහැක්කක් යැයි මම කියන්නේ නැහැ, නමුත් එය එසේ විය නොහැකි යැයි මම සිතනවා.
GT: චීන-එක්සත් ජනපද සබඳතාවල අනාගතය පිළිබඳ ඔබේ අනාවැකි කුමන ආකාරයේ විය හැකිද?
Mearsheimer: අපට( අමෙරිකා එක්සත් ජනපදයට ) දැනටමත් දැඩි ආරක්ෂක තරඟයක් තිබෙනවා. එක්සත් ජනපදය යුක්රේනයේ සිරවී සිටින අතරම මැද පෙරදිගට සිරවී සිටීමෙන් එහි තීව්‍රතාවය තරමක් අඩු වී තිබෙනවා. එක්සත් ජනපදය යුක්රේනයට සහ මැදපෙරදිගට සීමා නොකළේ නම්, නැගෙනහිර ආසියාවේ ආරක්ෂක තරඟය වඩාත් තීව්‍ර වනවා.
කාලය සමඟ ඉදිරියට යන විට, මෙම ආරක්ෂක තරඟය පහව යන්නේ නැහැ. ඉදිරි දශක කිහිපය තුළ අපට විශාල අර්බුද කිහිපයකට මුහුණ දීමට ඉඩ තිබෙන්වා. නමුත් චීනයේ සහ එක්සත් ජනපදයේ නායකයින් බුද්ධිමත්ව ක්‍රියා කර අර්බුදවලට රාජ්‍ය තාන්ත්‍රික විසඳුම් සොයනු ඇතැයි අපි ප්‍රාර්ථනා කරනවා. එලෙසම එකිනෙකා සමඟ වෙඩි තැබීමේ යුද්ධයකින් අවසන් නොවනු ඇතැයි අප ප්‍රාර්ථනා කරනවා.
මට ඉතා පැහැදිලිව කියන්නට අවශ්‍ය වන්නේ මහා බල දේශපාලනයේ ඛේදවාචකය ගැන මම සතුටු නොවන බවයි. චීන-එක්සත් ජනපද සබඳතා සම්බන්ධයෙන් මම ඉදිරිපත් කරන අනාවැකි වරදිනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. ඉදිරි වසර පහ තුළ එක්සත් ජනපදය සහ චීනය සුහද සබඳතා ගොඩනඟා ගනිමින් අප සැවොම සතුටින් ජීවත් වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. පැහැදිලිවම එහෙම දෙයක් වෙයි කියලා මම හිතන්නේ නැහැ.
මම වැරදියි කියලා ඔප්පු වෙන්නේ අපි හොඳ සම්බන්ධයක් ගොඩ නගා තිබුණේ නම් පමණයි. වෙනත් වචන වලින් කිවහොත්, චීනයට සාමකාමීව නැඟී සිටිය හැකි නම් පමණයි. අපි හිතමු මම වැරදියි කියලා. චීනය 'ඩයිනෝසරයෙක්' නොවේ.
GT: චීනය සම බලවේගයක් ලෙස නැගී සිටීම එක්සත් ජනපදයට පිළිගත නොහැකි බව ඔබ ප්‍රකාශ කරනවා. චීනය සම්බන්ධයෙන් මෙම නිගමනයට එළඹීමට ඔබව පොලඹවන්නේ කුමක්ද?
Mearsheimer: මම හිතන්නේ නැහැ ගැටලුවේ මුල චීන හැසිරීම කියලා. මම හිතන්නේ චීන ජාතිකයන් නරක මිනිසුන් හෝ ඇමරිකානුවන් හොඳ මිනිසුන් ය කියා. මම හිතන්නේ ජාත්‍යන්තර දේශපාලනය ක්‍රියාත්මක වන ආකාරයේ ස්වභාවය මෙයයි. මම ඇමරිකානුවෙකු වුවද, සත්‍ය කාරණය නම් මෙය ඛේදජනක තත්වයක්.
මම හිතන්නේ මිනිස්සු මගේ තර්කය ග්‍රහනය කරගෙන ඒ සම්බන්ධයෙන් හිතන එක ගොඩක් වැදගත්. ඔබ මා සමඟ එකඟ විය යුතු නැහැ, නමුත් තර්කය තේරුම් ගැනීම ඉතා වැදගත් වෙනවා. මක්නිසාද යත් උණුසුම් යුද්ධයක් වළක්වා ගැනීමේ අපගේ අපේක්ෂාවන් උපරිම කිරීමට ඔබ උනන්දු වන්නේ නම්, ගැටුමේ ස්වභාවය තේරුම් ගැනීම සැබවින්ම වැදගත් වෙනවා.
GT: ඔබේ චීන ප්‍රේක්ෂකයින් සහ ඔබේ එක්සත් ජනපද ප්‍රේක්ෂකයින් අතර වෙනස කුමක්ද?
Mearsheimer: සෝවියට් සංගමය බිඳ වැටීමේ සිට 2017 වර්ෂය පමණ වන තෙක්, අපි ඒක ධ්‍රැව අවධියක ගමන් කරන තුරු, එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය වූයේ මම ලිබරල් හෙජමොනිය ලෙස හඳුන්වන ප්‍රපංචයයි. අපි කටයුටු කරන්නට උත්සහා කළේ ලිබරල්වාදය ලෝකය පුරා පතුරවන්න. අපි ඉතා බලවත් වූවා. ඒ වගේම ජාත්‍යන්තර දේශපාලනය සම්බන්ධයෙන් මෙවැනි ලිබරල් අදහස් අපිට තිබුණා.
මාව එක්සත් ජනපදයේ ඩයිනෝසෝරයෙකු ලෙස සලකනු ලැබුවා. කිසිවෙකු මට සවන් දීමට උනන්දු වූයේ නැහැ. එක්සත් ජනපදයේ බොහෝ අය පැවසුවේ ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ මගේ චින්තනය යල් පැන ගිය බවත් ලිබරල් අදහස් අනාගතයේ රැල්ල ලෙසයි.
මම මුලින්ම 2003 දී චීනයට පැමිණි අතර ඉන් පසුව මම බොහෝ වාර ගණනක් පැමිණ මගේ න්‍යාය සම්බන්ධව සහ මහා බල දේශපාලනය ගැන චීන ජනතාව සමඟ සාකච්ඡා කළා. නමුත්, ඔවුන් මාව බොහෝ දුරට ඩයිනෝසෝරයෙකු යැයි සැලකුවේ නැහැ. චීන චින්තකයෝ මහා බල දේශපාලනය ගැන උනන්දු වූවා.
මේ වන විට, ඒක ධ්‍රැවීයතාව අවසන් වී බහු ධ්‍රැවීයතාව පැමිණීමත් සමඟම, දැන් අපට එක්සත් ජනපදය සහ චීනය අතර මෙම ආරක්ෂක තරඟය ඇති බැවින්, එක්සත් ජනපදයේ වැඩි පිරිසක් මා කෙරෙහි අවධානය යොමු කරන බව මම සිතනවා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්‍රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්‍රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන
පාස්කු වන්දි ලෙස රු.මිලියන 311ක් ලැබිලා... වින්දිතයන්ට බෙදපු හැටි ගැන උසාවිය වාර්තාවක් ඉල්ලයි