News Category
From Date
To Date
Maximum Number of Result

අනාගත චීන-එක්සත් ජනපද සබඳතා මහා බල ගැටුමේ ඛේදවාචකය සම්බන්ධයෙන් මම ඉදිරිපත් කරන න්‍යාය වැරදි බව ඔප්පු ඇතැයි මම බලාපොරොත්තු වනවා- චිකාගෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජෝන් මර්ෂයිමර්

Oct 30, 2024 at 04:26 PM
|

(John Mearsheimer Photo: Zhao Juecheng/GT)2024 වර්ෂයේ ඔක්තෝබර් මස මැද භාගයේදී, චිකාගෝ විශ්ව විද්‍යාලයේ, 77 හැවිරිදි මහාචාර්ය John Mearsheimer (ජෝන් මර්ෂයිමර්) චීනයේ චාරිකාවක නිරත විය. ඔහු චීන විශ්ව විද්‍යාල කිහිපයක දේශන පැවැත්වූ අතර සින්හුවා විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ‍Yan Xuetong සමඟ ගෝලීය අනුපිළිවෙල සහ එක්සත් ජනපද-චීන ​​සබඳතා පිළිබඳ විවාදයක නිරත විය.  ඡායාරූප ගැනිමට සහ සුහද සාකච්ඡාවට වෙන් කර තිබූ කාලය අතරතුර, චීන පාඨකයින් විසින් ඔහුව උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

Mearsheimer යනු ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ප්‍රමුඛ යථාර්ථවාදී විශාරදයෙකි. මහා බලවතුන් අතර ගැටුමක් නොවැළැක්විය හැකි බවට අදහස් දක්වන ඔහුගේ 2001 වර්ෂයේ එළිදක්වූ "The Tragedy of Great Power Politics" නම් ග්‍රන්ථය ඔහු කෙරෙහි දැවැන්ත පිළිගැනීමක් ඇතිවීමට හේතුවිය. ඔහු ඉදිරිපත් කළ පර්යාලෝක්ය මහා බල සබඳතා පිළිබඳ සැලකිය යුතු විවාදයක් ඇති කර තිබේ.

වසර 20කට වැඩි කාලයකට පසුව, ජාත්‍යන්තර භූ දේශපාලන දර්ශනය නාටකාකාර ලෙස වෙනස් වී ඇත, නමුත් Mearsheimer ගේ අදහස් නොවෙනස්ව පවතී. Beijing හි Global Times වාර්තාකරුවන් වන Liu Xin, Zhao Juecheng සහ Yang Sheng සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී, Mearsheimer එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය විවේචනය කරමින්, චීන-එක්සත් ජනපද සබඳතා සහ යුක්රේන අර්බුදය වැනි වර්තමාන ගැටළු පිළිබඳව ඔහුගේ කනස්සල්ල ජනගත කළේය. ඇමෙරිකාව සහ චීනය අතර ආරක්ෂක තරගය තවත් තීව්‍ර වනු ඇතැයි ද එම සාකච්ඡාවේදී ඔහු අනාවැකි පළ කළේය.

දේශපාලකයෙකුට වඩා විද්වතෙක් ලෙස සැලකෙන Mearsheimer ඔහු ඉදිරිපත් කරන න්‍යාය සම්බන්ධයෙබ් විශ්වාසය තබන නමුත් ඔහුගේ න්‍යාය සම්බන්ධයෙන් විවාදයට විවෘත බව අවධාරණය කළේ, ඔහුගේ න්‍යාය වැරදි බව ඔප්පු කරන අනාගත චීන-එක්සත් ජනපද සබඳතාවන් අපේක්ෂා කරන බව පවසමිනි. පහත දැක්වෙන්නේ Mearsheimer සමඟ කළ සම්මුඛ සාකච්ඡාවේ කොටසකි.

පරිවර්තනය: ජීවන්ත ජයතිස්ස


එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය අවුල් ජාලයක් ඇති කරනවා


GT: මෑත වසරවලදී චීනය ගෝලීය තත්වය විස්තර කර ඇත්තේ "සියවසකින් නොදුටු දැවැන්ත වෙනසක්" ලෙසයි. මේ සම්බන්ධයෙන් වන ඔබගේ කියවීම කෙලෙසද?

Mearsheimer: මම හිතන්නේ එය තමයි සත්‍ය. පද්ධතියේ ව්‍යුහය මූලික වශයෙන් වෙනස් වී තිබෙනවා.

මම තරුණ වියේදී ලෝකය ද්වි ධ්‍රැවීය වූ ලෝකයක්. එක්සත් ජනපද-සෝවියට් රුසියා තරඟය ජාත්‍යන්තර දේශපාලනය නිර්වචනය කිරීමට විශාල වශයෙන් දායක වූවා. නමුත් 1991 දෙසැම්බරයේදී සෝවියට් සංගමය අතුරුදහන් වූ අතර, අපි ද්විධ්‍රැව ලෝකයකින් ඒක ධ්‍රැව ලෝකයකට අවතීර්ණ වූවා. 2017 දී පමණ එම ඒක ධ්‍රැව ලෝකය අවසන් වූ අතර අපි බහු ධ්‍රැවීය ලෝකයකට අළුතින් පිය තැබුවා.ඒ අනුව පෘථිවියේ එකම මහා බලවතා එක්සත් ජනපදය වූ ලෝකයක සිට අපි එක්සත් ජනපදය, චීනය සහ රුසියාව මහා බලවතුන් වූ ලෝකයකට පිය තැබුවා.

දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු ඔබ ඒක ධ්‍රැවීය ලෝකයක සිට බහු ධ්‍රැවීය ලෝකයකට ලෝක ජනයා අවතීර්ණවන වීමේදී,  අපි බහු ධ්‍රැවීය ලෝකයකට මුහුණ දුන් පළමු අවස්ථාව මෙයයි.

චීන-එක්සත් ජනපද සබඳතාවල තිබෙන වෙනස ද විශාල වී තිබෙනවා. ඒක ධ්‍රැව යුගයේදී, චීන-එක්සත් ජනපද සබඳතා සාමාන්‍යයෙන් ඉතා යහපත් මට්ටමක තිබුණි. ඉන්පසුව ලෝකය ඒක ධ්‍රැවීයතාවයේ සිට බහු ධ්‍රැවීයත්වයට ගමන් කරන විට, චීනය  මහා බලවතෙකු වී එක්සත් ජනපදයේ සම තරඟකරුවෙකු බවට පත්වූවා. එම සන්දර්භය තුළ එක්සත් ජනපදය හා චීනය අතර සබඳතා මූලික වශයෙන් වෙනස් වී වඩාත් ගැටුම්කාරී බවට පත්වී තිබෙනවා.

GT: මේ අවස්ථාවේ සංකීර්ණ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් ඔබේ මූලික අවධානය කුමක්ද?

Mearsheimer: මම ප්‍රධාන ප්‍රශ්න තුනක් සම්බන්ධව සැලකිලිමත් වෙනවා. ඉන් පළමු වැන්න චීන-ඇමරිකා සබඳතාවය වනවා. සම්බන්ධතාවය දැඩි ලෙස තරඟකාරී වනු ඇතැයි මම බොහෝ කලක සිට මතු කරමින් සිටියා. මේ තරඟය යුද්ධයක් බවට පත් වීමට ඉඩ තිබීම මගේ කනස්සල්ලට හේතු වෙනවා. එය සිදු වනවා දැකීමට මට අවශ්‍ය නැහැ.

යුක්රේනයේ යුද්ධය සහ එක්සත් ජනපදය සහ නේටෝව  ගැටුමට අවතීර්ණ වීමට තිබෙන ඉඩ කඩ  තීව්‍ර වීමේ හැකියාව සම්බන්ධයෙන් ද මම දැඩි කනස්සල්ලට පත්ව සිටිනවා. එක් පැත්තකින් රුසියාව සහ අනෙක් පැත්තෙන් යුක්රේනය සහ බටහිරයන් අතර ගැටුම දශක ගණනාවක් පුරා පැවතීමට විශාල ඉඩකඩක් තිබෙනවා. එක්සත් ජනපදය යුක්රේනයේ තත්වය හැසිරවීම සඳහා භයානක කාර්යභාරයක් ඉටු  කර තිබෙනවා. යුක්රේන-රුසියා යුද්ධය ඇති කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය ප්‍රධාන වශයෙන් වගකිව යුතුය.

ඒවගේම මම මැදපෙරදිග ගැනත්, එහි සිදුවන යුද්ධ ගැනත් සැලකිලිමත් වෙනවා. සිදු විය නොහැකි වුවද යුක්රේනයේ සිදු වනවා මෙන්, එක්සත් ජනපදය හා රුසියාව මැද පෙරදිග යුද්ධයකට ඇද දැමිය හැකි තත්වයක් මා දකිනවා.

GT: එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය ගෝලීය ස්ථාවරත්වයට හෝ ව්‍යාකූලත්වය වර්ධනය කිරීමට දායක වන බව ඔබ සිතනවාද?

Mearsheimer: ඔබට ඇසූ කරුණු දෙකෙන් එකක් තෝරා ගැනීමට සිදුවුවහොත් ව්‍යාකූලත්වය වර්ධනය කළේ යැයි තෝරා ගැනීමට සිදුවෙනවා. එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය යුක්රේනයේ සහ මැද පෙරදිග අවුල් ජාලාවක් ඇති කර තිබෙනවා. එක්සත් ජනපදය මූලික වශයෙන් වෙනස් ආකාරයකින් ක්‍රියා කළ යුතුව තිබුණා.

යුක්රේනයේ යුද්ධයට ප්‍රධාන හේතුව වූයේ යුක්රේනය නේටෝව වෙත ගොනු කිරීමට බටහිරයන් ගත් උත්සාහයයි. එම තීරණය පිටුපස සිටි ගාමක බලවේගය වූයේ එක්සත් ජනපදයයි. රුසියානුවන් මුල සිටම එය පිළිගත නොහැකි බව පැහැදිලි කළා. කෙසේ වෙතත්, අපි(අමෙරිකා එක්සත් ජනපදය ) යුක්රේනය නේටෝව වෙත ගොනු කිරීම සඳහා දිගටම තල්ලු කරමින් සිටිනවා.

යුද්ධය නවතා දැමීමට උත්සාහ කරනවා වෙනුවට, එක්සත් ජනපදය උත්සාහ කර ඇත්තේ,  යුක්රේනයට රුසියානුවන් පරාජය කළ හැකියාව ඇතැයි තහවුරු කිරීමේ අරමුණින් යුද්ධය ඉදිරියට තල්ලු කිරීමටයි. එක්සත් ජනපදය යුක්රේනය නේටෝවට ගොනු කිරීමට උත්සාහ නොකළ යුතුව තිබුණා. යුද්ධය ආරම්භ වූ පසු, යුද්ධය වැළැක්වීමට එක්සත් ජනපදයට බොහෝ දේ කළ හැකිව තිබුණා.

මැදපෙරදිග සම්බන්ධයෙන් ගත් කල, මැදපෙරදිග ප්‍රශ්නයට මූලික හේතුව වන පලස්තීන රාජ්‍යය පිළිගැනීම සඳහා ඊශ්‍රායලය තල්ලු කිරීමට එක්සත් ජනපදයට බොහෝ දේ කළ හැකිව තිබුණා. එක්සත් ජනපදය දැන් උත්සාහ කළ යුත්තේ ගාසා තීරයේ යුද්ධය වැලැක්වීමට, හිස්බුල්ලා ඉලක්ක කර කරණු ලබන යුද්ධය අවසන් කිරීමට සහ එක් පැත්තකින් ඉරානය සහ අනෙක් පැත්තෙන් එක්සත් ජනපදය හා ඊශ්‍රායලය සම්බන්ධ කර ගනිමින් දිග හැරෙන යුද්ධය වහාම අවසන් කිරීමට වග බලා ගැනීමයි. නමුත් ඇමරිකාව එහෙම කරන්නේ නැහැ. මැදපෙරදිග කළාපයේ වැඩි වැඩියෙන් අවුල් ඇති කිරීමට එක්සත් ජනපදය ඊශ්‍රායෙල්වරුන්ට උදව් කරනවා.

ඔබ ලෝක වේදිකාවේ අපගේ කාර්ය සාධනය දෙස නිරීකෂණය කළහොත්, අපි(අමෙරිකා එක්සත් ජනපදය ) ජාත්‍යන්තර ස්ථාවරත්වය ඇති කිරීමට දායක නොවී අවුල් ජාලයක් ඇති කිරීමට දායක වී තිබෙනවා.

GT: තාක්ෂණයේ දියුණුව මානව ඉතිහාසයේ ගමන් මග නැවත නැවතත් වෙනස් කර තිබෙනවා. තවත් කීර්තිමත් යථාර්ථවාදියෙකු වන හෙන්රි කිසිංගර් ද ජාත්‍යන්තර සබඳතා කෙරෙහි කෘතිම බුද්ධියේ බලපෑම කෙරෙහි අවධානය යොමු කිරීමට ඔහුගේ පසු කාලීන අධ්‍යනයන් මගින් පටන් ගත්තා. කෘත්‍රීම බුද්ධිය හෝ වෙනත් නැගී එන තාක්ෂණයන් "මහා බල දේශපාලනයේ ඛේදවාචකය" වෙනස් කළ හැකි යැයි ඔබ සිතනවාද?

Mearsheimer: මම හිතන්නේ නැහැ කෘත්‍රීම බුද්ධිය මහා බල දේශපාලනයේ ඛේදවාචකය පරිවර්තනය කරාවි යැයි කියා. අපට මේ ඛේදවාචකයට මුහුණ දීමට සිදු වන්නේ ඇයි? ඒ යම් කිසි රාජ්‍යයක් අමාරුවේ වැටුණොත් එය ගලවා ගැනීමට ජාත්‍යන්තර ක්‍රමය තුළ ඉහළ අධිකාරියක් නොමැති නිසායි. ඒ අතරම, ජාත්‍යන්තර ක්‍රමය තුළ, සමහර විට ඔබ කෙරෙහි නරක චේතනා දරා සිටින බලවත් රාජ්‍යයන් වලට මුහුණ දීමට ඔබට සිදුවනු ඇත.

කෘත්‍රීම බුද්ධිය ඉහත කී ගැටලුව විසඳන්නේ නැහැ. අපට අවශ්‍ය වන්නේ ඉහළ අධිකාරියක්.  ඔබව ආරක්ෂා කළ හැකි රාත්‍රී මුරකරුවෙකු අපට අවශ්‍යයි. ඔබට ඉහළ අධිකාරියක් නොමැති තාක් කල්, කෘත්‍රීම බුද්ධිය වැදගත් වන්නේ නැහැ.

කෘත්‍රීම බුද්ධිය මගින් ආරක්‍ෂක තරගයක් ඇති කරන ආකාරය කෙරෙහි සැලකිය යුතු ලෙස බලපෑමක් කළ හැකියි. න්‍යෂ්ටික අවි එය හරියටම කරනු ලැබුවා. න්‍යෂ්ටික අවි, එක්තරා ආකාරයකට විප්ලවවාදී අවි වනවා. ඒවා මහා විනාශකාරී ආයුධ. න්‍යෂ්ටික අවි වල පරිමාණයෙන් විනාශයක් ඇති කරන දෙයක් අවියක් අපි කවදාවත් දැක නැහැ. තවද න්‍යෂ්ටික අවි රාජ්‍යයන් එකිනෙකා සමඟ අන්තර් ක්‍රියා කරන ආකාරය මත සියලු ආකාරයේ ප්‍රතිවිපාක ඇති කරනවා.

කෙසේ වෙතත්, න්‍යෂ්ටික අවි ජාත්‍යන්තර දේශපාලනයේ මූලික ස්වභාවය වෙනස් කරන්නේ නැහැ. අපි අද ජීවත් වෙන්නේ න්‍යෂ්ටික ලෝකයක. න්‍යෂ්ටික අවි නොතිබූ 1930 ගණන්වල සහ 1940 ගණන්වල මුල් භාගයේදී ලෝකයට එක්සත් ජනපද-ජපාන තරඟයක් තිබුණා සේම අද ලෝකයට චීන-එක්සත් ජනපද තරඟයක් තිබෙනවා.

තරඟය 'නරක මිනිසුන්ගේ' ක්‍රීඩාවක් නොවේ

GT: 2001 දී ඔබ ථෙ ඨ්‍රගෙඩ්ය් ඔෆ් ඝ්‍රේට් ඵොවෙර් ඵොලිටිcස් ග්‍රන්ථය එළි දැක්වූවා. ශාස්ත්‍රීය කවයන් තුළ "ප්‍රහාරාත්මක යථාර්ථවාදය" ලෙස හඳුන්වන ඔබේ න්‍යායට අනුව, චීනයේ නැගීමේදී චීනය සහ එක්සත් ජනපදය අතර තරඟය සහ ගැටුම් නොවැළැක්විය හැකි අතර, එක්සත් ජනපදය චීනය පාලනය කිරීමට උත්සාහ කරනු ඇත යන නිගමනයට ඔබ එළඹුණා. මෙම නිගමනයට ඔබව යොමු කළේ කුමක්ද?

Mearsheimer: මම දිගු කලක් තිස්සේ තර්ක කළේ චීනය නැඟිටීම හේතුවෙන් බලවත් වූ පසු, චීනය ඕනෑවට වඩා බලවත් වීම වැලැක්වීමට එක්සත් ජනපදය පියවර ගන්නා බවයි. මහා බල දේශපාලනයේ ඛේදවාචකය මෙයයි.

එක්සත් ජනපදය සහ චීනය ඒක ධ්‍රැවීය යුගයේ විශිෂ්ට සබඳතා පැවැත්වූවා. එක්සත් ජනපදය සම්බන්ධ වීමේ ප්‍රතිපත්තිය අනුගමනය කළා. චීනය සැබවින්ම සමෘද්ධිමත් වූ පසු, එම ආර්ථික ශක්තිය චීනය කළ යුතුව තිබූ මිලිටරි ශක්තිය බවට පරිවර්තනය කරනු ඇතැයි මම ඒ අවස්ථාවේ තර්ක කළා. මම චීනය විවේචනය කරන්නේ නැහැ. එක්සත් ජනපදය චීනයට බිය වූ අතර චීනයට ආරක්ෂක තරඟයක් නිර්මාණය කිරීමට සිදු වූවා. මෙවැන්නක් සිදුවන්නේ මහා බලවතුන් අතර පමණයි. එය චීනයට හෝ එක්සත් ජනපදයට පමණ ආවේනික වූවක් නොවේ.

බොහෝ චීන ජාතිකයන් සිතන්නේ ගැටලුවේ මුල ඇමරිකානු හැසිරීම බවත් ඇමරිකානුවන් නරක මිනිසුන් ලෙසයි. බොහෝ ඇමරිකානුවන් සිතන්නේ ගැටලුවේ මුල චීන ජාතිකයන් බවත් චීනුන් නරක මිනිසුන් බවයි. මෙය මගේ මතය නොවෙයි.

ජාත්‍යන්තර දේශපාලනය ක්‍රියාත්මක වන ආකාරය මෙයයි.  ඉතා බලවත් රාජ්‍යයන් දෙකක් නිර්මාණය වූ විට, ඔවුන් එකිනෙකාට බිය වීමටත්, ඔවුන් එකිනෙකා සමඟ තරඟ කිරීමටත් අවසනයේ පෙළඹෙනු වනු ඇත. ඒ හැරෙන්නට එහි වෙනත් යමක් නැත.

GT: නැන්සි පෙලෝසිගේ තායිවාන දූපතේ සංචාරය සහ  චීන-එක්සත් ජනපද සබඳතා කෙරෙහි එහි ඍණාත්මක බලපෑම සම්බණ්දව ඔබ චීන මාධ්‍ය සමඟ සාකච්ඡා කළා. නුදුරු අනාගතයේ දී තායිවාන සමුද්‍ර සන්ධියේ ගැටුමක් ඇති විය නොහැකි නමුත්, දිවයින කේන්ද්‍ර කරගෙන වැඩෙන තරඟය දිගටම පවතිනු ඇති බව ඔබ සඳහන් කළා. මෙම නිගමනයට ඔබව යොමු කළේ කුමණ කරුණුද?

Mearsheimer: නැන්සි පෙලෝසිට තායිවානයට පැමිණ ප්‍රකෝපකාරී ප්‍රකාශ කිරීම බුද්ධිමත් ක්‍රියාවක් වූවේ. තායිවානය සම්බන්ධයෙන් අදහස් දක්වන විට ශබ්ද නොනගා අදහස් දැක්වීම ඇමරිකාවේ අවශ්‍යතාවයයි, මන්ද තායිවානය චීනයට එතරම් උණුසුම් ප්‍රශ්නයක් වන බැවිනි. පෙලෝසි කළ දේ සහ අනෙක් අය කළ සහ කරන දේ බුද්ධිමත් ක්‍රියා නොවෙයි.

මම හිතන්නේ තායිවාන ප්‍රශ්නය ඉතා භයානක තත්ත්වයක්. මොකද චීනයට තායිවානය කියන්නේ පූජනීය භූමියක්. ඒ අතරම, එක්සත් ජනපදයට අවශ්‍ය වන්නේ තායිවානය තම ලෙජරයේ පැත්තකින් තබා ගැනීමටයි, මන්ද යත් තායිවානය එක්සත් ජනපදයට උපායමාර්ගිකව වැදගත් වනවා. එක්සත් ජනපදය තායිවානය ආරක්ෂා කිරීම අත්හැර දැමුවහොත්, එය ඍණාත්මක මූලෝපායික ප්‍රතිවිපාකවලට තුඩු දෙනවා ඇත. අපට දකින්නට ඇත්තේ තායිවානය චීනයට අතිශයින් වැදගත් වන අතර එය එක්සත් ජනපදයට අතිශයින් වැදගත් වන තත්වයකි.

මගේ අදහස නම් මෙම භයානක තත්ත්වය තිබියදීත්, තායිවානය සම්බන්ධයෙන් අපට(අමෙරිකා එක්සත් ජනපදයට ) ඉක්මනින් යුද්ධයක් ඇති වීමට ඉඩක් නොමැති බවයි. එය කළ නොහැක්කක් යැයි මම කියන්නේ නැහැ, නමුත් එය එසේ විය නොහැකි යැයි මම සිතනවා.

GT: චීන-එක්සත් ජනපද සබඳතාවල අනාගතය පිළිබඳ ඔබේ අනාවැකි කුමන ආකාරයේ විය හැකිද?

Mearsheimer: අපට( අමෙරිකා එක්සත් ජනපදයට ) දැනටමත් දැඩි ආරක්ෂක තරඟයක් තිබෙනවා. එක්සත් ජනපදය යුක්රේනයේ සිරවී සිටින අතරම මැද පෙරදිගට සිරවී සිටීමෙන් එහි තීව්‍රතාවය තරමක් අඩු වී තිබෙනවා. එක්සත් ජනපදය යුක්රේනයට සහ මැදපෙරදිගට සීමා නොකළේ නම්, නැගෙනහිර ආසියාවේ ආරක්ෂක තරඟය වඩාත් තීව්‍ර වනවා.

කාලය සමඟ ඉදිරියට යන විට, මෙම ආරක්ෂක තරඟය පහව යන්නේ නැහැ. ඉදිරි දශක කිහිපය තුළ අපට විශාල අර්බුද කිහිපයකට මුහුණ දීමට ඉඩ තිබෙන්වා. නමුත් චීනයේ සහ එක්සත් ජනපදයේ නායකයින් බුද්ධිමත්ව ක්‍රියා කර අර්බුදවලට රාජ්‍ය තාන්ත්‍රික විසඳුම් සොයනු ඇතැයි අපි ප්‍රාර්ථනා කරනවා. එලෙසම එකිනෙකා සමඟ වෙඩි තැබීමේ යුද්ධයකින් අවසන් නොවනු ඇතැයි අප ප්‍රාර්ථනා කරනවා.

මට ඉතා පැහැදිලිව කියන්නට අවශ්‍ය වන්නේ මහා බල දේශපාලනයේ ඛේදවාචකය ගැන මම සතුටු නොවන බවයි. චීන-එක්සත් ජනපද සබඳතා සම්බන්ධයෙන් මම ඉදිරිපත් කරන අනාවැකි වරදිනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. ඉදිරි වසර පහ තුළ එක්සත් ජනපදය සහ චීනය සුහද සබඳතා ගොඩනඟා ගනිමින් අප සැවොම සතුටින් ජීවත් වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. පැහැදිලිවම එහෙම දෙයක් වෙයි කියලා මම හිතන්නේ නැහැ.

මම වැරදියි කියලා ඔප්පු වෙන්නේ අපි හොඳ සම්බන්ධයක් ගොඩ නගා තිබුණේ නම් පමණයි. වෙනත් වචන වලින් කිවහොත්, චීනයට සාමකාමීව නැඟී සිටිය හැකි නම් පමණයි. අපි හිතමු මම වැරදියි කියලා. චීනය 'ඩයිනෝසරයෙක්' නොවේ.

GT: චීනය සම බලවේගයක් ලෙස නැගී සිටීම එක්සත් ජනපදයට පිළිගත නොහැකි බව ඔබ ප්‍රකාශ කරනවා. චීනය සම්බන්ධයෙන් මෙම නිගමනයට එළඹීමට ඔබව පොලඹවන්නේ කුමක්ද?

Mearsheimer: මම හිතන්නේ නැහැ ගැටලුවේ මුල චීන හැසිරීම කියලා. මම හිතන්නේ චීන ජාතිකයන් නරක මිනිසුන් හෝ ඇමරිකානුවන් හොඳ මිනිසුන් ය කියා. මම හිතන්නේ ජාත්‍යන්තර දේශපාලනය ක්‍රියාත්මක වන ආකාරයේ ස්වභාවය මෙයයි. මම ඇමරිකානුවෙකු වුවද, සත්‍ය කාරණය නම් මෙය ඛේදජනක තත්වයක්.

මම හිතන්නේ මිනිස්සු මගේ තර්කය ග්‍රහනය කරගෙන ඒ සම්බන්ධයෙන් හිතන එක ගොඩක් වැදගත්. ඔබ මා සමඟ එකඟ විය යුතු නැහැ, නමුත් තර්කය තේරුම් ගැනීම ඉතා වැදගත් වෙනවා. මක්නිසාද යත් උණුසුම් යුද්ධයක් වළක්වා ගැනීමේ අපගේ අපේක්ෂාවන් උපරිම කිරීමට ඔබ උනන්දු වන්නේ නම්, ගැටුමේ ස්වභාවය තේරුම් ගැනීම සැබවින්ම වැදගත් වෙනවා.

GT: ඔබේ චීන ප්‍රේක්ෂකයින් සහ ඔබේ එක්සත් ජනපද ප්‍රේක්ෂකයින් අතර වෙනස කුමක්ද?

Mearsheimer: සෝවියට් සංගමය බිඳ වැටීමේ සිට 2017 වර්ෂය පමණ වන තෙක්, අපි ඒක ධ්‍රැව අවධියක ගමන් කරන තුරු, එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය වූයේ මම ලිබරල් හෙජමොනිය ලෙස හඳුන්වන ප්‍රපංචයයි. අපි කටයුටු කරන්නට උත්සහා කළේ ලිබරල්වාදය ලෝකය පුරා පතුරවන්න. අපි ඉතා බලවත් වූවා. ඒ වගේම ජාත්‍යන්තර දේශපාලනය සම්බන්ධයෙන් මෙවැනි ලිබරල් අදහස් අපිට තිබුණා.

මාව එක්සත් ජනපදයේ ඩයිනෝසෝරයෙකු ලෙස සලකනු ලැබුවා. කිසිවෙකු මට සවන් දීමට උනන්දු වූයේ නැහැ. එක්සත් ජනපදයේ බොහෝ අය පැවසුවේ ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ මගේ චින්තනය යල් පැන ගිය බවත් ලිබරල් අදහස් අනාගතයේ රැල්ල ලෙසයි.

මම මුලින්ම 2003 දී චීනයට පැමිණි අතර ඉන් පසුව මම බොහෝ වාර ගණනක් පැමිණ මගේ න්‍යාය සම්බන්ධව සහ මහා බල දේශපාලනය ගැන චීන ජනතාව සමඟ සාකච්ඡා කළා. නමුත්, ඔවුන් මාව බොහෝ දුරට ඩයිනෝසෝරයෙකු යැයි සැලකුවේ නැහැ. චීන චින්තකයෝ මහා බල දේශපාලනය ගැන උනන්දු වූවා.

මේ වන විට, ඒක ධ්‍රැවීයතාව අවසන් වී බහු ධ්‍රැවීයතාව පැමිණීමත් සමඟම, දැන් අපට එක්සත් ජනපදය සහ චීනය අතර මෙම ආරක්ෂක තරඟය ඇති බැවින්, එක්සත් ජනපදයේ වැඩි පිරිසක් මා කෙරෙහි අවධානය යොමු කරන බව මම සිතනවා.


John Mearsheimer says he hopes future China-US ties could prove him wrong on tragedy of great power conflict


සම්බන්ධිත පුවත් | Related News

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සැප්තැම්බර් 8 වනදා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ජාතික ජන බලවේගය බලයට පත්වූ විගස රටටම සාමය ගෙනැවිත් දුන් බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි.
ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිත මහජන රැලිය හේතුවෙන් බේරුවල ධීවර වරායට යාත්‍රා ඇතුළු වීම තාවකාලිකව නතර කරන ලෙස දන්වමින් කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් නිකුත් කරන ලදැයි කියන ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වෙමින් පවතී.
මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.
ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.
නේපාලයේ හිමාල කලාපීය නිම්නයකට හිම, පාෂාණ සහ මඩ පටලයක් කඩාවැටීමෙන් සිදුවූ අතිබලවත් ස්වාභාවික විපතෙන් දින 10කට පසුව, උමගක් තුළ සිරවී සිටි චීන ජාතිකයෙකු පණපිටින් මුදාගැනීමට නේපාල ආරක්ෂක අංශ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වත්මන් රජය බලයට පත්වූ වහාම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගත් බවත්, 2027 වසර අවසන් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩපිළිවෙළින් ඉවත් වී ජනතාවට මීට වඩා සහන ලබාදීමට රජය බලාපොරොත්තු වන බවත් නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධූර සඳහා සුදුසු පුද්ගලයන් තෝරාගැනීම ප්‍රමාද වී ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ වසර 13ක තිස්සේ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ව්‍යාපාරික නිමල් පෙරේරා නැමැත්තා ලබා දුන් ප්‍රකාශයක් පදනම් කරගෙන පමණක් බව එම පක්ෂයේ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.