"The Island" පුවත් පතේ ලින් ඔකර්ස් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන්නන් විසින් මෙහෙයවනු ලබන්නෙක්දැයි සැකයි - ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය
අද (31) "The Island" පුවත් පතේ පලවූ "Economic stress set to heighten globally as conflicts rage (ගැටුම් උග්‍ර වන විට ගෝලීය වශයෙන් ආර්ථික පීඩනය ඉහළ යයි)" ලිපියේ සඳහන් සාවද්‍ය කරුණු සම්බන්ධයෙන් රුසියානු තානාපති කාර්යාලය සිය නොසතුටට පළ කර සිටියි.
එලෙසම එම ලිපියේ සාවද්‍ය නිගමන රාශියක් තිබෙන බවද පවසයි.
අද (31) ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා සිටියි.
නිවේදනය මගින් ලිපිය ලියන ලද ලින් ඔකර්ස් මහතා පළ කර ඇති සාවද්‍ය කරුණු නිවැරදි නොකරන්නේ නම් ඔහු කුමන හෝ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන්නන් විසින් මෙහෙයවනු ලබන බව ඔප්පු වනු ඇතැයි පවසයි.
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සිංහල පරිවර්තනය පහළින්...
"The Island" පුවත් පතේ පලවූ "Economic stress set to heighten globally as conflicts rage (ගැටුම් උග්‍ර වන විට ගෝලීය වශයෙන් ආර්ථික පීඩනය ඉහළ යයි)" ලිපිය සම්බන්ධවයි
අද (31) "The Island" පුවත් පතේ පලවූ ලින් ඔකර්ස් මහතා රචනා කරන ලද Economic stress set to heighten globally as conflicts rage (ගැටුම් උග්‍ර වන විට ගෝලීය වශයෙන් ආර්ථික පීඩනය ඉහළ යයි) නමින් පළවූ සම්ප්‍රදායිකව තරමක් ආන්දෝලනාත්මක නවතම ලිපියක් කෙරෙහි ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය අවධානය යොමු කරන ලද්දේය. ගෝලීය වශයෙන් අත්‍යාවශ්‍ය ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කරන ඔහු ගැඹුරු විග්‍රහයක් කිරීමට සහ සම්පූර්ණ සත්‍ය කතා කිරීමට අවධානය යොමු නොකිරීම තරමක් බලාපොරොත්තු සුන් කරවන්නකි.
ලින් ඔකර්ස් මහතාගේ බොහෝ විග්‍රහයන් සහ තක්සේරු කිරීම් පාඨකයාගේ ඇහිබැම ඉහළ නැංවිමට හේතුවේ. විශේෂයෙන්ම, "අද ලෝකයේ සිදුවෙමින් පවතින බොහෝ ප්‍රධාන යුද්ධ සහ ගැටුම්වල කොටස්කරුවන් වන්නේ රුසියාව සහ චීනය" බව ඔහුගේ ප්‍රකාශය ප්‍රශ්නකාරි ප්‍රකාශයක් වන්නේය. මෙම ප්‍රකාශය නිවැරදි නොවනවා පමණක් නොව සියළු ව්‍යසනයන්ගේ සැබෑ මහ මොළකරු අපේ ලෝකයේ බොහෝ කලාපවල සිදුවන යුද ගැටුම්වල ප්‍රතිලාභියා වන ඇමරිකා එක්සත් ජනපදය පිළිබඳව සඳහන් කිරීමට ද ඔහුට මග හැරෙයි.
මේ සම්බන්ධයෙන් ඔකර්ස් මහතාට ඔහුගේ වෘත්තීය රාජකාරි නිසි ලෙස ඉටු කිරීමට උපකාර විය හැකි රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මරියා සකාරෝවා මහත්මිය විසින් මෑත කාලීනව කළ ප්‍රකාශය පිළිබඳව සන්ඳහන් කිරීමට ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මෙහිලා සූදානම් බව ප්‍රකාශ කරමු.
“ඊශ්‍රායලය ඉරාන භූමියට ගුවන් ප්‍රහාර එල්ල කිරීම සඳහා (ඔක්තෝබර් 25-26) ඊශ්‍රායලය විසින් ඇමරිකා එක්සත් ජනපදය සමඟ සම්බන්ධීකරණය කළ බව අපට පැහැදිලියි. වොෂින්ටනය සහ එහි සහචරයින් ගනනාවක් මෙම භයානක කටයුත්තෙන් ඊශ්‍රායලය වැළක්වීමට උත්සාහ කිරීම හෝ ඊශ්‍රායලය නැවැත්වීමට කිසිවක් කිරීම හෝ නොකර සිටියා පමණක් නොව, ඊට පටහැනිව යමින් ඊශ්‍රායලයට එවැනි පියවරක් ගැනීමට අයිතියක් ඇතැයි තහවුරු කිරීමට විවිධ ආකාරවලින් ප්‍රකාශ කළහ. වොෂින්ටනය නිතිපතා ඊශ්‍රායෙල්වරුන්ට ආයුධ සපයනු ලබන්නේය. ඇත්ත වශයෙන්ම, බටහිරයන් හිතාමතාම මැද පෙරදිග නව වටයක ගැටුම් උත්සන්න කිරීමක් අවුලුවා ඇත. ඊට අමතරව, අපට ලැබුණු සාක්ෂි අනුව, ඇමරිකානුවන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා අවශ්‍ය බුද්ධි තොරතුරු ඊශ්‍රායලයට ලබා දුන්හ.
එවැනි ක්‍රියා කලාපය තුළ යුද ආතතිය තුරන් කිරීමට තුඩු නොදෙනවා පමණක් නොව යුද ආතතිය වැඩි කිරීමටද හේතු වන එවැනි ක්‍රියා හෙළා දැකීමට භාජනය වන සෘණාත්මක තක්සේරුවක් ලැබිය යුතු වන්නේය."
දැනටමත් පලස්තීනුවන් 40,000 කට වැඩි පිරිසකගේ ජීවිත බිලිගෙන ඇති ගාසා තීරයේ ගැටුම පිළිබඳව ද ඔකර්ස් මහතා අදහස් දක්වනු ඇතැයි අපි අපේක්ෂා කරමු. එසේ නොවුවහොත්, ඔහු කුමන හෝ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන්නන් විසින් මෙහෙයවනු ලබන බව ඔප්පු වනු ඇත.
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය
31.10.2024


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා