
විජිත හේරත් ඇමැතිවරයා සතුරන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු බැඳීම වෙනුවට තමන් කරන්නේ කුමක්දැයි කියනවා නම් වඩා හොඳයි - ජාතික සංවිධානවලින් අවවාදයක්
නව රජය විසින් මුදල් අච්චු ගැසීම පිළිබඳව එල්ලවන චෝදනා සහ ඊට අමාත්‍ය විජිත හේරත් ලබාදෙන පිළිතුරු පිළිබඳ ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.
මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,
"විජිත හේරත් සහෝදරයා ඇත්ත අර්ධ වශයෙන් කියන ගමන් ඇත්ත සැඟවීම ද කරන බව පැහැදිලියි. එය බොරු කීම වගේම වරදක්. මහ ජනයාට සත්‍ය වසන් කරලා දිගු ගමනක් යන්න බැහැ. මේ වන විට නව රජය මූල්‍ය වෙළෙඳපොළෙන් රු. බිලියන 600කට ආසන්න ප්‍රමාණයක් ඉතා ඉහළ පොලියට ණය අරගෙන තිබෙනවා. ඒක සහන පොලියට විදේශීය ණය ලබාගැනීමට වඩා බරපතළ විය හැකියි. එක් පැත්තකින් එමගින් රාජ්‍ය බැංකු පද්ධතිය සහ අර්ථ සාධක අරමුදල වැනි මහජන මුදල් අර්බුදයට යනවා. අනෙක් පැත්තෙන් මූල්‍ය ධනපති සමාගම් 12කට ඉතා ඉහළ පොලී ආදායමක් ලබාගැනීම සඳහා ඉඩ සැලසෙනවා.
දළ දේශීය නිෂ්පාදිතයෙන් යම් ප්‍රතිශතයක මුදල් අච්චු ගැසීම හෙවත් මහ බැංකුවෙන් ණය ගැනීම වඩා යහපත් විය හැකියි. ඒත් මූල්‍ය අරමුදල අපේ රටේ ආණ්ඩු හිරකරන්න නව මහ බැංකු පනත මගින් ඒ වැඩේ කරන්න බැරි වෙන්න තහංචියක් දාල තියෙනවා. විජිත සහෝදරයා කියනවා ඊළඟ පාර්ලිමේන්තුවේ පළමු කාර්ය ප්‍රති ත්‍රස්ත පනත අහෝසි කිරීම කියලා. යම් බලවේග සතුටු කරන්න එහෙම කිව්වට ඔහු මහ බැංකු පනත සහ 2017 විදේශ විනිමය පනත සංශෝධනය කරන බව කියන්නේ නැහැ. ඒක නොකර ආණ්ඩුවට මේ අර්බුදයට මුහුණ දෙන්න බැහැ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..
රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට..
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
