විජිත හේරත් ඇමැතිවරයා සතුරන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු බැඳීම වෙනුවට තමන් කරන්නේ කුමක්දැයි කියනවා නම් වඩා හොඳයි - ජාතික සංවිධානවලින් අවවාදයක්
නව රජය විසින් මුදල් අච්චු ගැසීම පිළිබඳව එල්ලවන චෝදනා සහ ඊට අමාත්‍ය විජිත හේරත් ලබාදෙන පිළිතුරු පිළිබඳ ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.
මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,
"විජිත හේරත් සහෝදරයා ඇත්ත අර්ධ වශයෙන් කියන ගමන් ඇත්ත සැඟවීම ද කරන බව පැහැදිලියි. එය බොරු කීම වගේම වරදක්. මහ ජනයාට සත්‍ය වසන් කරලා දිගු ගමනක් යන්න බැහැ. මේ වන විට නව රජය මූල්‍ය වෙළෙඳපොළෙන් රු. බිලියන 600කට ආසන්න ප්‍රමාණයක් ඉතා ඉහළ පොලියට ණය අරගෙන තිබෙනවා. ඒක සහන පොලියට විදේශීය ණය ලබාගැනීමට වඩා බරපතළ විය හැකියි. එක් පැත්තකින් එමගින් රාජ්‍ය බැංකු පද්ධතිය සහ අර්ථ සාධක අරමුදල වැනි මහජන මුදල් අර්බුදයට යනවා. අනෙක් පැත්තෙන් මූල්‍ය ධනපති සමාගම් 12කට ඉතා ඉහළ පොලී ආදායමක් ලබාගැනීම සඳහා ඉඩ සැලසෙනවා.
දළ දේශීය නිෂ්පාදිතයෙන් යම් ප්‍රතිශතයක මුදල් අච්චු ගැසීම හෙවත් මහ බැංකුවෙන් ණය ගැනීම වඩා යහපත් විය හැකියි. ඒත් මූල්‍ය අරමුදල අපේ රටේ ආණ්ඩු හිරකරන්න නව මහ බැංකු පනත මගින් ඒ වැඩේ කරන්න බැරි වෙන්න තහංචියක් දාල තියෙනවා. විජිත සහෝදරයා කියනවා ඊළඟ පාර්ලිමේන්තුවේ පළමු කාර්ය ප්‍රති ත්‍රස්ත පනත අහෝසි කිරීම කියලා. යම් බලවේග සතුටු කරන්න එහෙම කිව්වට ඔහු මහ බැංකු පනත සහ 2017 විදේශ විනිමය පනත සංශෝධනය කරන බව කියන්නේ නැහැ. ඒක නොකර ආණ්ඩුවට මේ අර්බුදයට මුහුණ දෙන්න බැහැ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා