කියුබාවට අත නොතබනු!එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ලෝක ජනයා ඇමරිකාවට තදින් කියයි

දශක හයකට වැඩි කාලයක් කියුබාවට එරෙහිව වොෂින්ටනය පනවා ඇති සම්බාධකවලට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව නැවත වරක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී ඊයේ(30) ඔවුන්ගේ ඡන්දය ප්‍රකාශ කළේය. ඒ සමඟම අමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී, සිය ලෝක ජනමතයට හිස නොනමන බවට වන ඔවුන්ටම ආවේනික සටහනද තබනු ලැබීය.
එම සැසියේදී ජෝ බයිඩන් පරිපාලනයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතයා උත්පත්තියෙන්ම බිහිරි පුද්ගලයෙකු බව ලොවට පෙන්නුම් කිරීමද විශේෂිත සිද්ධියකි. කියුබාවට එරෙහිව එක්සත් ජනපදයේ ආර්ථික, වාණිජ සහ මූල්‍ය අවහිර කිරීම අවසන් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ යෝජනාවට පක්ෂව රටවල් 187 ක් අනුමත කිරීම පවා නොසලකා හැරීමට අමෙරිකාව කටයුතු කළේය.
යුක්ති සහගත කළ නොහැකි දේ යුක්ති සහගත කිරීම වෙනුවෙන්, අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයා වොෂින්ටනය බලාත්මක කරන ඒකපාර්ශ්වික වැටලීම පවත්වා ගැනීම සඳහා මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ පුහු තර්කය පුනරුච්චාරණය කිරීමටද ඔහු වග බලා ගත්තේය.
මේ වන විට තිස් දෙවන වරටත් පුනරාවර්තනය වෙමින් පවතින මෙම අභ්‍යාසයේ දී අමෙරිකා එක්සත් ජනපදය තමාගේ අතිජාත මිතුරා වන ඊශ්‍රායලය සමඟ හුදකලා විය. අමෙරිකා එක්සත් ජනපදයේ අනෙක් මිතුරා වන මෝල්දාව ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

එලෙසම ඊයේ(30) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සැසිවාරය අතරතුර, බොහෝ රටවල කථිකයන් කියුබාවේ කීර්තිය උද්දීපනය කළ අතර, කියුබාව එහි භූගෝලීය ප්‍රමානයෙන් ඔබ්බට ගොස් සදාචාරත්මක වශයෙන් ලෝකය ඉදිරියේ යෝධයෙකු වී ඇති බව අවධාරණය කළහ.
ලංකා ලීඩ් වෙබ් අඩවිය මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බොලිවේර්යානු සහයෝගිතාවයේ සම්බන්ධීකරණ ලේකම් ජීවන්ත මහතාගෙන් විමසනු ලැබීය .
පහත පළ වන්නේ ඔහුගේ අදහස්ය,
"අමෙරිකා එක්සත් ජනපදය කියුබාවට පනවා ඇති ආර්ථික සම්බාධක ඉවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාර තිස් දෙකකදී ලෝක ප්‍රජාව යෝජනා සම්මත කරනු ලැබ තිබෙනවා. නමුත් ඒ එක වාරයකදීවත් අමෙරිකාව ලෝක ජනමතයට හිස නැමීමට කටයුතු කළේ නැහැ.මෙවර අමෙරිකාව සමඟ යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ ඊශ්‍රායලය පමණයි. ඊශ්‍රායලය යනු අප මේ සාකච්ඡා කරන මොහොතේදීත් පලස්තීන දරුවන්ගේ හිසට බෝම්බ දමන රටක්. අමෙරිකාව ඒ සඳහා ඊශ්‍රායලයට අපූරු සහයෝගයක් ලබා දෙනවා. කියුබාව සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ අමෙරිකානු නායකයන්ගේ හැසිරීම අන්ත මානව විරෝධියි. කියුබාව සම්පත් බහුල රටක් නොවෙයි. ඔවුන්ට ඇත්තේ සදාචාරත්මක බලය පමණයි. තම රටේ පුරවැසියා තුල වන එකමුතුකමේ ශක්තිය පමණයි. ජාතිය මුහුණ දෙන ඕනෑම අභියෝගයකදී එකාවන්ව නැගී සිටීමේ ගුණය පමණයි. කියුබානු ජනයා සතු මේ සියලු ගුණයන් අමෙරිකාව සතු දැවැන්ත අවි බලයෙන් අළු දූලී කළ හැකි යයි අමෙරිකාව සිතනවා. නමුත් සිදුවී තිබෙන්නේ එහි අනික් පැත්තයි. අමෙරිකාවේ දැවැන්ත අවි බලය කියුබානුව සතු මානව ගුණය විසින් පරාජය කර තිබෙනවා. නමුත් අමෙරිකාවට පරාජය භාර ගැනීමට තරම් නිහත්මානි බවක් නැහැ. භූමියේ වර්ග ප්‍රමානයෙන් කුඩා මානව ගුණයෙන් ඉතාම පොහොසත් සමාජවාදි කියුබානු රාජ්‍යයේ ආරක්ෂාව සහ එහි යහ පැවැත්ම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය ලෝක ජනයා සමඟ අත් වැල් බැඳ ගන්නවා. එලෙසම එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය අනුමත කළ යෝජනාවට හිස් නමන ලෙස මහත් ඕනෑකමින් අමෙරිකානු එක්සත් ජනපද ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.එලෙසම එළඹෙන ජනාධිපතිවරනයේදී අමෙරිකානු ජනාධිපති තනතුර අපේක්ෂා කරන අපේක්ෂකයන්ට කියුබාවට පනවා ඇති සම්බාධක ඉවත් කරගන්නා බවට ප්‍රකාශ කරන ලෙසට බල කරන ලෙස අමෙරිකානු පුරවැසියාගෙන් ඉල්ලා සිටිනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්රකාශයක්..