
ආණ්ඩුව එක්ක එකට වැඩකරන්න සුමන්තිරන්ලා සූදානමින්
දේශපාලන විසඳුම් සහ සහයෝගීතාවයේ අවශ්‍යතාව අවධාරණය කරමින්, අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ආණ්ඩුව සමඟ කටයුතු කිරීමට සිය පක්ෂයට කිසිදු ගැටළුවක් නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් ප්‍රකාශ කළේය.
පසුගිය දිනවල පැවති රැස්වීම් කිහිපයකදීම ආණ්ඩුව විසින් පිරිනමන අමාත්‍ය ධූර පිළිනොගත යුතු බවට මත පළවූ බව ද මාධ්‍ය අමතමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවසයි.
“ස්ථිර දේශපාලන විසඳුමක් ලබාදෙන තුරු අපි මධ්‍යම ආණ්ඩුවට එක් නොවිය යුතු බවට මතයක් ද තිබුණා,” ඔහු පැවැසීය.
කෙසේවෙතත්, දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්තිය එය නොවන බව පෙන්වා දුන් සුමන්තිරන්, ආණ්ඩුව සහයෝගීතා වැඩසටහනක් ඉදිරිපත් කරන්නේ නම් ඒ පිළිබඳව සළකා බැලිය යුතු බව ප්‍රකාශ කළේය.
අමාත්‍ය ධුර වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය කිසිදු ක්‍රියාමාර්ගයක ඉල්ලීමක් නොකරන බව ප්‍රකාශ කළ දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රීවරයා ඵලදායී වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ විට සියලු දෙනා එක්ව ඉදිරියට යා යුතු බවද කියාසිටියේය.
“අපිට ආණ්ඩුව සමඟ සාකච්ඡා කර දේශපාලන විසඳුමක් ඇතුළු අපේ ජනතාවගේ මූලික අවශ්‍යතා සඳහා විසඳුම් සෙවිය හැකියි. ඒ අතරම වංචාවට දූෂණයට එරෙහිව කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා,” ඔහු වැඩිදුරටත් පැවැසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
