
ආණ්ඩුව සල්ලි අච්චු ගැහුවා...මහ බැංකුවත් පිලිගත්තා.. ඕනම විවාදයකට ලෑස්තියි - ලාන්සාගෙන් අභියෝගයක්
වත්මන් ආණ්ඩුව මුදල් මුද්‍රණය නොකළ බව ප්‍රකාශ කළද බැංකුවල ද්‍රවශීලතාවය රැක ගැනීමට රුපියල් බිලියන 100 ක් මුද්‍රණය කළ බවත්, බිලියන 600 ක් ණය ලබාගත් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පැවසීය.
නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ මාධ්‍ය වෙත අදහස දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා,
"මේ ආණ්ඩුව ඊයේ පෙරේදා කියනවා මුදල් අච්චු ගැහුවේ නැහැ කියලා. ඉතාමත් පැහැදිලිව කියන්න තියෙන්නේ මේ ආණ්ඩුව මුදල් අච්චු ගැහුවා කියලා. බිලියන 100ක් අච්චු ගැහුවා. ඒ එක්කම පසුගිය කාලය තුළ බිලියන 600 ගානක් ණය ගත්තා.
කවුරු හරි කෙනෙක් කියනවනම් නෑ කියලා මම ඕනම විවාදයකට එන්න ලෑස්තියි. මේ අය බිලියන 100ක් මුදල් අච්චු ගහලා බැංකුවල ද්‍රවශීලතාවය රැක ගන්න කටයුතු කලා. ඒ කියන්නේ බැංකු වල මුදල් හිඟයක් තියෙනවා. ඒ හිඟය රැක ගැනීම සදහා මුදල් අච්චු ගැසු බව මහ බැංකු වාර්තාවේ නොකියා කියනවා.
ඒ කියන්නෙ බැංකු වල මුදල් හිඟයක් තියෙනවා ඒ හිඟය රැක ගැනීම සඳහා තමයි මේ අය මුදල් අච්චු ගැහුවේ. රජයක් විදිහට මේ අය නොකියා පිළිඅරගෙන තියෙනවා. සමහර බැංකු වල ද්‍රවශීලතාවය අඩු නිසා එය රැක ගන්න මුදල් අච්චු ගැහුවා කියන එක ඉතාමත් පැහැදිලියි.
අනුර කුමාර ජනාධිපතිවරයා මොනවා කිව්වත් හරිනි අගමැතිතුමිය මොනවා කිව්වත් මහ බැංකු වාර්තාවෙන්ම පිළිඅරන් තියෙනවා මුදල් අච්චු ගැහුවා කියන එක.
අනුර ජනාධිපති වරයාට කියන්න කැමතියි විපක්ෂයේ හිටියා වගේ බොරු කියන්න එපා. වගකීමෙන් කටයුතු කරන්න කියලා. දැන් ඉස්සර වගේ බොරු කියන්න බෑ. විවිධ මත ප්‍රකාශ කරන්න බෑ. හරි දෙය කියන්න ඕනේ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
