ආණ්ඩුව සල්ලි අච්චු ගැහුවා...මහ බැංකුවත් පිලිගත්තා.. ඕනම විවාදයකට ලෑස්තියි - ලාන්සාගෙන් අභියෝගයක්
වත්මන් ආණ්ඩුව මුදල් මුද්‍රණය නොකළ බව ප්‍රකාශ කළද බැංකුවල ද්‍රවශීලතාවය රැක ගැනීමට රුපියල් බිලියන 100 ක් මුද්‍රණය කළ බවත්, බිලියන 600 ක් ණය ලබාගත් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පැවසීය.
නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ මාධ්‍ය වෙත අදහස දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා,
"මේ ආණ්ඩුව ඊයේ පෙරේදා කියනවා මුදල් අච්චු ගැහුවේ නැහැ කියලා. ඉතාමත් පැහැදිලිව කියන්න තියෙන්නේ මේ ආණ්ඩුව මුදල් අච්චු ගැහුවා කියලා. බිලියන 100ක් අච්චු ගැහුවා. ඒ එක්කම පසුගිය කාලය තුළ බිලියන 600 ගානක් ණය ගත්තා.
කවුරු හරි කෙනෙක් කියනවනම් නෑ කියලා මම ඕනම විවාදයකට එන්න ලෑස්තියි. මේ අය බිලියන 100ක් මුදල් අච්චු ගහලා බැංකුවල ද්‍රවශීලතාවය රැක ගන්න කටයුතු කලා. ඒ කියන්නේ බැංකු වල මුදල් හිඟයක් තියෙනවා. ඒ හිඟය රැක ගැනීම සදහා මුදල් අච්චු ගැසු බව මහ බැංකු වාර්තාවේ නොකියා කියනවා.
ඒ කියන්නෙ බැංකු වල මුදල් හිඟයක් තියෙනවා ඒ හිඟය රැක ගැනීම සඳහා තමයි මේ අය මුදල් අච්චු ගැහුවේ. රජයක් විදිහට මේ අය නොකියා පිළිඅරගෙන තියෙනවා. සමහර බැංකු වල ද්‍රවශීලතාවය අඩු නිසා එය රැක ගන්න මුදල් අච්චු ගැහුවා කියන එක ඉතාමත් පැහැදිලියි.
අනුර කුමාර ජනාධිපතිවරයා මොනවා කිව්වත් හරිනි අගමැතිතුමිය මොනවා කිව්වත් මහ බැංකු වාර්තාවෙන්ම පිළිඅරන් තියෙනවා මුදල් අච්චු ගැහුවා කියන එක.
අනුර ජනාධිපති වරයාට කියන්න කැමතියි විපක්ෂයේ හිටියා වගේ බොරු කියන්න එපා. වගකීමෙන් කටයුතු කරන්න කියලා. දැන් ඉස්සර වගේ බොරු කියන්න බෑ. විවිධ මත ප්‍රකාශ කරන්න බෑ. හරි දෙය කියන්න ඕනේ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේ වදකාගාරයක දමා මරා දැමීමට හැදූ කුමන්ත්‍රණය සත්‍යග්‍රහය නිසා වැළකුණා.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කතෝලික සභාව දැන් හත්පොළේ ගාගෙන ඉවරයි.. බුද්ධි තොරතුරු කළින් ලැබිලත් ශානිලා රවිලා මොනවද කළේ - '2019 අප්‍රේල් 21 මීගමුව යුක්තියට පදනම' සන්ධානයෙන් චෝදනා
අනාථ වී සිටින ආණ්ඩුව පාස්කු ප්‍රහාර සිද්ධියෙන් ගන්නේ වෙන ආතල් එකක්.. කළුපටි පැළඳගෙන, ලෝගු දමාගෙන පියතුමන්ලා දේශපාලනය කරන්න එපා.. - මීගමුව යුක්තියට පදනම සන්ධානය
මාලිමාණ්ඩුවට පාරාවළල්ලක් විය හැකි සුරේෂ් සලේ.. - ප්‍රවීන මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම්ගෙන් අනාවරණයක්..
අපනයන ආදායම් රුපියල්වලට හැරවීමේ නව රීතියක්..
සුරේෂ් සලේ වෙනුවෙන් ඇරඹි සත්‍යග්‍රහය දෙවන දිනටත්.. රණවිරුවන්, දේශපාලනඥයන් සහ සිවිල් සංවිධාන සලේ වෙනුවෙන් පෙරට..
සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි.. - එජාපයෙන් නිවේදනයක්
රටේ ආර්ථික අර්බුදයේ ඇත්තම කතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවම්..
සුරේෂ් සලේ වෙනුවෙන් පවත්වන සත්‍යග්‍රහයට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයත් එක්වෙයි..
සලේගේ විමර්ශනවලට අදාළව මානව හිමිකම් කොමිසමෙන් CIDයට කැඳවීමක්..
පාස්කු ප්‍රහාරයේ නියම සත්‍ය කියන්නේ මාලිමාවට අවශ්‍ය සත්‍ය නෙවෙයි.. සහරාන් වරෙන්තු වී සිටියදී මඩකලපුව අධිකරණයට හංගගෙන ආපු නීතිඥයා ගැනත් හෙළිකරන්න.. - සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රතිචාර
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..