
සහල් ඒකාධිකාරයක් පවත්වාගෙන යන්නේ මේ රටේ මහා පරිමාණ මොල්හිමියො පස් දෙනෙක්... ගොවියා සූරා කාලා, පාරිභෝගිකයා විනාශ කරලා, ආණ්ඩු මට්ටු කරන ඔවුන්ගේ සෙල්ලමට තිත තියන්න ඕනේ - අනුරාධ තෙන්නකෝන්
කුමන ආණ්ඩුව බලයට පැමිණියද මෙරට සහල් ඒකාධිකාරය පවතින්නේ මහා පරිමාණ මෝල් හිමියන් පස්දෙනෙකුගේ අත බවත්, රට තුළ සහල් අර්බුදයක් නිර්මාණය කරන්නේ ද ඔවුන් විසින් බවත් ජාතික ගොවිජන එක මුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.
මීට වසර 10කට පමණ පෙර මෙරට ජාතික සහල් අවශ්‍යතාව සපුරාලන ලද්දේ කුඩා හා මධ්‍ය පරිමාණ මෝල්හිමියන් විසින් බවද, එහෙත් අද වන විට එම මෝල් විශාල ප්‍රමාණයක් වසා දමා ඇත්තේ මෙම මහා පරිමාණ මෝල්හිමියන් විසින් දියත් කළ කුමන්ත්‍රණ නිසා බවද ඒ මහතා පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් අනුරාධ තෙන්නකෝන් මහතා තවදුරටත් මෙසේ ද පවසයි,
"මේ වන විට වෙළඳපොලේ සහ රටේම පවතින සහල් අර්බුදය කුමන්ත්‍රණය පිළිබඳව හෙළිදරව් කරන්නයි අපිට අවශ්‍යය. මේ රටේ වී අවශ්‍යතාවය ජාතික අවශ්‍යතාවය පිරිමසන්න අවශ්‍ය වී තොග මහා පරිමාණ මෝල් හිමියෝ සතුව සහ මධ්‍ය පරිමාණ මෝල් හිමියෝ සතුව තිබෙනවා. පාරිභෝගික අධිකාරිය ගිහිල්ලා පරීක්ෂා කළේ මහා මෝල් හිමියන්ගේ නාඩු සහල් තියෙනවද කියලා. මේවා සහල් පරීක්ෂා කරලා වැඩක් නෑ, හැමෝම නොමග යැව්වා පාරිභෝගික සේවා අධිකාරිය. අවශ්‍ය දේ නෙමේ පාරිභෝගික සේවා අධිකාරිය හැමදාම බලන්නේ. අලුත් ආණ්ඩුවට, වර්තමාන ජනාධිපතිවරයාට කියන්නේ මහා පරිමාණ මෝල් හිමියෝ තමයි මේ අර්බුදය නිර්මාණය කරන්නේ.
මේ රටේ අවුරුදු දහයකට පෙර ජාතික සහල් අවශ්‍යතාවයෙන් පිරිමැසුවේ නිෂ්පාදනය කළේ කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් තිබුණ හයදහසකට අධික ප්‍රමාණයක්. ඒ මෝල් හාරදහස් පන්දහස් අතර ප්‍රමාණයක් වැහිලා තිබෙනවා. ඒවා ඉබේ වැහුනා නෙමෙයි. මේක කුමන්ත්‍රණයක්. මහා පරිමාණ මෝල් හිමියෝ හතර පස් දෙනාට ඕන උනෙත් සහල් ඒකාධිකාරයක් ගොඩනගා ගන්න. ඒ අයගේ සහල් මිල තියාගෙන මොන ආණ්ඩුව ආවත් මොන ජනාධිපතිවරයා ආවත් ඒකාධිකාරය පවත්වාගෙන යනවා.
ජාතික මට්ටමේ ව්‍යවසායකයෝ කියලා ගොවියා සූරා කාලා පාරිභෝගිකයා විනාශ කරලා ආණ්ඩු මට්ටු කරන සෙල්ලමට තිත තියන්න ඕනේ. සමහර නිලධාරීන් රාජ්‍ය නිලධාරීන්වුත් මේ කුඩා මෝල වට්ටන්න සම්බන්ධයි. රාජ බැංකු වල ඉන්න කළමනාකරුවොත් සමහර වෙලාවට වග කියන්න ඕනේ පොඩි සහල් හිමියන් වට්ටන එකට.
2015 මේ රටේ සම්පූර්ණ සහල් අවශ්‍යතාවය සියයට හැත්තෑවක් පිරිමැසුවේ කුඩා හා පරණ මධ්‍ය පරිමාණ මෝල් පද්ධතිය. මහා පරිමාණ මුල් හිමියෝ සම්පාදනය කළේ සියයට තිහයි.
විදෙස් ආධාර පවා දුන්නේ මහා පරිමාණ මෝල් හිමියට සියයට තුනටත් වඩා අඩු පොලියට. මහා පරිමාණ මෝල හිමියෝ සහාය දුන්න තමන්ගේ සහචර කුඩා පරිමාණ මෝල් හිමියන්ට. අතකොළුවක් උනා. මිලියන 5000ක් 4000ක් පමණ ඕන වෙනවා වී සංචිත අවම වශයෙන්වත් පවත්වාගෙන යන්න රජයට. වී දාපු හැටිය තෙමෙනව. රජයේ ගබඩාවල. වී අලෙවි මණ්ඩලයට කිසිම ක්‍රමවේදයක් නෑ මේවා මිලදී ගන්න. වී අලෙවි මණ්ඩලය සුදු අලියෙක් බවට පත්වෙලා තිබෙනවා.
2015 - 2018 ආණ්ඩුව කාලය කළේ ගත්ත මිලටත් වඩා අඩුවෙන් සත්ව ආහාර සඳහා විකිණුවා. රජයට වෙච්ච පාඩුව මිලියන 5000ට වඩා වැඩියි. රටේ ආහාර සුරක්ෂිතතාවය බිඳ දමලා සහල් අර්බුදය නිර්මාණය කළේම රජය. කෘෂිකර්ම අමාත්‍යංශයත් වග කියන්න ඕනේ. ජනාධිපතිවරුන්ට බැරි වුණා සහල් බූවල්වලා මර්දනය කරන්න.
මේ ජනතා ආණ්ඩුවට කියන්නේ 76 වසරක සාපය නිමා කරන්න නම් සහල් මාෆියාව නැති කරන්න කියලා. ජනාධිපතිවරයාට තිබෙන වගකීම, අභියෝගය වචනවලින් නෙවෙයි මේ අභියෝගයට මුහුණ දෙන්න. පහුගිය කාලේ බලපු විදියට හාල් තොග තියෙනවද කියලා නෙමෙයි බලන්න ඕනේ. වී සංචිත කොච්චර ප්‍රමාණයක් රට තුළ තියෙනවද කියලයි බලන්න ඕනේ.
අපි දන්න විදිහට 2024 - 23 මස් කන්නේ වී මෙට්‍රික් ටෝන් ලක්ෂ 28ක් ලබාගත්තා අස්වැන්න. 2024 යල් කන්නයේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ දාහතක් ගත්තා. 2023 මස් කන්නේ වී සංචිත යම් ප්‍රමාණයකුත් තිබෙනවා රට තුළ. මේ රටේ වී සංචිත 2025 අප්‍රේල් වෙනකම් වී තිබෙනවා. ත්‍රිකුණාමලය අම්පාර අනුරාධපුර ඇතැම් ප්‍රදේශවල කීරි සම්බා වගා කලා විකුණ ගන්න බැරි තත්වෙකට කීරි සම්බා අතිරික්තයක් තිබෙනකොට කොළඹ තදාසන්න ප්‍රදේශවල සහල් වෙළෙන්දොත් එක්ක කතා කලහම මෝල් හිමියන්ට කතා කළහම එයාලා දානවා කොන්දේසි. කොන්දේසි දාලා තමයි හාල් විකුණන්නෙ. නාඩු සහල් දෙන්න බෑ කීරි සම්බ ගත්තොත් තමයි නාඩු දෙන්නෙ කියලා කියනවා ඒ වගේ අයුතු යෝජනා කරනවා. මහා පරිමාණ මෝල් හිමියන්ට වාසි වන විදිහට මේ රටේ වී වල තිබෙන සහතික මිල තීරණය කරන්නේ අසනු නෙලලා සීයට අසූවක් ඉවර වුණාට පස්සේ. ග්‍රාමසේවා වසම් මට්ටමේ මේ රටේ වී සංචිත කොච්චර තියනවද කියලා හොයන්න ඕනේ.
හාල් හිඟය මැව්වේ කෘතිමවයි. මහා පරිමාණ මෝල් හිමියෝ ළඟ විතරක් නෙමෙයි වෙනත් තැන්වලත් ගබඩා තිබෙනවා. හාල් තියෙනවාද නැද්ද කියලා හොයන්න නෙමේ ඕනේ. හාල් හිඟයක් කිසිසේත්ම නැහැ. ලබන අවුරුද්දේ අප්‍රේල් වෙනකම් වී තිබෙනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..
රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට..
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
