
මග පෙන්වන විපක්ෂයක භූමිකාව ඉෂ්ඨ කිරීම වෙනුවෙන් මැතිවරණයට ඉදිරිපත් වෙනවා... තරුණ්‍යයේ හීන මියගිය බිමක එම හීන යථාර්ථයක් කිරීම වෙනුවෙන් කැප වෙනවා - උවිඳු මහනුවරදී කියයි
2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දෙවන පරපුර පක්ෂයෙන් මහනුවර දිස්ත්‍රික්කයට තරග වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමේ ජනහමු මාලාව දෙවන පරපුරේ නායක, උවිඳු විජේවීර මහතාගේ සහභාගීත්වයෙන් පෙරේදා (29) දින දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි පැවැත්විණි.
එහිදී උවිඳු විජේවීර මහතා පැවසුවේ අලුත් දේශපාලන බලවේගයකට ජනතාවගේ විශාල කැමැත්තක් ඇති බවත්, සාම්ප්‍රදායික දේශපාලනය ඔවුන් ප්‍රතික්ෂේප කර ඇති පසුබිමක යහපත් මිනිසුන් පාර්ලිමේන්තුවට ගෙන යාම සඳහා දෙවන පරපුර බිම සකස්කර ඇති බවත් ය.
මග පෙන්වන විපක්ෂයක භූමිකාවක් ඉෂ්ඨ කිරීම වෙනුවෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන බව බවද, අලුත් බීජයක් වැපිරීමට සුදුසු බිමක් මේ වන විට මෙරට නිර්මාණය වී ඇති බවද ඒ මහතා පවසයි.
තරුණ්‍යයේ හීන මියගිය බිමක එම හීන යථාර්ථයක් කිරීම වෙනුවෙන් සහ රට හැරයන තරුණ ප්‍රජාව මෙරට තුළ සිටිමින් රට ගොඩනැගීමට දායකත්වය දක්වන පිරිසක් බවට පත්කිරීම වෙනුවෙන් දෙවන පරපුර මැතිවරණයට ඉදිරිපත්වී සිටින බවද උවිඳු විජේවීර මහතා මෙහිදී පැවසීය.
රටක් ලෙස අප වරද්දා ගත් තැන් ගණනාවක් ඇති බවත්, නිදහස ලබාගත් පසු මෙරටට අනන්‍ය වූ ජාතික චින්තනයක් නිර්මාණය කර ගැනීමට අපට නොහැකි වූ බවත් පවසන ඒ මහතා, මෙරට නිර්මාණය වූයේ පක්ෂවල පාට රැගත් මිනිසුන් පමණක් බවත් සඳහන් කළේය.
පාට පක්ෂ බෙදීම් තුළ රටට ගමනක් යා නොහැකි බවද, මෙම සියළු පක්ෂවල යහපත් මිනිසුන් එකම වේදිකාවකට ගෙන ගමනක් යාහැකි ලෙස ගොඩනැගීම දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරයේ අරමුණ බවද ඒ මහතා සඳහන් කරයි.
මෙරට සභ්‍යත්ව උරුමය විනාශ කළ බවත්, එය නැවත ගොඩනැගීමට නම් මෙරට උරුමය, සභ්‍යත්වය ගැන දන්නා මිනිසුන් පාර්ලිමේන්තුවේ සිටිය යුතු බවද පවසන උවිඳු විජේවීර මහතා, ඒ සඳහා පාර්ලිමේන්තුවට යහපත් මිනිසුන් යැවිය යුතු බවද පෙන්වා දෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..
රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට..
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
