මග පෙන්වන විපක්ෂයක භූමිකාව ඉෂ්ඨ කිරීම වෙනුවෙන් මැතිවරණයට ඉදිරිපත් වෙනවා... තරුණ්‍යයේ හීන මියගිය බිමක එම හීන යථාර්ථයක් කිරීම වෙනුවෙන් කැප වෙනවා - උවිඳු මහනුවරදී කියයි
2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දෙවන පරපුර පක්ෂයෙන් මහනුවර දිස්ත්‍රික්කයට තරග වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමේ ජනහමු මාලාව දෙවන පරපුරේ නායක, උවිඳු විජේවීර මහතාගේ සහභාගීත්වයෙන් පෙරේදා (29) දින දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි පැවැත්විණි.
එහිදී උවිඳු විජේවීර මහතා පැවසුවේ අලුත් දේශපාලන බලවේගයකට ජනතාවගේ විශාල කැමැත්තක් ඇති බවත්, සාම්ප්‍රදායික දේශපාලනය ඔවුන් ප්‍රතික්ෂේප කර ඇති පසුබිමක යහපත් මිනිසුන් පාර්ලිමේන්තුවට ගෙන යාම සඳහා දෙවන පරපුර බිම සකස්කර ඇති බවත් ය.
මග පෙන්වන විපක්ෂයක භූමිකාවක් ඉෂ්ඨ කිරීම වෙනුවෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන බව බවද, අලුත් බීජයක් වැපිරීමට සුදුසු බිමක් මේ වන විට මෙරට නිර්මාණය වී ඇති බවද ඒ මහතා පවසයි.
තරුණ්‍යයේ හීන මියගිය බිමක එම හීන යථාර්ථයක් කිරීම වෙනුවෙන් සහ රට හැරයන තරුණ ප්‍රජාව මෙරට තුළ සිටිමින් රට ගොඩනැගීමට දායකත්වය දක්වන පිරිසක් බවට පත්කිරීම වෙනුවෙන් දෙවන පරපුර මැතිවරණයට ඉදිරිපත්වී සිටින බවද උවිඳු විජේවීර මහතා මෙහිදී පැවසීය.
රටක් ලෙස අප වරද්දා ගත් තැන් ගණනාවක් ඇති බවත්, නිදහස ලබාගත් පසු මෙරටට අනන්‍ය වූ ජාතික චින්තනයක් නිර්මාණය කර ගැනීමට අපට නොහැකි වූ බවත් පවසන ඒ මහතා, මෙරට නිර්මාණය වූයේ පක්ෂවල පාට රැගත් මිනිසුන් පමණක් බවත් සඳහන් කළේය.
පාට පක්ෂ බෙදීම් තුළ රටට ගමනක් යා නොහැකි බවද, මෙම සියළු පක්ෂවල යහපත් මිනිසුන් එකම වේදිකාවකට ගෙන ගමනක් යාහැකි ලෙස ගොඩනැගීම දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරයේ අරමුණ බවද ඒ මහතා සඳහන් කරයි.
මෙරට සභ්‍යත්ව උරුමය විනාශ කළ බවත්, එය නැවත ගොඩනැගීමට නම් මෙරට උරුමය, සභ්‍යත්වය ගැන දන්නා මිනිසුන් පාර්ලිමේන්තුවේ සිටිය යුතු බවද පවසන උවිඳු විජේවීර මහතා, ඒ සඳහා පාර්ලිමේන්තුවට යහපත් මිනිසුන් යැවිය යුතු බවද පෙන්වා දෙයි.



සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා