
අධිකරණය කුඩු දමා කුඩ්ඩන් අල්ලන ට්‍රැෆික් පොලිස්කාරයෙක්ගෙ ගනයට හෙළන්න එපා!
අධිකරණයේ තීරණ වලට ව්‍යවස්ථාදායකයෙන් බලපෑම් නොකරමියි ශපථකලවුන්ට අද ඊට හාත්පසින් කටයුතු කිරීමට සිදුවෙලා. "කාලා ඉන්නම නොහැකි තීන්දු" දෙනවිට එසේ අධිකරණය සමග එකඟ නොවන අවස්ථා විධායකයට හෝ ව්‍යවස්ථාදායකයට ඇතිවිය හැකියි. මේ තත්ත්වය පොලිස්පතිවරයා පත්කිරීම පිළිබඳව දුන් තීන්දුව නොසළකා හැරීම පලමු අවස්ථාව නොවන අතර මෑතකදී පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද හැම පනත් කෙටුම් පතක්ම වාගේ සම්මත කිරීමේදී මෙය දක්නට ලැබුණු ලක්ෂණයක්. මේ මෑතකදි සම්මත කරපු පණතක් එය අධිකරණයෙන් උපදෙස් දුන් ආකාරයට නොකරයි කියා නැවත අධිකරණයට ගියවිට අධිකරණයෙන් තීන්දු කරේ පාර්ලිමේන්තුවේ දැන් එය සම්මත කර ඇති බැවින් අධිකරණයට කිරීමට කිසිවක් නොවෙන බවයි. මේකෙන් පෙනෙන්නෙ අධිකරණයටත් යම් කිසි සීමා තිබෙන බවයි.
ඒ කෙසේඋවද මීට සමාන අධිකරණ තීන්දුවක් ප්‍රතික්ෂේප කිරීම සිදුවූයේ මහින්ද රාජපක්ෂ මහතාගේ දූර කාලයේ. එනම් සරත් එන් සිල්වා මහතා ප්‍රධාන විනිසුරු ලෙස සිටිය කාලයේදී ඉන්ධන මිළ පිළිබඳව දෙන ලද තීන්දුවක්. එහිදී රජය ප්‍රකාෂකර සිටියේ රාජ්‍යයේ පැවැත්ම සඳහා ඉන්ධන මිළ වැඩිකළ යුතු බවයි. ඒ අනුව අධිකරණයෙන් ඉන්ධන මිළ අඩුකිරීමට දෙනලද ස්ථිර තීන්දුව නොසළකා හරින ළදී. එසේනම්, පොලිස්පතිවරයා පත්කිරීම පිළිබඳව දෙන ලද මේ තාවකාලික තහනම ක්‍රියාත්මක නොකර සිටීමට ව්‍යවස්ථාදායකයට නොහැකි වේයැයි සිතිය නොහැකියි.
මෙහිදී සළකා බැලිය යුතු වෙනත් කාරණා හා අධිකරණ තීන්දු කිහිපයක් ඇතිමුත් ප්‍රධාන වශයෙන් සැළකිල්ල යොමු කිරීමට සුදුසු අධිකරණ තීන්දුවක් වන්නේ රාජපක්ෂවරුන් හා කබ්‍රාල් ආදීන්‍ට එරෙහිව රට බංකොලොත් කිරීම පිළිබඳව දෙනු ලැබූ තීන්දුව හා එය චූදිතයින් විසින් පිලිගන්නා ලද ආකාරයයි. මෙම නඩු තීන්දුව මා ඉහත සඳහන් කල ආකාරයේ "කාල ඉන්නම බැරි තීන්දු" ගනයට නොවැටෙන ඉන් පරිභාහිර වර්ගයේ නඩු තීන්දුවක්. මෙහි විරෝධාභාසය වන්නේ පවතින රජයේම ප්‍රධාන කොටස්කරුවන්ට එරෙහිව නඩු තීන්දුව ලැබුණත් ඔවුන් මීමින්නන්ටත් අන්ත අසරණ කොට්ඨාසයක් ලෙස තීන්දුව පිළිගැනීමයි. මෙහිදී විපක්ෂයේ අය ඇහැට ඇඟිල්ලෙන් අනින තෙක් බලාගෙන හිටිය ලෙස මෙයින් අවස්ථාව ගෙන රාජපක්ෂ කබ්‍රාල් ආදීන්ගේ හිස මතින් සියලු ආර්ථික දෝස දෙහි ගෙඩි තුනම කපාහරින්න නිර්ලජ්ජිත උත්සාහයක නිරත උනා.
නීතිඥයින්ගේ වෘතීය සමිතියත් පාර්ලිමේන්තු තීරණයෙන් ෆෝම් වෙලා ඉන්න බව පෙනෙනව. ඔවුන්ගෙත් ඉතිහාසය සුදු නැහැ. අරගල කාලයේදි අපි දුටුව ඔවුන් අනීතිය පැත්තෙ නිර්ලජ්ජිතව හිටගෙන ඉන්න ආකාරය. ඒ ගැන විශේෂ සඳහනක් අවශ්‍ය නෑ. හැමෝටම තාම අමතක නැතුව ඇති සුවිශේෂ කාරණා කිහිපයක්ම.
ඒ කෙස්වුවද අද වෙනවිට තහවුරුව තිබෙනව රාජපක්ෂ කබ්‍රාල් ආදීන්ව ආර්ථික ඝාතකයින් ලෙස තීන්දු කල ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත නොයෑම කෙතරම් අනුචිතද කියල. එසේනම් අධිකරණයේ එම තීන්දුවද ක්‍රියාත්මක කිරීමට පෙර ඔය කියන පාර්ලිමේන්තු කොමිටියකට යොමු කිරීමට ඉඩ නොතිබුනේද? බ්‍රිතාන්‍යයේ ආණ්ඩුක්‍රමය අනුව අධිකරණයට යෑමේදී "ඉක්විටි" යන්න මූලිකව සළකන බව ඉගැන්වෙනව. එහිදී බලන්නෙ "ක්ලීන් හෑන්ඩ්" වලින් යුක්තව අධිකරණයට පැමිණ තිබේද හා "වේල් එක යටින් ඇත්තේ කුමක්ද" යන්න පිළිබඳවයි. අපේ අධිකරණයේ ඒ උත්තම ගුණාංගය නැත්ද? රෝමානු ලන්දේසි නීතියේ ඒ උත්තම ගුණාංගය නැත්ද? අධිකරණයට ඉදිරිපත්වූ කරුණු ගැන පමණක් අවධානය යොමුකර තීන්දු දීම "ඉක්විටි" වලට වැඩිය ඉහල තත්ත්වයක්ද? පාර්ලිමේන්තු වරප්‍රසාද වලට යටත් නොවන මේ ප්‍රශ්ණකිරීම ට්‍රැෆික් පොලිස් විසින් වාහනයට කුඩු දමා කුඩ්ඩන් ඇල්ලීමකට සමාන වෙයිද?
- වටගොඩ බලනගේ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..
ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.
විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..
දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්
දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..
ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..
60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව
දින කිහිපයක් තිස්සේ ගැටුම් හේතුවෙන් ලොස් ඇන්ජලීස් නගරයට ඇඳිරි නීතිය පනවයි
විදුලි ගාස්තුව සියයට 15කින් ඉහළට..
ජනාධිපති සමාව යටතේ වැරදි පුද්ගලයන් නිදහස් කර ඇත්නම් ඒ සඳහා ජනාධිපති ලේකම්, අධිකරණ ලේකම් සැකකරුවන් ලෙස නම් කළ යුතුයි..
තවත් සිරකරුවන් 68ක් නීති විරෝධී ලෙස නිදහස් කරලා.. - අධිකරණයේ දී හෙළිවෙයි..
මුහුදු කොටි විනාශයට මහා භූමිකාවක් ඉටු කළ වයිස් අද්මිරාල් ඩී.පී.කේ. දසනායක මහතාට එරෙහිව එල්ල කෙරෙන අභූත චෝදනාවලට අභියෝගාත්මක පිළිතුරු
පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි..
