විමල් චීනයේ පැවති 3 වැනි "එක් තීරයක් - එක් මාවතක්" ජාත්‍යන්තර සමුළුවට සහභාගී වෙයි
චීන ජනාධිපති ෂී ජින්පින් මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 17-18 දෙදින චීනයේ බීජිං නුවර පැවති "ජාත්‍යන්තර සහයෝගිතාව සඳහා වන 3 වැනි එක් තීරයක් සහ එක් මාවතක් සමුළුවට(The 3rd Belt and Road Forum for International Cooperation)" උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහභාගී විය.
රාජ්‍ය නායකයන්, දේශපාලන පක්ෂ නායකයන් හා ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සමුළුවට විමල් වීරවංශ මහතා සහභාගී වූයේ චීන රජයේ ඇරයුම පරිදිය. මෙවර BRFහි තේමාව වූයේ "උසස් තත්වයේ එක් තීරයක් - එක් මාවතක් සඳහා වූ සහයෝගීතාව : පොදු සංවර්ධනය සහ සමෘද්ධිය සඳහා එක්වෙමු!" යන්නයි.
මෙවර සමුළුව කැඳවා තිබුණේ ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන චීනයේ ඉදිරි ආර්ථීක උපායමාර්ගය හා බැඳුණු "එක් තීරයක් - එක් මාවතක් ව්‍යාපෘතිය(Belt and Road Initiative)" අරඹා 2023 වසර වනවිට දස වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙනි. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුව විසින් මෙම සමුළුව සංවිධානය කරනු ලැබීය. වසර දහයකට පෙර අරඹන ලද "එක් තීරයක් - එක් මාවතක් ව්‍යාපෘතිය(BRI)" මහජන යහපත සඳහා වන සහයෝගීතා වේදිකාවක් ලෙස ජාත්‍යන්තර ප්‍රජාව විසින් පිළිගෙන ඇති බවත් එය ශක්තිමත් ප්‍රතිඵල අත්කර ගෙන ඇති බවත් චීන ජනාධිපති ෂී ජින්පින් මහතා ප්‍රධාන සමුළු සැසිවාරය අමතමින් පෙන්වා දුන්නේය.
මෙහිදී විමල් වීරවංශ මහතා ප්‍රධාන සමුළු සැසිවාරයට මෙන්ම සෙසු විශේෂ සමුළු සැසිවාරයන් කිහිපයකට ද සහභාගී විය.
- අනුරුද්ධ බණ්ඩාර රණවාරණ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන