දන්නවා ද රාවණා....
අන්තඃපුරයක් තියාගෙන
මගෙ පතිවත හොයපු
රාමාත්....
සුපර්ණිකා කෙලෙසපු
ලක්ෂමනුත්.....
අද වීරයන් වෙලා
හොර දෙටූ
වාල්මිකීගේ රාමායණය
නිසාවෙන්.....
නුඹව රාමාට පාවා දීලා
ලක්දේශය ම වනසපු
නුඹේ මලණු විභීෂණ
අද දේවත්වයෙන්
පිදුම් ලබද්දී....
ලංකාපුරය ම
ගිනිබත් කොට
වනසාලූ හනුමාට
නුඹේ මිනිසුන්
වන්දනාමාන කරද්දී.....
මන්දෝදරිට පමණක් පෙම් බැදී
නුඹව
ගැහැණියකගේ අගය ලක්මණයන්ට
පහදා දීමට මා ලක් දේසයට රැගෙන ආ නුඹව
අද සල්ලාලයෙකු ලෙස නම් පට බැඳලා.....
එක ම එක වදනකින්
විසඳාලිය හැකි ව තිබූ දෙය
මහ යුද්ධයකට
ගෙන ගියේ ඔවුන් මය...
එහෙත් අවසන
නිර්මාංශ වූ
නුඹ
ලොවටම
මිනීමරුවෙකු විය....
තවමත් භාරතය ම බයයි
රාවණා නුඹට
ඒකයි අදටත් උන්
" දුසේරා " උත්සව තියලා
නුඹව පුච්චන්නේ.....
ඒක භාරත වැසියන්ට
මහ ලොකු
වීරකමක් වෙන්න ඇති....
හැබැයි උන් දන්නේ නෑ
රාවණා
නුඹව පිච්චෙනකොට
මාත් දැවෙනවා
කියලා......
නුඹෙයි මගෙයි කතාවේ
හරියටම උන් කිව්වෙ
එකම එක දෙයක්
විතරම යි....
ඒ
"නුඹ මට පෙම් කරාලු"....
ඔව්....
ඇත්ත නුඹ තරම්
මට කවුරුවත් ම
ආදරේ කරෙත් නෑ
ආදරේ කරන්නෙත් නෑ.....
මොකද....
තාත්තා කෙනෙක්ට තරම්
දුවෙක්ට
ආදරේ කරන්න
සෙනෙහස දෙන්න
රැකවරණයක් දෙන්න
කාටවත් ම බෑ
රාවණා.....
කෙතරම් වුවද රාමාගේ ආලය
නුඹේ පිය සෙනහස
අබියස මට
වැලි කැටයකඳූ
අගයක් නොමැති සේය.....
නුඹ එදා නක්ෂස්ත්‍රයන්ගේ
බසට එකඟ ව
මා අතහැර දැමුවේ
ලක් දේශයේ මෙන් ම
ලක් වැසියන්ගේ අනාගතය
වෙනුවෙන්....
පැසක හොවා මා
මුහුදේ පා කර හැරිය දා
නුඹට නුඹව ම
නැති වුණා වග
මං තරම්
කවරෙකු දනී ද
පියතුමනි..........
නක්ෂස්ත්‍රකාරයන්ට වැරදුණා
පිය රජතුමණි.....
මම ඔබ ලග රැදුණහොත් මුළු ලංකා පුරය ම වැනසේවිලු......
මම නුඹ ළග හිටියා නම්
ලංකා පුර සුරැකෙන්න තිබූණා පියාණෙනි....
මේ සා විසල් යුද්ධයක් ඇති නොවෙන්න තිබුණා.....
ඉර හද පවත්නා තුරු නුඹේ නාමය පමණක් නොව නුඹද අමරණීය වන්නට තිබුණා......
එක ම එක පාරක් ඇවිත්
ලොවට ම රහසක් වුණ
නුඹයි මමයි විතරක් දන්න රහස
කියන්න......
ඔව්.....
මම නුඹේ දෙටු දියණිය වග
මම මේඝනාදයන්ගේ නිවුන් සහෝදරිය වග
ලොවම දැනගන්නට දැන්නම් කාලය එළඹි ඇත....
රාමාගේ පතිනිය ලෙසවත්
ජනක රජුන්ගේ
දෙටු දියණිය ලෙසවත්
නොව
රාවණා රජුන්ගේත් මන්දෝදරී මෑණියන්ගේත්
දියණිය ලෙස කිරුළු දරන්න යි දැන් මට අවැසි......
මම නුඹේ දෙටු දියණි සීතා....
(අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්