News Category
From Date
To Date
Maximum Number of Result

"එංගලන්තේ " ප්‍රජාතන්ත්‍රවාදී රදලයෝ හා පාදිලිල ක්‍රියාත්මක වන ආකාරය

Jul 13, 2024 at 08:23 AM
|

මේ තමා "එංගලන්තේ " ප්‍රජාතන්ත්‍රවාදී රදලයෝ හා පාදිලිල  ක්‍රියාත්මක වන ආකාරය. 

පාර්ලිමේන්තුව ඊයේ රැස් උනා.. මම මේක ලියන්නේ සුද්දන්ගෙන් ඉගෙන ගනිල්ලා යන අර්ථයෙන්. පොඩ්ඩක් හොයලා බලන්න වටිනවා එක්සත් රාජධානි පාර්ලිමේන්තු ආකෘතිය...

මේකේ තියනව  " රජු (The Crown), "ස්වාමිවරුන්ගේ නිවස (House of Loards)"  සහ " පොදු ජනතාවගේ නිවස ( House of Commons)"  කියලා පැහැදිලි ස්වාධීන නමුත් එක්ව කටයුතු කරන කොටස් 3ක්. 

මේකේ ප්‍රධාන කාරණය වෙන්නේ "රජු පත් වෙන්නේ" පරම්පරාවෙන්.. මේ ස්වාමිවරුන් පත් වෙන්නෙත් පරම්පාරාවෙන්ම තමා. එත් කොටසක් මෙතන ඉන්නව "රජු විසින් පත් කරන අග්‍රාමාත්‍ය තුමා ගේ උපදෙස් පරදි-  " රදලයෝ. සමාජයේ වැදගත් යයි සම්මත පුද්ගලයින්...විශේෂයෙන් ඩියුක්ල, බැරන්ල අර්ල්ල " උසස් පන්තිය 92 පත් වෙනවා . මේකේ මාරම සෙට් එක තමා ලෝඩ්ස් ඔෆ් ස්පිරිචුවල්. ( Loars of Spiritual)  නැති නම්,.. එංගලන්ත පල්ලියේ බිෂොප්ල 26 දෙනා. .(චෙස් බෝඩ් එකට මොකටද බිෂොප් ලා ?) කොමොන්සලා තමයි ඡන්දෙන් පත් වෙන්නේ.. වෙන රටක වගේ . . මෙතන  හවුස් ඔෆ් ලෝඩ්ස්ලගේ වගකීම් බැලුවොත් මාර ඉන්ට්‍රස්ටින්.... දැන් මෙයාලට බැහැ  පාර්ලිමේතුවේ පාස් වෙන නීතියක් වලක්වන්න. එත් මෙයාලට පුළුවන් නීති සහ පනත් ප්‍රශ්න කරන්න. ඒ වගේම වෙනස් කම් යෝජනා කරන්න. ඒ වගේම සම්මත උන පනතක් ක්‍රියාත්මක වීම අවුරුද්දක් දක්වා පමා කරන්න...මේක මාර බලයක් ඡන්දෙකින් නොලැබෙන.. රදලයින්ට සහ පල්ලියේ පාදිලිලට..

ඒ කියන්නේ එක්සත් රාජධානි පාර්ලිමේන්තුවේ නීති සම්මතවීම් ක්‍රියාත්මක වීම, හැම වෙලේ ම ආගමික සංස්තාවකින්  , සහ පාරම්පරික රදල බලයෙන් අනියමාර්ථයෙන් පාලනය වෙන්වා..මේවා එංගලන්ත සමාජයයේ යටටම කාන්දු වෙලා තියනව.. උඹලා ඕස්ට්‍රේලියන් ඕපන් .. (US ඕපන්) බලන්න ෂෝර්ට් ඇදගෙන ගියාට, විම්බල්ඩන් බලන්න ඕනා නම් ෆුල් සුට් ගහගෙන පලයල්ලා එච්චරයි. එක තමා සම්ප්‍රදාය.. මේක තමා බ්‍රිතාන්‍යය බ්‍රිතාන්‍යය ලෙසට අනන්‍යතාවයකින් ඉදිරියට ගෙනියන යටින් ක්‍රියාත්මක වෙන දේශපාලනික ව්‍යුහය. 

දැන් එමු අපේ රටට.. අපේ රටේ ව්‍යවස්ථාවේ වගන්තියක් තියනව බුද්ධාගම සුපෝෂිත කොට ආරක්ෂා කිරීම රජයේ වගකීම වන්නේය කියන එක.  ව්‍යවස්ථාවේ කිසිම තැනක නැහැ.. ආගමික ප්‍රධානින්ගෙන් රජය අවසර හෝ උපදෙස් ලබාගත යුතු බව. ඒ උනාට  රජ කාලේ ඉදන් පැවතුනු සම්ප්‍රදාය තමා.. රජු මහානායක හිම්වරුන් ගේ උපදෙස් අනුව ක්‍රියා කලයුතු බව. එක නිසා තමා.. " අපේ හාමුදුරුවනේ කියන්නේ " එක නිසා තමා රනිලා අනුර, සුමන්තිරන් විතරක් නෙමේ ජුලි චන් පවා මල්වත්තේ මල්වට්ටි අරන් බඩ ගාන්නේ...  එංගලන්තේ " ඇන්ග්ලෝ සැක්සන් " සංස්කෘතිය  තමා ප්‍රධාන සංස්කෘතික සභ්‍යත්වය . එක තමා නොර්මන් ආක්‍රමණයට පස්සේ එංගලන්තේ ප්‍රධාන සංස්කෘතිය  සහ මහා බ්‍රතාන්‍ය අධිරාජ්‍යය ගොඩ නැගුනේ ඒ ඔස්ස සහ අපි වගේ රටවල් අවුරුදු ගණනක් පස්සට ඇදලා දාන තරම් හානියක් කරන්න පුළුවන් උනේ අධිරාජ්‍යවාදීන්ට.  ඇන්ග්ලෝ සැක්සන් " සංස්කෘතිය හවුස් ඕෆ්  ලෝඩ්ස් ල ආරක්ෂා කරනවා වගේ ( අනිච්චානුගතව ), සිංහල බෞද්ධ සංස්කෘතියේ නිර්මාණයක් වන ලංකා රාජ්‍යයේ.. පැවැත්මත් තීරණය ආරක්ෂා වෙන්නෙත් .. සිංහල බෞද්ධ සංස්කෘතිය තුලම තමා. එක අපිට වඩා හොදට ජුලි චං දන්නවා.  "රට ජාතිය විකුණලා ඡන්දෙ ගන්නවා " , කියලා චෝදනා කරන හැමෝටම කියන්න තියන්නේ , උඹලට දිනන්න ඕනි නම් . එංගලන්තේ සුද්දන්ගෙන් ඉගෙන ගනිල්ලා කියලයි. මේ සංස්කෘතියට සභ්‍යත්වයට එරෙහිව ගිහින් උබ්ලාට මෑත අනාගතයේ ගන්න පුළුවන් තාවකාලික ජයගහන පමණයි.  එංගලන්තේ නම් පාර්ලිමේන්තුව ඇතුලෙම පනත්, නීති වලට උපදෙස් දෙමින් සම්මත කරමින් පමා කරමින් ඉන්න 26 දෙනෙක්ම ඉන්නව බිෂොප් ලා. ලංකාවේ එහෙම නැහැ. එහෙම කරන්න තරම් " හැගීමක් සහ බුද්ධියක් තියන " නායක හිමිවරුන් ගෙන් ඒ උපදෙස් අනුග්‍රහ ලබා ගන්න ගිහි පැවිදි දෙපාර්ශවය ම සුදානම් ද?  හවුස් ඔෆ් ලෝඩ්ස්ල ගේ තීරණ මහා බ්‍රතාන්‍යයේ පැවැත්මට බලපාන විදිහ පෙන්වන එක ලස්සන වාක්‍යයක් තියනවා " //In this capacity, as a body independent from the pressures of the political process, the House of Lords is said to act as a "revising chamber" focusing on legislative detail, while occasionally asking the House of Commons to reconsider its plans.// ඒ කියන්නේ ඡන්ද බලාපොරොත්තු නොවී , " යහපත පිණිස" තීරණ ගැනීමේ හැකියාව සවාමිවරුන් ගේ නිවසට ( පාදිලිලට සහ රදලයින්ට ) තියනවා . මේක අපේ කාටද තියෙන්නේ ව්‍යවස්ථාදායක සභා මේවා ගොන් පාර්ට් කරගෙන නේද තියෙන්නේ. මහානායක හාමුදුරුවරු ( සඟයා විවේචනයක් නොවේ)  ට ඒ , නිර්භීත අපක්ෂපාති තීරණ ගැනීමේ හැකියාව ඉස්සර තිබ්බ. දැන් පක්ෂ වලට බෙදලා ඉන්නකොට එක හැකියාව තියනව ද?

.අනිත් කාරණය. එංගලන්තේ රජු.. ඉන්නේ කැන්ටබරියේ මහා පාදිලිට වඩා උඩින්.. ඒ කියන්නේ රාජ්‍යත්වය තියෙනේ ආගමික සංස්ථාවට වඩා උඩකින් . මොකෝ රජුව දිව්‍යමය තෙල් ගාලා.. දේවත්වයට පත් කරනවා එතකොට සියලු බිෂොප්ලට උඩින් රජු ඉන්නේ. ලංකාවේ මේක ආගමික සංස්ථාව පවතින්නේ ..ඉහලින් රාජ්‍ය බලයට වඩා .. අද පැවිදි වූ සාමනේර භික්ෂුවක් ලග ලංකා රාජ්‍යයේ රජු දණ නමන්න ඕනි. මේවා සංකේතාර්ථයන් . . හැබැයි ඒ වගේ ඒ ඒ  සංස්කෘතීන් වල වටිනාකම් පෙන්වනවා.  මම නම් කැමතියි. මේ වගේ ලුම්පන් සමාජයකින් පත් වෙන " ප්‍රජානත්ත්‍රවාදී නියෝජිතයන් " ගේ තීරණ ප්‍රශන කරන්න පුළුවන් වෙනත් අධිකාරි බලයක්  රාජ්‍යයේ තියනව නම් බ්‍රිතාන්‍යයේ වගේ. එකට එහෙ වගේ.. පාදිලිෙල 26 පාර්ලිමේන්තුවට රිංගා ගන්න අවශ්‍ය නැහැ. අපේ විදිහට..

සුද්දන්ගෙන් ඉගෙන ගනිමු.. වෙස්ටිමිනිස්ටර් පාර්ලිමේන්තුවේ මේ ස්ට්‍රක්ස්චර් එක බලන්න.. ලෝඩ්ස්ලට සහ කොමොන්ලට එකට හම්බ වෙන්නවත් දීලා නැහැ වාඩි වෙන්නෙත් වෙනම.. රතුපාට.. තමා හවුස් ඔෆ ලෝඩ්ස්. කොලපාට සිට්  තියෙන්නේ හවුස් ඔෆ් කොමොන්ස් පාර්ලිමේන්තුව ඇතුලේ.. වෙනම පුස්තකාල දෙකක් පවා... සුද්දෝ හිතං විදිහ කොච්චර වෙනස් ද?  පරම්පරාවෙන් එන වැදගත් රදලයින්  රජුගේ අනුභාවයෙන් සහ පල්ලියෙන් එන  බිශෝප්ලා ඡන්දෙන් පත්වෙන ගොබිලෝ එක්ක මික්ස් වෙන්නවත් දීලා නැහැ. අපේ ලිං මැඩියෝ දකින්නේ එංගලන්තේ ලසසන පාරවල්.. ලස්සන  පිට්ටනි, ගෙවල්.. කොෆි ෂොප්, ලෑන්ඩ් රෝවර් විතරයි. ඒ සිස්ටම් එක දුවන මැකැනිසම් එකත් පොඩ්ඩක්  බැලුවොත් නරකද? ..

- සිරිමල් බණ්ඩාර
(අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)







සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.