News Category
From Date
To Date
Maximum Number of Result

ධම්මික පෙරේරා ජනපති අපේක්ෂකයෙක් වෙන්න සුදුසු ද?

Oct 12, 2023 at 08:24 AM
|

ධම්මික පෙරේරා යනු ලංකාවේ ලොකුම පොහොසතා ලෙසය ඇතැමෙකු හඳුන්වයි. ඔහු මෙවර ජනාධිපතිවරණයට තරඟ කරන බව ඊයෙ  නිල වශයෙන්  දන්වා තිබිණි.

ධම්මික පෙරේරා ගේ පැටිකිරිය සොයා බලන කල  ඔහු කවුදැයි  වටහා ගැනීම  අසීරු නැත.

ඔහු ව්‍යාපාර අත්පත්කර ගත් ආකාරයත්  ව්‍යාපාරික ලෝකයට  පැමිණි ආකාරයත්  ලංකාවේ බොහෝ දෙනා දනී. ඔහු ප්‍රකට  කැසිනෝ ව්‍යාපාරවල , ගිනි කන මූල්‍ය ආයතන කිහිපයක , හිමිකරුවකු මෙන්ම පසුගිය කාලයේ  කතාබහට ලක්වූ  එංගලන්ත  සායනික අපද්‍රව්‍ය කන්ටේනර් පිටින්  ලංකාවට ගෙනා පුද්ගලයාය. රතුපස්වල  වතුර ඉල්ලා  වෙඩි කෑ මිනිස්සු ඔබට මතක නම් ඒ  මතභේදකාරී  සමාගමේ හිමිකරු ද  මේ  පෙරේරා මය. covid වසංගත සමයේ ලංකාවේ ටයිල් ඒකාධිකාරයක් පවත්වාගනිමින් මිනිසුන් හූරාගෙන කෑවෙ ද  ඒ පෙරේරා මය. 

රාජපක්ෂ දශකයේ ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වූ ඔය කියන පෙරේරා අද කියන කතා වලින්  දාහෙන් එකක්  කෝ ආයෝජන මණ්ඩලය තුළ  සිදුකලේ නම්  රාජපක්ෂ දශකය තුළ ය  ආර්ථික කඩා වැටීමක් ඇති වන්නේ ද?

ඔය කියන පෙරේරා  රාජපක්ෂ පාලනය තුල ප්‍රවාහන  අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසද දීර්ඝ කාලයක්  කටයුතු කළේය. ප්‍රවාහන පද්ධතියේ  අල්ප මාත්‍රයක වෙනසක් වත් කරන්නට ඔය කියන පෙරේරාට  ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් ලෙස කිසිදු වැඩපිළිවෙළක් නොතිබුණි. ජනතාව තුළ  සිදු විය යුතු යැයි අදහසක් තිබෙන  සැහැල්ලු දුම්රිය පිළිබඳ යෝජනා, දුම්රිය විදුලිකරණය පිළිබඳ යෝජනා, මංතීරු නීති, සුවපහසු බස්, බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන, ආදී සංකල්ප ඔය පෙරේරාගේ කාලයේ ඒවා නොවේ.

රාජපක්ෂ ආණ්ඩු සමයේ ඔය කියන පෙරේරා  අති ප්‍රබල චරිතයකි. 

මේ පෙරේරා  තවත් අපූරු කතාවක් කියයි. ඒ  මහින්දෝදය  විද්‍යාගාර සංකල්පය  තමන්ගේ බවය. ඔය කියන පෙරේරාට  අධ්‍යාපනය පිළිබඳ  එවන් සංකල්ප තිබුණා නම්  පාර්ලිමේන්තුවට පැමිණ  ගතවූ වසරකට වැඩි කාලය තුළ පාර්ලිමේන්තුවේ ට අධ්‍යාපන සම්බන්ධ උපදේශක කාරක සභාවලට හි වැදගත් සංකල්ප  ඉදිරිපත් කළ හැකිව තිබිණි. අප කිසි දවසක ඔය කියන  පෙරේරා පාර්ලිමේන්තුවේ  ඒ ගැන වචනයක්වත්  කතා කරනවා අසා නැත.

මේ පෙරේරා  ලක්ෂ ගණනකට  අධ්‍යාපනය ලබාදෙන බව කියා සිටී . සෙවිලි තහඩු , වැසිකිලි කටවල්, සිමෙන්ති කොට්ට, කුකුල් පැටව් , පොත් කට්ටල් බෙදා දීම වෙනුවට  නූතනයේ දී අධ්‍යාපනය  ඉදිරියට  දමා ඇත . අධ්‍යාපනය ලබාදීමේ  වරදක් නැති නමුත්  තමන්  උපයන ලද  හැම සතයකටම    බදු ගෙව්වා නම්  රටේ දරුවන්ට උගන්නන්න  අමුතු වෙන්න education  දාන්න ඕනා නැත. 

තමන්ගේ සේවකයින්ට  හරියට මූර්ති අයිතිවාසිකම් දුන්නා නම්  වෘත්තීය සමිති නායකයින්ට කප්පම් නොදී  හරියාකාරව වැඩ කරලා නම් බොහෝ මිනිසුන්ට  ආර්ථික වශයෙන්  දෙපයින් නැගී සිටින්නට  හැකිවනවා ඇත.

දූෂණයට එරෙහිව කතා කරන දේශපාලන පක්ෂ වල කාර්යාල හදන්නට  පොළොවට අල්ලන ටයිල් දීලා , ඒ පක්ෂවල  නොනිළ  ප්‍රධාන අනුග්‍රහයකයින් ව තමන්ගෙ ජාවාරම්  බදු පැහැර හැරීම   නොකර  වැදගත් ව්‍යාපාරිකයින් වුනානම්  අපි වුවද  ඔය පෙරේරලා  කර තියා ගෙන යන්නට  දෙවරක් හිතන්නේ නැත .

මේ රට විනාස කල දූෂිත දේශපාලඥයන් , සුදු කරපටි අපරාධ කාර රාජ්‍ය නිලධාරීන් , හා ජාවාරම්කාර ව්‍යාපාරිකයන්  යන ත්‍රිත්වයෙන්  ඔය පෙරේරා  තුනම නියෝජනය කර ඇත.

ඔයා පෙරේරාගේ education එකත්  තමන් උපයන මුදලට බදු ගෙවීමෙන් වැළකී සිටීමට කරන විජ්ජාවක් මෙන්ම අපේ ජනපති අපේක්ෂක හීනයක්  ඒ වගේම එකකි.

සමාජ ජාලා වලට  හා බොහෝ මාධ්‍යයන්ට දැන්වීම්  ලබාදෙමින්  නාඩගම් නටන්නට හැදුවද  ඔය පෙරේරාලා අහුවෙන්න තරම්  ලංකාවේ මිනිස්සු  මෝඩ නැති බව  ඔවුන් ලඟදීම තේරුම් ගන්නවා ඇත . පහුගිය ජනාධිපතිවරණයට  රටේම ණය එක දවසකින් ජපානෙන් ගෙනැත්  ගෙවන්න ආ පුද්ගලයන් ලබාගත් ඡන්ද සංඛ්‍යාවත්, මීට පෙර ජනාධිපතිවරණයකදී  එවකට රටේ කීර්තියක් ඉසිලූ  සිද්ධාලේප වෙද මහත්තයා ගත්  ඡන්ද ප්‍රමාණයත් මේ පෙරේරලා  ගණන් හදා ගත්තාට වරදක් නැත .

ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න කලින් ඔන්න ඔය කියන ඒවාට  ඔය පෙරේරලා  අතර බැඳීම වැදගත්ය.

දර්ශන තන්ත්‍රිගේ 
කැඳවුම්කරු 
සිවිල්  පුරවැසි අරගල  ව්‍යාපාරය 

සම්බන්ධිත පුවත් | Related News

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද පෙරමුණේ රුසියානු හමුදා අත්කර ගනිමින් සිටින වේගවත් ජයග්‍රහණ පිළිබඳ පැහැදිලි කරනු ලැබීය.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.