News Category
From Date
To Date
Maximum Number of Result

ධම්මික පෙරේරා ජනපති අපේක්ෂකයෙක් වෙන්න සුදුසු ද?

Oct 12, 2023 at 08:24 AM
|

ධම්මික පෙරේරා යනු ලංකාවේ ලොකුම පොහොසතා ලෙසය ඇතැමෙකු හඳුන්වයි. ඔහු මෙවර ජනාධිපතිවරණයට තරඟ කරන බව ඊයෙ  නිල වශයෙන්  දන්වා තිබිණි.

ධම්මික පෙරේරා ගේ පැටිකිරිය සොයා බලන කල  ඔහු කවුදැයි  වටහා ගැනීම  අසීරු නැත.

ඔහු ව්‍යාපාර අත්පත්කර ගත් ආකාරයත්  ව්‍යාපාරික ලෝකයට  පැමිණි ආකාරයත්  ලංකාවේ බොහෝ දෙනා දනී. ඔහු ප්‍රකට  කැසිනෝ ව්‍යාපාරවල , ගිනි කන මූල්‍ය ආයතන කිහිපයක , හිමිකරුවකු මෙන්ම පසුගිය කාලයේ  කතාබහට ලක්වූ  එංගලන්ත  සායනික අපද්‍රව්‍ය කන්ටේනර් පිටින්  ලංකාවට ගෙනා පුද්ගලයාය. රතුපස්වල  වතුර ඉල්ලා  වෙඩි කෑ මිනිස්සු ඔබට මතක නම් ඒ  මතභේදකාරී  සමාගමේ හිමිකරු ද  මේ  පෙරේරා මය. covid වසංගත සමයේ ලංකාවේ ටයිල් ඒකාධිකාරයක් පවත්වාගනිමින් මිනිසුන් හූරාගෙන කෑවෙ ද  ඒ පෙරේරා මය. 

රාජපක්ෂ දශකයේ ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වූ ඔය කියන පෙරේරා අද කියන කතා වලින්  දාහෙන් එකක්  කෝ ආයෝජන මණ්ඩලය තුළ  සිදුකලේ නම්  රාජපක්ෂ දශකය තුළ ය  ආර්ථික කඩා වැටීමක් ඇති වන්නේ ද?

ඔය කියන පෙරේරා  රාජපක්ෂ පාලනය තුල ප්‍රවාහන  අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසද දීර්ඝ කාලයක්  කටයුතු කළේය. ප්‍රවාහන පද්ධතියේ  අල්ප මාත්‍රයක වෙනසක් වත් කරන්නට ඔය කියන පෙරේරාට  ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් ලෙස කිසිදු වැඩපිළිවෙළක් නොතිබුණි. ජනතාව තුළ  සිදු විය යුතු යැයි අදහසක් තිබෙන  සැහැල්ලු දුම්රිය පිළිබඳ යෝජනා, දුම්රිය විදුලිකරණය පිළිබඳ යෝජනා, මංතීරු නීති, සුවපහසු බස්, බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන, ආදී සංකල්ප ඔය පෙරේරාගේ කාලයේ ඒවා නොවේ.

රාජපක්ෂ ආණ්ඩු සමයේ ඔය කියන පෙරේරා  අති ප්‍රබල චරිතයකි. 

මේ පෙරේරා  තවත් අපූරු කතාවක් කියයි. ඒ  මහින්දෝදය  විද්‍යාගාර සංකල්පය  තමන්ගේ බවය. ඔය කියන පෙරේරාට  අධ්‍යාපනය පිළිබඳ  එවන් සංකල්ප තිබුණා නම්  පාර්ලිමේන්තුවට පැමිණ  ගතවූ වසරකට වැඩි කාලය තුළ පාර්ලිමේන්තුවේ ට අධ්‍යාපන සම්බන්ධ උපදේශක කාරක සභාවලට හි වැදගත් සංකල්ප  ඉදිරිපත් කළ හැකිව තිබිණි. අප කිසි දවසක ඔය කියන  පෙරේරා පාර්ලිමේන්තුවේ  ඒ ගැන වචනයක්වත්  කතා කරනවා අසා නැත.

මේ පෙරේරා  ලක්ෂ ගණනකට  අධ්‍යාපනය ලබාදෙන බව කියා සිටී . සෙවිලි තහඩු , වැසිකිලි කටවල්, සිමෙන්ති කොට්ට, කුකුල් පැටව් , පොත් කට්ටල් බෙදා දීම වෙනුවට  නූතනයේ දී අධ්‍යාපනය  ඉදිරියට  දමා ඇත . අධ්‍යාපනය ලබාදීමේ  වරදක් නැති නමුත්  තමන්  උපයන ලද  හැම සතයකටම    බදු ගෙව්වා නම්  රටේ දරුවන්ට උගන්නන්න  අමුතු වෙන්න education  දාන්න ඕනා නැත. 

තමන්ගේ සේවකයින්ට  හරියට මූර්ති අයිතිවාසිකම් දුන්නා නම්  වෘත්තීය සමිති නායකයින්ට කප්පම් නොදී  හරියාකාරව වැඩ කරලා නම් බොහෝ මිනිසුන්ට  ආර්ථික වශයෙන්  දෙපයින් නැගී සිටින්නට  හැකිවනවා ඇත.

දූෂණයට එරෙහිව කතා කරන දේශපාලන පක්ෂ වල කාර්යාල හදන්නට  පොළොවට අල්ලන ටයිල් දීලා , ඒ පක්ෂවල  නොනිළ  ප්‍රධාන අනුග්‍රහයකයින් ව තමන්ගෙ ජාවාරම්  බදු පැහැර හැරීම   නොකර  වැදගත් ව්‍යාපාරිකයින් වුනානම්  අපි වුවද  ඔය පෙරේරලා  කර තියා ගෙන යන්නට  දෙවරක් හිතන්නේ නැත .

මේ රට විනාස කල දූෂිත දේශපාලඥයන් , සුදු කරපටි අපරාධ කාර රාජ්‍ය නිලධාරීන් , හා ජාවාරම්කාර ව්‍යාපාරිකයන්  යන ත්‍රිත්වයෙන්  ඔය පෙරේරා  තුනම නියෝජනය කර ඇත.

ඔයා පෙරේරාගේ education එකත්  තමන් උපයන මුදලට බදු ගෙවීමෙන් වැළකී සිටීමට කරන විජ්ජාවක් මෙන්ම අපේ ජනපති අපේක්ෂක හීනයක්  ඒ වගේම එකකි.

සමාජ ජාලා වලට  හා බොහෝ මාධ්‍යයන්ට දැන්වීම්  ලබාදෙමින්  නාඩගම් නටන්නට හැදුවද  ඔය පෙරේරාලා අහුවෙන්න තරම්  ලංකාවේ මිනිස්සු  මෝඩ නැති බව  ඔවුන් ලඟදීම තේරුම් ගන්නවා ඇත . පහුගිය ජනාධිපතිවරණයට  රටේම ණය එක දවසකින් ජපානෙන් ගෙනැත්  ගෙවන්න ආ පුද්ගලයන් ලබාගත් ඡන්ද සංඛ්‍යාවත්, මීට පෙර ජනාධිපතිවරණයකදී  එවකට රටේ කීර්තියක් ඉසිලූ  සිද්ධාලේප වෙද මහත්තයා ගත්  ඡන්ද ප්‍රමාණයත් මේ පෙරේරලා  ගණන් හදා ගත්තාට වරදක් නැත .

ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න කලින් ඔන්න ඔය කියන ඒවාට  ඔය පෙරේරලා  අතර බැඳීම වැදගත්ය.

දර්ශන තන්ත්‍රිගේ 
කැඳවුම්කරු 
සිවිල්  පුරවැසි අරගල  ව්‍යාපාරය 

සම්බන්ධිත පුවත් | Related News

මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.
‘‘ගාන්ධි මුලදීම එක්තරා සත්‍යයක් ප‍්‍රකාශ කළේය. එනම් ස්වරාජ්‍ය තත්ත්වය යනු බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව විසින් අප වෙත ලබාදෙන ත්‍යාගයක් නොව ඉන්දියානු ජනතාව විසින් නිදහස් ලෙස තෝරා ගනු ලබන නියෝජිතයන් අතින් ප‍්‍රකාශයට පත් කෙරෙන අභිලාෂයන් තුළින් මතුවිය යුතු දෙයක් බවය. 1922 දී ඔහු මේ බව ප‍්‍රකාශයට පත් කළේ ඉන්දියාව නිදහස් ඉන්දියාවක් බවට පත්වන්නේ ඉන්දියානුවන්ගේ අතින්ම පමණක් බවත් ඉන්දියානුවන්ගේ අනාගතය තමන් විසින් හැඩ ගන්වා ගත යුතු බවත් අවධාරණය කිරීමට ය.’’
උක් ගොවීන්ට සහ සීනි කර්මාන්තකරුවන්ට සීනි තිත්ත වෙමින් පවතින බව පෙනේ.
1990 ජුනි 11 වන දින, දෙමළ ඊලාම් විමුක්ති කොටි (LTTE) ත්‍රස්තයන් ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ පොලිස් ස්ථානවලට විනාශකාරී ප්‍රහාරයක් එල්ල කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පොලිස් නිලධාරීන් 600 කට අධික සංඛ්‍යාවක් සමූලඝාතනය විය.
පොසොන් පෝය විසින් එක්තරා ආකාරයක දඩයම් නැවැත්වීමකුත් සංකේතවත් කරනවා. ඒ උතුම් කාර්යය සිද්දවුණේ දඩ කෙළි නැවැත්වීමක් විදිහට. අදටත් එංගලන්තය ඇතුළු හුඟක් රටවල්වල දඩ කෙළි පැවැත්වෙනවා. නෝර්වේ සහ ජපානයේ මිනිස්සු තල්මස්සු පවා දඩයම් කරනවා. ඒ මුහුදු මංකොල්ලකාර රටවල් දෙකේ මිනිස්සු තල්මස්සු දඩයම් කරන්නේ මුහුදට යන්න තියෙන බය නැති කරගන්න කියලයි මම හිතන්නේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය බවත්, වසර 30ක් ත්‍රස්තවාදයෙන් බැටකෑ රටක් ඊට අදාළය කිසිඳු නීතියක් අවශ්‍ය නැති බව ප්‍රකාශ කිරීමද පුදුමාකර තත්ත්වයක් බව හා මෙය කුමන්ත්‍රණයක් බව පැවසුවත් වරදක් නැති බවත් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො මහතා පවසයි.
සමාජවාදී ක්‍රමයක් යටතේ පුද්ගලික ව්‍යාපාර නැත්තට ම නැතිවෙනවා කියලා හිතාගෙන ඉන්න අය ඉන්නවා. ඒ අය මේ කතාව කියන්නේ සමාජවාදී ක්‍රමය සහ කොමියුනිස්ට් ක්‍රමය අතර තියෙන වෙනස ගැන කිසිම අවබෝධයක් නැතුව. කොමියුනිස්ට් සමාජයක් ඇතිවුණාට පස්සේ තමයි පුද්ගලික දේපළ ක්‍රමය වියැකිලා යන්නේ.
‘ප්‍රොටෙස්ට්’ යන ඉංග්‍රීසි වචනයෙහි සරලම සිංහල තේරුම අකමැත්ත හෝ විරුද්ධත්වය ප්‍රකාශ කිරීමයි. 16 වෙනි සියවස මුල් කාලයේ නැගෙනහිර යුරෝපය පාලනය කරමින් සිටි පාප්වරයාට සහ එතුමාගේ කතෝලික අධිරාජ්‍යයට අකමැත්ත පළ කෙරෙන අදහස් මහජනයා අතරේ පැතිරෙමින් තිබුණි. කලාපයේ පැතිරෙන අතිශයින් භයානක වසංගතවලට හේතුව පාප් සහ කතෝලික සභාවේ අපචාර ක්‍රියා යැයි බොහෝ දෙනාට සිතුණි. මාටින් ලූතර්ගේ සුප්‍රකට ලියවිල්ල මහජනයා ඇවිස්සූ ප්‍රධාන සිද්ධියයි. ඊට මාටින් ලූතර් ප්‍රධාන කතෝලික දේවගැතිවරුන් ගණනාවක් එක් විය.
1977 ආරම්භ වූ විවෘත ආර්ථිකය සහ නව සමානුපාතික මැතිවරණ නීති නිසා මජර දේශපාලන සිස්ටම් එකක් බිහි වූ බව රහසක් නොවේ. එය දේශපාලන ක්ෂ්‍රේත්‍රය පමණක් නොව රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණයද අන්ත දූෂිත තත්වයට පත් කළේය.

ප්‍රධාන පුවත්

ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..

මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඊයේ(13) ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, එයට ටෙහෙරානය ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් ප්‍රතිචාර දැක්වීය. මේ අතර බටහිර ජෙරුසලම පැවසුවේ මෙම ප්‍රහාර ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම වැළැක්වීම අරමුණු කරගත් බවයි.

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි

2020 ඔක්තෝබර් 13 වනදා සිට සීනි බද්ධ රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දුන්නේය.

රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..

රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රුසියානු තානාපති කාර්යාලය පසුගිය ජූනි 11 වන දින සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබිණි..

ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.

ඉරානය තම භූමියට එල්ල කරන ලද ඊශ්‍රායල ප්‍රහාරවලට පළිගන්නා බව ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි අද(13) ප්‍රකාශ කළේ ප්‍රහාරයෙන් ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරීන් මිය ගිය බව තහවුරු කරමිනි.

විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..

ශ්‍රී ලංකාවට අදාළව විස්තීරණ ණය පහසුකමේ සිව් වන ඇගයීම සම්පූර්ණ කිරීම ජාත්‍යතර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩල තීරණය මත පදනම් වන බවත්, ශ්‍රී ලංකා රජය ප්‍රකාශයට පත්කළ විදුලි ගාස්තු සංශෝධනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමීප සම්බන්ධීකරණයක් පවත්වාගෙන ගිය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..

පසුගිය 11 වැනිදා මානව හිමිකම් කොමිසමට විරෝධතා පෙත්සමක් ඉදිරිපත් කරමින් එම කොමිසම විසින් දණ්ඩනීති සංග්‍රහයේ 365 සහ 365 (අ) වගන්ති සංශෝධනය කිරීම සඳහා ගනු ලබන උත්සාහයට විරෝධය පළ කිරීම සඳහා කාන්තා පරපුර සංවිධානය කටයුතු කරනු ලැබීය.

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්

ඉරානයට එරෙහිව ඊශ්‍රායල රාජ්‍යය විසින් සිදු කරන ලද පූර්ව අනතුරු අඟවන ප්‍රහාරයෙන් පසුව, ඊශ්‍රායල රාජ්‍යයට සහ එහි සිවිල් ජනතාවට එරෙහිව මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ දී අපේක්ෂා කෙරන බව ඊශ්‍රායල ආරකෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පැවසීය.

දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..

දණ්ඩනීති සංග්‍රහයේ 356 සහ 365 (අ) වගන්ති සංශෝධනය කරීම මගින් මෙරට දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළීමට මානව හිමිකම් කොමිසම විසින් අධිකරණ ඇමැතිවරයාට නිර්දේශ කිරීම ඉතා සූක්ෂම අයුරින් සිදු කළ ක්‍රියාවක් බවත්, මෙම වගන්ති සංශෝධනය කිරීම හරහා මෙරට දරුන්ගේ අයිතිවාසිකම් සහ ආරක්ෂාව පිළිබඳව දැඩි තර්ජනයක් මතුවන බවත් ලක්මව දියණියෝ සංවිධානය පවසයි.

ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ළඟ සිටි උපදේශකයෝ කිහිපදෙනෙක් මෙම ආණ්ඩුව තුළ ද සිටින බවත්, 2015 දී යහපාලන ආණ්ඩුව විසින් කැපූ සියදිවි හානිකර ගැනීමේ පාරදිගේ මේ ආණ්ඩුව ද රට ගෙන යමින් ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..

මව්බිමේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සැමරුමෙන් පසු අපගේ කාර්යභාරය සහ උතුරුකරයේ පදිංචි සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි මස 01 දා සවස 2 ට කොළඹ පුස්ථකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී පැවැත් වේ.

60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..

දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීම සඳහා අධිකරණ ඇමැතිවරයාට බල කිරීම මගින් දරුවන් ලක්ෂ 60ක් ලිංගික අපචාර සහ සමලිංගික ක්‍රියාවලට ගොදුරු කිරීමට ගන්නා උත්සාහයට විරෝධය පළ කරමින් කාන්තා පරපුර සංවිධානය විසින් මානව හිමිකම් කොමිසමට තම විරෝධය පළකර තිබේ.

දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව

ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවිය විසින් පලකරනු ලැබූ ඉහත කරුණ සම්බන්ධයෙන් අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව "Mothers' Movement" හි කැඳවුම්කරු ක්‍රිෂාන්ත රත්නවීර මහතා අප වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ජාතික සංවිධාන එකමුතුව විසින් කැඳවනු ලැබූ එම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වූ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සකුන්තලා මෙන්ඩිස් මහත්මිය "Mothers' Movement "හි සාමාජිකාවක් නොවන බවයි.

දින කිහිපයක් තිස්සේ ගැටුම් හේතුවෙන් ලොස් ඇන්ජලීස් නගරයට ඇඳිරි නීතිය පනවයි

නීතිවිරෝධී ආගමන නැවැත්වීම අරමුණු කරගනිමින් කළ වැටලීම් වලට එරෙහිව ඇති වූ කැරලි ගැසීම් සහ කොල්ලකෑම් හේතුවෙන් ලොස් ඇන්ජලීස් නගරයේ ඇඳිරි නීතිය පනවා ඇතැයි වාර්තා වේ.

විදුලි ගාස්තුව සියයට 15කින් ඉහළට..

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තුව සමස්තයක් ලෙස 15%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.