News Category
From Date
To Date
Maximum Number of Result

සාෆිගේ සිද්ධිය මුල සිට අගට

May 30, 2024 at 07:46 AM
|

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව සහ නාරි ඒකකයේ කටයුතු කළ වෛද්‍ය සාෆි මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ අත්අඩංගුට ගත් ආකාරය හා පසුව ඔහුට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන්  මුල සිට අග දක්වා තොරතුරු අන්තර්ජාලයේ පළ වූ තිබූ සටහනක මෙසේ දක්වා තිබේ.

A. සාෆිගේ සිද්ධිය මුලින්ම මතු කළේ කවුද?

2019 මැයි 23 දින දිවයින පුවත්පත මේ ගැන මුල් වරට පුවතක් පළ කළේය. ඒ වන විටත් රහස් පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබුණු අතර පොලිසියෙන් ලබා ගත් තොරතුරක් මත පදනම්ව එම ලිපිය සකසා ඇත. එවකට පොලිස්පති CD වික්‍රමරත්න විමර්ශන භාරව කටයුතු කළ ශානි අබේසේකරට පවසා ඇත්තේ විමර්ශන තොරතුරු පුවත්පතේ ජනමාධ්‍යවේදියකුට ලැබුනේ කවරාකාරයෙන්ද යන්න සොයා බලන ලෙසයි.

B. සාෆි සහාබ්දීන් යනු කවුද?

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව ආසනයේ බලලුවැව ප්‍රදේශයේ උපත ලැබූ අයෙකි. ඔහු වෛද්‍යවරයෙකි. කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළේය. ඊට පෙර දඹුල්ල රෝහලේ ද සේවය කර ඇත. ඔහු 2015 මහ මැතිවරණයට රිෂාඩ් බද්යුදීන්ගේ පක්ෂයේ නියෝජිතයකු ලෙස එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණ යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයට තරග කළේය. පාර්ලිමේන්තු යාමට මනාප ලැයිස්තුවේ ඊළඟට සිටියේ ඔහුය.

C. ඔහු විශේෂඥ වෛද්‍යවරයෙක්ද?

නැත. ඔහු ප්‍රසව සහ නාරි ඒකකයේ කටයුතු කළ සාමාන්‍ය වෛද්‍යවරයෙකි.

D. සාෆි වෛද්‍යවරයාව අත්අඩංගුවට ගත්තේ ඇයි?

රහස් පොලිසිය සිදුකළ විමර්ශන මගින් පාස්කු ප්‍රහාරය සිදුවී කෙටි කලකින් ඔහුගේ ගිණුමට විශාල මුදලක් එක්වර ලැබී ඇති බව කරුණු හෙළි විය. ඔහුව අත්අඩංගුවට ගත්තේ මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේය. එවකට පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ වෛද්‍යවරයා අත්අඩංගුවට ගත්තේ අයථා වත්කම් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් ගැන විමර්ශනය කිරීම සඳහා බවයි.

E. එම චෝදනාවට දැන් සිදුව ඇත්තේ කුමක්ද?

නීතිපති උපදෙස් ලැබීම ප්‍රමාද වීම හේතුවෙන් එකී නීති කෘත්‍ය ප්‍රමාද වී තිබේ.

F. අත්අඩංගුවට ගැනීම නිවැරදි නොවේ නම් වෛද්‍ය සාෆිට අධිකරණයේ පිහිට පතන්න තිබුණා නේද ?

තමා අත්අඩංගුවට ගැනීම නීති විරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා වෛද්‍ය සාෆි මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කලා. 2023.05.16 දින එම පෙත්සම විභාගයට ගැනීමකින් තොරව නිෂ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. විජිත් මළල්ගොඩ, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය ලබා දුන්නා. එහිදී විවෘත අධිකරණයේ දී කරුණ දැක්වූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ පැවසුවේ පෙත්සම්කරුගේ බැංකු ගිණුම් වාර්තා පිරික්සීමේදී පාස්කු ප්‍රහාරය එල්ල වී සති දෙකකට පමණ පසු විශාල මුදල් හුවමාරුවක් සිදුවී ඇති හෙයින් ඒ පිළිබඳ විමර්ශකයන් තුළ සාධාරණ සැකයක් මතුවීම යුක්ති සහගත බවයි. තවද පොලිසිය විසින් සිදුකළ ප්‍රශ්න කිරීම්වල ඔහුගේ ගිණුම හරහා විශාල මුදලක් හුවමාරැ වීම පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට ඔහු අසමත් වී තිබෙන බවද විනිසුරුවරයා පෙන්වා දුන්නේය. එහිදී අදහස් දැක්වූ යසන්ත කෝදාගොඩ විනිසුරුතුමා පෙන්වා දුන්නේ පාස්කු ප්‍රහාරය එල්ලවීමෙන් පසු එළඹුණ කාලසීමාවේ අද මෙන් සාමකාමී වාතාවරණයක් නොතිබූ බවත් එවැනි වාතාවරණයක මේ ආකාරයේ සැකයක් විමර්ශකයන් තුළ පැන නැගීම සාධාරණ බවත්ය.

G. සාෆිට විරුද්ධව වන්ද්‍යාකරණ චෝදනා එල්ල කළේ කවුද?

එම චෝදනාව මුල්වරට හෙළි කළේ දිවයින පුවත්පත මගින්. පසුව ඔහුත් සමග සේවය කළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයද එම චෝදනාව ඉදිරිපත් කළා. මේ කරුණ මාධ්‍ය මගින් ප්‍රසිද්ධ වීමත් සමඟ කුරුණෑගල ප්‍රදේශයේ මව්වරුන්ද එම චෝදනාව ඉදිරිපත් කළා.

H. සාෆිට විරුද්ධ චෝදනාව රතන හිමි, විමල් වීරවංශ, චන්න ජයසුමන ආදීන් පැන නැගුවා යන කාරණය සත්‍යයක්ද ?

එය අසත්‍යක්. ඔවුන් කිසිවිටෙකත් සාෆි සම්බන්ධ කිසිදු චෝදනාවක් මුල් වරට ප්‍රකාශ කළේ නැහැ. චෝදනා එල්ල වූ පසු එවකට පැවති රජය ඒ සම්බන්ධයෙන්  කටයුතු කිරීම හිතාමතාම මගහැරියා. මෙවන් චෝදනාවක් එල්ල වූ විට වෛද්‍යවරයෙකුගේ වැඩ තහනම් කළ යුතු වුවත් සාෆි වෛද්‍යවරයාගේ වැඩ තහනම් නොකර අනිවාර්යය නිවාඩු යැව්වා. එවකට සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කළේ රාජිත සේනාරත්න. සාෆි වෛද්‍යවරයා යහපාලන රජය බිහි කිරීමට මුල් වූ දේශපාලන ව්‍යාපාරයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට ඡන්දය ඉල්ලා තිබුණා. සාෆි පිළිබඳ නිසි විමර්ශනයක් නොවන බව පවසමින් කුරුණෑගල රෝහලේ කාර්ය මණ්ඩලය උද්ඝෝෂණයක් පවා සිදුකළා. මුස්ලිම් දේවස්ථානවල කඩු සඟවා තැබුවේ තණකොළ කැපවීමට බව පැවසුණේද මෙම සති කිහිපයේයි. කුරුණෑගල ප්‍රදේශයේ මහා සංඝරත්නය, ඔහු සමග කටයුතු කළ වෛද්‍යවරු මෙන්ම රතන හිමි, විමල්, උදය, චන්න, සිසිර ජයකොඩි  ඇතුළු තවත් බොහෝ දෙනාද සාෆි පිළිබඳව සාධාරණ විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා සිටියේ මේ කාලයේයි. රටේ උද්ගතවී තිබූ වාතාවරණය තුළ එම ඉල්ලීමේ වරද කුමක්ද?

I. සාෆි මව්වරු 4000 වද කල බව ඔවුන් පැවසුවේ කෙසේද?

4000 කතාව ඔවුන් පැවසු දෙයක් නොවේ. එය දිවයින පුවත්පතෙන් මතු කල කාරණයක්.

J. එසේනම් වද කොත්තු, වද බ්‍රෙසියර් ?

මේවා සාෆි සම්බන්ධ කාරණය ඉස්මතු වීමටත් පෙර සමාජයේ කතා බහට ලක් වුනු දේවල්. පසුව සාෆි සිද්ධියට ගැට ගැහුනා. වද කොත්තු, වද බ්‍රෙසියර් ගැන රතන හිමි, විමල්, උදය, චන්න හෝ වෙනත් දේශපාලන නායකයෙක් කතා කලේ නෑ. ඒවා සමාජ මාධ්‍යවලින් ඉස්මතු වූ කරුණු. 

K. සාෆිගේ වද සැත්කම් පිළිබඳ සැකයක් මතු කළේ කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව නේද ?

එය වැරදියි. ප්‍රසව සහ නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු, මහාචාර්යවරු පවා මේ පිළිබඳ සැකයක් ඇති බවත් නිසි විමර්ශනයක් කළ යුතු බවත් මාධ්‍ය හමුවේ පවා පැවසුවා. සියල්ලට වඩා වැදගත් වන්නේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඔහු සමග එකට කටයුතු කළ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සාක්ෂි මත පදනම්ව සකස් කළ මූලික විමර්ශන වාර්තාවෙන් භයානක කරුණු හෙළිදරව් වීමයි.

L. එම කරුණු මොනවාද?

1. වෛද්‍යවරයකු ලෙස කටයුතු කිරීමේ දී සාෆි සහබ්දීන් ජාතිකත්වය අනුව මව්වරුන්ට සහ රෝගී කාන්තාවන් සම්බන්ධයෙන් කටයුතු කර ඇති බවත් එමගින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ III පරිච්ජේදයේ 12 (2) වගන්තිය උල්ලංඝනය කර ඇති බවත් ආයතන සංග්‍රහයේ දෙවන කාණ්ඩයේ XLVIII පරිච්ජේදයේ රාජ්‍ය නිලධාරීන් විසින් සිදු කළ හැකි වරදවල් සම්බන්ධ පළමුවන උපලේඛනයේ පළමුවන උප වගන්තිය සඳහන් වරදක් සිදු කර ඇති බවත්.

2. ප්‍රකාශ ලබා දුන් සියලු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට අනුව ප්‍රසුත්‍ර වේදනා රහිතව හා ප්‍රමාණවත් ගැබ්ගෙල විස්තාරණය හා විවර වීම් නොමැති අවස්ථාවලදී වෛද්‍ය සාෆිගේ මැදිහත්වීමෙන් සිංහල මව්වරු ප්‍රසුත්‍රිකාගාරය කරා රැගෙන ගොස් විශේෂඥ වෛද්‍යවරයාගේ නිසි අනුමැතියකින් තොරව සීසර් ශල්‍යකර්මවලට  බලෙන්ම භාජනය කිරීම.

3. සීසර් සැත්කම් කිරීමේදී සාපේක්ෂව සිංහල මව්වරුන්ට අඩු කාලයකුත්, මුස්ලිම් මව්වරුන්ට වැඩි කාලයකුත් ගත කිරීම.

4. සීසර් සැත්කම්වලදී මුස්ලිම් මව්වරුන්ට ගර්භාශයේ මැහුම් ස්ථර 2 ක් යෙදුවද සිංහල මව්වරුන්ට එක් ස්ථරයක් පමණක් යෙදීම.

5. සීසර් සැත්කමෙන් පසු ගෝස් ටවල් යොදාගෙන අනෙකුත් වෛද්‍යවරු කරන ආකාරයට වෙනස් ආකාරයට රළු ආකාරයට පෙරිටෝනියම් කුහරය පිරිසිදු කිරීම.

6. තුන්වන සිසේරියන් සැත්කමෙන් පසු සිදු කල යුතු LRT සැත්කම මුස්ලිම් මව්වරුන්ට සිදු නොකර එසේ සිදු කල බවට අසත්‍ය සහතික ඉදිරිපත් කිරීම.

M. සාෆි වෛද්‍යවරයා යළි සේවයේ පිහිට වුනේ අධිකරණය මගින් ඔහු නිදොස් කොට නිදහස් වීමෙන් බව සමාජ මාධ්‍යවල පැවසුණා. එය ඇත්තක්ද ?

එය බොරුවක්. ඔහු අනිවාර්ය නිවාඩු යැවුනේ අධිකරණය මගින් නොවේ. එය සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීරණයක්. මෙම තීරණය ආපස්සට හැරැනේද ගරු අධිකරණය මගින් නොව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින්. මේ කාරණය සම්බන්ධයෙන් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව තවමත් විභාග වනවා. සාෆි වෛද්‍යවරයා යළි සේවයේ පිහිට වුනේ රාජ්‍ය සේවා කොමිෂමේ තීරණයක් පරිදි. මුල් මූලික විමර්ශනය වෙනුවට පසුව සිදු කල වෙනත් විමර්ශනයක් මත පදනම්ව එම තීරණය ගනු ලැබුවා.

N. එසේනම් සාෆි වෛද්‍යවරයා අත්අඩංගුවෙන් නිදහස් වුනේ කොහොමද ?

ඔහුව අත්අඩංගුවට ගත්තේ 1978 අංක 48 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ. එම පනත යටතේ රඳවා ගැනීම සිදුකර විමර්ශනය කිරීමෙන් පසු ඔහුට ඇප ලැබුණා. 

O. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රාජ්‍ය සේවකයෙක් අත්අඩංගුවට ගත් විට ඔහුගේ වැඩ තහනම් විය යුතු නේද ?

ඔව්, නමුත් විශ්මයජනක ලෙස සාෆි සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ.

P. සාෆි තවමත් සිටින්නේ ඇප මතද ?

ඔව්. කිසිදු අධිකරණයක ඔහු සම්බන්ධයෙන් විභාග වන නඩු තවම අවසන් වී නැහැ.

Q. එසේනම් විමර්ශන මෙහෙයවූ පොලිස් අධිකාරී ශානි අබේසේකර සහ විත්තිකරැ වෛද්‍ය සාෆි එක් වේදිකාවක පසුගියදා පෙනී සිටියේ කෙලෙසද ?

එය පැහැදිලිවම අපේ රටේ අධිකරණය සහ නීති පද්ධතිය හෑල්ලුවට ලක් කිරීමක්.

R. සාෆි පිළිබඳ කතන්දරය ලංකාවේ මුස්ලිම් ජනතාවට එරෙහි කුමන්ත්‍රණයක් යැයි චෝදනාවක් එල්ල වෙනවා.? එය ගෝඨාභය රාජපක්ෂ බලයට පත් කිරීමට සිදුකළ කුමන්ත්‍රණයක් යැයි ද පැවසෙනවා.

එයා අමූලික බොරුවක්. මුස්ලිම් ජන සමාජයට අයත් එක් වෛද්‍යවරයෙකු විසින් සිදු කළා යැයි පැන නැගුණු කාරණයක් සමස්ත මුස්ලිම් සමාජයටම ආදේශ කිරීම වැරදියි. සාෆි පිළිබඳ කාරණය ප්‍රසිද්ධ වේදිකාවක පැන නැගුණු එකම අවස්ථාව නුගේගොඩ දී පැවති වහාබ්වාදයට එරෙහි රැලිය පමණයි. ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය තුළ කිසිදු අවස්ථාවක එවන් කාරණයක් ඉස්මතු කළේ නැහැ. විමල්, උදය, චන්න හෝ තවත් කවරකු හෝ මහමැතිවරණ වේදිකා තුළද එවැන්නක් පැන නැඟුවේ නැහැ.

S. එසේ නම් සාපි කතන්දරය කුමන්ත්‍රණයක් යැයි සමාජගත වූයේ කෙසේද?

එය ඉතා සූක්ෂම ආකාරයට සිදුවූවක්. කොවිඩ් වසංගතයත්, රටේ ආර්ථික පරිහානියත්, විමර්ශන සිදු කළ යුතු වූ අයගේ මග හැරීම් නිසාත්, තවත් විවිධ හේතුත් නිසා එල්ල වූ චෝදනාව පිළිබඳ නිසි විමර්ශනයක් සිදුවූයේ නැහැ. රාජ්‍ය සේවා කොමිසම මගින් සාෆි සේවයේ පිහිටුවීම සියලු චෝදනාවලින් සාෆි නිදහස් නිදොස් කොට නිදහස් කිරීමක් ලෙස අර්ථ ගැන්වුනා. සිංහල බෞද්ධ විරෝධී මතධාරීන්, නිරාගමිකයන් සිංහල බෞද්ධයන් අවඥාවට ලක් කිරීමට ඔවුන්ට රිදවීමට මේ කාරණය කළමනාකරණය කලා. අති විශාල මුදලක් වියදම් කරමින් සමාජ මාධ්‍ය සහ වෙනත් මාධ්‍ය මගින් සාෆි වර්ණනා කිරීමට ලිපි ලියවුණා. සෑම සති හයකට වරක් අලුත් වටයකින් ඔහු පිළිබඳ නැවත නැවතත් ලිපි පළ කෙරුණා. සාෆි යළි සේවයේ පිහිට වුණු අවස්ථාවේ එම පුවත උත්කර්ෂයට නැංවීම සඳහා සමාජ මාධ්‍ය අනුග්‍රහය සඳහා වැය කළ මුදල පමණක් ඩොලර් 50,000 වැඩියි. ඇත්තටම දැන් සිදුවන්නේ සාෆි යොදාගෙන සිංහල බෞද්ධ නායකයන්ට තර්ජනය කිරීමත්, සිංහල බෞද්ධයන් බිය ඉගැන්වීමත්.

පාස්කු ප්‍රහාරය ගෝඨා බලයට පත් කිරීමට සිදුකළ දෙයක් යැයි පැවසූ දේ දිගුවක් ලෙස සාෆි කාරණයත් කුමන්ත්‍රණයක් ලෙස හැඳින්වුණා. එය අමූලික බොරුවක්. එසේ නම් මේ කුමන්ත්‍රණය ආරම්භ කර ඇත්තේ රහස් පොලිසිය විය යුතුයි. මන්ද සියල්ලට පෙර සාෆි ගැන විමර්ශන කටයුතු ආරම්භ කළේ ඔවුන් නිසා. දිවයින පුවත්පතේ මාධ්‍යවේදියා සිදු කළේ එම විමර්ශනවලින් හෙළි වූ තොරතුරු පුවත්පතේ පළ කිරීමයි. කුරුණෑගල රෝහල සිදුකළේ ආයතනික මට්ටමින් විමර්ශනයක් කිරීමයි. ප්‍රදේශයේ මහා සංඝරත්නය, ජාතිකවාදී දේශපාලන නායකයන් සහ විද්වතුන් සිදු කළේ පැන නැගී ඇති කරුණු පිළිබඳ සාධාරණ අපක්ෂපාතී, විමර්ශනයක් සිදුකර වරදක් සිදුව ඇත්නම් දඬුවම් කරන ලෙස ඉල්ලා සිටීමයි. එසේ නම් මෙහි ඇති කුමන්ත්‍රණය කුමක්ද? මෙය කුමන්ත්‍රණයක් නම් ජනමාධ්‍ය, රහස් පොලිසිය, දේශපාලන නායකයන්, කුරුණෑගල රෝහලේ කාර්ය මණ්ඩලය, පැමිණිලි කල 1000 වඩා මව්වරු මේ සියලු දෙනා එහි කොටස් කරුවන් විය යුතුයි. 

ඇත්තටම වුනේ  ජනමාධ්‍ය අතර ඇති තරගය නිසා එකිනෙකා පරයා වාර්තා කිරීම නිසා අනවශ්‍ය කලබලයක්, සැකයක් මව්වරු තුල ගොඩ නැගීමයි. මේ චෝදනා එලියට ආවේ පාස්කු ප්‍රහාරයට පසුව තැන තැන හංගපු කඩු මතුවන පසුබිමක. අනෙක් අතට එම රජය, රජයේ හිටපු ඇමතිවරු උග්‍ර සිංහල බෞද්ධ විරෝධී  ප්‍රතිපත්ති අනුගමනය කළා. ජිනීවාවලදී රණ විරුවන් පාවලා දුන්නා. උතුරේ නැවත බෙදුම්වාදී අදහස් පැන නැංගා, ඒවා පාලනයට කටයතු කලේ නෑ. සිංහල බෞද්ධජනතාව දැඩි අනාරක්ෂිත, සහ කොන් කල පසු බිමකයි සාෆි ගැන කාරණා පැන නැගුනේ.. සාමාන්‍ය කාලයක සිදු වුනාට වඩා සමාජයේ අවධානය යොමු කරගන්න ඒ වට පිටාව හේතු වුනා. අද මේ ගැන විවේචනය කරන ගොඩක් දෙනා එදා තිබුන තත්වය අමතක කරලයි කතා කරන්නේ.  

කෙසේ නමුත් කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂක, නියෝජ්‍ය අධ්‍යක්ෂක, කුරුණෑගල මහේස්ත්‍රාත්, විමර්ශන කල ඇතැම් පොලිස් නිලධාරීන් ආදී බොහෝ දෙනකුට විරුද්ධව පැමිණිලි කරමින් ඔවුන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට කටයතු යෙදුනා. ඒ පිටුපස සිටියේ කවුදැයි සොයා බැලීමත් අවශ්‍යයි. 

T. වෛද්‍ය අනුරුද්ධ පාදනියගේ දෙවැනි දරුවා බිහිකිරීමට සහාය දුන්නේ තමන් බව වෛද්‍ය සාෆි පැවසුවා?

මෙය වෛද්‍ය සදාචාර ධර්ම  (medial ethics) අමු අමුවේ උල්ලංඝනය කිරීමක්. වෛද්‍යවරයකු තමන් ප්‍රතිකාර කරන රෝගීන්ගේ අනන්‍යතා අධිකරණ නියෝගයකින් මිස හෙළිදරව් කරන්නේ නැහැ. තවමත් අධිකරණය හමුවේ විභාග වන නීති කටයුත්තක විත්තිකරුවකු වන වෛද්‍ය සාෆි ප්‍රසිද්ධ වේදිකාවක මේ ගැන පවසනවා. වෛද්‍ය සාෆි ගැන කිඹුල් කඳුළු හෙළන කවුරුත් වෛද්‍ය පාදෙණිය හෝ ඔහුගේ බිරිඳට සිදුවූ අපහසුතාව ගැන කතා නොකරන්නේ ඇයි ?

U. එසේ නම් වෛද්‍ය සාෆි සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ කවර ආකාරයකින්ද ?

1. ඔහුට එල්ල වූ ප්‍රධාන චෝදනාව මුදල් විශුද්ධිකරණයයි. ඒ පිළිබඳ නීතිපති උපදෙස් කඩිනමින් සපයා  නීති මගින් කටයුතු කළ යුතුයි.  ඔහු මේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනීම සාධාරණ බව ශ්‍රේෂ්ඨාධිකරණය පවා තීන්දු කර තිබෙනවා.

2.වෛද්‍ය සාෆි පිළිබඳ මූලික විමර්ශන වාර්තාව යටපත් කිරීමට කටයුතු කළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ගැන කඩිනම් පරීක්ෂණයක් කළ යුතුයි. එකී මුලික විමර්ශනයෙන් මතු වූ කරුණු පසුව යටපත් වුයේ කෙලෙසදැයි සොයා බැලිය යුතුයි.

3. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් විට ඕනෑම රාජ්‍ය සේවකයෙකු යටත් වන වැඩ තහනමට යටත් නොවී සාෆි අනිවාර්යය නිවාඩු යැව්වේ කාගේ බලපෑමකට අනුවද යන්න හෙළිදරව් කළ යුතුයි.

4. මේ සඳහා මුල සිට මැදිහත් වෙමින්, රැස්වීම් පවත්වමින්, සමාජ මාධ්‍ය මෙහෙයුමට විශාල මුදලක් වැය කරන "ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය” මේ සම්බන්ධයෙන් කරන මැදිහත්වීම සහ ඔවුන්ට ඒ සඳහා මුදල් ලැබෙන්නේ කවර ආකාරයෙන්ද යන්න සොයා බැලිය යුතුයි.

V. සාෆි ට චෝදනා එල්ල කිරීම ගැන මහා සංඝ රත්නය, විමල්, චන්න ආදීන්  සාෆිගෙනුත්, මුස්ලිම් ජනතාවගෙනුත් සමාව ඉල්ලිය යුතු බවට ඇතැම් සමාජ මාධ්‍යවල පලවනවා?

සාෆි ට චෝදනා එල්ල කලේ  මහා සංඝ රත්නය, විමල්, චන්න ආදීන් නොවේ. එය කලේ පොලිසිය, ජනමාධ්‍ය සහ ඔහු සමග එකට කටයුතු කල සෞඛ්‍ය කාර්ය මණ්ඩලයයි. එම චෝදනා නිසි විමර්ශනයට ලක් නොකර යට ගැසීමට කටයුතු කල පසුබිමක ඒ ගැන සාධාරණ, අපක්ෂපාතී, විමර්ශනයක් කරන ලෙසට බල කිරීම වරදක්ද? 

සමාජයේ යහ පැවැත්මට තර්ජනයක් විය හැකි සිද්ධියක් පිලිබඳ අදහස් දැක්වීම සහ ඒ ගැන සාධාරණ පරීක්ෂනයක් ඉල්ලා සිටීම වරදක්ද?

ජාතිය මත පදනම්ව වෙනස් ආකාරයට කටයුතු කරන බව ෂාෆි සේවය කල රෝහලෙන්ම සිදු කල විමර්ශනයකින් පවසා තිබියදී, මෙතරම් චෝදනා තිබියදී එම වෛද්‍යවරයා වැඩ තහනම් නොකර අනිවාර්ය නිවාඩු යැවීමට කටයතු කර තිබියදී, පැහැදිලි කල නොහැකි පරිදි ඉතා විශාල ධනස්කන්දයක් සහිතව වෛද්‍ය සාෆි  මහ මැතිවරණයට තරග කල දේශපාලන ධාරාව ආණ්ඩු බලය හිමි කරගෙන එහි රැකවරණය යටතේ සිටියදී ඔහුට එල්ල වූ චෝදනා නිසි විමර්ශනයට ලක් කරන ලෙස පැවසීම වරදක්ද? 

තවමත් ඔහුට එල්ල වූ චෝදනා 2 සම්බන්ධයෙන් නඩු කටයතු අවසන් වී නැත. ඔහු නීතිය ඉදිරියේ තවම චුදිතයකු පමණි. වැරදිකරුවකු හෝ නිවැරදිකරුවකු නොවේ. ඔහුට ලැබෙන තීන්දුව කුමක් වුවත් සාෆිගෙන් හෝ මුස්ලිම් ජනතාවගෙන් සමාව ඉල්ලීමේ කිසිදු අවශ්‍යතාවක් නැත. 

W. සාෆිව, පැලොපීය නාල, වද කොත්තු පෙන්වා මිනිසුන්ව රවටා ගෝඨාභය දිනවූ  බවට චෝදනාවක් එල්ල වනවා?

මේ චෝදනාව ප්‍රධාන වශයෙන්ම කරන්නේ ජවිපෙ/ මාලිමාවට සම්බන්ධ ක්‍රියාකාරීන්. ඔවුන් බොහොමයක් පසුගිය ජනාධිපතිවරනයේදී ගෝඨාභයට ජන්දය දීපු අය නොවේ. එසේනම් ඔවුන්ම පවසන රැවටිල්ලට ඔවුන් ලක් වී නැහැ. එහෙත් අනෙක් අය රැවටුණු වග ඔවුන් පවසනවා. ගෝඨාභය වෙනුවෙන් ජන්දය දුන් අය එසේ කලේ යහපාලන රජයෙන් කොන් කර නොසලකා හැරි ජාතික අභිලාෂයන් දිනා ගැනීමටයි. ජාතික ආරක්ෂාව යලි තහවුරු කිරීම, රණවිරු දඩයම නතර කිරීම, ජාතික ආර්ථිකයක් ගොඩ නැගීම, මුළු රටටම එක නීතියක් හඳුන්වා දීම එහි ප්‍රමුඛ අරමුණු. සාෆිගෙන් රට බේරා ගැනීමට ගෝඨාභය දිනවූ අයකු සිටිත්දැයි සැක සහිතය. සාෆි, පැලොපීය නාල, වද කොත්තු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ හෝ පසුව පැවති මහමැතිවරනයේදී මාතෘකාවක් නොවීය. වද කොත්තු කතා දශකයකටත් වඩා කල් සමාජයේ කතා බහට ලක් වූ දේවල්.  නමුත් මාලිමා හිතවාදීන් සහ සිංහල බෞද්ධ විරෝධීන් තමන් රැවටුණු බව බොරු මවාපෑමක් කරනවා. ඔවුන් කවදාවත් ජාතික කඳවුර වෙනුවෙන් ජන්දය දීපු අය නොවේ. එනම් රවටපු කෙනෙක් හෝ රැවටුණු කෙනෙක් නැත. 

දැන් ඔවුන්ට අවශ්‍ය මේ කතාව ඉස්සරහට යොදා ගෙන සියලු සිංහල බෞද්ධ විරෝධී කටයතු සදහා ආවරණයක් ලබා ගැනීමටයි. මේ කිඹුල් කඳුළුවලට ඉඩක් දිය යුතු නැත.

(උපුටාගැනීම අන්තර්ජාලයෙනි)

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.