
නායකත්වය හා නා-යකත්වය
‘‘ගාන්ධි මුලදීම එක්තරා සත්‍යයක් ප‍්‍රකාශ කළේය. එනම් ස්වරාජ්‍ය තත්ත්වය යනු බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව විසින් අප වෙත ලබාදෙන ත්‍යාගයක් නොව ඉන්දියානු ජනතාව විසින් නිදහස් ලෙස තෝරා ගනු ලබන නියෝජිතයන් අතින් ප‍්‍රකාශයට පත් කෙරෙන අභිලාෂයන් තුළින් මතුවිය යුතු දෙයක් බවය. 1922 දී ඔහු මේ බව ප‍්‍රකාශයට පත් කළේ ඉන්දියාව නිදහස් ඉන්දියාවක් බවට පත්වන්නේ ඉන්දියානුවන්ගේ අතින්ම පමණක් බවත් ඉන්දියානුවන්ගේ අනාගතය තමන් විසින් හැඩ ගන්වා ගත යුතු බවත් අවධාරණය කිරීමට ය.’’
මගේ මතකය අනුව මා මෙය උපුටා ගත්තේ ‘‘ඉන්දීය ව්‍යවස්ථාව, ජාතික පුනරුදය බිහිවීමේ කතාව’’ නම් ග‍්‍රන්ථයේ එන ජවහර්ලාල් නේරුගේ ප‍්‍රකාශයකිණි.
ඉන්දියානු නායකයන් බි‍්‍රතාන්‍යයන්ගෙන් නිදහස් වීම තමන් ලද ත්‍යාගයක් ලෙස නොසැලකූ බවත්, එනිසාම එතැන් සිට ඔවුන්ගේ ගමන ඔවුන්ගේ ජනතා පරමාධිපත්‍යය තුළින් බිහිවෙන ජනතා නියෝජිතයන් ඉන්දියානු අභිලාෂයන්ට පමණක් අදාළව සකස්කර ගත යුතු බවත් මෙහිලා අවධාරණය කෙරේ. එහෙත්, ශ‍්‍රී ලංකාවේ අප බි‍්‍රතාන්‍යයන්ගෙන් නිදහස ලබන විට අපට එවැනි විචක්ෂණ ඥානයක් හෝ දුර දක්නා නුවණක් තිබුණේද? අප ලද නිදහසේ පදනම සකස් කරනු ලැබුවේ අපේ ජනතාව විසින් තෝරා පත් කර ගනු ලබන නියෝජිතයන්, ශ‍්‍රී ලංකාවේ අනාගත අභිලාෂයන්ට අනුකූලව ද? සොල්බරි සාමි හෝ වෙනත් බි‍්‍රතාන්‍ය ‘‘සාමි’’ වරයකු ලබා දී තිබූ මඟ පෙන්වීමට අනුව අපි අපේ රාජ්‍යයේ ඊනියා පදනම සකස් කරනු ලැබුවේ නැද්ද?
ඉන්දියාව පසුගිය දා ආර්ථික වශයෙන් ජපානය ද පසුකර ඉදිරියට ගියේ ය. අප සිටින්නේ සිටිය තැනිනුත් පහළට වැටී ය. අප ජනප‍්‍රිය අර්ථයෙන් 76 වසරක ශාපයක් පිළිබඳව පුරාජේරු කතා කීවාට, මේ ‘‘ශාපයේ’’ පදනම ගැන කෙතරම් දුරට සාකච්ඡා කර එය නිවැරදි කිරීමට පියවර ගෙන තිබේ ද?
එවැනි කිසියම් ඉදිරි පියවරක් ගත්තේ නම් ගනු ලැබුවේ 1972 ජනරජ ව්‍යවස්ථාව ය. පසුගිය 22 දා එම ජනරජ ව්‍යවස්ථාව ගෙනැවිත් ශ‍්‍රී ලංකාව මුලින්ම ජනරජයක් බවට පත්වීමේ 53 වන සංවත්සරය සැමරුණි.
එහෙත් ඉන්දියාවේ නම් ජනරජ දිනය සමරන්නේ බලවත් රාජ්‍ය උත්සවයක් ලෙස ය. බලවත් යුධ ශක්තිය ප‍්‍රදර්ශනය කරමින් ය. ලොව මිත‍්‍ර රටවල රාජ්‍ය නායකයන් ද සහභාගී කරගෙන ය. අපේ රටේ එවැන්නක් නොවන්නේ ඇයි? ඉන්දියාවේ ජනරජ දිනය නිර්මාණය කළේ වර්තමාන බී.ජේ.පී. පාලනය ද? නැත ! එය අභිමානවත්ව සැමරීමට ඔවුන්ට එය කිසිදු බාධාවක් බවට පත්වී නැත. එසේ නම් අපට එය නොවැදගත් වූයේ කෙසේද?
බි‍්‍රතාන්‍ය කිරීටයෙන් අප නිදහස් වූයේ 1972 දී ය. ඒ, 1971 කැරැල්ලෙන් පසුව ඇති වූ කම්පනය ද සමඟිනි. නමුත් ඉන්දියාව සිය ජනරජ දිනය හෙවත් ඉන්දියාව බි‍්‍රතාන්‍ය කිරීටයෙන් සපුරා නිදහස් වීම සිදුකර ගත්තේ 1950 දී ය. ඔවුන් බි‍්‍රතාන්‍යයන්ගෙන් නිදහස ලැබුවේ 1947 දී ය. නිදහස ලබා ඉන්දියාව වසර තුනකින් සම්පූර්ණ කර ගත්තේ තමන්ගේ රාජ්‍යය ඉදිරියට යන පදනම ය. එහෙත් අපට ඒ සඳහා නිදහස ලබා වසර 24ක් ගත වුණි. වසර 24 ක් වන විට, එතෙක් ආ ගමනේ ප‍්‍රතිඵලය සමාජ - දේශපාලනමය වශයෙන් යහපත් වී තිබුණේ නැත. ඒ විකෘතියේ බලපෑම තුළින් සහමුලින් ගැලවීමේ හැකියාව වසර 24 කට පසුව ගෙන එන ලද ජනරජ ව්‍යවස්ථාවක් මගින් ඇති කරන පදනමට දිගු කාලීනව රැක ගත හැකි වූයේ නැත. ඒ වන විට අපගේ සමාජ - ආර්ථික දේශපාලන හා සංස්කෘතික (හා ආකල්පමය) දේහයේ විය යුතු අගතිය බොහෝ දුරට සිදුවී හමාර ය.
බි‍්‍රතාන්‍යයින්ගෙන් නිදහස ලබා තමන්ගේම වූ ජනරජ ව්‍යවස්ථාවක් තනමින් සිටින කාලය තුළ ජවහර්ලාල් නේරු තම රට ලද නිදහස ගැන ප‍්‍රකාශ කළේ මෙසේ ය.
‘‘නිදහස යනු අවසානය නොව අවසානය වෙතට යන මාර්ගයකි. නියම අවසානය වන්නේ මහජනතාව ඉහළ මට්ටමකට ඔසවා තැබීම සහ එමගින් මනුෂ්‍යත්වය පොදු ඉහළ තලයකට ඔසවා තැබීම යි.’’
මෙම දැක්ම අප සතුව වී ද? මේ ඊට අමතරව, තවදුරටත් ජවහර්ලාල් නේරු කියූ දේ ය.
‘‘ව්‍යවස්ථා සම්පාදක සභාවේ කාර්ය වූයේ සමාජ විප්ලවයේ, එනම් ජාතික පුනරුදයේ අවසාන ඉලක්කය සඳහා කැප වූ ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම ය.’’
1948 නිදහසින් පසුව අප එවැනි පියවරක් ගැන කල්පනා කළේ ද? එසේ නොකිරීමෙන් සිදුවන අනිවාර්ය ප‍්‍රතිවිපාක වලට නොවේද අද අප ගොදුරු වී සිටින්නේ? 1972 සිදු කළ ජනරජ ව්‍යවස්ථාවෙන් ඇති කළ පදනමට දිගු කාලීනව ඉදිරියට යාමට ඉඩ දුන්නේ ද? 1977 ආරම්භ කළ ගමන, 1972 ජනරජ ව්‍යවස්ථාවෙන් ඇති කරන ලද පදනම කුඩුපට්ටම් කරනු නොලැබුවේ ද?
ඉන්දියාව නම් නිදහස ලබා වසර 4 කින් සිය ගමනේ පදනම, ව්‍යවස්ථාවෙන් හා අන් ආකාරයන්ගෙන් සකස් කරන ලදී. අතල් බිහාර් වජ්පායි ඉන්දියාවේ අගමැති වූයේ ප‍්‍රථම වරට, 1996 දී ය. ඔහුගේ දිගු පාලන කාලය වූයේ 1999 සිට 2004 ය. 1998 - 1999 කාලය වන විට ඉන්දියාව ගොදුරු වූයේ තියුණු හා බලවත් ආර්ථික අර්බුදයකට ය. එහිදී, එම අර්බුදයෙන් ගලවා ගැනීමට මුදල් අමාත්‍ය ධූරයට පැමිණි ආචාර්ය මනමෝහන් සිං එතෙක් පැවති ඉන්දීය ආර්ථික ගමනේ, ඊට ගැළපෙන හා ඔරොත්තු දෙන ලිහිල් කරණයක් සිදු කරන ලදී. එය කිසිසේත්ම, 1977 දී ලංකාවේ සිදු කරන ලද ආර්ථික ලිබරල්කරණයේ මාවතට සමාන නොවී ය. අද ඉන්දියාව ජපානයේ ආර්ථිකය ද ඉක්මවා ලොව 4 වැනි ස්ථානයට පැමිණ ඇත්තේ ඒ අනුව ය.
එහෙත්, අප රටේ පුනරුදයක් ගැන කටමැත දොඩවන පාලකයන්ට මේ ගැන කිසිදු අවබෝධයක් නොවේ. ඔවුන් පවසන්නේ ලංකාව මේ තත්ත්වයට ඇද වැටුනේ ‘‘කළු යාන්ත‍්‍රණයක්’’ නිසා බව ය.
ශ‍්‍රී ලංකාවේ පමණක් නොව, ඉන්දියාව ඇතුළු බොහෝ රටවල ‘‘කළු යාන්ත‍්‍රණය’’ අඩු වැඩි වශයෙන් දක්නට තිබේ. එය මැඩලීමට පියවර ගත යුත්තේ ව්‍යුහාත්මක වෙනස්කම් මගිණි. දඬුවම් යනු එහි එක් ‘‘ටූල්’’ එකක් පමණි. නමුත්, මේ බොහෝ රටවල පාලන තන්ත‍්‍රයේ ප‍්‍රමුඛතාව බවට පත් කොටගෙන තිබුණේ ඉන්දියාවේ නිදහසින් පසු සිදුකරන ලද පරිදි ස්වදේශික ජනතාවගේ අභිලාෂයන්ට ප‍්‍රමුඛතාව දී ගනු ලබන බහුවිධ පියවර යි.
අප සිටින්නේ විදේශික බලවතුන් ඔවුන්ගේ අවශ්‍යතාවන් ඉටුකර ගැනීම පිණිස සාදන ලද දේශපාලන, ආර්ථික හා සමාජ ක‍්‍රමයක (ජීවන පැවැත්මක) ගොදුරු බවට පත්කොට ය. පුනරුදය යනු එම ඉරණමෙන් එම ස්වදේශික ජනයා ගලවා ගැනීමේ හා ඔවුන්ගේ සමාජ, දේශපාලන, ආර්ථික හා සංස්කෘතික ජීවිතය ජය ගැන්වීමේ මාවතේ නොබියව, එඩිතරව ගමන් කිරීම ය. එසේ නොමැතිව, ‘‘කළු යාන්ත‍්‍රණය’’ පිළිබඳ අතිශයෝක්තියෙන් හුවා දක්වමින් මුළු මහත් රාජ්‍ය දේහය ධවල භීෂණයකට යටත් කොට එය බිඳවට්ටවාලීම නොවේ.
ශ‍්‍රී ලංකාවේ දේශපාලන දේහය ඇතුළුව රාජ්‍ය දේහය සහමුලින්ම විඳවට්ටවාලීම (පැරලයිස් කිරීම) හෙවත් ඔත්පල කිරීම, ශ‍්‍රී ලංකාවේ බහුවිධ හතුරන්ගේ කලක් තිස්සේ පැවති උවමනාව කි. දැන් එය ආර්ථික වශයෙන් සපුරාගෙන තිබේ. ඊළඟට අවශ්‍ය වනුයේ දේශපාලන හා රාජ්‍ය දේහය මෙන්ම විශේෂයෙන්ම සංස්කෘතික දේහය සහමුලින්ම ඔත්පල කිරීම ය. එවිට එය, තමන්ට රිසි පරිදි පාවිච්චි කළ හැකි බව එකී බහු විධ හතුරෝ හොඳින් අවබෝධ කරගෙන සිටිති. වත්මන් ‘‘පුනරුදයේ’’ අරමුණ එම කාර්යයේ අංග සම්පූර්ණව ඉටුකර රාජ්‍යයත් වනසා එහි ප‍්‍රතිඵලයක් ලෙස තමනුත් නොදැනීම තමන්ගේ ද වැනසීම නිමවා ගැනීම ය.
මෙය නොතේරෙන විප්ලවවාදීහු කවරහු ද? විප්ලවවාදීන් යනු ලැබෙන කුමන හෝ බලය අවස්ථාවදීව බුක්ති විඳිනාවුන්ද? විප්ලවවාදී නායකත්වය යනු කුමක් ද? ‘‘හකුරු කන්නත් නායකයකු ඕනෑ’’ යැයි පැරණි කියමනක් තිබේ. මා කියවූ පොතක (දැන් එහි නම නිවැරදිව මතකයේ නොමැත) මෙසේ සඳහන්ව තිබුණි.
‘‘ඒ කියන්නේ සෑම විශිෂ්ට නායකයෙක්ම චින්තකයෙක් විය යුතුයි. ඔවුන් අනාගත අවසාන ප‍්‍රතිඵලය වර්තමානයේ ඉඳගෙන දකින්නට සමත්. ඒ නිසා ඒ අය අනාගතයට පැහැදිලි සම්බන්ධයක් ගොඩනගනවා. ඔවුන් හරියට අවුරුදු කිහිපයකට කලින් කී සිංගර් පවසපු ආකාරයේ පුද්ගලයෝ. කී සිංගර්ගේ ඒ කියමනට අනුව නායකයාගේ ඉලක්කය වන්නේ ජනතාව අද ඉන්න තැනින් ඔවුන් කවදාවත් මෙයට පෙර නොගිය තැනකට රැගෙන යාම ය.’’
එහෙත් මේ කියන තැන බහුවිධ පරිහානිය නොවේ. මේ කියන තැන රාජ්‍ය බිඳවැටීම නොවේ. මේ කියන තැන සංස්කෘතික හා සදාචාරාත්මක කෙලෙසීම නොවේ. එමෙන්ම රාජ්‍යයේ හතුරන්ට රතු ඵලස එළීම නොවේ. මේ කියන තැන ‘‘නියම අවසානය වන්නේ’’ ‘‘සමාජ විප්ලවයේ එනම් ජාතික පුනරුදයේ’’ තැන කරා මහජනයා රැගෙන යාම ය.
මෑතක දී, ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා ගිය වියට්නාමයේ දී ඔහු ඇමරිකන් අධිරාජ්‍යවාදයට එරෙහි සටනේ දී දිවි පිදූ වියට්නාම් විරුවන්ට උත්තමාචාරය පුදකර මල් කළඹක් තබන ලදී. ඒ, ශ්‍රේෂ්ඨ සටනේ වීරයා අන් කවරෙකු වත් නොව හෝ චි මිං ය. හෝ චි මිං වරක් මෙසේ පවසා තිබේ.
‘‘නිර්ධන පංතියට විමුක්තිය උදාකරවීම ජාතික විමුක්තිය ලබා ගැනීමේ අනිවාර්ය කොන්දේසිය කි.’’
ඒ, චින්තකයින් වූ විශිෂ්ඨ නායකයන් ජාතියට මඟ පෙන්වන අන්දම ය. ජාතියේ කොඳු බිඳ, පිරිත් නූලට වෛර කර අත්පත් කර ගත හැක්කේ කුමන ජාතික විමුක්තියක් ද? කුමන පුනරුදයක් ද?
කඳු මුදුනේ සිට ලියමි... (18)
- විමල් වීරවංශ (ඉරිදා ලංකාදීප 2025.06.15)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..
ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.
විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..
දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්
දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..
ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..
60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව
දින කිහිපයක් තිස්සේ ගැටුම් හේතුවෙන් ලොස් ඇන්ජලීස් නගරයට ඇඳිරි නීතිය පනවයි
විදුලි ගාස්තුව සියයට 15කින් ඉහළට..
