News Category
From Date
To Date
Maximum Number of Result

නායකත්වය හා නා-යකත්වය

Jun 14, 2025 at 08:38 AM
|

‘‘ගාන්ධි මුලදීම එක්තරා සත්‍යයක් ප‍්‍රකාශ කළේය. එනම් ස්වරාජ්‍ය තත්ත්වය යනු බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව විසින් අප වෙත ලබාදෙන ත්‍යාගයක් නොව ඉන්දියානු ජනතාව විසින් නිදහස් ලෙස තෝරා ගනු ලබන නියෝජිතයන් අතින් ප‍්‍රකාශයට පත් කෙරෙන අභිලාෂයන් තුළින් මතුවිය යුතු දෙයක් බවය. 1922 දී ඔහු මේ බව ප‍්‍රකාශයට පත් කළේ ඉන්දියාව නිදහස් ඉන්දියාවක් බවට පත්වන්නේ ඉන්දියානුවන්ගේ අතින්ම පමණක් බවත් ඉන්දියානුවන්ගේ අනාගතය තමන් විසින් හැඩ ගන්වා ගත යුතු බවත් අවධාරණය කිරීමට ය.’’

මගේ මතකය අනුව මා මෙය උපුටා ගත්තේ ‘‘ඉන්දීය ව්‍යවස්ථාව, ජාතික පුනරුදය බිහිවීමේ කතාව’’ නම් ග‍්‍රන්ථයේ එන ජවහර්ලාල් නේරුගේ ප‍්‍රකාශයකිණි. 

ඉන්දියානු නායකයන් බි‍්‍රතාන්‍යයන්ගෙන් නිදහස් වීම තමන් ලද ත්‍යාගයක් ලෙස නොසැලකූ බවත්, එනිසාම එතැන් සිට ඔවුන්ගේ ගමන ඔවුන්ගේ ජනතා පරමාධිපත්‍යය තුළින් බිහිවෙන ජනතා නියෝජිතයන් ඉන්දියානු අභිලාෂයන්ට පමණක් අදාළව සකස්කර ගත යුතු බවත් මෙහිලා අවධාරණය කෙරේ. එහෙත්, ශ‍්‍රී ලංකාවේ අප බි‍්‍රතාන්‍යයන්ගෙන් නිදහස ලබන විට අපට එවැනි විචක්ෂණ ඥානයක් හෝ දුර දක්නා නුවණක් තිබුණේද? අප ලද නිදහසේ පදනම සකස් කරනු ලැබුවේ අපේ ජනතාව විසින් තෝරා පත් කර ගනු ලබන නියෝජිතයන්, ශ‍්‍රී ලංකාවේ අනාගත අභිලාෂයන්ට අනුකූලව ද? සොල්බරි සාමි හෝ වෙනත් බි‍්‍රතාන්‍ය ‘‘සාමි’’ වරයකු ලබා දී තිබූ මඟ පෙන්වීමට අනුව අපි අපේ රාජ්‍යයේ ඊනියා පදනම සකස් කරනු ලැබුවේ නැද්ද? 

ඉන්දියාව පසුගිය දා ආර්ථික වශයෙන් ජපානය ද පසුකර ඉදිරියට ගියේ ය. අප සිටින්නේ සිටිය තැනිනුත් පහළට වැටී ය. අප ජනප‍්‍රිය අර්ථයෙන් 76 වසරක ශාපයක් පිළිබඳව පුරාජේරු කතා කීවාට, මේ ‘‘ශාපයේ’’ පදනම ගැන කෙතරම් දුරට සාකච්ඡා කර එය නිවැරදි කිරීමට පියවර ගෙන තිබේ ද?

එවැනි කිසියම් ඉදිරි පියවරක් ගත්තේ නම් ගනු ලැබුවේ 1972 ජනරජ ව්‍යවස්ථාව ය. පසුගිය 22 දා එම ජනරජ ව්‍යවස්ථාව ගෙනැවිත් ශ‍්‍රී ලංකාව මුලින්ම ජනරජයක් බවට පත්වීමේ 53 වන සංවත්සරය සැමරුණි.

එහෙත් ඉන්දියාවේ නම් ජනරජ දිනය සමරන්නේ බලවත් රාජ්‍ය උත්සවයක් ලෙස ය. බලවත් යුධ ශක්තිය ප‍්‍රදර්ශනය කරමින් ය. ලොව මිත‍්‍ර රටවල රාජ්‍ය නායකයන් ද සහභාගී කරගෙන ය. අපේ රටේ එවැන්නක් නොවන්නේ ඇයි? ඉන්දියාවේ ජනරජ දිනය නිර්මාණය කළේ වර්තමාන බී.ජේ.පී. පාලනය ද? නැත ! එය අභිමානවත්ව සැමරීමට ඔවුන්ට එය කිසිදු බාධාවක් බවට පත්වී නැත. එසේ නම් අපට එය නොවැදගත් වූයේ කෙසේද?

බි‍්‍රතාන්‍ය කිරීටයෙන් අප නිදහස් වූයේ 1972 දී ය. ඒ, 1971 කැරැල්ලෙන් පසුව ඇති වූ කම්පනය ද සමඟිනි. නමුත් ඉන්දියාව  සිය ජනරජ දිනය හෙවත් ඉන්දියාව බි‍්‍රතාන්‍ය කිරීටයෙන් සපුරා නිදහස් වීම සිදුකර ගත්තේ 1950 දී ය. ඔවුන් බි‍්‍රතාන්‍යයන්ගෙන් නිදහස ලැබුවේ 1947 දී ය. නිදහස ලබා ඉන්දියාව වසර තුනකින් සම්පූර්ණ කර ගත්තේ තමන්ගේ රාජ්‍යය ඉදිරියට යන පදනම ය. එහෙත් අපට ඒ සඳහා නිදහස ලබා වසර 24ක් ගත වුණි. වසර 24 ක් වන විට, එතෙක් ආ ගමනේ ප‍්‍රතිඵලය සමාජ - දේශපාලනමය වශයෙන් යහපත් වී තිබුණේ නැත. ඒ විකෘතියේ බලපෑම තුළින් සහමුලින් ගැලවීමේ හැකියාව වසර 24 කට පසුව ගෙන එන ලද ජනරජ ව්‍යවස්ථාවක් මගින් ඇති කරන පදනමට දිගු කාලීනව රැක ගත හැකි වූයේ නැත. ඒ වන විට අපගේ සමාජ - ආර්ථික දේශපාලන හා සංස්කෘතික (හා ආකල්පමය) දේහයේ විය යුතු අගතිය බොහෝ දුරට සිදුවී හමාර ය.

බි‍්‍රතාන්‍යයින්ගෙන් නිදහස ලබා තමන්ගේම වූ ජනරජ ව්‍යවස්ථාවක් තනමින් සිටින කාලය තුළ ජවහර්ලාල් නේරු  තම රට ලද නිදහස ගැන ප‍්‍රකාශ කළේ මෙසේ ය. 

‘‘නිදහස යනු අවසානය නොව අවසානය වෙතට යන මාර්ගයකි. නියම අවසානය වන්නේ මහජනතාව ඉහළ මට්ටමකට ඔසවා තැබීම සහ එමගින් මනුෂ්‍යත්වය පොදු ඉහළ තලයකට ඔසවා තැබීම යි.’’

මෙම දැක්ම අප සතුව වී ද? මේ ඊට අමතරව, තවදුරටත් ජවහර්ලාල් නේරු කියූ දේ ය. 

‘‘ව්‍යවස්ථා සම්පාදක සභාවේ කාර්ය වූයේ සමාජ විප්ලවයේ, එනම් ජාතික පුනරුදයේ අවසාන ඉලක්කය සඳහා කැප වූ ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම ය.’’ 

1948 නිදහසින් පසුව අප එවැනි පියවරක් ගැන කල්පනා කළේ ද? එසේ නොකිරීමෙන් සිදුවන අනිවාර්ය ප‍්‍රතිවිපාක වලට නොවේද අද අප ගොදුරු වී සිටින්නේ? 1972 සිදු කළ ජනරජ ව්‍යවස්ථාවෙන් ඇති කළ පදනමට දිගු කාලීනව ඉදිරියට යාමට ඉඩ දුන්නේ ද? 1977 ආරම්භ කළ ගමන, 1972 ජනරජ ව්‍යවස්ථාවෙන් ඇති කරන ලද පදනම කුඩුපට්ටම් කරනු නොලැබුවේ ද?

ඉන්දියාව නම් නිදහස ලබා වසර 4 කින් සිය ගමනේ පදනම, ව්‍යවස්ථාවෙන් හා අන් ආකාරයන්ගෙන් සකස් කරන ලදී. අතල් බිහාර් වජ්පායි ඉන්දියාවේ අගමැති වූයේ ප‍්‍රථම වරට, 1996 දී ය. ඔහුගේ දිගු පාලන කාලය වූයේ 1999 සිට 2004 ය. 1998 - 1999 කාලය වන විට ඉන්දියාව ගොදුරු වූයේ තියුණු හා බලවත් ආර්ථික අර්බුදයකට ය. එහිදී, එම අර්බුදයෙන් ගලවා ගැනීමට මුදල් අමාත්‍ය ධූරයට පැමිණි ආචාර්ය මනමෝහන් සිං එතෙක් පැවති ඉන්දීය ආර්ථික ගමනේ, ඊට ගැළපෙන හා ඔරොත්තු දෙන ලිහිල් කරණයක් සිදු කරන ලදී. එය කිසිසේත්ම, 1977 දී ලංකාවේ සිදු කරන ලද ආර්ථික ලිබරල්කරණයේ මාවතට සමාන නොවී ය. අද ඉන්දියාව ජපානයේ ආර්ථිකය ද ඉක්මවා ලොව 4 වැනි ස්ථානයට පැමිණ ඇත්තේ ඒ අනුව ය.

එහෙත්, අප රටේ පුනරුදයක් ගැන කටමැත දොඩවන පාලකයන්ට මේ ගැන කිසිදු අවබෝධයක් නොවේ. ඔවුන් පවසන්නේ ලංකාව මේ තත්ත්වයට ඇද වැටුනේ ‘‘කළු යාන්ත‍්‍රණයක්’’ නිසා බව ය.

ශ‍්‍රී ලංකාවේ පමණක් නොව, ඉන්දියාව ඇතුළු බොහෝ රටවල ‘‘කළු යාන්ත‍්‍රණය’’ අඩු වැඩි වශයෙන් දක්නට තිබේ. එය මැඩලීමට පියවර ගත යුත්තේ ව්‍යුහාත්මක වෙනස්කම් මගිණි. දඬුවම් යනු එහි එක් ‘‘ටූල්’’  එකක් පමණි. නමුත්, මේ බොහෝ රටවල පාලන තන්ත‍්‍රයේ ප‍්‍රමුඛතාව බවට පත් කොටගෙන තිබුණේ  ඉන්දියාවේ නිදහසින් පසු සිදුකරන ලද පරිදි ස්වදේශික ජනතාවගේ අභිලාෂයන්ට ප‍්‍රමුඛතාව දී ගනු ලබන බහුවිධ පියවර යි.

අප සිටින්නේ විදේශික බලවතුන් ඔවුන්ගේ අවශ්‍යතාවන් ඉටුකර ගැනීම පිණිස සාදන ලද දේශපාලන, ආර්ථික හා සමාජ ක‍්‍රමයක (ජීවන පැවැත්මක) ගොදුරු බවට පත්කොට ය. පුනරුදය යනු එම ඉරණමෙන් එම ස්වදේශික ජනයා ගලවා ගැනීමේ හා ඔවුන්ගේ සමාජ, දේශපාලන, ආර්ථික හා සංස්කෘතික ජීවිතය ජය ගැන්වීමේ මාවතේ නොබියව, එඩිතරව ගමන් කිරීම ය. එසේ නොමැතිව, ‘‘කළු යාන්ත‍්‍රණය’’ පිළිබඳ අතිශයෝක්තියෙන් හුවා දක්වමින් මුළු මහත් රාජ්‍ය දේහය ධවල භීෂණයකට යටත් කොට එය බිඳවට්ටවාලීම නොවේ. 

ශ‍්‍රී ලංකාවේ දේශපාලන දේහය ඇතුළුව රාජ්‍ය දේහය සහමුලින්ම විඳවට්ටවාලීම (පැරලයිස් කිරීම) හෙවත් ඔත්පල කිරීම, ශ‍්‍රී ලංකාවේ බහුවිධ හතුරන්ගේ කලක් තිස්සේ පැවති උවමනාව කි. දැන් එය ආර්ථික වශයෙන් සපුරාගෙන තිබේ. ඊළඟට අවශ්‍ය වනුයේ දේශපාලන හා රාජ්‍ය දේහය මෙන්ම විශේෂයෙන්ම සංස්කෘතික දේහය සහමුලින්ම ඔත්පල කිරීම ය. එවිට එය, තමන්ට රිසි පරිදි පාවිච්චි කළ හැකි බව එකී බහු විධ හතුරෝ හොඳින් අවබෝධ කරගෙන සිටිති. වත්මන් ‘‘පුනරුදයේ’’ අරමුණ එම කාර්යයේ අංග සම්පූර්ණව ඉටුකර රාජ්‍යයත් වනසා එහි ප‍්‍රතිඵලයක් ලෙස තමනුත් නොදැනීම තමන්ගේ ද වැනසීම නිමවා ගැනීම ය.

මෙය නොතේරෙන විප්ලවවාදීහු කවරහු ද? විප්ලවවාදීන් යනු ලැබෙන කුමන හෝ බලය අවස්ථාවදීව බුක්ති විඳිනාවුන්ද? විප්ලවවාදී නායකත්වය යනු කුමක් ද? ‘‘හකුරු කන්නත් නායකයකු  ඕනෑ’’ යැයි පැරණි කියමනක් තිබේ.  මා කියවූ පොතක (දැන් එහි නම නිවැරදිව මතකයේ නොමැත) මෙසේ සඳහන්ව තිබුණි. 

‘‘ඒ කියන්නේ සෑම විශිෂ්ට නායකයෙක්ම චින්තකයෙක් විය යුතුයි. ඔවුන් අනාගත අවසාන ප‍්‍රතිඵලය වර්තමානයේ ඉඳගෙන දකින්නට සමත්. ඒ නිසා ඒ අය අනාගතයට පැහැදිලි සම්බන්ධයක් ගොඩනගනවා.  ඔවුන් හරියට අවුරුදු කිහිපයකට කලින් කී සිංගර් පවසපු ආකාරයේ පුද්ගලයෝ. කී සිංගර්ගේ ඒ කියමනට අනුව නායකයාගේ  ඉලක්කය වන්නේ ජනතාව අද ඉන්න තැනින් ඔවුන් කවදාවත් මෙයට පෙර නොගිය තැනකට රැගෙන යාම ය.’’

එහෙත් මේ කියන තැන බහුවිධ පරිහානිය නොවේ. මේ කියන තැන රාජ්‍ය බිඳවැටීම නොවේ. මේ කියන තැන සංස්කෘතික හා සදාචාරාත්මක කෙලෙසීම නොවේ. එමෙන්ම රාජ්‍යයේ හතුරන්ට රතු ඵලස එළීම නොවේ. මේ කියන තැන ‘‘නියම අවසානය වන්නේ’’ ‘‘සමාජ විප්ලවයේ එනම් ජාතික පුනරුදයේ’’ තැන කරා මහජනයා රැගෙන යාම ය.

මෑතක දී, ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා ගිය වියට්නාමයේ දී ඔහු ඇමරිකන් අධිරාජ්‍යවාදයට එරෙහි සටනේ දී දිවි පිදූ වියට්නාම් විරුවන්ට උත්තමාචාරය පුදකර මල් කළඹක් තබන ලදී. ඒ, ශ්‍රේෂ්ඨ සටනේ වීරයා අන් කවරෙකු වත් නොව හෝ චි මිං ය. හෝ චි මිං වරක් මෙසේ පවසා තිබේ.

‘‘නිර්ධන පංතියට විමුක්තිය උදාකරවීම ජාතික විමුක්තිය ලබා ගැනීමේ අනිවාර්ය කොන්දේසිය කි.’’ 

ඒ, චින්තකයින් වූ විශිෂ්ඨ නායකයන් ජාතියට මඟ පෙන්වන අන්දම ය. ජාතියේ කොඳු බිඳ, පිරිත් නූලට වෛර කර අත්පත් කර ගත හැක්කේ කුමන ජාතික විමුක්තියක් ද? කුමන පුනරුදයක් ද?

කඳු මුදුනේ සිට ලියමි... (18)

- විමල් වීරවංශ (ඉරිදා ලංකාදීප 2025.06.15)


සම්බන්ධිත පුවත් | Related News

දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වාට ජනාධිපති අනුර කුමාර දිසානායකව රවට්ටන්නට හැකි නම් ජනාධිපතිවරයාගේ මොළයේ තරම හිතාගත හැකි බවත්, ඉන්දියාවෙන් නැතිනම් ජාත්‍යන්තරයෙන් ජනාධිපතිවරයාව කෙසේ රවට්ටනවා ඇත්දැයි දේශපාලන විචාරකයන් ප්‍රශ්න කරති.

ප්‍රධාන පුවත්

ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)

වත්මන් ආණ්ඩුව යොදාගනිමින් යම් යම් පාවාදීම් ඉටුකර ගැනීමටත්, ඉන් අනතුරුව එම ආණ්ඩුවම බලයෙන් පලවා හැරීමටත් පසුබිම සකස් වෙමින් පවතින බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..

ඉස්ලාමීය අන්තවාදය සහ ISIS මතවාදය මෙරට දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් පැවති ආකාරයත් එය මැඩපවත්වන අයුරු පිළිබඳත් සුරේෂ් සලේ මහතා 2016 වසරේදී ආරක්ෂක මණ්ඩලයට දීර්ඝ ලෙස කරුණු දැක්වීම් සිදුකළත් එම කරුණු දැක්වීම්වලට ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ අයෙකු අකමැත්ත පළකර ඇති බව අභියාචනාධිකරණයේදී ඊයේ (21) සඳහන් කෙරුණි.

"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස

කැරපොත්තන්ගේ ජනතා පක්ෂය ( Cockroach Janta Party-CJP) ලෙස තමන්ව හඳුන්වා ගන්න දේශපාලන කණ්ඩායම විසින් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී වෛද්‍ය විද්‍යාලවලට සිසුන් බඳවා ගන්නා විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ යැයි පවසමින් ගෙන යන විරෝධතා ව්‍යාපාරයේ දෙවන දිනයේදී ඊට සහභාගි වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු නිදහස් කරනු ලැබීය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) කුවේට්හි පිහිටි එක්සත් ජනපද හමුදා ස්ථානවල රේඩාර් පද්ධති, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගන (Hangars) ඇතුළු ප්‍රධාන හමුදා යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළ බව වාර්තා වී තිබේ.

ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..

වත්මන් ආණ්ඩුව විසින් පාසල් පද්ධතිය තුළට නොගැලපෙන සංකල්ප සහ අදහස් රිංගවීම සඳහා උත්සාහයක නිරත වන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..

සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ වසර 10 කට අධික කාලයක් පවත්වාගෙන ගිය දහම් පාසල මාලිමා ආණ්ඩුවේ තානාපති අමීර් අජ්වල් ගේ නියෝගයක් අනුව නැවැත්වීමට සිදුවී ඇතැයි එරට සේවය කරන බෞද්ධ ප්‍රජාව ලංකා ලීඩර් වෙත වාර්තා කර තිබේ.

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමේ පියවරක් ලෙස, එහි පවතින ටැංකි 29 ක් සංවර්ධනය කිරීම සඳහා ඉදිරි මස ඇතුළත අන්තර්ජාතික ලංසු කැඳවීමට Trinco Petroleum Terminal Limited (TPTL) සමාගම සූදානම් වේ.

ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!

නිව්යෝර්ක් නගරය මූලස්ථානය කරගත් Hugging Face සමාගම පවසන්නේ, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි (AI) නියෝජිත පද්ධතියක් තම AI ආකෘති (Models) ගබඩාවට අනවසරයෙන් ඇතුළු වූ බවත්, එය මෙතෙක් මුහුණ දී ඇති කිසිදු සයිබර් ප්‍රහාරයකට සමාන නොවන අත්දැකීමක් බවත්ය.

හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි සහ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළත්, දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍ර තුළත් දැඩි කතාබහක් සහ සැකසංකා මතු වී තිබේ.

ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්

නව දිල්ලියේදී පැවැත්වුණු ‘Calm Waters, Rising Tide: Stability as the Foundation for Indian Ocean Growth’ තේමාව යටතේ වූ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවකදී, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මහිෂිණි කොලොන්න මහත්මිය දෙරටේ ආරක්ෂක සහ ආර්ථික සබඳතා පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් පෙන්වා දී තිබේ.

ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..

ජෛව විද්‍යාත්මක පදනමකින් තොරව සැත්කම් මඟින් ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන චක්‍රලේඛ සහ පනත් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20) තීන්දු කළේය.

ඉන්දියාවේ 'කැරපොතු ජනතා පක්ෂය' දිල්ලි නුවර වටලයි.. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට..

ඉන්දියාවේ විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවන දූෂණවලට එරෙහිව රට පුරා දැවැන්ත ජනතා විරෝධයක් ආරම්භ වී තිබේ.

ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ඇමරිකානු ගුවන් ආරක්ෂක පද්ධති අකාර්යක්ෂමයි – අමෙරිකානු මාධ්‍ය

මැද පෙරදිග පිහිටි තම ගුවන් ආරක්ෂක පද්ධති ඉරාන මිසයිලවලට එරෙහිව ප්‍රමාණවත් ලෙස ක්‍රියා නොකරන බවට එක්සත් ජනපදය තුළ දැඩි කනස්සල්ලක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය කිහිපයක් නම සඳහන් කිරීමට අකමැති වූ ඇමරිකානු හමුදා නිලධාරීන් උපුටා දක්වමින් පවසයි.

බෙදුම්වාදීන්ට උවමනා ආකාරයට පුරාවිද්‍යා බඳවා ගැනීම් පටිපාටි වෙනස් කරයි.. - ජාතික සංවිධානවලින් චෝදනා

පුරාවිද්‍යා කොමසාරිස් සහ සුමන්තිරන්ලා රහසිගතව මුණගැසීම පිළිබඳව ලංකා ලීඩර් වෙත අදහස් දැක්වූ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ එම ක්‍රියාවලිය තුළ උතුර සහ නැගෙනහිර පළාත්වල සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ධුර 4ක් සඳහා පිටතින් බඳවා ගැනීම සඳහා නව තරග විභාගයක් පවත්වන බවය.

මීගමුව නගරාධිපති පල්ලියට එරෙහි වුනා.. ඒකයි එයාට ඉල්ලා අස්වෙන්න සිදුවුණේ.. - මීගමුව හිටපු නාගරික මන්ත්‍රීවරයකු හෙළිකරයි

පාස්කු ප්‍රහාරය පිළිබඳව කතෝලික පල්ලියේ පූජකවරු විසින් එක් එක් කාලවලදී විවිධ ප්‍රකාශ සිදුකරන බවත්, කතෝලික සභාව දේශපාලනය කරමින් සිටීම නිසා කතෝලික බැතිමතුන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් පවසමින් මීගමුව නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයකු විසින් අන්තර්ජාල නාලිකාවකට ප්‍රකාශයක් ලබාදෙමින් විශේෂ හෙළිදරව් කිරීමක් රැසක් සිදුකර තිබේ.

ඉරානයට එරෙහි මහා පරිමාණ යුද්ධයකට ඇමරිකාව සූදානම් වෙනවා -Washington Post/Wall Street Journal පුවත්පත් වාර්තා පවසයි

එක්සත් ජනපදය ඉරානයට එරෙහිව මහා පරිමාණ හමුදා ක්‍රියාමාර්ගයක් සඳහා සූදානම් වෙමින් සිටින අතර, මැද පෙරදිග කලාපයේ තම හමුදා පැවැත්ම තවදුරටත් ශක්තිමත් කරමින් සිටින බව Washington Post පුවත්පත ඇමරිකානු නිලධාරියෙකු උපුටා දක්වමින් වාර්තා කර ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.