සීනි ප්‍රශ්ණය විසඳීමට එක් පුරවැසියෙකුගෙන් රුපියල් 4 ක්.. (අනුර දිසානායක අභිලාෂයට අතුරු වදනක්)
උක් ගොවීන්ට සහ සීනි කර්මාන්තකරුවන්ට සීනි තිත්ත වෙමින් පවතින බව පෙනේ.
ලංකාවට අවුරුද්දකට සීනි ටොන් ලක්ෂ හය හමාරක් අවශ්‍ය වේ. ඒ තේ බීමට පමණක් නොවේ. බිස්කට් කෑමටත් එක්කය.පැණි බීමටත් එක්කය. එනම් රටේ හොඳටම තේ බොන, බිස්කට්,පාන් කා පැණි බීම සහ සීනි දමා හදන කසිප්පුත් යහමින් බොන එක් අයෙකුට අවුරුද්දකටම සීනි කිලෝ ග්‍රෑම් 30 ක් ඕනෑ වේ.
තේ බීමට යුරෝපීය රටවල සීනිම පාවිච්චි නොකරයි. ඔවුන් රටේ ගෘහස්ථ කර්මාන්තවලින්ම ජග්‍රි නොහොත් හකුරු නිපදවා ගනී.චීනයේත් ,තායිලන්තයේත් හකුරු පාවිච්චි කරනවා මම දැක ඇත්තෙමි.ඔවුන් එසේ කරනුයේ අවශ්‍යය තරම මහා පරිමාණ උක් හෝ බීට් වගාවට භූමිය හිඟ නිසා නොවේ.ගෘහස්ථ නොහොත් කොටේජ් ඉන්ඩස්ට්‍රිය පවත්වාගැනීමේ වැදගත්කම දන්නා ජනාධිපතිවරු , කෘෂිකර්ම ඇමතිවරු, කර්මාන්ත ඇමතිවරු , මුදල් ඇමතිවරු සිටින නිසාවෙනි.
අපට කොටේජ් ඉන්ඩස්ට්‍රිය වැදගත් වනුයේ වනාන්තර එළි පෙහෙළි කර යායට වගා කිරීමට භූමි නැති බැවිනි.(එහෙත් සීනි මණ්ඩලයේ වෙබ් අඩවියේ මොනරාගල සිට කිලිනොච්චිය දක්වා උක් වගා කර සීනි වලින් 100% ස්වයංපෝෂි වී සිටින්නේ වසර 10 කටත් පෙරදීය.)
අපේ තරම් අපිලිවෙලට සහ වගා නොකර භූමිය ඉහළ ප්‍රතිශතයකින් ඇති කිසිම රටක් මා දැක නැත. වර්ග සැතපුම් මිලියන ගණනින් ඇති රටවලත් ගෙවත්ත සහ භූමිය සැලසුම් සහගතව ඇති විදිය බැලීමට අපේ කෘෂිකර්ම ඇමතිවරුම යා යුතුය.
වනාන්තර,ජලාශ, ජනාවාස හැරුණු කොට මුලු මනින්ම උපයෝගීකර නොගත් වගා භූමිය අපේ රටේ හෙක්ටයාර මිලියනයකි. එයින් 85% ක් ම කුඩා භූමි ලෙස වෙන්ව පවතින පෞද්ගලික ඉඩම්ය. පොල් වගා භූමියේ 49% ක් හිස්ය. තේ වගා භූමියේ 60% ක් හිස්ය . රබර් වගා භූමියේ 55% ක් හිස් ය. එහෙත් ඇමතිවරුන් තවමත් එම භෝග වගා කිරීමටත් ඉඩම් හොයම්න් සිටී. එම නිසා භූමියේ උපයෝගීතාවයේ භයානකකම තේරුම් ගැනීමට ප්‍රමාද බව පෙනේ. ඔවුන් දිගටම සිහින දකිමින් සිටී.
එහෙත් අපේ තෙත් කලාපය ඇතුළු අම්පාර ,මොණරාගල නොවන කලාපයේ යහමින් වැවෙන උක් ගස් ප්‍රභේද තවමත් සංරක්ෂිතව පවතී. 60-70 දශකයේ තෙත් කලාපයේද උක් වගා කරේ උක් හකුරු සැදීමටය.
තෙත් කලාපයේ උක් අක්කර 70 කින් දවසකට ටොන් 10 බැගින් අඹරන සහ උක් හකුරු ටොන් 1 ක් දිනකට නිපදවන කර්මාන්තයකට වසරක් ක්‍රියාත්මක විය හැක. වියළි කලාපයේ නම් අක්කර50 -60ක් ප්‍රමාණවත් වනුයේ උක් දණ්ඩේ ජල ප්‍රතිශතය අඩු බැවිණි. පර්චස් 30-40 ඉඩම් වල වගා කරමින් වුවත් අක්කර 50 ක් උක් වගා කිරීමට වගා නොකළ හිස් භූමිය රටේ ඕනෑම ආසන්න ග්‍රාම සේවක වසම 5කින් උවත් සොයාගැනීමට පුලුවන්ය.
වත්තල ඩයස් සහ ඩයස් සමාගම නිපදවු දිනකට ටොන් 10 යන්ත්‍ර තවමත් ක්‍රියාත්මක තත්වයේ ඇති බව අසා ඇත්තෙමි. මීගමූවෙ රෙක්ස් ඉන්ජිනේරු සමාගමත් , ගම්පොළ උදයා ඉන්ජීනේරු සමාගමත් එම යන්ත්‍ර නිපදවීමේ හැකියාව ඇති අනෙකුත් සමාගම් වේ. ප්‍රමිතියෙන් සැවොම ඉන්දියාවට වඩා ඉහලින් සිටී.
කෘෂිකර්ම , වැවිලි කර්මාන්ත හෝ කර්මාන්ත ඇමතිවරුන්ට හෝ එක ඇමති කෙනෙකුට රටේ තේ බීමට උක් හකුරු හැදීමට අවශ්‍ය වනුයේ ග්‍රාමීය ආයෝජකයන් 1500 ක් පමණි. එක් ආයෝජනයකට ලක්ෂ 75 ක් සෑහේ. එසේ වුවහොත් එළියට ඇදී යන ඩොලර් මිලියන 350 ක් උක් කර්මාන්ත හරහා ගමට ආපසු යනු ඇත. ගමට මුදල් යැවීමේ අනුර දිසානායක අභිලාෂය වෙනුවෙන් තවත් චැනල් එකක් බිහිවනු ඇත. අවශ්‍ය වනුයේ කල්පනා කිරීමට තරම් මොළ කීපයක් සහ කන් යොමු කිරීමට නිහතමානී භාවයක් පමණි. තේ බීමේ සීනි ප්‍රශ්ණය ඉන්දියාවේ, යුරෝපයේ,චීනයේ ,බ්‍රසීලයේ හෝ රුසියාවේ ක්‍රමයට විසඳිය හැක්කේ එසේය.
දැන් කතාව හදන සීනි ටිකේ ප්‍රශ්ණය ගැනය. ගොවීන් උක් විකුණා වැට් බදු අයකරන්නේ නැත. එම නිසා සීනි බදු සමාගමට මිලදී ගැනීමේ වැට් එකක් නැත. රජයෙන් විකිණීමේදී වැට් බදු අයකර ඇත.එම නිසා වැට් ගෙවීමේදී ගොවීන්ගේ වැට් අඩුකර ගෙවීමේදී ඇති ගණිතමය වාසිය සීනි සමාගමට නැත.නමුත් ආනයනයේදී වැට් බද්දක් තිබේ නම් සීනි වෙලදපොල අල්ලා සිටින සීනි බදු වංචාකරුට ඇත. ඒ මිලදී ගැනීමේ වැට් බදු විකිණේමේදී ඇති ගණිතමය වාසියයි. වාසනාවකට නව රජය කිරි ගොවියා මෙම උගුලෙන් ගලවා ඇත. අවාසනාවකට තවම උක් ගොවියා ගලවා නැත.
වැට් බදු සීනි කර්මාන්තයෙන් ඉවත් කළද සීනි සමාගම ලබන රු 50 ක පාඩුවේ ගැටලුව නොවිසදේ. එයට හේතුව රවි කරුණානායක , හර්ෂද සිල්වාලාගේ සහ මහින්ද රාජපක්ෂලාගේ ආණ්ඩු විසින් වත්මන් ඒකාධිකාරය හිමි එකම සීනි මුදලාලි වෙනුවෙන් වරින් වර බදු ඉවත් කර පද්ධතියම අසමතුලිත කර ඇති බැවිනි.
ලංකාවේ සීනි සමාගමට පනවා ඇති වැටි බද්දෙන් ආණ්ඩුවට රු බිලියන 5 ක පමණ ආදායමක් ලැබේ. ඒ වෙනුවෙන් ආණ්ඩුව " සීනි අර්බූදයම " නඩත්තු කර පොඩි ජොලියක් ලබාගන්නා බව පෙනේ. ඇමතිවරු උදේම සීනි විකුණා අමාරුවෙන් කල් ගත කරන බව උජාරුවෙන් කියන ජොලිය අවසන් කිරීමට නම් රු 60 ක පමණ ආනයන බද්දක් සීනි සදහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දෙන් අය කල යුතුය. එවිට ආණ්ඩුවට බිලියන 5 වෙනුවට බිලියන 35 ක ආදායමක් ලැබේ.
දැන් මේආධුනික ඇමතිවරුන්ට අමාත්‍යාංශ ලේකම් වරු සහ අධ්‍යක්ෂවරු මෙයනම් කරන්න එපා යයි කියනු ඇත. මානව හිතවාදි ඔවුන් එසේ කිරීමෙන් ලැබූ ආනිසංස හොදින් දන්නා පිරිසකි. ලබන සැරේ සෙට් වෙන තැනද හොදින් දනී. ඔවුන් මුලු රටම බදු ගෙවන්නේ මොකටදැයි ඇමතිවරුන්ගෙන් ඇසූ පසු සියල්ල හොදින් සිදුවන බව දනී. ඇමති වරුන්ද පූස් පැටවුන් මෙන් එයට කීකරු වන බව පෙනේ.FMCG නොහොත් සුලබව අලෙවිවන පරිභෝජන භාණ්ඩ පිළිබඳව මෙලෝ හසරක් නොදන්නා ඉතිහාසයේම ආණ්ඩුවක් විසින් පත්කර ඇති මෝඩම සභාපතිවරුන් කිසිදා යහපත් උපදෙසක් ඇමතිවරුන්ට ලබා නොදෙනු ඇත. අණ පණත් වෙනස්කර , පුවත්පත් මගින් දැනුවත් කර ,ලක්ෂ 3 ක වත් දීමනා දී රටේ දක්ෂම විධායකයින් කැඳවා ආර්ථිකයේ මර්මස්ථාන භාර නොදෙන්නේ නම් තුනෙන් දෙකේ ආණ්ඩු ජනතාවට අවශ්‍ය වුයේ අහවල් එකකට දැයි ඇමතිවරු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ යුතුය.
මේ තරුණ ඇමතිවරු අප හොදින් දන්නා මිතුරන් ය. අප කවදත් මිතුරන් බැවින් ඇමතිවරු උනන්දු වන්නේ අපට කතා කිරීමට නොව ලේකම්වරුන් අධ්‍යක්ෂවරුන් මේ අවුරුදු පහ තුළ මිතුරන් කරගැනීමට බව පෙනේ. සිට්නා පැරණි මිතුරන්ගේ උපදෙස් අවශ්‍ය නැතිබව ඔවුන් කෙළින්ම කියාසිටිති. කොටින්ම රුපියලක් වංචා නොකරන , එක් උණ්ඩයක් වැය නොකර උතුර දකුණ එකසේසත් කළ රජයේ වටිනාකම් දන්නා කර්මාන්තකරුවන්ටත් අමාත්‍යාංශයේ දශක ගණනක් ඇති වැඩකට නැති "රාජපක්ෂ කමිටු " හරහාම පැමිණ හමුවන ලෙස දන්වා සිටී.
භූමි ප්‍රාමාණයෙන් කුඩා රාජ්‍යයන්ට බඩු මිල අඩු කිරීමේ ක්‍රියාදාමයට අනුගත වන්නේ නැත.ඔවුන් කර ඇත්තේ ආදායම් වැඩි කිරීමේ ක්‍රියාදාමය බව ආර්ථික අධ්‍යනයන් කරන හතරේ පංතියට ඉගෙන ගත් ඕනෑම අයෙකුට තේරුම් ගත හැක.
ජාතික කර්මාන්තයම විනාශ කර ඩොලර් මිලියන 350 ක් පූජා කර රු බිලියන 5 ක් උපයාගන්නා ආණ්ඩුවට කර්මාන්තය ආරක්ෂා කර රු බිලියන 35 ක් උපයා ඩොලර් මිලියන 350 ක් ඉතිරි කර ගැනීමට අවශ්‍ය වනුයේ රු 60 ක සීනි බද්දක් බව මම මෙයට පෙර කීවෙමි. එවිට වසරකට කිලෝ ග්‍රෑම් 30ක් නොහොත් දිනකට සීනි ග්‍රෑම් 82 ක් තේ බීමට, බිස්කට්, පාන් , අයිස් ක්‍රීම් කෑමට සහ පැණි බීම බීමට වැය කරන සහ සීනි මිල අඩු නිසාම යහමින් හදන කසිප්පුත් බොන එක් පුරවැසියෙකුට රට වෙනුවෙන් අමතරව දිනකට වැය කළයුත්තේ රු 4කි. තේ විතරක් බොන අපි වැනි කෙනෙකුට රුපියල් 3කි. එහෙත් මේ ක්‍රමය මගින් තවත් ආහාර ද්‍රව්‍යය නිපදවන ලක්ෂ 18 ක් ගොවි පවුල්වල ආදායම ඉහළ යයි.
මෙය මහ ජනතාවට ප්‍රකාශකරගැනීමට පිට කොන්දක් නැතිනම් මහින්දානන්දලා , කෙහෙලියලා, ජොන්ස්ටන්ලා, රාජපක්ෂලා හිරේ යැවීමේ ගෞරවය තේරුම් ගන්නා නාගරික උගත් මධ්‍යමපාංතික ජනතාව සමග ඇමතිවරුන් නාගරික විපක්ෂයක් වීමට දැන් සිටම සූදානම් විය යුතුය. හේතුව මොකා හොරකම්කලත් කමක් නැති ග්‍රාමීය ගොවි ජනතාව, උතුරේ සහ නැගෙනහිර ජනතාව සහ වතු කම්කරුවන් ආර්ථිකය පිළිබඳව ඇගට සහ බඩට දැනෙන විප්ලවීය වෙනසක් නොමැතිව වදින තැනකට ලබන සැරේ කෙලලා ඇරීමට ඉඩ ඇති බැවිනි. උද්ධච්ඡකමට සහ ගොන්කොමට චීර ප්‍රසිද්ධ අපිට දෙවන අවස්ථාවක් නැත.
- අරුණ කාන්ත බණ්ඩාර
(මව්බිම)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්