News Category
From Date
To Date
Maximum Number of Result

අනුර හා ජර්මනිය..

Jun 12, 2025 at 12:37 PM
|

අනුර ලංකාවේ ජනාධිපති වෙන්න කලින් ජර්මනිය ට ආව.එයාගේ චන්ද දායකයා හමුවෙන්න.දැන් පෙඩරල් ජනාධිපති හමුවෙන්න. මේ ගමන ගැන ලංකාවේ අනුර හිතවාදීන් විශාල ප්‍රචාරණයකින් කතා කරනවා.මට නම් වැදගත් වුණේ මගේ උපන් රටේ නායකයා මෙහි පොළවට පැමිණීම පමණයි. මේ ගමනේ අරමුණු ගැන කතා කරන්නට කලින් අනුර හමු වුනු පෙඩරල් ජනාධිපති ජර්මනියේ රාජ්‍ය ක්‍රමවේදයේ ව්‍යවස්ථාදායක,විධායක, අධිකරණ කියන කුළුණු තුනට අයත් කෙනෙක් නොවෙන බව වටහා ගැනීම වැදගත්. 

ඔහු ව්‍යවස්ථාදායකය විසින් චන්දයකින් තෝරා ගන්නවා.වසර පහක කාලයකට. මුලික නිතිය කියලා අපි හඳුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 54 සිට 61 වගන්ති වලින් දක්වන පරිදි ජර්මනියේ නාමික ව ඉහලම ධුරය එයයි. එය රැජින රජකම් කලත් රට පාලනය නොකරන කතාව වගේ. 1972 ව්‍යවස්ථාවේ ජනාධිපති විලියම් ගොපල්ලව වගේ. හැබයි සාධාරණ චන්දයකින් පත්වෙනවා.ජර්මනිය ව්‍යවස්ථා සම්මත කලාම රැජින වගේ එයත් අත්සන් කරලා නිල වශයෙන් නීතිගත කරනවා. ජර්මනියේ  මධ්‍යම ව්‍යවස්ථාදායකය කොටස් දෙකයි. Bundestag හා Bundesrat වශයෙන්. Bundestag වලට තේරී පත්වෙන්නේ මහා මැතිවරණයෙන්. පෙඩරල් රටක් නිසා Bundesrat වලට නියෝජිතයන්  පත්වෙන්නේ පෙඩරල් වල  ජනගහනය අනුව. උපරිමය 69 යි .ගොඩක් විට ජනගහනය අනුව එක පෙඩරලයකින් 3-5 අතර. Bundesrat මගින් වෙන්නේ ව්‍යවස්ථාමය ක්‍රියාකාරකම් අධීක්ෂණය වීම. පනත් සම්මත වීමේදී එහි බහුතරය වැදගත්. එහි විරෝධතාවයක් නැතිව සම්මත වන ව්‍යවස්ථාවනට නිල තත්ත්වය දෙන්නේ පෙඩරල් ජනාධිපති.

ඉතින් අනුර හමුවන්නේ ඔහුව.මුලික නීතියේ 55 වගන්තිය අනුව ඔහුට පැවරිලා තියෙන්නේ එදිනෙදා දේශපාලන නියෝජනයන්. උත්සව වලට යන්න, රාජ්‍ය නායකයෝ පිළිගන්න වගේ දේවල්. දැන් අපේ අගමැති මෙනවිය කරන වැඩ ටිකටත් වඩා අඩු වැඩ ටිකක්. අනුර ව චාන්සලර් වරයා හමුවෙන්නේ නැහැ. ඒ කියන්නේ ජර්මනිය පුරුද්දක් හැටියට වසර 70 ක් විතර ලංකාවත් එක්ක පවත්වන සම්බන්ධකම් හැරුණු විට වෙනත් අලුත් ගිවිසුම් .වෙළඳ හෝ රාජ්‍ය තාන්ත්‍රික ගිව්සුම් වලට එළඹෙන්නේ නැහැ. මම දකින්නේ මේ ගමන අනුරට වැදගත්.. අවස්ථා හතරකිදී සාර්ථක නොවුණු රාජ්‍ය නායකයකුට ගැලපෙන ඇඳුමට අනුරට එන්න පුළුවන් වුනා.ජර්මනියේ ජනාධිපති මොනවා නුදුන්නත් (එයාට් දෙන්න බැහැ ) අන්න ඒ තත්ත්වයට අනුර ඒ ගමනේදී ආපු එක චන්දෙ දීපු 68 ලක්ෂේට පොඩි ගැම්මක්. 

අනුර ස්ටයින්මයර් එක්ක කතා කරනවා දැක්කා. ඒ කියන්නේ අනුරට ඉංග්‍රීසි බය නැතුව කතා කරන්න දැන්  පුහුණුවක් ලැබෙනවා. ඇත්තටම ඒවා රටකට වැදගත්. අනෙක් අතින් විදේශ ඇමති හමුවෙලා තිබුනා පොඩි වෙලාවකට.එයත් සම්ප්‍රදායික එකක්. ලංකාව එක්ක ජර්මනිය සම්බන්ධකම් පවත්වනවා. හැබැයි භූ දේශපාලනිකව මධ්‍යස්තයි. ඔවුන් ගැටෙන්නේ ඉහල ඇමෙරිකානු රුසියානු යුරෝපියානු හා චීන භූ දේශපාලන තලයේ. ඔවුන් අවස්තානුකුලව ඉන්න ස්ථාවරය ට ලඟ ඔය කියපු රටවල කැමත්ත තමයි ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ, කොහොම නමුත් චාන්සලර් හමු වුනා නම් සල්ලි ටිකක් වත් ලැබෙයි. සිරිසේනට දීපු සල්ලි වලට මොනා කලාද දන්නේ නැහැ. විගණන කොමිටි වල ඒවා කියවුණාද ?

අනුර ජර්මනිය ට ඇවිත් ගියාට වැඩක් වෙන්නේ එම්බසිය පුරවැසියන්ට නිසි ලෙස වැඩ කරනවනම්. ආපසු හරවා යැවීම ,  හා ගමන් බලපත්‍ර නිකුත් කිරීමට කෝඳුරු හත් පට්ට ඉල්ලීම, මේ ප්‍රශ්නය දමිල සරණාගත භාවයේ ඉන්න අය මුහුණ දෙන එකක්. අනුර ඇවිත් ඒ මිනිසුන්ට ඒ වැඩ ටිකවත් කරලා දෙනවනම් විදේශ විනිමය එවන අයට සහනයක්. ජර්මනියේ ලාංකිකයන් කිව්වම දමිල ප්‍රජාවට වැඩි අවධානයක් තිබෙනවා. ලංකාවේ කියපු ගමන් අපෙන් අහන්නෙත් දෙමළද කියලා.ඒ කාලයක් තිස්සේ දමිල ප්‍රජාව මේ සමාජය එක්ක බද්ධ වෙලා තිබෙන විදිය අනුව. ඒ නිසා එන තානාපතිලා වැඩ කරන්නේ දෙමල අය එක්ක. ඔවුන්ව බාගෙන අල්ලාගෙන වාසි  දෙමින් තමන්ගේ වැඩ කරගන්න පිරිසක් ඉන්නවා. ලංකාවේ විදේශ සේවය කියන්නේ සතුටුදායක එකක් නෙවෙයි. ජර්මනියටත් එය අදාලයි.

අනුර ආපු වෙලාවේ කඳවුරු වල හිරවෙලා ඉන්න තමන්ගේ පුරවැසියන්ට ජංගම සේවයක් තියලා කතා කරලා යන්න හැකි වුනා නම් ආව ගමනේ ප්‍රයෝජනයක් තිබෙනවා. ඇත්තටම මේ වගේ අලුත් වැඩක් නොවෙන ගමනකට ඔහු එන්නේ දමිල කොටි ඩයස්පෝරාව ඍජුව උනන්දු කරන නිසා. එය ඔහුගේ ගමනේ අන්තර්ගතයෙන් පැහැදිලියි.

කොහොම නමුත් මාලිමාව හා සෝදන්නෝ හා ඔසවන්නෝ කියන තරම් දෙයක් අනුරට ජර්මනියේ අද වුණේ නැහැ. ඔහු ආවේ රටට උදව් ගන්න නිල වශයෙන් ඉල්ලන්න නෙවෙයි. ඒ නිසා ඔහුගේ ගමනේ ප්‍රතිපල බලා ඉන්න ඕන ලංකාවේ ඉඳලා. විදුලි බිල වැඩි වෙලා.ජනතාවට ජීවත්වෙන්න බැහැ. මම ලංකාවේ හිටපු දවස් වල මිනිස්සු කන බොන විදිය දැකලා දුක හිතුණා.උදේට බේකරිය ළඟ පාසල් දරුවන්ගේ කෑම පෙට්ටියට දෙමාපියෝ දාන දේ දැකලා දුක හිතුණා. අනුර කොහේ ගියත් මිනිස්සු බඩගින්නේ නම්, දරුවෝ මන්ද පෝෂණයෙන් නම්, අනුර වගේ පිරිමි ටිකක් පිට රටවල සැපට ඉන්න ගමන් අනුරට ආවැඩුවා කියලා රට යහපත් වෙන්නේ නැහැ. ඒ පිරිමි ටික ලජ්ජා වෙන්න ඕන, එයාලගේ පිරිමිකම් ගැන. මොකද කුසගින්න, දකින්න එයාලට පොළවට යන්න බැරි නිසා.

ලංකාවේ මිනිස්සු පරදැල් වගේ. කට්ටිය අනුරව උඩ  දාගෙන බඩගින්න හංග ගන්නවා. අනුරට මම කැමති නැති හේතු ගොඩක් අතරේ ඔහු ස්ත්‍රී විරෝධී වීම ප්‍රධාන එකක්. ස්ටයින්මයෙර් කියන්නේ තමන්ගේ වකුගඩුව දීලා බිරිඳව සුවපත් කරගත්ත කෙනෙක්. ඉතා හරයාත්මක ලෙස අනුන්ට දොස් නොකියා කතා කරන ප්‍රමාණික උගතෙක් හා ප්‍රසන්න කෙනෙක්. අනුර එක්ක එයා තිබ්බම මුලිකවම අනුර ට ඒ සුදුසුකම් කිසිවක්  නැහැ. ඒත් අනුරට චන්දෙ දෙන්නේ ජර්මන් චන්ද දායකයා නෙවෙයි. අනුරට චන්දෙ දෙන්නේ අනුරගේ ඇන්දිලි වලට රැවටෙන අය. ඔව්හු ඔවුන්ගේ නායකයා ගැන ආඩම්ම්බර වෙති. ඒ පිරිමි ටික නම් අද මාරම සතුටකින් ඇති. 

picture is from internet.

Subhashini Wipflerගේ වෝලයෙනි.

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.