ආණ්ඩුවේ ප්‍රධානම සති අන්ත පුවත්පතෙන් “බෝර්න් අගේන්” නිකායට සුපිරි ප්‍රචාරණයක්..
ආණ්ඩුවේ ප්‍රධාන සති අන්ත පුවත්පතකින් දිවැසිවරයකු ලෙස පෙනීසිටිමින්, ජනයා මුලාකරන බවට චෝදනා එල්ලි වී ඇති ජෙරම් ප්‍රනාන්දු නමැති “බෝර්න් අගේන්” නිකාය ප්‍රවර්ධනය කරනු ලබන පුද්ගලයාට විශාල ප්‍රචාරණයක් ලබාදීම හරහා සමාජයට සිදුවන අනර්ථය පිළිබඳව සමාජ මාධ්‍ය තුළ මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
පහත දක්වා ඇත්තේ ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පළවූ සටහනකි.
ජාතික ජනබලවේගය ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන ලේක් හවුස් හි සතිඅග ඉරිදා සිළුමිණ පුවත්පත විසින් දිවැසිවරයෙකු ලෙස පෙනී සිටින ජෙරම් ප්‍රනාන්දු ගේ ජීවිත කතාව සතිපතා ගෙනෙමින් තිබේ.
මෙවර එහි ඉඩ වෙන්කොට තිබෙන්නේ ජෙරම් ප්‍රනාන්දු ගේ බිරිඳ පාස්ටර් මෙලනි ප්‍රනාන්දු වෙනුවෙනි.
ජෙරම් ප්‍රනාන්දු ගේ මූලිකත්වයෙන් දියත්ව ඇති බෝර්න් අගේන් නිකාය සම්බන්ධව පසුගිය සමයේ ප්‍රබල විරෝධයක් රට පුරා පැවතිණ.
ඒ සමයේ විපක්ෂයේ ඇතැමුන් චෝදනා කර සිටියේ ජනතාව ලෙඩක් දුකක් වැළඳුණු කළ වෛද්‍යවරයෙකු වෙත නොගොස් දිව්‍යමය බලයෙන් රෝග සුවපත් කරන බව පවසා මිනිස් ජීවිත අනතුරේ හෙළන මෙවැනි මිත්‍යාවන් හිස ඔසවා ක්‍රියාත්මක වන්නේ එවකට ආණ්ඩු වල ප්‍රධානීන් මෙවැනි නිකායන් වෙතින් මූල්‍යමය වාසි ලබන නිසා බවය.
කෙසේවෙතත් ජාතික ජනබලවේගය ආණ්ඩුවද සිය රාජ්‍ය මාධ්‍ය තුළද බොර්න් අගේන් නිකායට මෙසේ ඉඩහසර දී තිබේ.
කිසියම් අයෙකු ගේ ආගමික විශ්වාසයන් සම්බන්ධ අයිතිය අපට ගැටළුවක් නොවන අතර ඒ සඳහා වන අනුලංඝනීය අයිතිය අපද පිළිගනිමු. නමුත් ජීවිතය අවධානමේ හෙළන සහ මනස විකෘති කරන ක්‍රියාවන් නම් අපි ප්‍රතික්ෂේප කරන බවද අවධාරණය කරමු.
එබැවින් ආගම ලෝකෝත්තර සුවය පිණිස තබාගෙන රෝගයක් වැළඳුණහොත් ඊට වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට තරම් සාමාන්‍ය දැනුම ප්‍රතික්ෂේප නොකර ලෞකික ජීවිතය පරිස්සම් කරගන්නා ලෙස ඔබෙන් ඉල්ලමු.
මේ වචන ටික හෝ අපි ඔබට ලිව්වේ ආණ්ඩුව ජාතික ජනබලවේගය වුවත්, රට අනුරට දුන්නත් ඔබේ පරිස්සම ඔබ විසින් රැකගන්නට සිදුව ඇති යථාර්ථය පෙන්වාදීමට මිස කාගේවත් ආගමික විශ්වාසයක් මත යකා නැටීමේ කිසිඳු අදහසකින් නොවන බවද අවධාරණය කරමු.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..