දූෂණ චෝදනාවෙන් බේරීම සඳහා මන්ත්‍රී හර්ෂ ද සිල්වා රිංගන්නේ වරප්‍රසාද කමිටුව නමැති වීදුරු ගෙයක් අස්සටයි - ජාතික සංවිධාන කියයි
බහුජාතික සමාගමකට රු. මිලියන 2000 ක බදු පනවන ගැසට් පත්‍රයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පමා කිරීම මගින් එම සමාගමට මූල්‍ය වාසියක් අත්කර දීමේ දූෂණ චෝදනාවෙන් බේරීම සඳහා හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා විසින් වරප්‍රසාද පනත පාවිච්චි කිරීම හාස්‍යජනක ක්‍රියාවක් බව ජාතික සංවිධාන පවසයි.
ලංකා ලීඩර් වෙත අදහස් දැක් වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ වරප්‍රසාදවලට මුවා වී දූෂණ චෝදනාවෙන් ගැලවීමට උත්සාහ දැරීම අසාධාරණ ක්‍රියාවක් බවය. ඔහු ගැසට්ටුව සිතාමතා ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පමා කිරීම මගින් එය අවලංගු වීමට සැලැස්වීම නිසා දැන් එම සමාගමට එම කාලය තුළ අදාළ ද්‍රව්‍ය ආනයනය කර විශාල මූල්‍යමය වාසියක් ලබාගත හැකි බවත්, සමහර විට ගැසට්ටුව සම්මත නොවන බව දන්නා නිසා දැනටමත් අදාළ තොග මුහුදේ නැව්ගතකර තිබේ නම් පුදුම විය යුතු නැති බවත් ඔහු කියයි.
ගැසට්ටුව පාර්ලිමේන්තුවට ලැබීම පමා වූයේ නම් වගකිවයුතු කමිටු සභාපතිවරයකු ලෙස ඔහු කළ යුත්තේ හැකි ඉක්මනින් එය න්‍යායපත්‍රයට ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටීම බව ද වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ඔහු එසේ වගකීම් විරහිතව ක්‍රියාකිරීම නිසා ගැසට්ටුව පිළිබඳව තීරණයක් ගැනීමට අදාළ මන්ත්‍රීවරුන්ගේ අයිතිය නැති කිරීම මගින් ඔහු මන්ත්‍රී වරප්‍රසාද කඩකර ඇති බව ද ඒ මහතා සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කථානායකට එරෙහිව බරපතළ දූෂණ චෝදනා.. - අල්ලස් කොමිසමෙන් විමර්ශන ආරම්භ වෙයි..
දුම්රිය වෘත්තීය සමිති 26ක් අද මැදියම් රැයේ සිට වර්ජනයේ..
අතුරුදහන් වූ ඥානසාර හිමි යළි මතුවේ.. ගෝඨාභය, සෞදි සහ නෝර්වේ ඩීල් ගැන හෙළිදරව්වක්..
මරාගෙන මැරෙන පුතුන් හැදූ ඊබ්‍රහීම්ලා සහ පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්භාවයෙන් සිටි රවිලා ශානිලා එළියේ.. බුද්ධි අංශ නිලධාරීන් ඇතුළේ.. - විමල් වීරවංශ
ආණ්ඩුවේ බලු බද්දට පසු තන බද්දකුත් එයි ද?
අගවිනිසුරුවරයාට ලැබුණු වාහන බලපත්‍රවලට මොකද වුනේ?.. - ධර්මශ්‍රී කාරියවසම්ගෙන් හෙළිදරව්වක්
"ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක් කරා යන අනුර කුමාරගේ පාලනයට එරෙහිව ජාතික බලවේග එකමුතු විය යුතුයි".. – අනුරාධපුරයේදී විමල් වීරවංශගෙන් ප්‍රබල ප්‍රකාශයක්
යේමනයේ හූති බලය තවදුරටත් වර්ධනය වෙයි.. කලාපීය බල තුලනයේ ප්‍රබල වෙනසක් වන ලකුණු!..
ජාතික න්‍යාය පත්‍රයක් දිනවන සටනට සියලු දෙනා එක්විය යුතුයි.. - විමල් වීරවංශ
ඇමරිකාවටත් අභියෝගයක් වූ හුතී බලයේ රහස ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
ව්‍යවස්ථා සංශෝධනවලින් පමණක් රටක ගැටලු විසඳිය හැකිද?..
ගෝඨාගේ කාලයේ තෙල් අර්බුදය කෘතිමව නිර්මාණය කළ හැටි මෙන්න.. - සංඛ චන්දිම අබේවර්ධනගෙන් හෙළිදරව්වක්..
රට අනතුරේ හෙලමින් NATO සරණ පතන්නේ නොදන්නාකමට ද?, මෝඩකමට ද?.. - වෛද්‍ය ජී. වීරසිංහ ගෙන් අනාවරණයක්
වෙනිසියුලාවේ ඩෙල්සි රොඩ්‍රිගස්ටත් වඩා අනුර භයානකයි.. - විමල් වීරවංශ
"රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානකයි" - මහින්ද කියයි
කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..