News Category
From Date
To Date
Maximum Number of Result

StarLink ගැන ඔබ නොදත් කරුණු කිහිපයක්... Starlink කියන්නේ මොකක්ද?

May 29, 2024 at 09:33 AM
|

Starlink යනු පෘතුවියේ පහල කක්ෂයේ (lower orbit) කක්ෂගත කර ඇති එකිනෙකට සම්බන්ධ වුනු කුඩා චන්ද්‍රිකා ජාලයක් 🛰️ හරහා ක්‍රියාත්මක වන ලොව පුරා විහිදුනු ජංගම සංනිවේදන (mobile telecommunication) ජාලයක්.

තේරුම් ගැනීම සරල වෙන්න, මේ විදියට හිතන්න...

Dialog ආයතනයේ සංනිවේදන කුළුණු ලෝකේ වටේට කැරකෙනවා නම්, ඔයා මොන ලෝකේ හිටියත් roaming දාන්නේ නැතුව, ඔයාගේ Dialog connection එක පාවිච්චි කරන්න පුළුවන්. Starlink කියන්නේ අන්න ඒ වගේ වැඩක්.

🛰️🚀 Starlink සහ international roaming අතරේ වෙනස මොකක්ද?

ඔයා Mobitel connection එකක් international roaming activate කරගෙන ඇමරිකාවට ගියොත්, එහෙදි ඔයාගේ phone එක ඒ රටේ mobile operator කෙනෙක්ගේ network එකට connect වෙනවා. හැබැයි Starlink කියන්නේ ලෝකේ පුරාම විහිදුනු එකම ජාලයක්. එකට roaming වල අවශ්‍යතාවයක් නෑ. (සමහර විට ඔයා වෙන ග්‍රහ ලෝකෙකට ගියොත්, එහෙදි roaming වලට එහෙ network එකකට connect වෙන්න වෙයි.)

🛰️🚀Starlink එකට connect කරන්න පුළුවන් මොන devicesද?

එයාල කියන හැටියට Starlink Direct to Cell works with existing LTE phones 📱 wherever you can see the sky. ඒ කියන්නේ, ඕනෑම 4G හෝ 5G phone එකකට ලෝකේ කොහේ හිටියත් Starlink network එකට connect වෙන්න පුළුවන්. ඔයා ලංකාවේ කොහේ හිටියත්, Dialog වලට connect වෙනවා වගේ. (Ehmmm.... Almost ate my tongue). මීට අමතරව, Satellite dish එකක් 🛰️ හරහා Home broadband පහසුකමත් ගන්න පුළුවන්.

🛰️🚀 Starlink චන්ද්‍රිකා කීයක් පෘථිවිය වටේ කක්ෂගත වෙලාද?

දැනට ඔවුන් පවසන අන්දමට, කුඩා චන්ද්‍රිකා 12,000ක් 🛰️ මේ ජාලයේ තියෙනවා. මෙය 34,000 දක්වා වැඩි කරන්න සැලසුම් තියෙනවා.

🛰️🚀 Starlink දැනට available කොහෙද?

සරලව කිව්වොත් ලෝකේ ඕනෑම තැනක දැනටමත් Starlink ජාලය තියෙනවා. හැබැයි, ඒ ඒ රටවල සන්නිවේදන නියාමන ආයතන approve කරාට පස්සේ තමයි, ඒ ඒ රටවලට Starlink සේවාව සක්‍රිය වෙන්නේ. 🌍 Availability Map එක මෙතනින් - https://www.starlink.com/map

🛰️🚀 Starlink "ලංකාවට ගේනවා" කියන එකේ තේරුම මොකක්ද?

ලංකාවට Starlink ගෙන්න දෙයක් නැහැ. දැනටමත් ලංකාවට උඩින් Starlink signal තියෙනවා. Starlink සමාගමෙන් ලංකාවේ TRC එකට ඉල්ලීමක් කරන්න ඕන "අපිව approve කරන්න" කියලා. TRC එක එතකොට පරීක්ෂණයක් කරන්න ඕන, Starlink frequencies නිසා, ලංකාවේ අනිත් සන්නිවේදන කටයුතු වලට මොන ආකාරයේ තාක්ෂණික බලපෑමක් වෙනවද කියලා. අහිතකර බලපෑමක් නැත්නම්, ඒ අයට approve කරන්න පුළුවන්. ජනාධිපති තුමාට කරන්න පුළුවන් "මේක ටිකක් බලලා, ඉක්මනට කරන්න" කියලා TRC එකට කියන එක විතරයි. නැතුව පාර්ලිමේන්තුවේ නීති සම්මත කරන්න, factory වලට ඉඩම් වෙන් කරන්න, පරිසර අමාත්‍යංශයේ අවසර ගන්න වගේ දේවල් කරන්න ඕන වෙන්නේ නෑ (Walkswagon කම්හල හදන්න නම් ඒවා කරන්න වෙනවා).

🛰️🚀 Starlink ආවොත් ලංකාවට සෘජු විදේශ ආයෝජනයක් ලැබෙනවද?

නැහැ. මොකද, ඔවුන්ගේ ආයෝජනය ඔවුන් කරලා ඉවරයි. TRC අවසරය ලැබුණු ගමන් ලංකාවේ පස් පාගන්නේ වත් නැතුව, ඔවුන්ට ඔවුන්ගේ ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන්. හැබැයි ඉතින් පොඩි show එකකට උත්සවයක් තියන්න Elon Musk ගෙන්න ගන්න පුළුවන් වෙයි. 🌟 මිනිහට ලංකාවට පැය කීපයකට ගොඩ බැහැලා යනවා කියන්නේ, අපි අනුරාධපුරේ යනවා වගේ සුළු දෙයක්.

🛰️🚀 Starlink "ලංකාවට ඒම" ගන්න පළවුණු පුවත් වාර්තා ඇත්තද?

ජනාධිපති තුමා Elon Musk ඉන්දුනීසියව්දී හමු වීම සැබෑවක්. ඒ ගැන ජන්නාධිපති මාධ්‍ය අංශය නිකුත් කරපු X පණිවිඩයට, Elon Musk "It was an honor to meet" කියල reply කරලා තියෙනවා. ඉන් එහාට, ආණ්ඩුවේ මාධ්‍ය නිවේදන වල කියන කිසිම කරුණක් සම්බන්ධයෙන් Elon Musk හෝ Starlink ආයතනය කිසිම නිවේදනයක් නිකුත් කරලා නැහැ.

Starlink Availability Map එකට අනුව ලංකාව පෙන්වන්නේ "Service date is unknown at this time" කියලා. හැබැයි ශ්‍රී ලංකා රජය කියන්නේ, දැනටමත් Starlink ලංකාවේ ක්‍රියාත්මක වීමට application එකක් දාලා තියෙනවා කියලා (Source: DailyMirror). එහෙම application එකක් process වෙනවා නම්, availability map එකේ ලංකාවේ status එක "pending regulatory approval" කියලා වෙනස් වෙන්න ඕන. ඉන්දියාව තියෙන්නේ ඒ status එකේ.

🛰️🚀 එහෙනම් මොකක්ද මේ "ජනාධිපති තුමා එක්ක සාකච්චාවෙන් පස්සේ Starlink ලංකාවට pre-registration open කරා කියන කතාව?

මෙහෙමයි. Starlink coverage තියෙන රටක, regulatory clearance එක තාම අරන් නැතිනම්, ඔයා Starlink register වෙන්න ගියොත් default option එක වෙන්නේ "Pre-register at $9" කියලා. මේක එදා ඉඳන්ම ලංකාවට තිබුනා, අද ඊයේ activate කරපු දෙයක් නෙවෙයි. ඒ ප්‍රවෘතිය හුදු ප්‍රචාරක වැඩසටහනක් විතරයි.

🛰️🚀සාරාංශය🛰️🚀

Starlink ආවරණය තාක්ෂණික වශයෙන් දැනටමත් ලංකාවට තියෙනවා. වාණිජ වශයෙන් Starlink ලංකාවට එන්න ඕන කරන්නේ TRC approval එකක් විතරයි.

එහෙම ආවා කියලා, මාසෙකට US$ 100ක් (Rs.30,000/-) වත් වියදම් නොකර Starlink connection එකක් ගන්න ලාංකිකයෙකුට බැහැ.

ලංකාව වගේ කුඩා භූගෝලීය ප්‍රදේශයක, Dialog / Mobitel වගේ 4G/5G ජාලයකට වඩා Starlink වලින් ලොකු වාසියක් ලැබෙන්නේ නැහැ. Starlink වඩා වාසිදායි වෙන්නේ, භූගෝලීය වශයෙන් විශාල, ඉන්දියාව, බ්‍රසීලය, හෝ telecom tower හදන්න ඉතා දුෂ්කර terrain එකක් තියෙන රටවල් වලට.

"අනේ ඉතින්, ඔය කොයි හැටි වෙතත් අපේ රටට අලුත් තාක්ෂණයක් එනකොට අපි සතුටු වෙන්න එපැයි" කියන සුපුරුදු ජ්‍යාත්යාල කෝණයෙන් මේක දිහා බලනවා නම්, ඒකෙ ඇති වැරද්දක් නැහැ, අපිට සතුටු වෙන්න පුළුවන්. මොකද, Starlink වලින් ලංකාවට නරකක් වෙන්නේ නැහැ.😊

 Article written by Amith Amarasinghe

(අන්තර්ජාලෙයන් උපුටාගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.