ලාංකේය පරිවර්තන සාහිත්‍යයේ අද්විතීය සලකුණක් තැබූ චින්තා ලක්ෂ්මී සිංහආරච්චි
චින්තා ලක්ෂ්මි සිංහආරච්චි යන නාමය පරිවර්තන සාහිත්‍ය තුළ නොමැකෙන සටහනක් තැබූ අමරණිය නාමයකි. ඇය වංග, හින්දි සහ උර්දු භාෂාවෙන් සාහිත්‍ය කෘතීන් රැසක් පරිවර්තනයට ලක් කරන ලද අතර ඒ සෑම කතාවක්ම අපේම සංස්කෘතිය පිලිබඳ ලිවුවා යැයි හැඟෙන ජීවි බවකින් පරිණත වුන කතා පෙළක් වේ. සාහිත්‍ය කෙරෙහි ඇය විසින් සිදුකරන ලද්දාවූ කාර්යභාරය ඉතාමත් අගනේය. එමෙන්ම ඇයට සාහිත්‍ය ලොව තුළ අන් පරිවර්තකයින්ට නොතිබුණු අග්‍රගණ්‍ය පෞර්ෂයක් හිමිවිය. එමෙන්ම ඇය ගණිත ගුරුතුමියක් වූ අතර පරිවර්තනයේදී මෙන්ම ගණිත විෂය සම්බන්ධව ද මනා ගුණාත්මක බවකින් යුතු වීම ඇයගේ තිබු සුවිශේෂිත්වයයි. එසේම ඇය ගෝලීය වශයෙන් සිංහල සාහිත්‍යය ප්‍රවර්ධනය කිරීමෙහිලා බහුකර්‍ය සාහිත්‍යදාරිනියක් ලෙස ප්‍රසිද්ධ වේ.
ඇයගේ අධ්‍යාපනික පසුබිමට සිංහල සාහිත්‍ය, වාග් විද්‍යාව ඇතුළු බොහෝ ක්ෂේත්‍ර පිළිබඳ පුළුල් අධ්‍යයනයන් ඇතුලත් වේ.
මෙම සියලුම භාෂාවන් ඇයගේ ස්වෝත්සාහයෙන් අධ්‍යයනය කිරීම ඇගේ විශේෂත්වය වන අතර ඉන්දියාවට ගොස් තම පරිවර්තන ක්‍රියාදාමයට අවශ්‍ය ශක්තිය ශික්ෂණය විසල් කැපකිරීමකින් යුතුව තම ජීවිතය ලංකර ගන්නා ලදී.
ඇයගේ සාහිත්‍යය පිලිබඳ උනන්දුව දේශිය සහ ජාත්‍යන්තර සාහිත්‍යය සම්ප්‍රදායන් ට නිරාවරණය වීමෙන් පෝෂණය විය.
විභුතිභුෂණ බන්දෙයපාධ්‍ය නම් බෙංගාලි ජාතික ලේඛකයන් අතර විශිෂ්ටතම ලේඛකයා ලෙසන් රන් නාමය පැළඳි කතුවරයා විසින් රචනයා බඳුන් කරන ලද පථෝර් අපූ ත්‍රිත්වය (පාතර් පංචාලි, අපරාජිතයෝ, අපුර් සංසාර් යන කෘතීන් ත්‍රිත්වය මෙතුමියගේ පළමු පරිවර්තන කෘතීන් විය. මෙම ත්‍රිත්වය මාවතේ ගීතය , අපරාජිත ජිවිතයක් සහ අපුගේ ලෝකය නමින් පරිවර්තනය කොට පුස්තකාල සේවා මණ්ඩලයට ඉදිරිපත් කොට මුද්‍රණ අනුග්‍රහය ලබා ගත්තාය.වසර කිහිපයකට පසු අපු ත්‍රිත්වය වෙනුවෙන් ඇයට රාජ්‍ය සාහිත්‍ය සම්මානයක්ද ප්‍රදානය කරන ලදී.ජනප්‍රිය කෘතියකට වඩා ගුණාත්මක බැවින් වැඩි කෘතියක් පාඨකයා වෙත ලං කිරීම ඇයගේ වෑයම විය.
වංග සාහිත්‍ය කලාවේ දැවැන්ත පුරුෂයකු වූ ශරත්චන්ද්‍ර චට්ටෝපධ්‍යගේ ශ්‍රීකාන්ත නව කතාව චින්තා මහත්මියගේ දෙවන පරිවර්තන වෑයම විය.එය ශ්‍රීකාන්ත ලෙස පළවෙනි වෙළුමත් ශ්‍රීකාන්ත හා රාජලක්ෂ්මි ලෙස දෙවෙනි වෙළුමත් අසංෂිප්ත පරිවර්තනයක් ලෙසින් පිට විය.
ඇයගේ සාහිත්‍ය දෘෂ්ටිය මනාව ඔප්නංවන ලද කතාවක් ලෙස උර්දු බසින් සිංහලයට පරිවර්තනය කරන ලද ඛලීල් ජිබ්රාන්ගේ ඉසිවරයා පොත දැක්විය හැකිය. එය ගැඹුරු වූ දාර්ශනික ගැඹුරකින් යුක්ත කතාවක් වේ.මෙය ඉතාමත් සුන්දර වූ රමණිය ගද්‍ය කාව්‍යයක් ලෙස හැඳින්වීම වඩා යෝග්‍ය වේ.
සිංහල පාඨකයන්ගේ සිතුව්ලි හදවත සසල කළ කෘතියක් වූ අරණකට පෙම් බැඳ ගද්‍ය කාව්‍යය විභුතිබුෂණ බන්ද්යෙපාද්යගේ ආරණ්‍යයක් නම් වංග බසින් රචිත නව කතාවේ සිංහල පරිවර්තනයයි. මෙම කෘතිය සිංහල පරිවර්තන සාහිත්‍ය තුල විසල් පෙරලියක් ඇති කළ සන්ධිස්ථානයක් විය.මිනිසා සහ සොබාදහම තුල ඇතිවන අවියෝජනීය බැඳීම ,විවිධ සමාජයන්හි වෙසෙන මිනිසුන්ගේ ජිවිත විවරණය ලෝකය පිලිබඳ කතුවරයාගේ දෘෂ්ටි කෝණය ඉන්දියාවේ කෙළවරක පිහිටි වනයක් පිලිබඳ සිදුකල විවරණයකින් ඉතාමත් අපුරුවට පාඨක සිතට ලං කරන ආකාරය විශ්මයජනකය.
ඇයගේ කෘති ඔස්සේ මානව සම්බන්දතාවයන් පිලිබඳ ගැඹුරු දහමක් පිළිඹිබු කරන අතර දාරක ප්‍රේමය, ස්ත්‍රී පුරුෂයන් අතර ඇතිවන්නාවූ අවියෝජනීය බැඳීම පුරුෂාධිපත්‍ය ප්‍රධාන වූ සමාජයක ස්ත්‍රියට විඳින්නට වන අකටයුතුකම් ,අසාධාරණකම් අප වෙත ලං කෙරේ. එමෙන්ම සමාජ සංකීර්ණත්වය , ස්ත්‍රී පුරුෂ භවය වැනි සංකීර්ණ තේමා සාම්ප්‍රදායික ශිල්පීය ක්‍රම නවීන සාහිත්‍ය සමග මුසු කරන අද්විතීය ආඛ්‍යන විලාසයක් ඇය භාවිතා කරයි.
රවින්ද්‍රනාත් ඨාකුර් විසින් රචනයට පාත්‍ර කරන ලද ගෝරා ඇයගේ ජිවිතයේ වැදගත් සංදිස්ථානයකට ගෙන ගිය පොතක් ලෙස කිව හැකිය.මෙම කතාව ඔස්සේ පෙන්නුම් කරන ලද දේශපාලනික ,සමාජ සංසිද්ධීන් වර්තමානයට පවා යෝග්‍ය වන බව විචාරකයින්ගේ මතයයි.මෙම කතාව ඉන්දීය සමාජයේ ඓතිහාසික පුවතකින් යුක්ත වේ.
ඇයගෙ කෘති පුළුල් පරාසයක පාඨකයින්ට ප්‍රවේශ විය හැකි අතර සමාජ ගැටළු පිලිබඳව විවේචනාත්මකව සිතිමට අවස්තාවක් ලබා දෙයි.ඇයගේ ලේඛනය බොහෝ විට මිනිස් අත්දැකීම් වල සහ සමාජ ගතිකත්වයේ සංකීර්ණත්වයන් වෙත ගැඹුරට යයි. එකෙන්ම ඇයගේ ලියවිලි වල ඇති කාව්‍යමය ස්වරූපය එම කතා වල ඇති සැකසුම් වලට සහ චරිත වලට ජීවය දෙයි.
ඇය ශ්‍රීලාංකේය සංස්කෘතිය ,සාම්ප්‍රදායන් සහ ව්‍යවහාර භාශාවේ අංග ඉතා දක්ශ ලෙස ඇයගේ ආඛ්‍යාන වලට ඇතුලත් කර , එම ස්ථාන වල ඇති අව්‍යාජ බව පිළිබදව ගැඹුරු හැගීමක් ඇති කරයි.
පරිවර්තන සාහිත්‍යයට විසල් සේවයක් සිදු කළ චින්තා මහත්මිය වසර 53ක් ආයු වළඳා 2000 වසරේදී මෙලොවින් සමුගත්තාය .
- නිලක්ෂි බණ්ඩාර
21/05/2024.
(උපුටා ගැනීම - මුහුණුපොතෙනි)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..