බෞද්ධ සංස්කෘතියට ගහන අය බෞද්ධ දර්ශනයට මෙච්චර ආදරේ ඇයි?
👉 උතුරේ කොටි සැමරුම්වලට සහභාගී වෙමින් මල් පහන් පූජා කරන අය, බුදුන්ට මල් පහන් පූජා කිරීම විද්‍යාත්මක නැති බව අපට කියාදීමට උත්සාහ දරති.
👉 ගංජා, මත්පැන්, කාන්තාවන් ආදියේ ඇලී සිටිමින් ජීවිතය විඳීමේ රසය ගැන කවි කතා ලියන අය බෞද්ධ පිළිවෙත්වල නොඇලී සිටීමේ වැදගත්කම ගැන අපට දේශනා පවත්වති.
👉 සෑම දෙයකදීම අයිතිය ගැන, අයිතිවාසිකම් ගැන, අත්කරගැනීම ගැන කතා කරන අය බෞද්ධයාගේ ප්‍රශ්නවලදී පමණක් අතහැරීමේ අගය ගැන කතා කරති.
👉 පීඩාවන්ට එරෙහිව නැගී සිටීමේ සටන් කිරීමේ වැදගත්කම ගැන හෑලි ලියන අය බුදු දහමට අපහාස කිරීමේදී, බෞද්ධ සිද්ධස්ථාන වැනසීමේදී අප ඉවසීමෙන් සිල් රැකිය යුතු ආකාරය අපට දේශනා කරති.
👉 අනෙක් ආගම් ගැන කතා කිරීමේදී අනෙකාගේ සංස්කෘතික අයිතියට ගරු කළ යුතු යැයි කියන අය බෞද්ධ සංස්කෘතිය ගැන කතා කිරීමේදී එය විචාරශීලීව විද්‍යාත්මකව ප්‍රශ්න කළ යුතු බව අපට උගන්වති.
👉 මානවයාගේ උසස් සංස්කෘතික ජීවිතයක් ගැන හෑලි ලියන අය බෞද්ධයාගේ සංස්කෘතික කටයුතු වෙනුවෙන් යොදවන මුදලින් ඉස්පිරිතාල සෑදිය යුතු බව අපට උගන්වති.
👉 මේ ආකාරයට නොඇලී සිටීම, අතහැරීම, ඉවසීම, මෛත්‍රිය, විචාරශීලීත්වය, පරිත්‍යාගය ආදී බුදු දහමේ එන සංකල්පම මේ පිරිස බෞද්ධ සංස්කෘතියට පහරදීම සඳහා අතිශය වංචනික ලෙස අවභාවිතයේ යොදවන ආකාරය ගැන තව උදාහරණ අපමණය.
👉 ඔවුන්ගේ අරමුණ වන්නේ බෞද්ධ දර්ශනය වටිනා ගැඹුරු දර්ශනයක් බව කියමින් බෞද්ධ සංස්කෘතියේ සියලු අංග හෙළා දැකීමට අපගේ මනස පුහුණු කරවීමය.
👉 එය කරනුයේ බෞද්ධ දර්ශනය ගැන ඇති ආදරයක් නිසා නොව, බෞද්ධ දර්ශනයට පැවැත්මක් ඇත්තේ බෞද්ධ සංස්කෘතිය තුළ පමණක් බව ඔවුන් හොඳාකාරවම දන්නා නිසාය.
👉 බෞද්ධ දර්ශනය ගැන බොරු වර්ණනා කරමින්, බෞද්ධ දර්ශනයේ එන කාරණාම තියුණු ආයුධ ලෙස යොදා ගනිමින්, බෞද්ධ සංස්කෘතියට පහරදීම නූතන බෞද්ධ විරෝධීන්ගේ ප්‍රධානතම උපක්‍රමයකි.
👉 අප ඒ සටකපට උපක්‍රමය තේරුම් නොගැනීමේ ප්‍රතිඵලය විය හැක්කේ ඊනියා විචාරශීලී බෞද්ධ සමාජයක් බිහිවීම නොව බෞද්ධ සංස්කෘතියත්, බෞද්ධ දර්ශනයත් යන දෙකම දිනෙන් දින විනාශ මුඛයට ඇදී යාමය.
- ඉසුරු ප්‍රසංග
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..