News Category
From Date
To Date
Maximum Number of Result

ඇමෙරිකාව කොසොවෝ පන්නයේ නිදහස් ජනමත විචාරණයක් යෝජනා කරයි... ඊළමට ප්‍රබල ජාත්‍යන්තර තල්ලුවක්

May 26, 2024 at 12:15 PM
|

ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) නායකත්වය දෙන ජාතික ජන බලවේගය සහ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය (සජබ) සමග සැලකිය යුතු විශ්‍රාමික හමුදා සහ පොලිස් සාමාජිකයින් පිරිසක් එකතු වී ඇත. මිට පෙර පැවති කිසිදු ජාතික මැතිවරණයකට පෙර එලෙස විශ්‍රාමික හමුදා සහ පොලිස් සාමාජිකයින් ඒකරාශි කිරීමක් සිදුවී නොමැත. මහ මැතිවරණ ගණනාවකදී එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ඊට පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කටයුතු කළ විශ්‍රාමික හමුදා ප්‍රජාව අද වනවිට ජවිපෙ සහ සජබ සමගය. ඒ අතර හමුදාපතිවරු සහ උසස් නිලධාරීන් බොහොමයක් ඇත.

ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා තීව්‍ර කර ඇති මෙම අවස්ථාවේ මෙම පක්ෂ දෙක සමග කටයුතු කරන විශ්‍රාමික හමුදා ප්‍රජාවට රට බලාපොරොත්තු වන තීරණාත්මක බලපෑමක් එම අභියෝගය ජයගැනීමට අවශ්‍ය නිවැරදි ක්‍රියාමාර්ග ගැනීමට එම නායකත්වයට එල්ල කළ හැක.

මේ වසරේ පැවැත්වෙන මහ මැතිවරණයේදී රටේ ඒකීයභාවයට එල්ල වී ඇති තර්ජනය ප්‍රධාන මාතෘකාවක් විය යුතුයි. දැනට ජනාධිපති අපේක්ෂකවරු තිදෙනෙක් පොර පිටියේ සිටිති. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සජබ නායක සජිත් ප්‍රේමදාස සහ ජවිපෙ නායක අනුර කුමාර දිසානායකයි. ඔවුන් තිදෙනා මෙම අභියෝගය සම්බන්ධයෙන් තම මතය ජනතාව ඉදිරියේ තැබිය යුතු නොවේද?

බෙදුම්වාදී ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය කිරීමේ 15 වැනි සංවත්සරය කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පිහිටි ජාතික රණවිරු ස්මාරකය අභියසදී පසුගිය 19 වැනි දින මහජන එක්සත් පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඒ සේනාධිනායක සහ ආරක්ෂක අමාත්‍යවරයා ද වන එක්සත් ජාතික පක්ෂයේ (එජාප) නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දුනීසියාවේ දෙදින සංචාරයකට සහභාගි වීමට මැයි 18 වැනි දින රටින් පිටවී ඇති පසුබිමේය. එම සංචාරයේදී වික්‍රමසිංහ ජනාධිපතිවරයා 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසිය ‘සාමුහික සෞභාග්‍ය සඳහා ජලය’ අමතා සිය විශේෂ දේශනය 20 දින කළේය.

ජාත්‍යන්තරය පෝෂණය කළ ත්‍රස්තවාදය තීරණාත්මක ලෙස පරාජය කළත් රටේ ඒකීයභාවයට වර්තමානයේ එල්ල වෙන තර්ජනය වෙන කවරදාකටවත් වඩා වැඩිය. එම තත්ත්වය තවදුරටත් තීව්‍ර වෙමින් පවතී. ආර්ථික, දේශපාලනික සහ සමාජීය අර්බුදයකට භාජනය වී ඇති රට මුහුණ දෙන අභියෝගය කිසිසේත්ම සුළුපටු නොවේ.

වික්‍රමසිංහ – රාජපක්ෂ රජය, ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය (සජබ) සහ ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) නායකත්වය දෙන ජාතික ජන බලවේගය (ccබ/මාලිමාව) රට මුහුණ දෙන ඒකාබද්ධ දේශීය -විදේශීය අභියෝගයට සංවේදීද, දැනුවත්ද?

ව්‍යවස්ථානුකුලව පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හෝ අතිශය ව්‍යාකූල දේශපාලන වාතාවරණයක් තුළ ඊට පෙර කැඳවීමට අවස්ථාව ඇති මහ මැතිවරණයෙන් ඔබ්බට ගිය රට මුහුණ දෙන තර්ජනයට මුහුණ දීමට ඔවුන් සුදානම් ද? එවැනි සූදානමක් තිබේ නම්, එය ප්‍රමාණවත්ද? පක්ෂ දේශපාලනයෙන් එපිට ජාතික අවශ්‍යතා හඳුනා ගැනීමට සහ එම තත්ත්වයන් සමනය කර ගැනීමේ විධිමත් ක්‍රියාමාර්ගයක අවශ්‍යතාවය ඔවුන්ට නොමැතිද? නැතහොත් ජාත්‍යන්තර වාසි තකා රට වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග වුවමනාවෙන්ම අතපසු කරනවාද?

කිසිදා පරාජය කළ නොහැකි බවට තක්සේරු කර තිබූ එල්.ටී.ටී.ඊ සංවිධානය ත්‍රස්තවාදය සහ සාම්ප්‍රදායික හමුදා ක්‍රියාමාර්ග හරහා උතුරු සහ නැගෙනහිර පළාත් දෙක තම අණසකට සම්පූර්ණයෙන්ම ගැනීමට 1983 සිට කළ කළ යුද්ධය 2009 මැයි 18 වන දින අවසන් විය. ඒ සමගම ශ්‍රී ලංකාවට එරෙහි ව්‍යාපෘතිය වෙනස් මුහුණුවරක් ගත්තේය. එම නව ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම ගොඩනැඟුනේ ත්‍රස්තවාදය පරාජය කිරීම ශ්‍රී ලංකාව ද්‍රවිඩ සංහාරයක් කළ බවට කළ අභූත චෝදනාව පදනම් කරගෙනය.

ත්‍රස්තවාදී නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මෘත දේහය හමුදා සෙබළුන්ට හමු වූයේ පසුදින උදේය. ත්‍රස්තවාදී බලය සම්පූර්ණයෙන්ම විනාශ කර දැමුවත් බටහිර භූ දේශපාලනය සමග ක්‍රියාත්මක ද්‍රවිඩ ඩයස්පෝරාව ශ්‍රී ලංකාව ජනවාර්ගික පදනමක් යටතේ බෙදීමේ ව්‍යාපෘතිය ඊළඟ තලයට ගෙන යෑමට සමත් වී ඇත. ඒ අන් කිසිවක් නිසා නොව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක ආක්‍රමණකාරී ඇමෙරිකානු-බටහිර මෙහෙයුම සමග ද්‍රවිඩ ඩයස්පෝරාවේ අවශ්‍යතා අපූරුවට ගැලපෙන බැවිනි.

බෙදුම්වාදී ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය කිරීමේ 15 වැනි සංවත්සරය සැමරීමට දින කීපයකට පෙර ඇමෙරිකානු කොංග්‍රසයට ඊළාම් ද්‍රවිඩයන් වෙනුවෙන් නිදහස් ජනමත විචාරණයක් පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත් වන්නේ බටහිර සැලැස්මේ ප්‍රධාන අංගයක් ලෙසය. ඒ ශ්‍රී ලංකා රාජ්‍ය ද්‍රවිඩ ප්‍රජාව සමූල ඝාතනයට ලක් කර ඇති බවට ද ඇමෙරිකානු කොංග්‍රසයට පිළිගැනීමට යෝජනා කර ඇති තත්ත්වයක් තුළය. ආණ්ඩුව මෙම තත්ත්වයට කිසිසේත්ම සංවේදී නැත. වොෂින්ටනයේ තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කොංග්‍රසයට ඉදිරිපත් වූ මෙම යෝජනාව සම්බන්ධයෙන් දැනුවත් වී සිටියාද? එසේ දැනුවත් වී සිටියා නම්, එම තානාපති කාර්යාලය ඒ සම්බන්ධයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග මොනවාද? විදේශ අමාත්‍යාංශය එම යෝජනාව සම්බන්ධයෙන් දැනුවත් ද? එසේ නොවේ නම් ඊට හේතු මොනවාද? ඇමෙරිකාව ‘ජනමත විචාරණය’ නමැති බෝම්බය අතහරින අවස්ථාවේ විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි සිටියේ ද ඇමෙරිකාවේ ය.

ඇමෙරිකානු කොංග්‍රසයට ඉදිරිපත් වූ මෙම යෝජනාවේ ශ්‍රී ලංකාවට ලබා දිය යුතු විසඳුම දකුණු සූඩානයේ, මොන්ටෙග්‍රෝ, නැගෙනහිර තිමෝරයේ, බොස්නියාවේ, එරිටි්‍රයාවේ සහ කොසොවෝ හි ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර ප්‍රජාවේ සහභාගිත්වයෙන් පැවැත්වූ නිදහස් ජනමත විචාරණයන් සමග සංසන්දනය කර ඇත. මෙම ඇමෙරිකානු යෝජනාව සමස්ත ශ්‍රී ලංකා අර්බුදය අර්ථකථනය කර ඇති ආකාරය ඉතාමත් අසාධාරණ ය. පදනමකින් තොරය. දකුණු සූඩානය, මොන්ටෙග්‍රෝ, නැගෙනහිර තිමෝරය, බොස්නියාව, එරිටි්‍රයාව සහ කොසොවෝ සමග ශ්‍රී ලංකාවේ තත්ත්වය කිසිදු ආකාරයකට සංසන්දනය කළ නොහැක.

මෙම ලිපිය සම්පාදනය කරන අවස්ථාව වන විට ශ්‍රී ලංකා රජය මෙම තත්ත්වය සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් කර තිබුණේ නැත. ආණ්ඩුවට සහ විපක්ෂයට මෙම අභියෝගය හමුවේ නිශ්ශබ්දව සිටිය නොහැක.

මෙවැනි තත්ත්වයක් තුළ යුද ජයග්‍රහණය සැමරීමට උත්සව පැවැත්වීමේ තේරුමක් නොමැත. ත්‍රිවිධ හමුදා පෙළපාලියක් නොපැවැත්වීම සම්බන්ධයෙන් අප කවුරුත් සන්තෝෂ විය යුතුය. ජාතික රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වූ චාම් උත්සවය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ ත්‍රස්තවාදයට එරෙහි සටනේදී 28,619 යුද, නාවික, ගුවන් සහ පොලිස් නිලධාරීන් සහ සෙසු නිලයන් මරණයට පත් වී, 27,000 කට අධික සංඛාවක් තුවාල වූ බවය. ඇත්ත වශයෙන්ම ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව රට අනුගමනය කරන ක්‍රියාමාර්ගය මිය ගිය සහ තුවාල ලැබූ නිලධාරීන්ට සහ සෙසු නිලයින්ට කරනු ලබන නොනවතින අපහාසයකි.

කැනඩාව සහ ඇමෙරිකාව එක ස්ථාවරයකට

ශ්‍රී ලංකා රාජ්‍ය ද්‍රවිඩ සංහාරයක් කළ බවට කැනඩා පාර්ලිමේන්තුව 2022 දී ඒකමතිකව ප්‍රකාශයට පත් කළේය. සැම වසරකම මැයි 18 වන දිනය ද්‍රවිඩ සංහාරය සිහිකිරීමේ දිනය ලෙස නම් කළේය. මෙවරද කැනඩාව එම දිනය තම අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝගේ සහභාගිත්වයෙන් සැමරීය. අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට බරපතල අනතුරු ඇඟවීමක් ද කළේය.

ඇමෙරිකානු කොංග්‍රසයට ඉදිරිපත් කළ යෝජනාව පදනම් වී ඇත්තේ ද්‍රවිඩ සංහාරයක් සිදු කළ බවට කර ඇති ඍජු චෝදනාව මතය. ඇමෙරිකාව ද කැනඩාවේ මතය වැළඳ ගැනීමට සූදානම් වන බවට අනුමාන කළ හැකිය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බටහිර බලවතුන් ක්‍රියාත්මක කර ඇති දීර්ඝකාලීන වැඩසටහන අනුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ ඉදිරියේ අපකීර්තියට පත්කිරීම සමස්ත උපාය මාර්ගයේ නිශ්චිත කොටසකි.

බටහිර බලවතුන් ද්‍රවිඩ සංහාරයක් සිදු වූ බවට ප්‍රකාශ කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමේ පසුබිම ඉබේම නිර්මාණය වේ. ඇමෙරිකානු කොංග්‍රසයට ඉදිරිපත් වූ පක්ෂ භේදයෙන් තොර යෝජනාවෙන් අවධාරණය වන්නේ ඇමෙරිකාව ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර ඇති බවයි. නමුත් අපේ පාර්ලිමේන්තුවට මෙම තත්ත්වය අදාළ නැත. ආණ්ඩුව සහ විදේශ අමාත්‍යාංශය වර්ධනය වෙමින් පවතින තත්ත්වයට නිසි ප්‍රතිචාරයක් දක්වන්නේ නැත. නමුත් ත්‍රස්තවාදය පරාජය කළ ආරක්ෂක හමුදා සහ පොලිසිය නින්දාවට ලක්කරන ප්‍රකාශ රට තුළම කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර දීම කෙතරම් අවාසනාවන්ත තත්ත්වයක්ද?

ජාත්‍යන්තර ක්ෂමා ආයතනයේ ප්‍රධානි ආචාර්ය ඇග්නස් කැලමාඩ් (Dr. Agnès Callamard) හට ත්‍රස්තවාදීන් ද සමරන වෙල්ලමුල්ලිවෛක්කාල් සැමරුමට සහභාගී වීමට අවස්ථාව ලබා දීම දැඩි ප්‍රශ්නකාරී තත්ත්වයකි. වෙල්ලමුල්ලිවෛක්කාල් සැමරුමට සහභාගි වූ ප්‍රංශ ජාතික කැලමාඩ් අවධාරණය කළේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට වාර්තා කර ජාත්‍යන්තර යුද අපරාධ පරීක්ෂණයකට භාජනය කළ යුතු බවයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයකි. කුමන තත්ත්වයක් යටතේ වුවද පිළිගත නොහැක.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජාත්‍යන්තර ක්ෂමා ආයතනයේ මහ ලේකම්වරිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධනගෙන් විමසා ඇති බව රහසක් නොවේ. වික්‍රමසිංහ-රාජපක්ෂ රජය ජාත්‍යන්තර ක්ෂමා ආයතනය, කැනඩා රජය සහ ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් වී ඇති යෝජනාව සම්බන්ධයෙන් කල්පනාකාරීව විමසා බැලිය යුතුය.

ඇග්නස් කැලමාඩ්ගේ ප්‍රකාශය අතිශය බරපතලය. ශ්‍රී ලාංකීය යුද අපරාධකරුවන් රටින් පිටතදී අත්අඩංගුවට ගෙන විදේශ අධිකරණවලට ඉදිරිපත් කළ යුතු බවත් යුක්තිය ඉටු කිරීමේ කාර්ය ජාත්‍යන්තර ප්‍රජාවගේ පූර්ණ මැදිහත් වීම තුළ සිදු විය යුතු ආකාරය ඇය අවධාරණය කර ඇත. අපේ විදේශ අමාත්‍යාංශයට මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් යම්කිසි වගකීමක් තිබේද? මෙවැනි ප්‍රකාශයක් ඉන්දීය ආරක්ෂා හමුදා සම්බන්ධයෙන් යම්කිසි රාජ්‍ය නොවන ආයතනයක ප්‍රධානියකු ඉන්දියාව තුළ කළා නම් ඇය /ඔහු වහාම එරටින් පිටත් කරනු ඇත. දේශමාමක ආණ්ඩුවක් තිබෙන ඕනෑම රටක ප්‍රතිචාරය අනිවාර්යෙන්ම එය වෙනු ඇත. අපේ රටේ අවාසනාවට ඕනෑම විදේශිකයෙකුට ත්‍රස්තවාදය පරාජය කළ හමුදාවට අපහාස කළ හැකිය.

ශ්‍රී ලංකා හමුදා නායකත්වය ජාත්‍යන්තර පරීක්ෂණයකට භාජනය කළ යුතු බවට මැයි 18 වැනි දින ප්‍රකාශ කළ ඇග්නස් කැලමාඩ් කිසිදු ප්‍රශ්නයකින් තොරව කොළඹ 7 ජෙට්වින්ග් හෝටලයේ මැයි 20 වන දින මාධ්‍ය හමුවක් පැවැත්විය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර යුද අපරාධ දඬුකඳේ ගැසිය යුතු බවට නැවත අවධාරණය කළේය.

විදේශ අමාත්‍ය අලි සබ්රි ඇග්නස් කැලමාඩ් ව මැයි 20 දින තම අමාත්‍යාංශයේදී හමුවිය. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා අවධාරණය කළේ පිටස්තර පාර්ශ්ව තම තමන්ගේ රටවල වාසිදායක දේශපාලන තත්ත්වයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වන බවයි. මෙම ප්‍රකාශය නැතහොත් විරෝධයෙන් අපට සෑහීමකට පත් වීමට බැරිය. ජාත්‍යන්තර ක්ෂමා ආයතනය වෙනුවෙන් ඇය ජාත්‍යන්තර ප්‍රජාවෙන් කළ ඉල්ලීම කිසිසේත් සුළුවෙන් බැහැර කළ නොහැක.

ජුලි චන්ගේ භූමිකාව

තම සේවා කාලය නිමා කර ශ්‍රී ලංකාවෙන් යෑමට නියමිත ඇමෙරිකානු තානාපතිවරිය ජුලි චන්ග් ගේ භූමිකාව නැවත නැවතත් අවධාරණය කරන්නේ බටහිර තානාපතිවරුන්ට ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය කිරීම සම්බන්ධයෙන් පුදුමාකාර අමාරුවක් තිබෙන බවයි.

ඇමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලයට ශ්‍රී ලංකාවේ ඒකීයභාවය අහිමි කිරීමට යෝජනාවක් ඉදිරිපත් කිරීමට සමගාමිව තානාපතිවරිය උතුරේ සංචාරයක නිරත විය. ඒ යුද්ධයේදී අතුරුදන් වූවන්ගේ ඥාතීන්, හිටපු ත්‍රස්තවාදීන් සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි සැකකරුවන් මුණගැසීමටය. මෙවැනි විකාර තානාපති මැදිහත් වීම් ලෝකයේ වෙනත් රටවල සිදුවිය හැකිද? තානාපතිවරිය ත්‍රස්තවාදය අතුගා දමන තුරුම එල්.ටී.ටී.ඊ සංවිධානයේ අතකොළුවක් වූ ද්‍රවිඩ ජාතික සංවිධානයේ මන්ත්‍රීවරු හමු වූහ.

යහපාලන සමයේදී (2015 ජනවාරි -2019 නොවැම්බර්) සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේදී (2019 නොවැම්බර් -2022 ජුලි) මෙවැනි සංදර්ශන පැවැත්වූයේ නැත. කැනඩාව 2014 දී ත්‍රස්තවාදය පරාජය කිරීමේ සැමරුම වර්ජනය කරන බව ප්‍රකාශ කළේය. එවකට කැනේඩියානු මහ කොමසාරිස්වරිය වූ ෂෙලී වයිටින් The Island පුවත්පතට පමණක් විශේෂ ප්‍රකාශයක් කරමින් යුද ජයග්‍රහණ සැමරුම සංහිඳියාවට දැඩි බාධාවක් බවත් එනිසා එම හමුදා පෙළපාලිය තමන් වර්ජනය කරන බවත් පැවසිය. ඊට පසුව බලයට පැමිණි යහපාලන ආණ්ඩුව යුද ජයග්‍රහණ සැමරුම අතුරුදන් කළේය. යහපාලන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම අවාසනාවන්ත තත්ත්වයට වගකිව යුතු නොවේද? යුද ජයග්‍රහණය සැමරීම 2015 නැවැත්විය. ඊට පසු වසරේ ත්‍රස්තවාදය පරාජය කිරීමට නායකත්වය දුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යහපාලන ආණ්ඩුවට එකතු විය. එම වසරේම යහපාලන රජය ආරක්ෂක හමුදා ජිනීවා නුවර පිහිටි මානව හිමිකම් කොමිසමට පාවා දුන්නේය. ඇමෙරිකාවේ වුවමනාව මත එම පාවාදීම සිදු විය.

ජුලි චන්ග් ගේ උතුරේ ‘නැටුම්’ සම්බන්ධයෙන් විමසා බැලිය යුතු වන්නේ ආණ්ඩුව බටහිර බලවතුන්ට ඔවුන්ට අවශ්‍ය ඕනෑම ආකාරයේ මැදිහත්වීමක් කිරීමට ඉඩ සලසා ඇති පසුබිමකය.

යුද ජයග්‍රහණයේ 15 වැනි සංවත්සරයට අදාළව විදේශීය පාර්ශ්ව කළ කිසිදු ප්‍රකාශයක බෙදුම්වාදී ද්‍රවිඩ ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවේ ඒකීයභාවයට එල්ල කළ තර්ජනය සම්බන්ධයෙන් වචනයක් හෝ නැත. යුද, නාවික, ගුවන් සහ පොලිස් නිලධාරීන් සහ සෙසු නිලයන් 28,000 වඩා අධික ප්‍රමාණයක් මරා දමා 27,000 කට තුවාල සිදුකළ එම ත්‍රස්තවාදී සංවිධානය පරාජය කිරීම උදෙසා අප හමුදා කළ කැප කිරීම් කිසිදා අමතක කළ නොහැක. එය කිසිසේත්ම ශ්‍රී ලංකාවට ජයගත නොහැකි සටනක් ලෙස අවධාරණය කර කර තිබිණි. ඉන්දියානු හමුදා නිලධාරීන් සහ සෙබළුන් 1,500 පමණ ද්‍රවිඩ ත්‍රස්තවාදීන් අතින් මරණයට පත් විය. එම සංඛ්‍යාව මෙන් දෙගුණයක් තුවාල ලැබූහ.

කොටි සංවිධානය 2009 මැයි 18/19 පරාජය වූවාට පසුව රජයට යටත් වූ සහ අත්අඩංගුවට පත්වූ 12,000 කට අධික ත්‍රස්තවාදීන් සංඛ්‍යාවක් ජාත්‍යන්තර සහයෝගය ද ඇතිව වසර කීපයක් තුළ පුනරුත්ථාපනය කිරීමේ ගෞරවයවත් ශ්‍රී ලංකාවට දීමේ වුවමනාවක් කිඹුල් කඳුළු හෙළන එකෙකුටවත් නැත. එම ත්‍රස්තවාදීන්ට එරෙහිව කිසිදු නීතිමය පියවරක් ගැනීමෙන් ශ්‍රී ලංකාව වැළකී සිටියේය. කොටි සංවිධානයේ ප්‍රබලයන් පමණක් නොව අනෙකුත් ඉන්දියාව පුරුදු පුහුණු කළ ත්‍රස්තවාදී සංවිධානවල නායකයින්ටත් පාර්ලිමේන්තුවට පත්වීමේ අවස්ථාව ලබා දුන් බව ව්‍යාජ මානව හිතවාදීන්ට අමතකය.

ත්‍රස්තවාදීන්ට ජනාධිපති සමාව පවා දීමට රාජ්‍ය නායකයෝ පසුබට වූයේ නැත. ඇත්ත වශයෙන්ම බෙදුම්වාදී ත්‍රස්තවාදීන් සැනසීමට පැවති සියලුම ආණ්ඩු නොකළ දෙයක් නැත. අවි ආයුධ සහ භාණ්ඩාගාරය හරහා මුදල් පවා දුන් බව රහසක් නොවේ. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා දෙවන ඊළාම් යුද්ධය 1990 ජුනි 10/11 ආරම්භ වූ පසුවත් කොටි ත්‍රස්තවාදීන්ට ‘කප්පම්’ ගෙවූ බව රහසක් නොවේ. ජනාධිපතිවරයා ගේ නියෝගය පරිදි එවකට මුදල් ලේකම් ආර්. පාස්කරලිංගම් 1990.11.05 දින ත්‍රස්තවාදීන්ට රුපියල් මිලියන 50 ක් ගෙවා ඇත. ඒ ජනාධිපතිවරයාගේම නියෝග මත ත්‍රස්තවාදීන්ට යටත්වූ පොලිස් නිලධාරීන් සිය ගණනක් නැඟෙනහිර පළාතේ ඝාතනය කර ඇති තත්ත්වය පසුබිමේය.

ප්‍රේමදාස ජනාධිපතිවරයා 1989 අගෝස්තු 09 වැනි දින සිට 1990 නොවැම්බර් 05 දක්වා රහස්‍ය වියදම් ශීර්ෂය යටතේ රුපියල් මිලියන 125 බදු ගෙවන්නන්ගේ මුදලින් ත්‍රස්තවාදීන්ට ගෙවා ඇත.

රනිල් වික්‍රමසිංහගේ 2001-2004 ආණ්ඩුව ද ත්‍රස්තවාදීන්ට උපරිම ලෙස සැලකුවේය. අග්‍රාමාත්‍යවරයා ලෙස ඔහු උත්සාහ කළේ කෙසේ හෝ ත්‍රස්තවාදීන් සමග ස්ථිර දේශපාලන ගිවිසුමකට එළඹීමටය. නමුත් ත්‍රස්තවාදීන් 2003 අප්‍රේල් මාසයේදී සාකච්ඡා මේසයෙන් ඉවත් විය. නමුත් ආණ්ඩුව ත්‍රස්තවාදීන්ගේ හිත දිනාගැනීමට උපරිම උත්සහයක් ගත්තේය. ඊට එක උදාහරණයක් දීමට කැමැත්තෙමි. නැවතත් මහත් විනාශකාරී යුද්ධයකට ත්‍රස්තවාදීන් සූදානම් වෙන බවට ඒත්තු ගොස් තිබුණත් නොර්වේ රජයේ මැදිහත් වීමෙන් ඉතාමත් දියුණු සන්නිවේදන උපකරණ ආනයනය කිරීමට මෝඩ ආණ්ඩුව ඉඩ සලසා දුන්නේය. එපමණක් නොව එම ආනයනය කළ උපකරණවලට අදාළ රේගු බදු ආණ්ඩුවේ සාම ක්‍රියාවලිය සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයට ස්වීඩන් රජයෙන් ලැබුණු අරමුදල්වලින් රුපියල් 3,157,675 ගෙවූ බවට සාක්ෂි ඇත. එම ආන්දෝලනාත්මක ගෙවීම එවකට මුදල් ලේකම් ජේ. චරිත රත්වත්ත සාම කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් ආචාර්ය ජෝන් ගුණරත්නට 2003 ජුලි 22 දුන් උපදෙස් පරිදි සිදු විය.

2005 ජනාධිපතිවරණයට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ කඳවුර ද ත්‍රස්තවාදීන්ට කප්පම් ගෙවූ බවට පාර්ලිමේන්තුව තුළ සහ එයින් පිටත චෝදනා කර ඇත. මෙම චෝදනා සුළුවෙන් තැකිය නොහැක. වර්තමාන ජනාධිපතිවරයා ද එම චෝදනා නැගූ පිරිස අතරය.

දැන්වත් ද්‍රවිඩ ත්‍රස්තවාදය හමුදා ක්‍රියාමාර්ග හරහා පරාජය කිරීමට සිදුවීම නිසියාකාරයෙන් ලෝකය ඉදිරියේ තැබිය යුතුය.

- ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ


සම්බන්ධිත පුවත් | Related News

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද පෙරමුණේ රුසියානු හමුදා අත්කර ගනිමින් සිටින වේගවත් ජයග්‍රහණ පිළිබඳ පැහැදිලි කරනු ලැබීය.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.