News Category
From Date
To Date
Maximum Number of Result

ඇමෙරිකාව කොසොවෝ පන්නයේ නිදහස් ජනමත විචාරණයක් යෝජනා කරයි... ඊළමට ප්‍රබල ජාත්‍යන්තර තල්ලුවක්

May 26, 2024 at 12:15 PM
|

ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) නායකත්වය දෙන ජාතික ජන බලවේගය සහ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය (සජබ) සමග සැලකිය යුතු විශ්‍රාමික හමුදා සහ පොලිස් සාමාජිකයින් පිරිසක් එකතු වී ඇත. මිට පෙර පැවති කිසිදු ජාතික මැතිවරණයකට පෙර එලෙස විශ්‍රාමික හමුදා සහ පොලිස් සාමාජිකයින් ඒකරාශි කිරීමක් සිදුවී නොමැත. මහ මැතිවරණ ගණනාවකදී එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ඊට පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කටයුතු කළ විශ්‍රාමික හමුදා ප්‍රජාව අද වනවිට ජවිපෙ සහ සජබ සමගය. ඒ අතර හමුදාපතිවරු සහ උසස් නිලධාරීන් බොහොමයක් ඇත.

ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා තීව්‍ර කර ඇති මෙම අවස්ථාවේ මෙම පක්ෂ දෙක සමග කටයුතු කරන විශ්‍රාමික හමුදා ප්‍රජාවට රට බලාපොරොත්තු වන තීරණාත්මක බලපෑමක් එම අභියෝගය ජයගැනීමට අවශ්‍ය නිවැරදි ක්‍රියාමාර්ග ගැනීමට එම නායකත්වයට එල්ල කළ හැක.

මේ වසරේ පැවැත්වෙන මහ මැතිවරණයේදී රටේ ඒකීයභාවයට එල්ල වී ඇති තර්ජනය ප්‍රධාන මාතෘකාවක් විය යුතුයි. දැනට ජනාධිපති අපේක්ෂකවරු තිදෙනෙක් පොර පිටියේ සිටිති. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සජබ නායක සජිත් ප්‍රේමදාස සහ ජවිපෙ නායක අනුර කුමාර දිසානායකයි. ඔවුන් තිදෙනා මෙම අභියෝගය සම්බන්ධයෙන් තම මතය ජනතාව ඉදිරියේ තැබිය යුතු නොවේද?

බෙදුම්වාදී ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය කිරීමේ 15 වැනි සංවත්සරය කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පිහිටි ජාතික රණවිරු ස්මාරකය අභියසදී පසුගිය 19 වැනි දින මහජන එක්සත් පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඒ සේනාධිනායක සහ ආරක්ෂක අමාත්‍යවරයා ද වන එක්සත් ජාතික පක්ෂයේ (එජාප) නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දුනීසියාවේ දෙදින සංචාරයකට සහභාගි වීමට මැයි 18 වැනි දින රටින් පිටවී ඇති පසුබිමේය. එම සංචාරයේදී වික්‍රමසිංහ ජනාධිපතිවරයා 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසිය ‘සාමුහික සෞභාග්‍ය සඳහා ජලය’ අමතා සිය විශේෂ දේශනය 20 දින කළේය.

ජාත්‍යන්තරය පෝෂණය කළ ත්‍රස්තවාදය තීරණාත්මක ලෙස පරාජය කළත් රටේ ඒකීයභාවයට වර්තමානයේ එල්ල වෙන තර්ජනය වෙන කවරදාකටවත් වඩා වැඩිය. එම තත්ත්වය තවදුරටත් තීව්‍ර වෙමින් පවතී. ආර්ථික, දේශපාලනික සහ සමාජීය අර්බුදයකට භාජනය වී ඇති රට මුහුණ දෙන අභියෝගය කිසිසේත්ම සුළුපටු නොවේ.

වික්‍රමසිංහ – රාජපක්ෂ රජය, ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය (සජබ) සහ ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) නායකත්වය දෙන ජාතික ජන බලවේගය (ccබ/මාලිමාව) රට මුහුණ දෙන ඒකාබද්ධ දේශීය -විදේශීය අභියෝගයට සංවේදීද, දැනුවත්ද?

ව්‍යවස්ථානුකුලව පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හෝ අතිශය ව්‍යාකූල දේශපාලන වාතාවරණයක් තුළ ඊට පෙර කැඳවීමට අවස්ථාව ඇති මහ මැතිවරණයෙන් ඔබ්බට ගිය රට මුහුණ දෙන තර්ජනයට මුහුණ දීමට ඔවුන් සුදානම් ද? එවැනි සූදානමක් තිබේ නම්, එය ප්‍රමාණවත්ද? පක්ෂ දේශපාලනයෙන් එපිට ජාතික අවශ්‍යතා හඳුනා ගැනීමට සහ එම තත්ත්වයන් සමනය කර ගැනීමේ විධිමත් ක්‍රියාමාර්ගයක අවශ්‍යතාවය ඔවුන්ට නොමැතිද? නැතහොත් ජාත්‍යන්තර වාසි තකා රට වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග වුවමනාවෙන්ම අතපසු කරනවාද?

කිසිදා පරාජය කළ නොහැකි බවට තක්සේරු කර තිබූ එල්.ටී.ටී.ඊ සංවිධානය ත්‍රස්තවාදය සහ සාම්ප්‍රදායික හමුදා ක්‍රියාමාර්ග හරහා උතුරු සහ නැගෙනහිර පළාත් දෙක තම අණසකට සම්පූර්ණයෙන්ම ගැනීමට 1983 සිට කළ කළ යුද්ධය 2009 මැයි 18 වන දින අවසන් විය. ඒ සමගම ශ්‍රී ලංකාවට එරෙහි ව්‍යාපෘතිය වෙනස් මුහුණුවරක් ගත්තේය. එම නව ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම ගොඩනැඟුනේ ත්‍රස්තවාදය පරාජය කිරීම ශ්‍රී ලංකාව ද්‍රවිඩ සංහාරයක් කළ බවට කළ අභූත චෝදනාව පදනම් කරගෙනය.

ත්‍රස්තවාදී නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මෘත දේහය හමුදා සෙබළුන්ට හමු වූයේ පසුදින උදේය. ත්‍රස්තවාදී බලය සම්පූර්ණයෙන්ම විනාශ කර දැමුවත් බටහිර භූ දේශපාලනය සමග ක්‍රියාත්මක ද්‍රවිඩ ඩයස්පෝරාව ශ්‍රී ලංකාව ජනවාර්ගික පදනමක් යටතේ බෙදීමේ ව්‍යාපෘතිය ඊළඟ තලයට ගෙන යෑමට සමත් වී ඇත. ඒ අන් කිසිවක් නිසා නොව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක ආක්‍රමණකාරී ඇමෙරිකානු-බටහිර මෙහෙයුම සමග ද්‍රවිඩ ඩයස්පෝරාවේ අවශ්‍යතා අපූරුවට ගැලපෙන බැවිනි.

බෙදුම්වාදී ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය කිරීමේ 15 වැනි සංවත්සරය සැමරීමට දින කීපයකට පෙර ඇමෙරිකානු කොංග්‍රසයට ඊළාම් ද්‍රවිඩයන් වෙනුවෙන් නිදහස් ජනමත විචාරණයක් පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත් වන්නේ බටහිර සැලැස්මේ ප්‍රධාන අංගයක් ලෙසය. ඒ ශ්‍රී ලංකා රාජ්‍ය ද්‍රවිඩ ප්‍රජාව සමූල ඝාතනයට ලක් කර ඇති බවට ද ඇමෙරිකානු කොංග්‍රසයට පිළිගැනීමට යෝජනා කර ඇති තත්ත්වයක් තුළය. ආණ්ඩුව මෙම තත්ත්වයට කිසිසේත්ම සංවේදී නැත. වොෂින්ටනයේ තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කොංග්‍රසයට ඉදිරිපත් වූ මෙම යෝජනාව සම්බන්ධයෙන් දැනුවත් වී සිටියාද? එසේ දැනුවත් වී සිටියා නම්, එම තානාපති කාර්යාලය ඒ සම්බන්ධයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග මොනවාද? විදේශ අමාත්‍යාංශය එම යෝජනාව සම්බන්ධයෙන් දැනුවත් ද? එසේ නොවේ නම් ඊට හේතු මොනවාද? ඇමෙරිකාව ‘ජනමත විචාරණය’ නමැති බෝම්බය අතහරින අවස්ථාවේ විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි සිටියේ ද ඇමෙරිකාවේ ය.

ඇමෙරිකානු කොංග්‍රසයට ඉදිරිපත් වූ මෙම යෝජනාවේ ශ්‍රී ලංකාවට ලබා දිය යුතු විසඳුම දකුණු සූඩානයේ, මොන්ටෙග්‍රෝ, නැගෙනහිර තිමෝරයේ, බොස්නියාවේ, එරිටි්‍රයාවේ සහ කොසොවෝ හි ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර ප්‍රජාවේ සහභාගිත්වයෙන් පැවැත්වූ නිදහස් ජනමත විචාරණයන් සමග සංසන්දනය කර ඇත. මෙම ඇමෙරිකානු යෝජනාව සමස්ත ශ්‍රී ලංකා අර්බුදය අර්ථකථනය කර ඇති ආකාරය ඉතාමත් අසාධාරණ ය. පදනමකින් තොරය. දකුණු සූඩානය, මොන්ටෙග්‍රෝ, නැගෙනහිර තිමෝරය, බොස්නියාව, එරිටි්‍රයාව සහ කොසොවෝ සමග ශ්‍රී ලංකාවේ තත්ත්වය කිසිදු ආකාරයකට සංසන්දනය කළ නොහැක.

මෙම ලිපිය සම්පාදනය කරන අවස්ථාව වන විට ශ්‍රී ලංකා රජය මෙම තත්ත්වය සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් කර තිබුණේ නැත. ආණ්ඩුවට සහ විපක්ෂයට මෙම අභියෝගය හමුවේ නිශ්ශබ්දව සිටිය නොහැක.

මෙවැනි තත්ත්වයක් තුළ යුද ජයග්‍රහණය සැමරීමට උත්සව පැවැත්වීමේ තේරුමක් නොමැත. ත්‍රිවිධ හමුදා පෙළපාලියක් නොපැවැත්වීම සම්බන්ධයෙන් අප කවුරුත් සන්තෝෂ විය යුතුය. ජාතික රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වූ චාම් උත්සවය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ ත්‍රස්තවාදයට එරෙහි සටනේදී 28,619 යුද, නාවික, ගුවන් සහ පොලිස් නිලධාරීන් සහ සෙසු නිලයන් මරණයට පත් වී, 27,000 කට අධික සංඛාවක් තුවාල වූ බවය. ඇත්ත වශයෙන්ම ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව රට අනුගමනය කරන ක්‍රියාමාර්ගය මිය ගිය සහ තුවාල ලැබූ නිලධාරීන්ට සහ සෙසු නිලයින්ට කරනු ලබන නොනවතින අපහාසයකි.

කැනඩාව සහ ඇමෙරිකාව එක ස්ථාවරයකට

ශ්‍රී ලංකා රාජ්‍ය ද්‍රවිඩ සංහාරයක් කළ බවට කැනඩා පාර්ලිමේන්තුව 2022 දී ඒකමතිකව ප්‍රකාශයට පත් කළේය. සැම වසරකම මැයි 18 වන දිනය ද්‍රවිඩ සංහාරය සිහිකිරීමේ දිනය ලෙස නම් කළේය. මෙවරද කැනඩාව එම දිනය තම අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝගේ සහභාගිත්වයෙන් සැමරීය. අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට බරපතල අනතුරු ඇඟවීමක් ද කළේය.

ඇමෙරිකානු කොංග්‍රසයට ඉදිරිපත් කළ යෝජනාව පදනම් වී ඇත්තේ ද්‍රවිඩ සංහාරයක් සිදු කළ බවට කර ඇති ඍජු චෝදනාව මතය. ඇමෙරිකාව ද කැනඩාවේ මතය වැළඳ ගැනීමට සූදානම් වන බවට අනුමාන කළ හැකිය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බටහිර බලවතුන් ක්‍රියාත්මක කර ඇති දීර්ඝකාලීන වැඩසටහන අනුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ ඉදිරියේ අපකීර්තියට පත්කිරීම සමස්ත උපාය මාර්ගයේ නිශ්චිත කොටසකි.

බටහිර බලවතුන් ද්‍රවිඩ සංහාරයක් සිදු වූ බවට ප්‍රකාශ කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමේ පසුබිම ඉබේම නිර්මාණය වේ. ඇමෙරිකානු කොංග්‍රසයට ඉදිරිපත් වූ පක්ෂ භේදයෙන් තොර යෝජනාවෙන් අවධාරණය වන්නේ ඇමෙරිකාව ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර ඇති බවයි. නමුත් අපේ පාර්ලිමේන්තුවට මෙම තත්ත්වය අදාළ නැත. ආණ්ඩුව සහ විදේශ අමාත්‍යාංශය වර්ධනය වෙමින් පවතින තත්ත්වයට නිසි ප්‍රතිචාරයක් දක්වන්නේ නැත. නමුත් ත්‍රස්තවාදය පරාජය කළ ආරක්ෂක හමුදා සහ පොලිසිය නින්දාවට ලක්කරන ප්‍රකාශ රට තුළම කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර දීම කෙතරම් අවාසනාවන්ත තත්ත්වයක්ද?

ජාත්‍යන්තර ක්ෂමා ආයතනයේ ප්‍රධානි ආචාර්ය ඇග්නස් කැලමාඩ් (Dr. Agnès Callamard) හට ත්‍රස්තවාදීන් ද සමරන වෙල්ලමුල්ලිවෛක්කාල් සැමරුමට සහභාගී වීමට අවස්ථාව ලබා දීම දැඩි ප්‍රශ්නකාරී තත්ත්වයකි. වෙල්ලමුල්ලිවෛක්කාල් සැමරුමට සහභාගි වූ ප්‍රංශ ජාතික කැලමාඩ් අවධාරණය කළේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට වාර්තා කර ජාත්‍යන්තර යුද අපරාධ පරීක්ෂණයකට භාජනය කළ යුතු බවයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයකි. කුමන තත්ත්වයක් යටතේ වුවද පිළිගත නොහැක.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජාත්‍යන්තර ක්ෂමා ආයතනයේ මහ ලේකම්වරිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධනගෙන් විමසා ඇති බව රහසක් නොවේ. වික්‍රමසිංහ-රාජපක්ෂ රජය ජාත්‍යන්තර ක්ෂමා ආයතනය, කැනඩා රජය සහ ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් වී ඇති යෝජනාව සම්බන්ධයෙන් කල්පනාකාරීව විමසා බැලිය යුතුය.

ඇග්නස් කැලමාඩ්ගේ ප්‍රකාශය අතිශය බරපතලය. ශ්‍රී ලාංකීය යුද අපරාධකරුවන් රටින් පිටතදී අත්අඩංගුවට ගෙන විදේශ අධිකරණවලට ඉදිරිපත් කළ යුතු බවත් යුක්තිය ඉටු කිරීමේ කාර්ය ජාත්‍යන්තර ප්‍රජාවගේ පූර්ණ මැදිහත් වීම තුළ සිදු විය යුතු ආකාරය ඇය අවධාරණය කර ඇත. අපේ විදේශ අමාත්‍යාංශයට මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් යම්කිසි වගකීමක් තිබේද? මෙවැනි ප්‍රකාශයක් ඉන්දීය ආරක්ෂා හමුදා සම්බන්ධයෙන් යම්කිසි රාජ්‍ය නොවන ආයතනයක ප්‍රධානියකු ඉන්දියාව තුළ කළා නම් ඇය /ඔහු වහාම එරටින් පිටත් කරනු ඇත. දේශමාමක ආණ්ඩුවක් තිබෙන ඕනෑම රටක ප්‍රතිචාරය අනිවාර්යෙන්ම එය වෙනු ඇත. අපේ රටේ අවාසනාවට ඕනෑම විදේශිකයෙකුට ත්‍රස්තවාදය පරාජය කළ හමුදාවට අපහාස කළ හැකිය.

ශ්‍රී ලංකා හමුදා නායකත්වය ජාත්‍යන්තර පරීක්ෂණයකට භාජනය කළ යුතු බවට මැයි 18 වැනි දින ප්‍රකාශ කළ ඇග්නස් කැලමාඩ් කිසිදු ප්‍රශ්නයකින් තොරව කොළඹ 7 ජෙට්වින්ග් හෝටලයේ මැයි 20 වන දින මාධ්‍ය හමුවක් පැවැත්විය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර යුද අපරාධ දඬුකඳේ ගැසිය යුතු බවට නැවත අවධාරණය කළේය.

විදේශ අමාත්‍ය අලි සබ්රි ඇග්නස් කැලමාඩ් ව මැයි 20 දින තම අමාත්‍යාංශයේදී හමුවිය. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා අවධාරණය කළේ පිටස්තර පාර්ශ්ව තම තමන්ගේ රටවල වාසිදායක දේශපාලන තත්ත්වයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වන බවයි. මෙම ප්‍රකාශය නැතහොත් විරෝධයෙන් අපට සෑහීමකට පත් වීමට බැරිය. ජාත්‍යන්තර ක්ෂමා ආයතනය වෙනුවෙන් ඇය ජාත්‍යන්තර ප්‍රජාවෙන් කළ ඉල්ලීම කිසිසේත් සුළුවෙන් බැහැර කළ නොහැක.

ජුලි චන්ගේ භූමිකාව

තම සේවා කාලය නිමා කර ශ්‍රී ලංකාවෙන් යෑමට නියමිත ඇමෙරිකානු තානාපතිවරිය ජුලි චන්ග් ගේ භූමිකාව නැවත නැවතත් අවධාරණය කරන්නේ බටහිර තානාපතිවරුන්ට ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය කිරීම සම්බන්ධයෙන් පුදුමාකාර අමාරුවක් තිබෙන බවයි.

ඇමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලයට ශ්‍රී ලංකාවේ ඒකීයභාවය අහිමි කිරීමට යෝජනාවක් ඉදිරිපත් කිරීමට සමගාමිව තානාපතිවරිය උතුරේ සංචාරයක නිරත විය. ඒ යුද්ධයේදී අතුරුදන් වූවන්ගේ ඥාතීන්, හිටපු ත්‍රස්තවාදීන් සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි සැකකරුවන් මුණගැසීමටය. මෙවැනි විකාර තානාපති මැදිහත් වීම් ලෝකයේ වෙනත් රටවල සිදුවිය හැකිද? තානාපතිවරිය ත්‍රස්තවාදය අතුගා දමන තුරුම එල්.ටී.ටී.ඊ සංවිධානයේ අතකොළුවක් වූ ද්‍රවිඩ ජාතික සංවිධානයේ මන්ත්‍රීවරු හමු වූහ.

යහපාලන සමයේදී (2015 ජනවාරි -2019 නොවැම්බර්) සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේදී (2019 නොවැම්බර් -2022 ජුලි) මෙවැනි සංදර්ශන පැවැත්වූයේ නැත. කැනඩාව 2014 දී ත්‍රස්තවාදය පරාජය කිරීමේ සැමරුම වර්ජනය කරන බව ප්‍රකාශ කළේය. එවකට කැනේඩියානු මහ කොමසාරිස්වරිය වූ ෂෙලී වයිටින් The Island පුවත්පතට පමණක් විශේෂ ප්‍රකාශයක් කරමින් යුද ජයග්‍රහණ සැමරුම සංහිඳියාවට දැඩි බාධාවක් බවත් එනිසා එම හමුදා පෙළපාලිය තමන් වර්ජනය කරන බවත් පැවසිය. ඊට පසුව බලයට පැමිණි යහපාලන ආණ්ඩුව යුද ජයග්‍රහණ සැමරුම අතුරුදන් කළේය. යහපාලන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම අවාසනාවන්ත තත්ත්වයට වගකිව යුතු නොවේද? යුද ජයග්‍රහණය සැමරීම 2015 නැවැත්විය. ඊට පසු වසරේ ත්‍රස්තවාදය පරාජය කිරීමට නායකත්වය දුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යහපාලන ආණ්ඩුවට එකතු විය. එම වසරේම යහපාලන රජය ආරක්ෂක හමුදා ජිනීවා නුවර පිහිටි මානව හිමිකම් කොමිසමට පාවා දුන්නේය. ඇමෙරිකාවේ වුවමනාව මත එම පාවාදීම සිදු විය.

ජුලි චන්ග් ගේ උතුරේ ‘නැටුම්’ සම්බන්ධයෙන් විමසා බැලිය යුතු වන්නේ ආණ්ඩුව බටහිර බලවතුන්ට ඔවුන්ට අවශ්‍ය ඕනෑම ආකාරයේ මැදිහත්වීමක් කිරීමට ඉඩ සලසා ඇති පසුබිමකය.

යුද ජයග්‍රහණයේ 15 වැනි සංවත්සරයට අදාළව විදේශීය පාර්ශ්ව කළ කිසිදු ප්‍රකාශයක බෙදුම්වාදී ද්‍රවිඩ ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවේ ඒකීයභාවයට එල්ල කළ තර්ජනය සම්බන්ධයෙන් වචනයක් හෝ නැත. යුද, නාවික, ගුවන් සහ පොලිස් නිලධාරීන් සහ සෙසු නිලයන් 28,000 වඩා අධික ප්‍රමාණයක් මරා දමා 27,000 කට තුවාල සිදුකළ එම ත්‍රස්තවාදී සංවිධානය පරාජය කිරීම උදෙසා අප හමුදා කළ කැප කිරීම් කිසිදා අමතක කළ නොහැක. එය කිසිසේත්ම ශ්‍රී ලංකාවට ජයගත නොහැකි සටනක් ලෙස අවධාරණය කර කර තිබිණි. ඉන්දියානු හමුදා නිලධාරීන් සහ සෙබළුන් 1,500 පමණ ද්‍රවිඩ ත්‍රස්තවාදීන් අතින් මරණයට පත් විය. එම සංඛ්‍යාව මෙන් දෙගුණයක් තුවාල ලැබූහ.

කොටි සංවිධානය 2009 මැයි 18/19 පරාජය වූවාට පසුව රජයට යටත් වූ සහ අත්අඩංගුවට පත්වූ 12,000 කට අධික ත්‍රස්තවාදීන් සංඛ්‍යාවක් ජාත්‍යන්තර සහයෝගය ද ඇතිව වසර කීපයක් තුළ පුනරුත්ථාපනය කිරීමේ ගෞරවයවත් ශ්‍රී ලංකාවට දීමේ වුවමනාවක් කිඹුල් කඳුළු හෙළන එකෙකුටවත් නැත. එම ත්‍රස්තවාදීන්ට එරෙහිව කිසිදු නීතිමය පියවරක් ගැනීමෙන් ශ්‍රී ලංකාව වැළකී සිටියේය. කොටි සංවිධානයේ ප්‍රබලයන් පමණක් නොව අනෙකුත් ඉන්දියාව පුරුදු පුහුණු කළ ත්‍රස්තවාදී සංවිධානවල නායකයින්ටත් පාර්ලිමේන්තුවට පත්වීමේ අවස්ථාව ලබා දුන් බව ව්‍යාජ මානව හිතවාදීන්ට අමතකය.

ත්‍රස්තවාදීන්ට ජනාධිපති සමාව පවා දීමට රාජ්‍ය නායකයෝ පසුබට වූයේ නැත. ඇත්ත වශයෙන්ම බෙදුම්වාදී ත්‍රස්තවාදීන් සැනසීමට පැවති සියලුම ආණ්ඩු නොකළ දෙයක් නැත. අවි ආයුධ සහ භාණ්ඩාගාරය හරහා මුදල් පවා දුන් බව රහසක් නොවේ. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා දෙවන ඊළාම් යුද්ධය 1990 ජුනි 10/11 ආරම්භ වූ පසුවත් කොටි ත්‍රස්තවාදීන්ට ‘කප්පම්’ ගෙවූ බව රහසක් නොවේ. ජනාධිපතිවරයා ගේ නියෝගය පරිදි එවකට මුදල් ලේකම් ආර්. පාස්කරලිංගම් 1990.11.05 දින ත්‍රස්තවාදීන්ට රුපියල් මිලියන 50 ක් ගෙවා ඇත. ඒ ජනාධිපතිවරයාගේම නියෝග මත ත්‍රස්තවාදීන්ට යටත්වූ පොලිස් නිලධාරීන් සිය ගණනක් නැඟෙනහිර පළාතේ ඝාතනය කර ඇති තත්ත්වය පසුබිමේය.

ප්‍රේමදාස ජනාධිපතිවරයා 1989 අගෝස්තු 09 වැනි දින සිට 1990 නොවැම්බර් 05 දක්වා රහස්‍ය වියදම් ශීර්ෂය යටතේ රුපියල් මිලියන 125 බදු ගෙවන්නන්ගේ මුදලින් ත්‍රස්තවාදීන්ට ගෙවා ඇත.

රනිල් වික්‍රමසිංහගේ 2001-2004 ආණ්ඩුව ද ත්‍රස්තවාදීන්ට උපරිම ලෙස සැලකුවේය. අග්‍රාමාත්‍යවරයා ලෙස ඔහු උත්සාහ කළේ කෙසේ හෝ ත්‍රස්තවාදීන් සමග ස්ථිර දේශපාලන ගිවිසුමකට එළඹීමටය. නමුත් ත්‍රස්තවාදීන් 2003 අප්‍රේල් මාසයේදී සාකච්ඡා මේසයෙන් ඉවත් විය. නමුත් ආණ්ඩුව ත්‍රස්තවාදීන්ගේ හිත දිනාගැනීමට උපරිම උත්සහයක් ගත්තේය. ඊට එක උදාහරණයක් දීමට කැමැත්තෙමි. නැවතත් මහත් විනාශකාරී යුද්ධයකට ත්‍රස්තවාදීන් සූදානම් වෙන බවට ඒත්තු ගොස් තිබුණත් නොර්වේ රජයේ මැදිහත් වීමෙන් ඉතාමත් දියුණු සන්නිවේදන උපකරණ ආනයනය කිරීමට මෝඩ ආණ්ඩුව ඉඩ සලසා දුන්නේය. එපමණක් නොව එම ආනයනය කළ උපකරණවලට අදාළ රේගු බදු ආණ්ඩුවේ සාම ක්‍රියාවලිය සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයට ස්වීඩන් රජයෙන් ලැබුණු අරමුදල්වලින් රුපියල් 3,157,675 ගෙවූ බවට සාක්ෂි ඇත. එම ආන්දෝලනාත්මක ගෙවීම එවකට මුදල් ලේකම් ජේ. චරිත රත්වත්ත සාම කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් ආචාර්ය ජෝන් ගුණරත්නට 2003 ජුලි 22 දුන් උපදෙස් පරිදි සිදු විය.

2005 ජනාධිපතිවරණයට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ කඳවුර ද ත්‍රස්තවාදීන්ට කප්පම් ගෙවූ බවට පාර්ලිමේන්තුව තුළ සහ එයින් පිටත චෝදනා කර ඇත. මෙම චෝදනා සුළුවෙන් තැකිය නොහැක. වර්තමාන ජනාධිපතිවරයා ද එම චෝදනා නැගූ පිරිස අතරය.

දැන්වත් ද්‍රවිඩ ත්‍රස්තවාදය හමුදා ක්‍රියාමාර්ග හරහා පරාජය කිරීමට සිදුවීම නිසියාකාරයෙන් ලෝකය ඉදිරියේ තැබිය යුතුය.

- ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ


සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.