News Category
From Date
To Date
Maximum Number of Result

බුදුරජාණන් වහන්සේ පන්සිල් දුන්නේ නැත කියන භික්ෂුවට පිළිතුරක්

May 22, 2024 at 10:18 AM
|

බුදුරජාණන් වහන්සේ පන්සිල් නොදුන් බවට එක්තරා භික්ෂුවක් විසින් පවසා ඇති කතාවට පිළිතුරු සපයා ඇති සමාජ මාධ්‍ය සංසරණය වන සටහනක දක්වා ඇත්තේ  බුද්ධ දේශනාවේ පන්සිල් ගැන ඕනෑ තරම් සූත්‍ර ඇති බවයි.

බුදුරජාණන් වහන්සේ නමින් පැවිදි වූ භික්ෂුවක් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමම මෙකල බුද්ධ සාසනයේ පිරිහීම කෙතරම් දැයි අවබෝධ කරවන්නක් බවද එම සටහනේ දක්වා තිබේ.

අදාළ සටහන පහළින්...

බුදුරජාණන් වහන්සේ පන්සිල් දුන්නද නැද්ද? කියන එක ලංකාව වගේ බෞද්ධ රටක බෞද්ධයෙක් විසින් ඇසිය යුතු ප්‍රශ්නයක් නෙවෙයි.. 

බුදුරජාණන් වහන්සේ පන්සිල් දුන්නේ නෑ කියා, බෞද්ධ යැයි කියා ගන්නා ගිහෙයෙකු ප්‍රශ්න කලත්, බුදුරජාණන් වහන්සේ නමින් පැවිදි වූ භික්ෂුවක් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමම මෙකල බුද්ධ සාසනයේ පිරිහීම කෙතරම් දරුණුද කියා සිතා ගත හැකියි..

බුදුරජාණන් වහන්සේ දේශනා කලේ සීලයෙන් තොර සාමාධියක් සහ ප්‍රඥාවක් නොමැති බවයි.. එසේ නම් සීලයෙන් තොරව බුද්ධ සාසනයක් පවතින්නේ නැත..

බුදුරජාණන් වහන්සේ පන්සිල් දුන්නේ නැත කියන භික්ෂුවට කිව්ව යුත්තේ, බුද්ධ දේශනාවේ පන්සිල් ගැන ඔනී තරම් සූත්‍ර ඇති බවයි.. 

වේලුද්වාර සූත්‍රයේ තියෙනවා, වේලුද්වාර ගමේ පිරිසකට බුදුරජාණන් වහන්සේ පන්සිල් කියලා දෙන විදිය.. ඔවුන් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා දිව්‍යලෝකේ යන වැඩපිළිවෙල කුමක් ද කියා?? එවිට බුදුරජාණන් වහන්සේ වදාලා,දෙව්ලොව යන ප්‍රතිපාදව "පන්සිල් රැකීම" බව...

ආටානාටිය සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ පන්සිල් දීපු බව පැහැදිලිව සඳහන් වෙනවා..

===================================

භගවා හි භන්තේ පාණාතිපාතා වේරමණියා ධම්මං දේසේති, අදින්නාදානා වේරමණියා ධම්මං දේසේති, කාමේසු මිච්ඡාචාරා වේරමණියා ධම්මං දේසේති, මුසාවාදා වේරමණියා ධම්මං දේසේති, සුරාමේරයමජ්ජපමාදට්ඨානා වේරමණියා ධම්මං දේසේති, 

====================================

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ වනාහී සත්ව ඝාතනයෙන් වැළකීම පිණිස දහම් දෙසන සේක. සොරකමෙන් වැළකීම පිණිස දහම් දෙසන සේක. වැරදි කාම සේවනයෙන් වැළකීම පිණිස දහම් දෙසන සේක. බොරු කීමෙන් වැළකීම පිණිස දහම් දෙසන සේක. මත්වීමට හා ප්‍රමාදයට හේතුවන මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම පිණිස දහම් දෙසන සේක. 

=====================================

බුදුරජාණන් වහන්සේ පන්සීල් දීලා, සුගතියේ ගිය කෙනෙක් ගේ ලස්සන විස්තරයක් ඛුද්දක නිකායේ,විමාන වත්තුවේ සඳහන් වෙනවා... "ඡත්ත" නැමැති තරුණයාට බුදුරජාණන් වහන්සේ පන්සිල් දීපු බව මේ දේශනාවේ පැහැදිලිව තියෙනවා.. බුදුරජාණන් වහන්සේගේ මේ පන්සිල් දීමට කිව්වේ "තිසරණ පංචසීලය" කියලයි

"ඡත්ත" නැමැති තරුණයා ශිල්ප හදාරා අවසන් කොට ගුරුවරයාට ගුරු පඬුරු රැගෙන ඒම පිණිස ගම බලා පිටත් වුනා.. පියාගෙන් කහවණු 2000 රැගෙන යලි ගුරුවරයා මුණ ගැසීමට උක්කට්ඨා නුවරට පිටත් වුනා..

එදා අලුයම් කාලයේ අපගේ බුදුරජාණන් වහන්සේ මහකරුණා සමාපත්තියට සමවැදි ලොව දෙස බලන කල්හී, ඡත්ත නම් මේ තරුණයාව බුදු නෙතට පෙනුනා..

හොරු පිරිසක් අතින් මේ තරුණයා මිය යන බවත්, තෙරුවන් කෙරෙහි පහදවා පන්සිල් සමාදන් වුවහොත් ඡත්ත, සුගතියේ යන බවත් බුදුරජාණන් වහන්සේ දුටුවා..

ඡත්ත යන මඟට වැඩි අප මහා භගවතාණෝ, ඡත්තගෙන් මෙහෙම ඇහුවා..

පින්වත් ඡත්ත..ඔබ "තිසරණ පන්සිල්" දන්නවා ද??

ස්වාමිනී..මම නොදනිමි..

“ඡත්ත, මා විසින් මේ ධර්මය දේශනා කොට ඇත්තේ මුල, මැද, අග පිරිසුදු ලෙසින්. ඔබ තිසරණ පංචශීලය සමාදන් වන්න. එය ඔබගේ ජීවිතයට මහත්ඵල මහානිසංස වනු ඇත. ඔබ සමාදන් වන මේ ගාථා රත්යන් තුන මතක තබාගෙන එය සිහි කරමින් ගුරුවරයා වෙත යන්න”යි භාග්‍යවතුන් වහන්සේ වදාළා.

මෙසේ වදලා භාගයවතුන් වහන්සේ, ඡත්තව තිසරණය සහිත පංචසීලයේ සමාදන් කෙරෙව්වා.. 

පන්සිල් ගෙන තෙරුවණ් සරණ ගිය ඡත්ත  හොරුන් අතින්  මැරුම් කෑවා..මිය ගොස් දෙව්ලොව උපන්නා..දෙව්ලොව දෙවියෙක් වූ "ඡත්තමානවක" විසින් ම බුදුරජාණන් වහන්සේ තමන්ට පන්සිල් දුන් බව මෙසේ පවසා සිටියා..

මෙන්න තියෙනවා බුදුරජාණන් වහන්සේ දීපු පන්සිල්..

===============================

1️⃣ඒ අපිරිසුදු වූ නානා ප්‍රකාර වූ ප්‍රාණඝාතය කරන්න එපා. ප්‍රාණින් කෙරෙහි සංයමය නැති අය ගැන නුඹ වහන්සේ වර්ණනා කරන්නේ නැහැ කියලා වදාළ වෙලාවේ ස්වාමීනි, මම පළමුව කිව්වේ දන්නේ නැහැ කියලා. පස්සේ තමයි නුඹ වහන්සේ ගේ වචනය අහල ඒ විදියට කළේ.

2️⃣අනුන් විසින් රකිනු ලබන දේවල් තමන්ට දීලා නැත්නම් ඒ නොදුන් දේවල් ගන්න හිතන්න එපා කියලා වදාළ වෙලාවේ මම පළමුව කිවුවේ ඒ ගැන දන්නේ නැහැ කියලා. පස්සේ තමයි නුඹවහන්සේගේ වචනය අහල ඒ විදියට කළේ.

3️⃣අනුන් ආරක්‍ෂා කරන කාන්තාවන් ඉන්නවා. ඔවුන් කරා යන්න එපා. ඒක පහත් දෙයක් කියලා වදාළ වෙලාවේ ස්වාමීනි මම පළමුව කිවුවේ ඒ ගැන දන්නේ නැහැ කියලා. පස්සේ තමයි නුඹ වහන්සේගේ වචනය අහල ඒ විදියට කළේ.

4️⃣අසත්‍ය බව දැන දැනත් කියන්න එපා. බොරු කීම නුවණැත්තන් වර්ණනා කරන දෙයක් නොවෙයි කියලා වදාළ වෙලාවේ ස්වාමීනි, මම පළමුව කිවුවේ ඒ ගැන දන්නේ නැහැ කියලා. පස්සේ තමයි නුඹ වහන්සේගේ වචනය අහලා ඒ විදියට කළේ.

5️⃣හොඳ සිහිය නැති වෙන්නේ බීමත්කමින් නම් ඒ සැම මද්‍යසාරයක්ම දුරින්ම දුරු කරන්න කියලා වදාළ වෙලාවේදී ස්වාමීනි, මම පළමුව කිවුවේ ඒ ගැන දන්නේ නැහැ කියලයි. පස්සේ තමයි නුඹ වහන්සේගේ වචනය අහලා ඒ විදියට කළේ.

ස්වාමීනි, මම පන්සිල් රැක ගත්තා. තථාගතයන් වහන්සේ වදාළ ධර්මය පිළිපැද්දා. දෙමංසලකට ආපු වෙලාවේදී මාව සොරුන්ට මැදි වුණා. ඔවුන් වස්තුව ගන්න හිතාගෙන මාව මැරුවා. පිනක් ලෙස මෙච්චරයි සිහි කරන්න තිබුණේ. ඒ සුචරිත ධර්මයෙහි විපාක වශයෙන් මම සැප තිබෙන තවුතිසාවේ ඉපදුණා.

===============================

මෙච්චර පැහැදිලිව සූත්‍ර දේශනා තියෙද්දි, ගෞතම බුද්ධ සාසනයේම පැවිදි වූ හිස් මහණුන් විසින්ම භාගයවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීම කොයි තරම් නම් අභාග්‍යක් ද???

මේ බුද්ධ සාසනය තව බොහෝ කල් පවතින්නේ නෑ...මේ ගෙවෙන්නේ බුද්ධ සාසනයක පිරිහීමක ආරම්භක කාලයක්..

රාජ්‍ය අනුග්‍රහය නැති වීමත්, භික්ෂූන් මෙන්ම බහුතරයක් බෞද්ධයන්ද මිත්‍යාදුෂ්ට්ක වීමත් නිසා අනාගතයේ බුද්ධසාසනයේ පිරිහීම වේගවත් වෙනවාමයි.. එනිසා අප්‍රමාදි වෙත්වා!!!

ඡත්ත මානවක විමාන කතාව -

https://tripitaka.online/sutta/13164

https://pitaka.lk/main?n=42116

ආටානාටිය සූත්‍රය https://tripitaka.online/sutta/240

(සටහන සමාජ මාධ්‍යයෙන් උපුටා ගත්තකි)

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.