News Category
From Date
To Date
Maximum Number of Result

සම්භාව්‍ය චිත්‍රපටයක් ගෙදරදීම හදාගන්නේ කොහොම ද?

May 22, 2024 at 10:01 AM
|

රටේ  සිනමාව නූතනකරණය කරන අපේ රටේ වැඩ්ඩන්ගේ චිත්‍රපට හැදීමේ අමුතු කලාව ගැන සමාජ මාධ්‍ය ඔස්සේ හරි අපූරු  සටහනක් පළ කර තිබේ.

එම සිනමා නිර්මාණ විචාරය කරන මහා බුද්ධිමතුන් යැයි කියාගන්නා පිරිස පිළිබඳව ද මෙහි සඳහන් කර ඇති අතර, ඔවුන්ගේ දේශපාලන භාවිතාව සහ සමාජ භාවිතාව පිළිබදව ද මෙම සටහනේ යටිපෙළින් මනාව පිළිබිඹු වේ.

එම සටහන පහළින්...

............................................................
Ingredients
..............................................................

වෙනස් ආකෘතිය ක බටහිර චිත්‍රපටයක්

කාමරයක්

ටැප් එකක්

එලවලු කපන පිහියක්

පූසෙන්

බල්ලෙක්

ඔම්ලට් එකක් සකසා ගත හැකි පෑන් එකක්

බිත්තරයක්

වම්බටු ගෙඩියක්

ප්‍රසිද්ධියේ ඇඳුම් මාරු කරන්න කැමති නිලියක්

අත වනපු ගමං ගෙන්න ගන්න පුලාං නලුවෙක්

හොඳ තත්වයේ පෑන්ටියක්, බ්‍රෙෂියරයක්

බාත් ටවල් එකක්

ඈෂ් හෝල්ඩරයක්

සිගරට් එකක්

ගිනි පෙට්ටියක්

චිත්‍රපටය සාදා ගන්නා ආකාරය

..............................................

චිත්‍රපටය තිරගත කිරීමට සති හතරකට පෙර බොරැල්ල හංදියෙං කොල්ලකු අල්ලාගෙන ඌ⁣ට තමා තෝරාගත් චිත්‍රපටය පෙන්නා කවුරු හෝ සමග එක්ව සෙට්එක සකසා දෙන්න යයි ඉල්ලා අර චිත්‍රපටයේ ආකාරයට ගෙදර කාමරය සකසා ගැනීම.

ක්ලෝත්ෆෝබියාවෙන් පෙළෙන නිලියක් ලවා කැමරාව ඉදිරියේ රෙදි මාරු කරන්න සලස්වන්න.

ඉන් පසු ඇයට සෙමින් නිරුවතින් ඇවිද යන්නැයි පවසන්න....ඇය කාමරයෙන් එහාට හැරෙද්දි නිදා සිටින පූසාට කැමරාව අල්ලන්න...ඉන්පසු ඇය කුස්සියට හැරෙන තැනදී බල්ලාගේ ක්ලෝසප් එකක් ගෙන බුරන හඩක් පසුබිමට එකතු කරන්න .( බල්ලාගේ කරපටියෙහි සමාජවාදී රතු තරුව ඇත. Closeup)

ඉන්පසු නිරුවතින් කුස්සියට යන කාන්තාව ටැප් එකෙන් බටු ගෙඩියක් සෝදා පිහියෙන් කපන සමීප රාමුවක් ගන්න ( එයට විචාරකයෝ පුරුෂ විරෝධය වැනි මහා අර්ථයක් දෙනු නොඅනුමානය.)දැං බටු ගෙඩිය තෙල් ටිකක් දා බදින්න .( අහෝ ස්ත්‍රි හිස්ටරික බව ..විකල්ප විචාරකයෝ හඩනු ඇත.) 

දැං පූසා මේසය උඩය.. ඌ බදින ලද බටු  ව්‍යංජන ය දෙස බලා සිටී ( එය පුරුෂ ලිංගයේ ස්ත්‍රි  පිලිබිඹුවකැයි කේ කේ සමන් ලියනු ඇත.අපූර්වයි.) 

පසුබිමෙන් පිරිත් ස්වරයක් ඇසේ. කාන්තාව රතු පැහැ බිත්තරයක් කඩා පෑන් එකට දමයි එය පෙන්වන්නේ සෙවණැල්ලක් පරිදිය ( එය බෞද්ධ භාවයේ සංකේතීය  ගබ්සාවේ පිළිබිඹුවක්  යයි අජිත් ගලප්පත්ති ලියනු ඇත.) එමෙන්ම ඩෙරීඩා ස්ත්‍රි ආත්මයෙන් පුරුෂ කොටසට දෙකට වූවායයි දීප්ති කුමාර ගුණරත්න කැට තියනු ඇත. ඔක්කොම හොඳයි පෑන් එකට බිත්තරේ දාද්දි වමට සෑහෙන බර වුනා. ඔම්ලට් එකෙ දකුණු පැත්ත පුස්.මචං..ධනවාදයෙ අවුල පෙන්නන හැටි බලහං..බිත්තර සාරුවලිං එලියට පැනපු බී ලූනු කෑල්ල කරවෙලා..ඒ සංකේතීය අගය පට්ට... .ඒ විදර්ශන ය.. 

මේක මචං දෘෂ්ටිය අතින් මාර  ප්‍රබලයි. සිම්බලික අර්ථය බලහං..අනෙක උඹ දැක්කද මේ බිත්තරේ කහමද දෙකක් තිබ්බ ..ඒකෙං කියන්නෙ ධනේෂ්වර පක්ෂ දෙක මැද තමයි වම තියෙන්නෙ .වම තමයි සුද මදේ සංකේතාර්ථ මාර පර්ෆෙක්ට් .....ඒ බූපතිය..

දැං ස්ත්‍රිය නිල් කට්රොල් යොදා සැකසූ බත සමග බටු මාලුව බුදියි...( ස්ත්‍රි පුරුෂ සමානාත්මතා වේ පිළිබිඹුවක් අහෝ ! සුරේඛා සමරසේන ලියයි ) 

උයා අවසන් වූ  නිරුවත් ස්ත්‍රිය දොර අසල සිටින බල්ලාට හාදුවක් දී නාන කාමරයට වැද නිරුවතින්ම ස්නානය කරයි.( Closeup) නාන කාමරයේ කොනක පෑන්ටිය සහ බ්‍රෙෂියරය  එල්ලෙයි.( Closeup) (  ස්ක්‍රිය ආත්මය උනා දමා මාක්ස්වාදය ස්නානය කරයි ඒ චූලානන්ද සමරනායක ය) 

 ඉන් පසු ඇය  බාත් ටවල් එකකින් හිස කෙස එකට බැඳ නිරුවතින් ම සාලයට පැමිණ මාකස්ගේ රුව පිංතාරු කල කුෂනයක් මත සුවපහසුවට හිඳගෙන පසෙක ඇති ගිනිපෙට්ටිය දල්වා සුව පහසු ලෙස දුම් උගුරක් උරයි..( සමාජවාදයට පශ්චාත් බාගයදුන් ධනවාදයේ ව්‍යාජ ස්ත්‍රිත්වය යයි ජයසිරි අලවත්ත ලියනු ඇත.)  චිත්‍රපටය ට තෝරාගත් පූසාව කන්න නොදී දවසක් තබා ඌ හඩ නගන කෙදිරිය වෙනම පටිගත කර පසුබිම් සංගීතය ලෙස භාවිත කල හැක.( ස්ත්‍රි වැජයිනාවේ කෙදිරිය සංගීතය පිලිබිඹු කලා යනුවෙන් ගාමිණී වියන්ගොඩ ලියනු ඇත) 

දැං  නලුවා ඈෂ් ට්‍රේ එක  ස්ටූලයක් මත තබා කරකවන සමීප රූපරාමුවක්.ඈෂ් ට්‍රේ එක මතට නග්න ස්ත්‍රියගේ රුව වැටී ඇත.ඔහු එය ඒ මේ අතට හරවමින් බලයි. එතකොටම සමාජවාදී තරුව පැලඳි බල්ලා ස්ටූලයට නැග ඈෂ් ට්‍රේ එක පෙරලා දමයි.අම්මට හු....පං  කැම්රියා....නලුවා බෙරිහං දෙයි....( ධනවාදයේ මස් කට්ට ලෙවකන සුනඛයා සෑම විටම ස්ත්‍රි සෞන්දර්යයට ප්‍රතිවාදී වෙයි...කෙේ කේ සමන් කුමාර නැවත ලියයි )  අවසානයේ ටික ටික අඳුරු වී තිරය සහමුලින්ම අදුරු වෙයි කිසිවක් නොපෙනී යයි.අකුරු පමණක් පෙනේ...

කාන්තාව දැං පිරිමියාගේ ඔඩොක්කුවේ...

දැං දෙන්නා වැළඳගෙන ඉන්නවා

එකපාර අකුරු බොඳවේ.නිමි යයි වැටේ..

අකුරුවලිං  දෙන්නෙක් හැමිණෙනව දැක්කමයි පුදුමෝත්තවල් තමයි මෙව්වා... හැබැයි පොඩි මෙව්ව එකකුත් තියේ...සන්නස්ගල රැවුල අතගාමින් උරහිස් සලමින් දොඩනු ඇත. 

දැං ඔබ සම්භාව්‍ය වැඩිහිටි චිත්‍රපටය ක් නිපදවා තිබේ.එයට සිංහල බෞද්ධ මුහුණුවරක් දීමට අවැසිනම් ඔබ කල යුත්තේ නිරුවත් ස්ත්‍රිය සිගරට් දුම මුදා හරින දර්ශනයට සමපාතව බුදු පිලිමයක් ඉදිරියේ හදුන්කූරක් දැල්වෙන ආකාරය ප්‍රදර්ශනය කිරීමයි.( සිංහල බෞද්ධ දෘෂ්ඨිවාදයට ස්ත්‍රි ලිංග ප්‍රහාරයක් යයි චින්තන ධර්මදාස කියනු ඇත) 

ඉනික්බිති  සමාජවාදී බල්ලා දුටු විකාර සිහිනය වැනි තේමාවක් යටතේ My Cute Baby වැනි ඉංගිරිසි නමක් යොදා  ඔබ කොපි කල චිත්‍රපටය ඒ රටේ තිරගත වන විටම සතියෙං දෙකෙන් පෝලිම පන්නා මණ්ඩලේට බෝල බස්සා මහජන ප්‍රදර්ශනය කිරීමය.ඉන්පසු වසර පාලෝක පර්යේෂණය ක් මැයෙන් මාකටින් පාරක් දුන් විට මා පෙර කිව්  විචාරක ඔස්තාර්ලා ඔබව මෙරට ලෙස්ටර් ජේම්ස් බවට පත් කරනු ඇත  විශේෂයෙන්ම හෙන්රි වර්ණකුලසූරිය ඝණයේ අය කළණ මිතුරන් ව තබා ගැනීම ඉතා වැදගත් ය. මක් නිසාද යත් චිත්‍රපටයේ  කිඹුලා , කොටියා බවට දිවුරා තීන්දු දෙන්නට මිත්‍රත්වයේ නාමයෙං ඔහු බැඳී සිටී. නමුත් අධයක්ෂ මිත්‍රයකු නොවන්නේ නම්,   "ඒක බලන්න වියදම් කරපු 1500යි කාරෙකට ගහුව රුපියල් 3000 යි අපරාදෙ ගල් ඔයෙන් වතුර බෝතලයක් අගේට බොන්න තිබුණා " යයි Henry Warnakulasuriya  ලියනු ඇත.එබැවින් විචාරකයින් ⁣ෂේප් කර . ජූරි සභිකයන්ටද කාල බාගෙ සහ ප්‍රධාන නිලියගේ ආලය ද පරිත්‍යාග කළ විට වසරේ හොදම නලුවා නිලිය පමණක් නොව වසරේ හොඳම බල්ලා සම්මානයද ඔබට හිමිවනු ඇත..ඉතින් මන්ද පමා,

දැන්ම පටන් ගන්න 😊

- උපේක්ෂා නුවන්ශ්‍රීනි
(උපුටා ගැනීම - අන්තර්ජාලයෙන්)


සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.