ඔබ සියල්ලන් අවදි විය යුතු කාලය එළැඹ ඇත... ව්‍යාජව නිදා සිටීමෙන් අහිමි වන්නේ ඔබේ දරුවන්ගේ අනාගතයයි
පස් වැදෑරුම් ඉන්දියානු ආක්‍රමණයේ වැදගත් කොටසක් දැන් අපට සංචාරක කර්මාන්තයට මුවාවී සිදුවෙමින් පවතී.
ව්‍යාජ රාමායන ඉතිහාසයක් ගොඩනැගීමත් ඒ මතින් ලංකාව රාම කුමාරයාගේ භූමියක් යයි ප්‍රකාශයට පත් කිරීමත් මේ අනුව සීග්‍රයෙන් සිදුවෙමින් පවතී. ඉන්දියාව ලංකා රාජ්‍යය තමන් සතුකර ගැනීමේ නොනිත් ආශාවෙන් ක්‍රියාකරමින් පවති. මේ ආක්‍රමණයට එරෙහිව අප වෙනුවෙන් පෙනී සිටිය යුතු අපගේ ජන්දයෙන් පත් වූ නායකයන් දැන් ඒ ආක්‍රමණයේ ක්‍රියාකාරී කොටස් කරුවන් ලෙස ඉන්දියාවටත් ඇමෙරිකාවටත් සේවය කරමින් පවතී.
සමුද්‍රීය, ගුවන්, බලශක්ති සහ විදුළිය, වෙළඳ, ආර්ථික සහ මූල්‍ය මෙන්ම සංස්කෘතික වශයෙන්ද ලංකාව ඉන්දියාව යටත් කෙරෙන ඉතාම ප්‍රබල ආක්‍රමණයකට අද අප මුහුණ දී තිබෙනවා. ඒ අතර සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ 76 වැනි වගන්තිය යටතේ ශ්‍රී ලංකා ජනරජය හිමිකම් පෑ අපගේ සාගර කලාපය ඉන්දියාව විසින් අල්ලා ගැනීමට උත්සහක් පවා මේ මොහොතේත් ඉන්දියාව විසින් දරමින් පවතිනවා.
කුම්බාභිෂේඛම් පූජාව නමින් හෙට දිනයේ මෑතකදී ගොඩ නැගු සීතා කෝවිලේදී පැවැත්වෙන්නේ ලංකාව නමැති ස්වාධින රාජ්‍යයේ මරණ සහතිකයේ තවත් එක කොටස් ලියවීම බව තේරුම් ගත යුතුය.
ඉන්දියාව විසින් පුහුණු කරන ලදුව ලංකාව විනාශ කිරීම සදහාම යොදවන ලද කොටි ත්‍රස්තයන් පරාජය කිරීමේ 15 වන වියග්‍රහණයේ සැමරුම දින රටේ රාජ්‍ය ඇමති එය සමරනු වෙනුවට සිදුකලේ මේ කුම්බාභිෂේඛම් නමින් හදුන්වා ගන්නා පූජාවට ඉන්දියාවෙන් ඒවා ඇති ප්‍රධාන පුජකයා පිළිගැනීමට ගුවන් තොටුපලට යෑමයි.
ජාතික විජයග්‍රහණයේ සැමරුමක ප්‍රධාන ආරාධිතයා විය යුතු රටේ ජනාධිපති අද උදැසනම විදේශ ගත වී තිබුණා. නමුදු විවිධ ආකාරවලින් කොටි ත්‍රස්තවාදීන් උත්කර්ෂයට නැංවීම වෙනුවෙන් සංවිධානය කෙරුණු අනුස්මරණ උත්සව නම් ඕන තරම් රටේ දක්නට ලැබුණා. රට එක්සේසත් කල ශ්‍රේෂ්ඨ දිනයක එම දිනයේ පිහිටෙන් බලයට පැමිණි දේශපාලකයන් එම ජයග්‍රහණයේ 15වෙනි අනුස්මරණය දා නව ඉන්දියානු ආක්‍රමණයක කොටස් කරුවන් වීම දැක්මට අප අද අවාසනාවන්ත වී තිබෙනවා. ආක්‍රමණ 18කින් යටත් කරගැනීමට නොහැකි වූ රට අද සටනකින් තොරවම ඉන්දියානු කරණය වෙමින් පවතී.
අද අප සියල්ලන්ම අපගේ අනාගතය සහ රට වෙනුවෙන් ශක්තිමත් සටනකට එළබිය යුතුම මොහොත උදා වී තිබෙනවා. රට ඉන්දියාව පවා දීම පැමිණෙන ඕනෑම මැතිවරණයකදී පරාජය උරුම කරන කාරණයක් බවට පත්කළ යුතුය. ඉන්දියාව වෙනුවෙන් පෙනී සිටින කිසිවෙකුට ඡන්දය නොදෙන ලෙස ජනමතයක් සමග පෙළ අප පෙළ ගැසිය යුතුමයි. නමුත් චන්දයකට පෙරම මේ ආක්‍රමණය අදාල කිරීමටත් එය ලංකාව තුලදී තීරණාත්මක ලෙස පරාජය කිරීමත් අප කළ යුතුමයි.
මේ ඔබ සියල්ලන්ම අවදි වියයුතු මොහොතයි. ව්‍යාජව නිදා සිටීමෙන් අහිමි වන්නේ ඔබේ දරුවන්ගේ අනාගතය බව පමණක් තේරුම් ගන්න.
සංඛ චන්දිම අභයවර්ධන
ශ්‍රී ලංකා හරිත සන්ධානය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්