සීමාවාසික වෛද්‍යවරුන්ට අතිකාල දීමනා ලබා දෙනු... නැතිනම් බාල ගිරි දෝෂය අද නොවේ හෙට ක්‍රියාත්මක කරනු - මහජන යුතුකම් කේන්ද්‍රය
ශ්‍රී ලංකාවේ සීමාවාසික වෛද්‍යවරුන්ට ඔවුන්ගේ දැනට ලබා දෙන ලබන වැටුප දීර්ඝ කාලයක සිට වැඩි කර නොමැති අතර, එම වැටුප වැඩිකර ලබා දෙන ලෙස විවිධ ඉල්ලීම් ඉදිරිපත් කර ඇතත් එය මෙතෙක් විවිධ හේතු කියමින් බලධාරීන් විසින් ප්‍රමාද කරමින් ඇති බව වාර්තා වේ.
මේ පිළිබඳව අදහස් දක්වන මහජන යුතුකම් කේන්ද්‍රය පවසන්නේ මේ සම්බන්ධයෙන් දීර්ඝ කාලයක සිට විවිධ ඉල්ලීම් ඉදිරිපත්ව ඇතත් විවිධ හේතු දක්කමින් මුදල් අමාත්‍යාංශය, මහා භාණ්ඩාගාරය සහ දේශ පාලන අධිකාරිය තමන්ගේ වැටුප පමණක් වැඩි කරගෙන ඇති බවයි.
මහජන යුතුකම් කේන්ද්‍රය වැඩිදුරටත් මෙසේ ද පවසයි.
"ලෝකයේ ඉතා අවම වැටුපකින් වැඩිම කාලයක් වැඩ කරනු ලබන ශ්‍රී ලංකාවේ සීමාවාසික වෛද්‍යවරුන්ට ඔවුන්ගේ දැනට ලබා දෙන ලබන වැටුප දීර්ඝ කාලයක සිට වැඩි කර නොමැති අතර එම වැටුප වැඩිකර ලබා දෙන ලෙස විවිධ ඉල්ලීම් ඉදිරිපත් කර ඇතත් එය මෙතෙක් විවිධ හේතු කියමින් බලධාරීන් විසින් ප්‍රමාද කරමින් ඇත.
එය හරියට බාලගිරි දෝෂය අද නොවේ හෙට යන්න වගේය.
එසේම මේ රටේ උගත්ම පිරිසකගේ ශ්‍රමය අසීමිත ලෙස සූරාකමින් ඇත.
මේ සම්බන්ධයෙන් දීර්ඝ කාලයක සිට විවිධ ඉල්ලීම් ඉදිරිපත්ව ඇතත් විවිධ හේතු දක්කමින් මුදල් අමාත්‍යාංශය මහා භාණ්ඩාගාරය සහ දේශ පාලන අධිකාරිය ඔහේ වගේ වගක් නොමැතිව තමන්ගේ වැටුප පමණක් වැඩි කරගෙන ඇත.
මහ බැංකු අධිපතිවරයා වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් නිදහසට කරුණු කියමින් එය සාධාරණය කරමින් ලෝකය හා සසඳමින් කරුණු ඉදිරිපත් කර තමන්ගේ පැලැන්තිය පමණක් බේරා ගනිමින් කටයුතු කරන ආකාරය ලැජ්ජා සහගතව බලා සිටීමට ශ්‍රී ලංකාවාසීන්ට සිදුව ඇත.
ලෝකයාට සාපේක්ෂව මෙරට වෛද්‍යවරුන්ට වැටුප් ලැබෙන්නේ නැති බව ඔහු හෝ දේශපාලන අධිකාරිය නොදන්නා බවක් අඟවමින් ඇත.
එහෙත් ඔහුගේ ආයතනයට පැය අටේ සේවයට බඳවා ගන්නා ආධුනික නිලධාරීන් හට රුපියල් ලක්ෂ එකහමාරක පමණ වැටුපක් ලබාදීමට කටයුතු කරන බවට දැන්වීම් පවා දමා ඇත.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකරණ සේවයට බඳවා ගන්නා නිලධාරීන්ට පවා පැය අටේ සේවයට පමණක් රුපියල් ලක්ෂයකට ආසන්න වැටුපක් ආධුනික කාලයේ පවා ගෙවීමට ඔවුන් කටයුතු කර ඇත.
එසේම මේ වෙනුවෙන් කතා කළ යුතු සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිටින ඇතැම් රාජ්‍ය නිලධාරීන් ඔවුන්ගේ දරුවන් වෛද්‍යවරුන් වශයෙන් ත්‍රිවිධ හමුදා වන් හි සේවය කරනු ලබන බැවින් ඔවුන්ට එය දැනෙන්නේ නැති බැවින් සාධාරණය වෙනුවෙන් පෙනී සිටීමට ඉදිරිපත් වීමක්ද දකින්නේ නැත.
මක්නිසාදයත් ඔවුන්ගේ ත්‍රිවිධ හමුදාවන්හි සේවය කරන සීමාවාසික වෛද්‍යවරුන් වශයෙන් සිටින දරුවන්ට ආහාර දීමනාව වශයෙන් පමණක් රුපියල් තිස් දහසකට ආසන්න මුදලක් ලැබෙන හෙයින් සහ එයට අමතරව වැටුපක් ලැබෙන හෙයින් එය ඔවුන්ට දැනෙන්නේ නැත.
එබැවින් සීමාවාසික වෛද්‍යවරුන් වශයෙන් සේවය කරනු ලබන සියලුම වෛද්‍යවරුන්ට තමන්ගේ පැය අටේ සේවා කාලයට අමතරව වැඩ කරනු ලබන සියලුම වේලාවන්ට අතිකාල දීමනා ලබාදීමට කටයුතු කළ යුතුව ඇත.
වෙනත් ආයතන වල පවා ස්ථිර නොවන සේවකයින්ටද එවැනි දීමනා හිමි වන බැවින් මෙම මහා ශ්‍රම සූරා කෑමට එරෙහි වීමට කටයුතු කළ යුතුව ඇත.
එබැවින් දැනට සීමාවාසික වෛද්‍යවරයෙකුට ගෙවනු ලබන රුපියල් 56000/= වැටුප ගණනය කර ඒ වෙනුවෙන් ඔවුන්ට පැයකට ලැබිය යුතු අතිකාල දීමනා ප්‍රමාණය නිර්ණය කර පැය අටේ සේවාවට අමතරව වැඩ කරනු ලබන පැය ගණන සඳහා මෙම වහල් ශ්‍රමය අවසන් කිරීම සඳහා ඒ වෙනුවෙන් ඔවුන්ට අති කාල දීමනා ලබාදිය යුතුව ඇත.
රටේ ඉහළම උගත් පිරිසට සලකනු ලබන්නේ මෙවැනි ආකාරයකට නම් ඔවුන් මෙරට හැරදා යෑම සාධාරණ වනු ඇත.
එබැවින් කම්කරු නීති අනුවත් මෙම පැය අටේ සේවාවට අමතරව කරනු ලබන පැය ගණන් සඳහා ශ්‍රී ලංකාවේ උගත් අධ්‍යාපනය වෙනුවෙන් දීර්ඝ කාලයක් කැප කිරීම් කර ඇති ඒ හේතුව නිසාම ඔවුන්ගේ වයස අවුරුදු තිහකට ආසන්න වී ඇති පිරිසට අති කාල දීමනා ලබාදීමට කටයුතු කර ඔවුන්ගේ අනාගතය සුරක්ෂා කළ යුතුව ඇත.
එය ඔවුන්ට පමණක් නොවන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය වෙනුවෙන් කරන ආයෝජනයක් ද වනු ඇත.
මෑතක මහා බැංකුවේ වැඩි කරගත් වැටුපට අමතරව ඒ හා සමානව විශාල අතිකාල දීමනා ප්‍රමාණයකුත් ලැබෙන්නේ නම් ඉතා අවම වැටුපකට වැඩ කරනු ලබන සීමා වාසික වෛද්‍යවරුන්ට අතිකාල දීමනා ලබාදීමට එකඟතාවය පළකිරීමට මහා බැංකු අධිපතිවරයාට හා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට කිසිදු බාධාවක් නොමැත.
එසේම අදාල වෛද්‍යවරුන්ට වැටුප් වෙනුවට අතිකාල දීමනා ලබාදීම නිසා වෙනත් අයගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේ ද නැත.
එබැවින් දේශයේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා කඩිනමින් මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අදාළ බලධාරීන් කටයුතු කරනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමු."
මහජන යුතුකමක් වෙනුවෙන්,
මහජන යුතුකම් කේන්ද්‍රය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..