News Category
From Date
To Date
Maximum Number of Result

සීමාවාසික වෛද්‍යවරුන්ට අතිකාල දීමනා ලබා දෙනු... නැතිනම් බාල ගිරි දෝෂය අද නොවේ හෙට ක්‍රියාත්මක කරනු - මහජන යුතුකම් කේන්ද්‍රය

May 16, 2024 at 04:05 PM
|

ශ්‍රී ලංකාවේ සීමාවාසික වෛද්‍යවරුන්ට ඔවුන්ගේ දැනට ලබා දෙන ලබන වැටුප දීර්ඝ කාලයක සිට වැඩි කර නොමැති අතර,  එම වැටුප වැඩිකර ලබා දෙන ලෙස විවිධ ඉල්ලීම් ඉදිරිපත් කර ඇතත් එය මෙතෙක් විවිධ හේතු කියමින් බලධාරීන් විසින් ප්‍රමාද කරමින් ඇති බව වාර්තා වේ.

මේ පිළිබඳව අදහස් දක්වන මහජන යුතුකම් කේන්ද්‍රය පවසන්නේ මේ සම්බන්ධයෙන් දීර්ඝ කාලයක සිට විවිධ ඉල්ලීම් ඉදිරිපත්ව  ඇතත්   විවිධ හේතු දක්කමින් මුදල් අමාත්‍යාංශය, මහා භාණ්ඩාගාරය සහ දේශ පාලන අධිකාරිය  තමන්ගේ වැටුප පමණක් වැඩි කරගෙන ඇති බවයි.

මහජන යුතුකම් කේන්ද්‍රය වැඩිදුරටත් මෙසේ ද පවසයි.

"ලෝකයේ ඉතා අවම වැටුපකින් වැඩිම කාලයක් වැඩ කරනු ලබන ශ්‍රී ලංකාවේ සීමාවාසික වෛද්‍යවරුන්ට ඔවුන්ගේ දැනට ලබා දෙන ලබන වැටුප දීර්ඝ කාලයක සිට වැඩි කර නොමැති අතර  එම වැටුප වැඩිකර ලබා දෙන ලෙස විවිධ ඉල්ලීම් ඉදිරිපත් කර ඇතත් එය මෙතෙක් විවිධ හේතු කියමින් බලධාරීන් විසින් ප්‍රමාද කරමින් ඇත.   

එය හරියට බාලගිරි දෝෂය අද නොවේ හෙට යන්න වගේය. 

එසේම මේ රටේ උගත්ම පිරිසකගේ ශ්‍රමය අසීමිත ලෙස සූරාකමින් ඇත.

මේ සම්බන්ධයෙන් දීර්ඝ කාලයක සිට විවිධ ඉල්ලීම් ඉදිරිපත්ව  ඇතත්   විවිධ හේතු දක්කමින් මුදල් අමාත්‍යාංශය මහා භාණ්ඩාගාරය සහ දේශ පාලන අධිකාරිය  ඔහේ වගේ වගක් නොමැතිව තමන්ගේ වැටුප පමණක් වැඩි කරගෙන ඇත. 

මහ බැංකු අධිපතිවරයා වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් නිදහසට කරුණු කියමින් එය සාධාරණය කරමින් ලෝකය හා සසඳමින් කරුණු ඉදිරිපත් කර තමන්ගේ පැලැන්තිය පමණක් බේරා ගනිමින් කටයුතු කරන ආකාරය ලැජ්ජා සහගතව බලා සිටීමට ශ්‍රී ලංකාවාසීන්ට සිදුව ඇත.

ලෝකයාට සාපේක්ෂව මෙරට වෛද්‍යවරුන්ට වැටුප් ලැබෙන්නේ නැති බව ඔහු හෝ දේශපාලන අධිකාරිය නොදන්නා බවක් අඟවමින් ඇත. 

එහෙත් ඔහුගේ ආයතනයට පැය අටේ සේවයට බඳවා ගන්නා ආධුනික නිලධාරීන් හට රුපියල් ලක්ෂ එකහමාරක පමණ වැටුපක් ලබාදීමට කටයුතු කරන  බවට දැන්වීම් පවා දමා ඇත.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකරණ සේවයට බඳවා ගන්නා නිලධාරීන්ට පවා පැය අටේ සේවයට පමණක් රුපියල් ලක්ෂයකට ආසන්න වැටුපක් ආධුනික කාලයේ පවා ගෙවීමට  ඔවුන් කටයුතු කර ඇත.

එසේම මේ වෙනුවෙන් කතා කළ යුතු  සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිටින ඇතැම් රාජ්‍ය නිලධාරීන් ඔවුන්ගේ දරුවන් වෛද්‍යවරුන් වශයෙන් ත්‍රිවිධ හමුදා වන් හි සේවය කරනු ලබන බැවින් ඔවුන්ට එය දැනෙන්නේ නැති බැවින් සාධාරණය වෙනුවෙන් පෙනී සිටීමට ඉදිරිපත් වීමක්ද දකින්නේ නැත.

මක්නිසාදයත් ඔවුන්ගේ  ත්‍රිවිධ හමුදාවන්හි සේවය කරන සීමාවාසික වෛද්‍යවරුන් වශයෙන් සිටින දරුවන්ට ආහාර දීමනාව වශයෙන් පමණක් රුපියල් තිස් දහසකට ආසන්න මුදලක් ලැබෙන  හෙයින් සහ එයට අමතරව වැටුපක් ලැබෙන හෙයින් එය ඔවුන්ට දැනෙන්නේ නැත. 

එබැවින් සීමාවාසික වෛද්‍යවරුන් වශයෙන් සේවය කරනු ලබන සියලුම වෛද්‍යවරුන්ට තමන්ගේ පැය අටේ සේවා කාලයට අමතරව වැඩ කරනු ලබන සියලුම වේලාවන්ට  අතිකාල දීමනා ලබාදීමට කටයුතු කළ යුතුව ඇත. 

වෙනත් ආයතන වල පවා ස්ථිර නොවන සේවකයින්ටද  එවැනි දීමනා හිමි වන බැවින් මෙම මහා ශ්‍රම සූරා කෑමට එරෙහි වීමට කටයුතු කළ යුතුව ඇත. 

එබැවින් දැනට සීමාවාසික වෛද්‍යවරයෙකුට ගෙවනු ලබන රුපියල් 56000/= වැටුප ගණනය කර ඒ වෙනුවෙන් ඔවුන්ට පැයකට ලැබිය යුතු අතිකාල දීමනා ප්‍රමාණය නිර්ණය කර පැය අටේ සේවාවට අමතරව වැඩ කරනු ලබන පැය ගණන සඳහා මෙම වහල් ශ්‍රමය අවසන් කිරීම සඳහා ඒ වෙනුවෙන් ඔවුන්ට අති කාල දීමනා ලබාදිය යුතුව ඇත. 

රටේ ඉහළම උගත් පිරිසට සලකනු ලබන්නේ  මෙවැනි ආකාරයකට නම්  ඔවුන් මෙරට හැරදා යෑම සාධාරණ වනු ඇත. 

එබැවින් කම්කරු නීති අනුවත් මෙම පැය අටේ සේවාවට අමතරව කරනු ලබන පැය ගණන් සඳහා ශ්‍රී ලංකාවේ උගත් අධ්‍යාපනය වෙනුවෙන් දීර්ඝ කාලයක් කැප කිරීම් කර ඇති ඒ හේතුව නිසාම ඔවුන්ගේ වයස අවුරුදු තිහකට ආසන්න වී ඇති පිරිසට අති කාල දීමනා  ලබාදීමට කටයුතු කර ඔවුන්ගේ අනාගතය සුරක්ෂා කළ යුතුව ඇත. 

එය ඔවුන්ට පමණක් නොවන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය වෙනුවෙන් කරන ආයෝජනයක් ද වනු ඇත.

මෑතක මහා බැංකුවේ වැඩි කරගත් වැටුපට අමතරව ඒ හා සමානව විශාල අතිකාල දීමනා ප්‍රමාණයකුත් ලැබෙන්නේ නම්  ඉතා අවම වැටුපකට වැඩ කරනු ලබන සීමා වාසික වෛද්‍යවරුන්ට අතිකාල දීමනා ලබාදීමට එකඟතාවය පළකිරීමට  මහා බැංකු අධිපතිවරයාට හා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට කිසිදු බාධාවක් නොමැත. 

එසේම අදාල වෛද්‍යවරුන්ට වැටුප් වෙනුවට අතිකාල දීමනා ලබාදීම නිසා වෙනත් අයගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේ ද නැත. 

එබැවින් දේශයේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා කඩිනමින් මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අදාළ බලධාරීන් කටයුතු කරනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමු."

මහජන යුතුකමක් වෙනුවෙන්, 
මහජන යුතුකම් කේන්ද්‍රය

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.