News Category
From Date
To Date
Maximum Number of Result

ලාල් අනුර බලය බෙදපිය!

May 15, 2024 at 02:15 PM
|

ඒ 1987 බව මටතකය. එදා 8 පංතියේ පාසල් සිසුවකුව සිටි මට ඉන්දු ලංකා ගිවිසුම,වඳුරු හමුදාව,පලා බබා ගැන අවබෝධය ලබා දුන්නේ ජවිපෙ ශිෂ්‍ය අංශයේ ප්‍රසන්න නම් අයියා කෙනෙකි. එදා පාසැල් අධ්‍යාපනය මුළුමනින්ම වගේ අඩපණ කල ජවිපෙ ශිෂ්‍ය ක්‍රියාකාරීන් පංති වල ඉගැන්වීමට ගුරුවරුන්ට ඉඩ නොදී ඔවුන් පැමිණ ඉන්දු ලංකා ගිවිසුම, ඉන්දීය වඳුරු හමුදාව නිසා රට ඉන්ඳියාවට යටත් වන බවත් ගිවිසුම නිසා පලාත් සබාවලට බලය බෙදීමෙන් රට කැබලි වලට බෙදෙන බවත් අධ්‍යාපනය ලබන්නත් ජීවත් වන්නටත් රටක් තිබිය යුතු බවට හර බර දේශණද දින දින සූදානම් කරන පිකටිං වලට අපව යොදවා ගැනීමත් තාප්ප පුරා සටන් පාඨ සටන් පුවරු ලිවීමත් හැරුනුකොට පාසල් අධ්‍යාපනයක් නොවීය.

ඒ දේශණ ඇසූ බොහෝ අය ජවිපෙ ශිෂ්‍ය අංශයට සම්බන්ධ විය. පරම්පරාවෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී පවුලකින් පැවත ආවද රටට බෙදී යාමේ අනතුරක් අපට රට අහිමි වීමක් ගැන දැනුනු නිසාම එදා ජවිපෙ ශිෂ්‍ය අංශයට සහාය දීමට තීරණය කර පාසලේදී එම ක්‍රියාකාරකම් වලට යොමු විය. එදා පලාත් සබා වලට බලය බෙදීමට එරෙහිව,ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව තීව්ර උන ජවිපෙ ප්‍රචණ්ඩ ක්‍රියාකාරීත්වය අවසන මුළු රටම කැරකෝප්පුවක් බවට පත් වීමට වැඩි කලක් ගියේ නැත. එම ජවිපෙ ප්‍රචණ්ඩත්වයට ප්‍රචණ්ඩත්වයෙන්ම පිලිතුරු සැපයූ පැවති රජයද නිසා රටට වටිනා ජීවිත ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක්ද බිලියන ගණනක දේපලද ජනතාවගේ වටිනා කාලයෙන් වසර 3-4ක් විනාශ වී රට වසර ගණනාවකින් ආපස්සට ඇද දමන ලදී. මා මේ ටික කීවේ 1990න් පසු උපන් බොහෝ දෙනෙකු මේ සිදුවීම් වල ඇති බරපතල කම නොදන්නා නිසාය. මේ සියල්ල ජවිපෙ කලේ බලය බෙදීමෙන් රට බෙදෙනවා යන ඔවුන්ගේ ප්‍රවාදය නිසාය. එසේ කියමින් සිටි ජවිපෙ සමූල ඝාතනය වී නැවත ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට පිවිස නැවතත් රට බෙදී යාමේ අනතුර පැරදවීමට එදා දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය මානෙල් මල් ව්‍යාපාරය ගොඩ නගා කටයුතු කල බව අනුරට අමතක උවද අපට මතකය. එසේම බෙදුම්වාදී ව්‍යාපාරයට එරෙහිව කටයුතු කිරීමේදී කුමාර් ගුණරත්නම් ප්‍රමුඛ අද පෙරටුගාමී වී ඇති පිරිස වෙනත් මතයක් දැරුවද අනුර ලාල් ටිල්වින් විමල් බහුතරය පෙනී සිටියේ බෙදුමාවාදයට බලය බෙදීමට එරෙහිවය. ඒ නිසාම මහින්ද රාජපක්ෂ 2005 ජනපති කිරීමේ සටනට ජවිපෙ කර දුන්නේද යුද්ධය ජයග්‍රහණය කිරීමේ අරමුනින්ය.

මෙසේ සිටි ජවිපෙ එක වරම බලය බෙදීමේ වලිප්පුව හැදුනේ කෙලෙසදැයි අප බැරෑරුම්ව කල්පනා කල යුතුය. බලය බෙදීමේ මතය දරණ සුපිරි ඔස්තාද්ලා ජවිපෙ තුලට රිංගන්නේද නිකන්ම නොවේ.ජවිපෙ මතවාදය සහමුලින්ම කනපිට ගැසූ මෙහෙයුම සිදු වීම සහ ලොව පුරා සිටින දෙමළ ඩයස්පෝරාවේ බෙදුම්වාදීන් සමඟ අනුරගේ පයිරුපාසානය මේ වෙනස අපට තේරුම් කර දෙයි. ජවිපෙ නායකයින් ගමට බලය බෙදන තියරි දේශණා කරන්නේ නිකන්ම නොවේ. යම් විදිහකින් ජවිපෙට බලය ලබා ගැනීමට හැකි උවහොත් බිලියන ගනනින් ජවිපෙ නායකයින්ට ලැබුනු සංතෝෂම්,පිට රට සවාරි වල වන්දිය ගෙවිය යුතු වන බව ඔවුන් දනී. ඒ නිසා උතුරු නැගෙනහිරට වෙනම බලය බෙදනවා කිව්වොත් දකුණේ ඡන්ද පදනමට කෙලවෙන බව දන්නා නිසා මේ කරන්නේ බලය බෙදුම්වාදීන්ට බෙදීමේ ව්‍යාපෳතියේ ඇති භයානක බව ජන මනසේ අඩු කිරීමට දකුණටත් දෙන එකක් බව පෙන්වා සැර බාල කිරීමය. කැනඩා,යුරෝප සංචාර වල ප්‍රතිඵළ සමාජ ගත කිරීම ලාල් කාන්තට බාර දී ඇති බව පෙනෙන්නේ ලාල් කාන්තගේ එම මුග්ධ ප්‍රකාශය සාධාරණීකරනය කිරීමට අනෙක් පිරිසද නටන නැටුම නිසාය.

වෙන්නට පුළුවන් නියත සිදුවීම වන්නේ උතුරේ බලය බෙදීමට විරුද්ධ වන දකුණට ජවිපෙ කාඩරයෙන් සැදුම් ලත් අධිකරණ බලය,නීති හැදීමේ බලය සහ එම කැලෑ නීති ක්‍රියාත්මක කරන ඊණියා ගැටළු විසඳීමේ බෙල්ල වැටේ කමිටු මගින් මර්ධනය දියත් කිරීම පමණක් වීමය. ජවිපෙ යන්නට සැලසුම් කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන තිබෙන නීති පද්ධතිය හා ආරක්ෂක අංශ සමග යාමට නොහැකි බව ඔවුන් දනී. එයට විකල්පව ජවිපෙ මූළධර්මවාදී පොල්පොට් පන්නයේ කාඩරයේ අළුගෝසුවන් ගමක් ගමක් පාසා ස්තානගත කිරීමට මේ සංකල්පය යොදා ගැනීමේ සැලසුමේ බළලා මල්ලෙන් එලියට පැනීම ලෙස ප්‍රජාතන්ත්‍රවාදය විස්වාශ කරන බත් කන ජනයා තේරුම් නොගන්නේ නම් සියවසේ මහා ඛේදවාචකය ඉතා නුදුරේම ලෝකයේ ජනතාවට බලා ගන්නට හැකි වනු ඇත.

-කැලුම් ජයසුමන

සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.