News Category
From Date
To Date
Maximum Number of Result

ඊළඟට විකුණන්නේ සීගිරිය ද? නැතහොත් ශ්‍රී ලංකාවේ අනාගත සෞඛ්‍ය තීරණය කරන වෛද්‍ය ආඥා පනත ද?

May 10, 2024 at 03:45 PM
|

ශ්‍රී ලංකාවේ වර්තමානයේ විවිධ අනපනත් වෙනස් කරමින් ඇත්තේය.

ඒවා රටට වැඩදායක ද එසේත් නැත්නම් අවැඩ දායක ද යන්න  රටට දැනෙන විට සියල්ල සිදුවී හමාරය. 

ආසන්නම මෑතක උදාහරණ  කිහිපයක් ඇත. 

වීසා සිද්ධිය එයින් එකකි පාර්ලිමේන්තුවට එහි අණ පනත් ගෙන  ආවත් පාර්ලිමේන්තුවේ කිසිවෙක් ඒවා දන්නේ නැත. 

අන්තිමේදී රටට අහිමිවන විදේශ විනිමය ප්‍රමාණය සහ ඒ සමගම රටට සිදුවන විනාශය පිළිබඳ මේ රටේ මහජනතාවගේ දැඩි විරෝධය නිසා එහි ඇතැම් කරුණු දැනටමත් යටපත්ව ඇත්තේය. 

ඊළඟ කරුණ වන්නේ මෙරට සිටින ලක්ෂ හතළිස් තුනක් වන පාසල් ශිෂ්‍යයන් ගේ විනාශවන අනවශ්‍ය කාලය  වෙනුවට  මීට පෙර ශ්‍රී ලංකාවේ තිබූ  ජාත්‍යන්තර කාල රාමුවට සමාන වන  ප්‍රතිසංස්කරණ සැකසීම සුදුසු බැව් කාලයක් තිස්සේ තිබූ හඬ උපයෝගී කර ගනිමින්  එම කරුණ පෙන්වා  මෙරට උසස් අධ්‍යාපනය විකිණීම සඳහා පිඹුරුපත් සැකසීමයි.

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ කිසිදු විද්වත් වෘත්තිකයන්ගේ  සහභාගිත්වයෙන් තොරව   ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් කවුරුත් නොදන්නා  වෙළඳ කමිටුවකින් මෙරට උසස් අධ්‍යාපනය විකිණීමට ගෙනා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පෙන්වා දිය හැක.  එමගින් ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය සම්පූර්ණයෙන් විකිණිය හැකි ලෙස පසුබිම සකසා ඇත ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය තීරණය කරනුයේ මෙරට වෙළඳ වෙළඳ මාෆියාවද යන්න බරපතල සැකයක් පවතී.

එවන් පසුබිමක එවැනිම රට අන්දන අලුත් කමිටුවක්  වෛද්‍ය ආඥා පනත වෙනස් කිරීම සඳහා පත්කර ඇති බවත් එම කමිටුව  ජාත්‍යන්තරව පිළිගත් විශ්ව විද්‍යාලයන්හි වෛද්‍ය උපාධි පාඨමාලා ශ්‍රී ලංකාව තුළ පිළිගැනීම සඳහා පදනම් කරගත යුතුව ඇති ප්‍රමිතීන් හා නිර්ණායක ඇතුළත් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සහ වර්තමානයට අවශ්‍ය පරිදි වෛද්‍ය ආඥාපනත වෙනස් කිරීම සඳහා නිර්දේශ  ඉදිරිපත් කිරීම පිණිස අගමැති ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත් කර ඇති  බවද  එම කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා 2023/10/09 දින පැවති  අමාත්‍ය මණ්ඩ රැස්වීමේදී අනුමැතිය දී ඇති බවත් ප්‍රකාශව ඇත.  

මෙහි පුදුමයට කරුණ වන්නේ මේ රටේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ කිසිදු ප්‍රවීණයෙක් හෝ  ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කිසිවෙකු හෝ වෛද්‍ය ක්ෂේත්‍රයේ සුදුසු ප්‍රමාණිකයකු වෛද්‍ය  ආඥා පනත වෙනස් කිරීම සඳහා තෝරාගෙන ඇද්ද ඒ වෙනුවෙන් මේ රටේ විද්වත් ප්‍රමාණිකයන්ගෙන් අදහස් විමසා ඇද්ද යන්න මෙතෙක් කිසිදු නිශ්චිත තොරතුරක් නොමැති බවයි.

ලෝක සෞඛ්‍ය දර්ශක වල ඉන්දියාව ඇත්තේ අපේ රටට ගොඩාක් පසුපසිනි ශ්‍රී ලංකාව 41 ස්ථානය වන විට ඉන්දියාව ඇත්තේ 111  වන ස්ථානයයි.

ඉන්දියානු ව්‍යාපාරික සහ  දේශපාලන පැලැන්තියේ වුවමනා මත එරට වෛද්‍ය ආඥා පනත වෙනස් කිරීම නිදහස ලැබීමෙන් පසු එරට කරන ලද බරපතළ වරදක් බව එරට සෞඛ්‍ය ලේකම්වරයකු විසින් වරක් පවසා ඇත.

අපේ රටේ බාල බෙහෙත් පරික්ෂා කිරීමට කිසිදු ආයතනයක් නැත. 

එහෙත් අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මෙතරම් ලෝක පිළිගැනීමට සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය දර්ශක ඉතා ඉහල තැනක තැබීමට හේතුවී ඇත්තේ 1945 ස්ථාපිත කරන ලද අදටත් ගැලපෙන වෛද්‍ය ආඥා පනතයි. 

එමගින් මේ රටේ බොහොමයක් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සිටින විද්වතුන් නියාමනය කරන අතර , එය ලෝක සෞඛ්‍ය දර්ශක වල ශ්‍රී ලංකාව ඉහළට රැගෙන යාමට ප්‍රයෝජනවත් වී ඇත.

එබැවින් ශ්‍රී ලංකාව කළ යුත්තේ ඉන්දියාව මෙන් විනාශ වීම නොව තවදුරටත් වෛද්‍ය ආඥා පනත ආරක්ෂා කර එය මෙරට ව්‍යාපාරික පැලැන්තියේ හෝ දේශපාලන අරමුණුවලට ගැති වී  විනාශ වීමට ඉඩ නොදී තවදුරටත් විද්වත් වෘත්තිකයන්ගේ අනුදැනුම මත පමණක් වෛද්‍ය ආඥා පනතෙහි යම්කිසි වෙනස් වීමක් වත්මන් කාලය සමඟ සිදුකළ යුතු නම් එය දීර්ඝ සාකච්ඡාවකින් පසු වෙනස් කිරීම වන අතර, එමගින් ශ්‍රී ලංකාව තවදුරටත් ලෝක සෞඛ්‍ය දර්ශකවල  ඉහළ පිලිගැනීමට ලක්විය හැකි ආකාරයට ස්ථාවර කිරීමයි.

වර්තමානය වන විට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පවත්වාගෙන ගිය ප්‍රමිතීන් හේතුවෙන් ලෝක වෛද්‍ය සභාවේ පිළිගැනීමට ලක්ව ඇති අතර, දේශපාලන සහ ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් වෛද්‍ය අධ්‍යාපනය විනාශ කරගත් ඉන්දියාවට එවැනි තත්ත්වයක් හිමිව නොමැත.

එසේම මෙමගින් ලෝක වෛද්‍ය සභාවේ පිළිගැනීමට ලක් නොවූ ඉන්දියාවේ ඇතැම් වෛද්‍ය පීඨ පිළිගැනීමට බලකරනු ඇත. 

අනාගතයේ එවැනි බාල වෛද්‍ය පීඨ වලින් එළියට එන මෙරට වෛද්‍ය සිසුන් පමණක් නොව එම වෛද්‍ය පීඨ වලින් ඉගෙන ගත්  ඉන්දියානු වෛද්‍යවරුන් පවා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයකට පැමිණීමේ බරපතළ තර්ජනයක් පවතී. 

නුදුරේදී අත්සන් කිරීමට නියමිත බැව් පවසන එහෙත් මෙරට බහුතරයේ විරෝධය ඇති එට්කා ගිවිසුමද එයට කදිම උදාහරණයකි. 

එබැවින් අගමැති ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යුත් වෛද්‍ය ආඥා පනත වෙනස් කිරීමේ කමිටුවේ සිටි විද්වතුන් කවුරුන්ද, සිදු කළ වෙනස්කම් මොනවාද, එය තවත් රට කැළඹූ ව්‍යාපාරික සහ දේශපාලන අරමුණු මත සිදුවූ කුමන්ත්‍රණයක්ද යන්න රටට නොවහලහා පැවසිය යුතුව ඇත.

නැතහොත් ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කිරීමේ අරමුණක් මේ පිටුපස ඇතිද යන්නත් සොයා බැලිය යුතුවේ.

එසේම මෙරට ජාතික සම්පත් සියල්ල අන්සතුකර හෝ විකුණා  සුදුස්සන්ට පමණක් අයිති  මෙරට අධ්‍යාපන අවස්ථාවන්ද සුදුසුකමට නොව මුදල් වලට විකුණා ප්‍රමිතිය බාලකර දූෂිත වසර හැත්තෑ හතරක් තිස්සේ ඉතාමත් ආයාසයෙන් රැකගත් මෙරට වෛද්‍ය අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපන අවස්ථාවන්  සියල්ල විකුණා මේ රට ආසියාවේ ආශ්චර්ය නොව ඉන්දියාවේ ප්‍රාන්තයක් කිරීමේ සහ තවදුරටත් නුසුදුස්සන් අතින් පාලනය වන රටක් බවට පත් කිරීමේත් තැතද පරාජය කළ යුතුව ඇත. 

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂාව සහ එමගින් ජාතික ආරක්ෂාවට සෘජුව බලපානු ලබන ශ්‍රී ලංකාවේ වෛද්‍ය ආඥා පනත ව්‍යාපාරික දේශපාලන අරමුණු වෙනුවෙන් වෙනස් කර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂාව විනාශ කිරීමට මෙරටේ විද්වතුන් සහ ජනතාව ඉඩ ලබා දෙන්නේ නැත. 

වර්තමාන පාලකයන් සිතිය යුතුව ඇත්තේ ඔවුන්ට මේ රට ලියා දී නොමැති බවයි. 

ඔබ මේ රටේ භාරකරුවන් මිස අයිතිකරුවන් නොවේ. 

මේ රට තුළ කිසිදු වෙනස්කමක් සිදු වන්නේ නම් මෙරටේ අයිතිකරුවන් වන මහජනතාවගේ අදහස් නොවීමසා සිදු කරනු ලබන කිසිදු ක්‍රියාමාර්ගයකට මෙරට ජනතාවගේ අනුමැතිය ලැබෙන්නේ නැති බව වත්මන් පාලකයන් සිහි තබාගත යුතුව ඇත.

එබැවින් උක්ත කමිටුව මගින් මෙරට වෛද්‍ය අධ්‍යාපනය නියාමනය කරන වෛද්‍ය ආඥා පනත වෙනස් කිරීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බවද ප්‍රකාශ කරමු. 

වසන්ත අල්විස් 
කැඳවුම්කරු 
මහජන යුතුකම් කේන්ද්‍රය

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.