News Category
From Date
To Date
Maximum Number of Result

නලියාට නෙලන්නට ප්ලෑන් ගැසූ අතීතයේ සිට වර්තමානය දක්වා නලින් සර් ගැන මගේ මතකය - ඉසුරු ප්‍රසංග

May 4, 2024 at 09:58 AM
|

මහාචාර්ය නලින් ද සිල්වා වහා සේවයේ පිහිටවනු! 

👉මේ වැකිය සඳහන් පෝස්ටරය මා දුටුවේ මා ඉතා ළාබාල කාලයේ කොළඹ සරසවිය ඉදිරියෙන් බස් රථයක ගමන් කළ මොහොතකය. නලින් සර් ගැන මගේ පළමු මතකය වන්නේ එයය.

👉 මේ කියන මහාචාර්යවරයා නිකම්ම නිකම් මහාචාර්යවරයෙකු නොව වෙනස් විදිහට හිතන පුද්ගලයෙකු බව මා දැනගත්තේ පාසල් කාලයේ අහම්බෙන් කියැවූ පුවත්පත් ලිපි නිසාය. 

👉 උසස් පෙළ හදාරන කාලයේදී මේ අමුතු පුද්ගලයා මුල් වරට සජීවීව දැකගන්නට මට අවස්ථාව ලැබිණි. ඒ මිනුවන්ගොඩ පැවති එතුමාගේ දේශනයකදීය. 

👉 එහෙත් දේශනයේදී එතුමා කියූ අදහස් මට වහ කඳුරු ලෙස දැනුණේ මා ඒ වන විට වාමාංශික දේශපාලනයේ භක්තිමත් අනුගාමිකයෙක් වී සිටීම නිසාය. 

👉 දේශනය අසා ගෙදර පැමිණි මම වහාම නලින් ද සිල්වාට පුල්ස්කැප් කොළ 13ක ලිපියක් ලීවේ ඔහුගේ අදහස් කෙතරම් මුග්ධ ඒවාදැයි පෙන්වාදීම සඳහාය. 

👉 ලිපියට නලින්ගෙන් පිළිතුරක් නොලැබුණත් චින්තන පර්ෂදයේ කපිල පීරිස් මට ලිපියක් එවමින් මහාචාර්යතුමා හමුවීමට ඔවුන්ගේ වැඩසටහනකට එන ලෙස ඇරයුම් කර තිබිණි. 

👉 මට එයට සහභාගී වන්නට බැරි වුවද නලින් ද සිල්වා එදා සිටම හොල්මන්ක් සේ මා බියපත් කරමින් මා පසුපස හඹා ආවේය. 

👉 ඔහුගේ අදහස් මගේ ලෝකය කළඹවා මා තුළ විශාල සිත් වේදනාවක් ජනිත කර තිබිණි. පාසල් කාලය මෙන්ම සරසවි ජීවිතය පුරාවටද ඒ වේදනාවෙන් පැසව පැසවා ඉන්නට මට සිදුවිය. 

👉 ඔහු දෙමළ ජාතිවාදය ගැන දැරූ අදහස් සම්බන්ධව මට විරෝධයක් නොතිබුණද විද්‍යාව, දැනුම හා විශේෂයෙන් මාක්ස්වාදය ගැන ඔහු ලියූ කියූ දෑ මට නයාට අඳුකොළ බඳු විය. 

👉 2006 වසරේදී සමාජවාදී ශිෂ්‍ය සංගමය නලින්ගේ නම නොකියා නලින්ට නෙලීම සඳහා “ක්වොන්ටම් ලෝකයේ දයලෙක්තිය” නමින් පොතක් ප්‍රකාශයට පත් කළේය. 

👉 එහි වැඩ කටයුතු සඳහා මා ඉමහත් උනන්දුවෙන් දායකත්වය ලබාදුන්නේ ඒ දවස්වල අප නිතර කියූ ආකාරයට “නලියාට නෙලීම” මගේ ජීවිතයේ ඒකායන ප්‍රාර්ථනාව වී තිබූ බැවිනි. 

👉 “නලියාට නෙලමු” යැයි කුමන වහසි දෙඩුවද ඔහු කියූ ඇතැම් අදහස්වල ප්‍රබලතාව ගැන මේ කාලය වන විටත් මා තුළ රහසිගත පැහැදීමක් ඇති වී තිබිණි. 

👉 ඒ ඔස්සේ කළ කියැවීම් හැදෑරීම්වල අවසානය වූයේ තව වසර හතරක්, පහක් ඇතුළත මා බුදුන්ට අභිමුඛ වූ ආලවකයාගේ තත්ත්වයට පත්වීමය. 

👉 මා කිසිදා නලින් සර්ගේ පරම අනුගාමිකයෙකු නොවූ අතර, එතුමන්ගේ සමහර අදහස් හා ක්‍රියාකාරකම් ගැන මට අදටත් බොහෝ විවේචන තිබේ. 

👉 එහෙත් මාක්ස්වාදය, හේතුවාදය, රැඩිකල් නිරාගමික කල්ලි, ගංජා සාහිත්‍ය සංවාද ආදී සියල්ලේ නොමඳ පහස ලබමින් ජාතික මතවාදය කරා සේන්දු වූ මගේ අදහස් වෙනස් කළ තීරණාත්මක චරිත කිහිපය අතර, නලින් සර්ට හිමිවන්නේ වැදගත් ස්ථානයක් බව නොකියාම බැරිය. 

👉 දැනුම ගැන, සංස්කෘතිය ගැන, විද්‍යාව ගැන වෙනස් ආකාරයට හිතන්නට ඔහු අපට වෙනස් මාවතක් පාදා දුන්නේය. 

👉 විකල්ප මහත්වරුන්ගේ ඊනියා දැනුමේ සෙල්ලම් පිස්තෝලවලට බිය නොවී සිටින්නට අපට ශක්තිය ලැබුණේ එතුමා නිසාය. 

👉 එය මට පමණක් නොව තව බොහෝ දෙනෙකුට සිදුවූ බලපෑමකි. 

👉 ජාතිකත්වයට නැඹුරු අදහස් දරන මා දන්නා අතිබහුතරයක් දෙනා මට කියූ කතාවක් තිබේ. ඒ තමන්ට ඒ සඳහා මූලික පදනම වැටුණේ නලින් ද සිල්වාගේ ලිපිවලින් බවය. 

👉 අද වන විට මම එතුමාගේ පොත් සියල්ලම පාහේ කියවා ඇත්තෙමි. 

👉 පුවත්පත් සදහා එතුමාගේ සම්මුඛ සාකච්ඡා ලබාගෙන ඇත්තෙමි. 

👉 ලිපිවලින් පමණක් නොව තම විරුද්ධවාදීන්ගේ මුහුණටම පඬියා, පුස්සා, නිවටයා යැයි කියමින් එතුමා බැණ වදින දර්ශන සජීවීව අත් විඳ ඇත්තෙමි. 

👉 දේශන, සංවාද ආදි විවිධ වැඩසටහන්වල සිදුවූ හමුවීම්වලට අමතරව, එතුමාගේ මහරගම නිවසේදී සහ කැලණිය සරසවියේදී කීප වතාවක්ම එතුමා හමුවී දිගු සංවාදවල නිරත වී ඇත්තෙමි.

👉 එහෙත් ඒ කිසිම අවස්ථාවක එතුමා සමඟ එකට හිඳ ඡායාරූපයක් ලබාගැනීමට උනන්දු නොවීම ගැන අද මට වෙනදා නොතිබූ කනගාටුවක් දැනේ. 

👉 එවැනි ඡායාරූපයක් ලබාගෙන තිබුණේ නම් මා අද මේ සටහනට එක් කරන්නේ ඒ ඡායාරූපයයි.

👉 එය නැවත කිසිදා ලබාගත නොහැකි ඡායාරූපයකි. 

👉 එහෙත් නලින් සර්ගේ අදහස් සජීවී පරාග සේ සිය දහසක් දෙනාගේ සිත් තුළ පැළවෙමින් අනාගත පරම්පරා කරාද සම්ප්‍රෙෂණය වන බව මම හොඳාකාරවම දනිමි. 

👉 එදා ඔහුට නෙලන්නට සිහින දුටු මම අද මහත් ගෞරවයෙන් ඔහුට නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරමි.   

- ඉසුරු ප්‍රසංග

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.